ප්‍රජාතන්ත්‍ර විරෝධී උභතෝකෝටිකය

Posted by

ප්‍රජාතන්ත්‍ර විරෝධී උභතෝකෝටිකය

දශක ගණනාවක් පුරා, උතුරු ඇමරිකාවේ, බටහිර යුරෝපයේ සහ ඉන් ඔබ්බෙහි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් කැපී පෙනෙන ලෙස ස්ථායී බවක් පෙනී ගියේය. ප්‍රමුඛ වූයේ මධ්‍යස්ථ මතධාරී පක්‍ෂ සහ දේශපාලකයන්ය. ස්වාධීන ආයතන ශක්තිමත් විය. අනාගතය බෙහෙවින් පුරෝකථනය කළ හැකි එකක් බවට හැඟීමක් පුළුල් දේශපාලන සම්මුතියක්  මගින් ඇති කෙරිණ. මෙම දෘශ්‍යමාන ස්ථාවරත්වය බොහෝ දේශපාලන විද්‍යාඥයින්ගේ න්‍යායන් හැඩගස්වා ඇත. ඔවුන් විශ්වාස කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණ  තුළින්  ආණ්ඩු නැවත නැවතත් වෙනස් වූ ධනවත් රටවල ප්‍රජාතන්ත්‍රවාදය මනාව “ස්ථාපිත” වී ඇති බවයි. මෙම රටවල් මහා යුද්ධයක් වැනි අනපේක්ෂිත විපත්තියකට මුහුණ නොදුන්නේ නම්, ඔවුන්ගේ දේශපාලන පද්ධතිය  අපට සිතා ගත හැකි ඉදිරි කාලයක් තුළ  ස්ථාවරව පවතිනු ඇතැයි සැක සංකාවකින් තොරව උපකල්පනය කරන්නට හැකි විය.

මෙම නිසැක විශ්වාසයන්, පසුගිය වසර කිහිපය තුළ  සැක සංකාවන්ට භාජනය විය. සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බොහොමයක්ම දශක ගණ්නාවක් තුළ් දැක ඇති වේගවත්ම දේශපාලන විපර්යාසයන් අත්විඳිමින් සිටියි: පුරවැසියෝ වඩ වඩාත් කෝපයට පත්වෙමින් සිටිති. දිගු කලක් ස්ථාවරව තිබූ පක්ෂ ක්‍රම බිඳ වැටෙමින් තිබේ. වඩාත්ම කැපී පෙනෙන දෙය නම්, යුරෝපයේ සහ උතුරු ඇමරිකාව පුරා පැතිරුණු රටවල් රාශියක, නප්‍රියවාදීන්ගේ නව මුහුණුවරක් ගත් කණ්ඩායම පාර්ලිමේන්තුවට ඇතුළු වී හෝ විධායක බලය ලබාගැනීමට පවා සමත්ව සිටිති.

දිගුකාලයක් තිස්සේ ඔවුන් දරා සිටින මතිමතාන්තර හා න්‍යායන් ගැලපීමේ දී විද්වතුන් සමහර විට මන්දගාමී බවක් දක්වන අතර, මෙම සිදුවීම් විද්වත් පිරිස් අතර දැනටමත් පවතින එකඟතාවයට පැමීණීමට බෙහෙවින් අවශ්‍ය අභියෝග සමූහයක් මුදාහැර  ලන්නට සමත්ව ඇත. Adam Przeworski සිට Francis Fukuyama දක්වා පැරණි සර්වශුභවාදීන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ සැකසංකා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ස්ටීවන් ලෙවිට්ස්කි සහ ඩැනියෙල් සිබ්ලට් වැනි ප්‍රමුඛ සංසන්දනාත්මකවාදීහූ, ස්ථාපිතවූ වූ යයි කියන ප්‍රජාතන්ත්‍රවාදයන්  අවරට යා හැකි තත්ත්වයන් විමසා බලති. අනෙක් විද්වත්හු, ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අවහිරයකින් තොරව  දිගටපවත්වා ගෙන යාමේ දී යා යුතු මගෙහි කඩ ඉම් දැන් එක්සත් ජනපදය තරණය කරන්නේද යන්න නිරීක්ෂණය කරති.

අනෙක් අතට, පැරණි විද්වතුන් අතර ඇති සම්මුති වෙත  ඇති එල්ලවන මෙම අභියෝග,  වැදගත් විවාද මාලාවක් උත්තේජනය කිරීමට තුඩු දී ඇති අතර, අනෙක් අතට, ඒවායින් බොහොමයක්  Journal of Democracy හී පි‍ටු අතරේ පසුගිය වසර දෙක තුළ විරාජමානව පැවතුණි: පුරවැසියන් හුදෙක් වත්මනේ දේශපාලන භූමියේ ප්‍රභූන් ගැන කලකිරී සිටිනවාද? නො එසේනම්, ඇත්ත වශයෙන්ම ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අධිකාරිවාදී විකල්ප සඳහා අනාවරණ වෙනවා ද? ජනතාවාදී නැඟිටීමේ හේතු මූලික වශයෙන් සංස්කෘතික ද, නැතහොත් ඒවා ආර්ථික ද? එම්න්ම, විභව පිළියම් ගැන මෙම ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මගින් ඉඟි කරනු ලබන්නේ කුමක් විය හැකිද?

ප්‍රංශයේ Marine Le Pen, හංගේරියාවේ Viktor Orbán සහ එක්සත් ජනපදයේ ඪොනල්ඩ් ඨෘම්ප්  වැනි ජනප්‍රියවාදී දේශපාලනඥයන් ද ඇතුළත් නව දේශපාලන අභියෝගකරුවන්ගේ ස්වභාවය මත එක් ප්‍රධාන ප්‍රශ්න මාලාවක් කේන්ද්‍රගත වේ. සමහර විද්වතුන් තර්ක කර ඇත්තේ, අධිකාරීවාදී පද්ධ්ති සඳහා පැරණි අන්ත වාඅම් සහ අන්ත දක්ෂිනාංශ ව්‍යාපාර මගින් හුවා පෙන්වන ලද  විවෘත  මනාපය ඉවත් කර ඇති වර්තමාන          ජනප්‍රියවාදීන් බහුතරයකගේ අදහස් ඉදිරිපත් කරන බැවින්, ඔවුන්(වර්තමාන ජනප්‍රියවාදීන් ) දැඩි ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස වටහා ගත යුතු බවයි.  ජනතාවාදීන් විසින් අනුග්‍රහය දක්වනු ලබන කනස්සල්ලට පත්කරවන සුළු දේශපාලන ඉලක්ක සහ උපාය මාර්ග ගෙන හැර පාන තවත් සමහරු, ඔවුන් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීන් (හෝ අඩුම මට්ටමින් භයානක ලෙස ලිබරල් විරෝධී(illiberal) වන බවයි.

වර්තමාන ජනප්‍රියවාදී දේශපාලන රැල්ලේ ස්වරූපය(ආකෘතිය-form) සහ බලපෑම අතර වෙනස හඳුනා ගැනීමෙන් මෙම විවාදයෙන් සමහර කොටසක් විසඳා ගත හැකිය. ස්වරූපය(ආකෘතිය) සම්බන්ධයෙන් සළකතොත්, Fareed Zakaria භාවිත කරන “ලිබරල් විරෝධී ප්‍රජාතන්ත්‍රවාදය”( “illiberal democracy” යන යෙදුම උචිත පැහැදිලිකිරීමක් ඉදිරිපත් කරයි. බොහෝ ජනතාවාදීන් ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ ඔවුන් ඇත්ත වශයෙන්ම ඇතැම් ජනතාවගේ ප්‍රස්තූතයන් හෙවත් ජනප්‍රිය අදහස්  — නිදසුනකට සංක්‍රමණය වැනි කාරණා — මහජන ප්‍රතිපත්තියට  සම්බන්ධකිරීමට, මහජන ප්‍රතිපත්තිය බ්වට පරිවර්තනය කිරීමට උත්සාහ කරන බැවිනි. ඒ අතරම, ඔවුන් බලයට පත් වූ පසු, ස්වාධීන ආයතනවලට පහර දීමට, නීතියේ ආධිපත්‍යය යටපත් කිරීමට සහ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඔවුන්ගේ සූදානම තුළ ඔවුන් ලිබරල් විරෝධී(illiberal) යයි කිව හැකිය.

ජනප්‍රියවාදීන් ගොඩනඟන පාලන තන්ත‍්‍රවල පවතින ලිබරල් විරෝධී ස්වභාවයම වුව, ඒවාට විරුද්ධ වීමට හොඳ හේතුවකි. එනමුත් ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවල ප්‍රජාතන්ත්‍රවාදී සංරචකය ගැන පමණක් සැලකිල්ලක් දක්වන මිනිසුන්ට පවා කනස්සල්ලට පත්කරවන්නට හේතුවක් තිබේ: ජනප්‍රියවාදය ගන්නා ස්වරූපය මුලින් ප්‍රජාතන්ත්‍රවාදී විය හැකි වුවද, එහි දිගුකාලීන බලපෑම ලිබරල්වාදයට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට ද වල කැපීමයි. වෙනිසියුලාවේ සිට හංගේරියාව දක්වා රටවල අප දැක ඇති පරිදි, ස්වාධීන ආයතන සහ නීතියේ ආධිපත්‍යය මත ජනප්‍රියවාදීන්ගේ ප්‍රහාරයන් අවසානයේ නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වන කොන්දේසි ඛාදනය කරයි. එය කොපමන නම් තරම් දැයි කීවොත්,  ජනප්‍රියවාදී නායකයින් මහජන කැමැත්ත මගින් ඵලදායී ලෙස සීමා වීම පවා  ඉන් නතර කෙරේ.

ප්‍රජාතන්ත්‍රවාදය යන තනි ශීර්ෂය යටතේ එහි අවශ්‍ය සියලු ගති ලක්ෂණ ඇතුළත් වන්නාවූ “ගැඹුරු” නිර්වචනයක් වෙනුවට ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම යනු ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය යන මූලික කොටස් දෙකේ එකතුවක් ලෙස පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ “තුනී” නිර්වචනයක් පිළිගතහොත්  වත්මන් දේශපාලන මොහොත මගින් එල්ල වනු ලබන අනතුර වඩාත් පැහැදිලි ලෙස අපට දැකිය හැක්කේ වන්නේ එබැවිනි.  ජනප්‍රියවාදීහූ පාලන බලයක් අත්පත් කර ගත් පසු, ඔවුන් ස්වාධීන ආයතනවලට පහර දීමෙන්, නීතියේ ආධිපත්‍යය යටපත් කිරීමෙන් සහ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය,  ලිබරල් විරෝධී ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත් කරති. මේ අනුව, ලිබරල් විරෝධී ප්‍රජාතන්ත්‍රවාද පාලනයන් ස්වයංවම සුවිශේෂී පාලන තන්ත්‍ර වර්ගයකි – එහෙත් ඒවා ස්ථාවර පාලන බවට පත්වන බවක් ඔප්පු නොවන්නට පුළුවන. හංගේරියාව, තුර්කිය සහ වෙනිසියුලාව ඇතුළු රටවලින් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ ලිබරල් විරෝධී ප්‍රජාතන්ත්‍රවාදයන් සෑම විටම මැතිවරණ ක්‍රියාදාමයෙන් තේරී පතවන ඒකාධිපතිත්වයන් දක්වා ගරාවැටීමට පත්වීමේ අවදානමක් පවතින බවයි.

අනෙක් අතට, ලිබරල් විරෝධී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනප්‍රියවාදීන්ගේ නැගීම,  ප්‍රතිලෝම දෝෂයෙන් පීඩා විඳි පෙර පැවති පද්ධති පිළිබඳ මහජන අතෘප්තිය පිළිබිඹු කළ හැකිය: ප්‍රජාතන්ත්‍ර විරෝධී ලිබරල්වාදය. එවැනි පද්ධති ලිබරල් ය; එනමුත් ජනතාවගෙ පාලනයට කිරීමට ඉඩ දෙන බවට වන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඥාව ඉටු කිරීමට ඒවා අපොහොසත් වේ. ඔවුන් (බොහෝ විට) නීතියේ ආධිපත්‍යයට ගරු කරන අතර සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්  (විශාල වශයෙන්) ආරක්ෂා කළද, ජනප්‍රිය මනාපයන් රාජ්‍ය ප්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීමට ඒවා අසමත් වෙතයි. පසුගිය දශක කිහිපය තුළ උතුරු ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ බොහෝ රටවල් නොදැනුවත්වම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලිබරල් පාලන ක්‍රම අනුගමනය කර ඇත.

මෙය ගැඹුරු “ප්‍රජාතන්ත්‍ර විරෝධී උභතෝකෝටිකයක්” ඉස්මතු කරයි. එක් අතකින්, ජනතාවගේ අයිතිය උදුරා ගැනීම් ප්‍රතිමානක(සම්මත) සහ විචක්ෂණ හේතූන් මත සලකතොත්  සිත් අසහනයට පත්කරන සුලුය. එය ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක් මූලික පොරොන්දුවක් පාවා දෙන අතර ගෙවී යන සෑම වසරකම වඩාත් විඛාදනයට ලක්වන දේශපාලන පද්ධතිය කෙරෙහි ගැඹුරු අවිශ්වාසයක් ඇති කරයි. මේ අනුව, පද්ධතියේ ස්ථාවරත්වය රඳා පවතින්නේ පාලන හා තීරණ බලය  භාරව සිටින්නේ නැවත වරක් තමන් බව  සාමාන්‍ය පුරවැසියන්ට  හැඟවීමට මාර්ග සෙවීම මත විය හැකිය. අනෙක් අතට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලිබරල්වාදයේ නැගීම සඳහා ප්‍රධාන සාධකයක් වූ තාක්ෂණවාදී(technocratic) ආයතන මහජන ආරක්ෂාව සහ ආර්ථික වර්ධනය වැනි ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවලට  වැදගත් කාර්යයක් ඉ‍ටුකිරීමට අවශ්‍ය කාර්යයන් ඉ‍ටුකරමින් සිටී: මෙම ආයතන අහෝසි කිරීම  බොහෝ පුරවැසියන්ගේ ජීවිත වඩාත් නරක අතට හැරෙන්නට ඉඩ සැලසීමට අවකාශ ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය සෑම විටම යම් ප්‍රමාණයකට විශ්වාසය තබා ඇති කාර්ය සාධනයේ නීත්‍යානුකූල භාවය(performance legitimacy) නැති කරයි. නිශ්චිතවම, බලය නැවත ජනතාව වෙත ලබා දීමෙන් එය ජයගත නොහැකි නිසා, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එහි සංඝටක කොටස් බවට වියෝජනය කිරීම ඉදිරි දශකවල   කැපීපෙනෙන    අභියෝගයන්ගෙන් එකක් වනු ඇත.

Journal of Democracy හී පලවන The Undemocratic Dilemma  යන ලිපියේ කොටසක් ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.