කන්නයෙන් කන්නයට සිදුකරන වී වගාව වෙනුවට චීනය අත්හදා බලන PR23 ප්‍රභේදය විසඳන සහ මතුකරන ගැටළු.
නැවත වගා කිරීමකින් තොරව වසරින් වසර වර්ධනය වන(බහුවාර්ෂික ) ධාන්‍ය මගින් මුදල් ඉතිරි කර ගැනීමට, පරිසරයට උපකාරීවීමට සහ දැඩි සේ වෙහෙසෙමින් ශ්‍රමය වැයකිරීමේ අවශ්‍යතාවය අඩු කිරීමට හේතු විය හැකිය. දැන්, එවැනි භෝගයක් පිළිබඳ සැබෑ ලෝකයේ විශාලතම පරීක්ෂණය – චීනයේ වගා කරන බහු වාර්ෂික වී වගාව – මෙම සිහිනය සැබෑ කරන ලකුණු පෙන්වයි. බහු වාර්ෂික වී වගාව වාර්ෂිකව වගා කරන සාම්ප්‍රදායික බෝග මෙන්ම බහුල අස්වැන්නක් ලබා ගත හැකිවා මෙන්ම පසට ප්‍රතිලාභ ලබා දෙන අතර කුඩා වතු ගොවීන්ට සැලකිය යුතු ශ්‍රමයක් සහ වියදමක් ඉතිරි කර ගත හැකි බව මේ සම්බන්ධ අධ්‍යනයෙහි යෙදෙන පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත.
මෙම කාර්යයන්ට සම්බන්ධ නොවූ, බඩ ඉරිඟු සහ තිරිඟු වැඩිදියුණු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පාංශු හා භෝග විද්‍යාඥයෙකු වන Sieglinde Snapp පවසන්නේ බහු වාර්ෂික සහල් පිළිබඳ “පළමු ප්‍රබල සිද්ධි අධ්‍යයනය මෙයයි” යනුවෙනි. එම් අදහස අනුදක්නා ලෙසින් මතයක් දක්වන
“ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ “මෙය(නව ප්‍රභේදය) ලොකු පෙරලියක් ඇතිකිරීමේ විභවයකින්(හැකියාවකින්) යුක්තබවයි” යනුවෙන් ජාත්‍යන්තර කෘෂිකරමය පිළිබඳ ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානයේ, පරිසර මානව විද්‍යාඥ, Clemens Grünbühel කියා සිටියි. ඔහුගේ සහ සෙස්සන්ගේ මතය වන්නේ, චීනය අත්හදා බලන මේ නව බහුවාර්ෂික ප්‍රභේදය (වී වගාවට) වැයවන ශ්‍රමය අඩු කිරීමට හෝ චීනයට වැඩිපුර ආහාර වගා කිරීමට මග පෑදිය දිය හැකි බවයි.

කෙසේවෙතත්, බහු වාර්ෂික සහල් වගාව ජනප්‍රිය වේ දැයි අනාවැකි කීමට අපහසු බව Cornell විශ්ව විද්‍යාලයේ සහල් ජාන විද්‍යාඥයෙකු වන Susan McCouch පවසයි. මන්ද කන්න වශයෙන් නැවත වගා කිරීම තවමත්, නව බෝගයට වඩා යම් වාසි ඇති බැවිනි.
සියලුම සහල් යම්තාක් දුරකට බහු වාර්ෂික වේ. තිරිඟු හෝ ඉරිඟු මෙන් නොව, වී වගාවේ වරක අස්වැන්න ලබා ගත් පසු නැවත් අළුත් පැල හට ගනී. එය එසේ වුවත් ගැටළුව වන්නේ මෙම දෙවන වර්ධනයෙන් වැඩි ධාන්‍ය අස්වැන්නක් නොලැබීමයි, එම නිසා තමයි, ගොවීන් කුඹුරු සී සා අලුත් පැළ සිටුවන්නේ. වැඩිදියුණු කරන ලද බහු වාර්ෂික සහල්, ඊට වෙනස්ව, දෙවන අස්වැන්න සඳහා නැවත ශක්තිමත් ලෙස වර්ධනය වේ. පර්යේෂකයන් විසින් නව ප්‍රභේදය වැඩිදියුණු කරන ලද්දේ නයිජීරියාවේ වල්, බහු වාර්ෂික විශේෂයක් සමඟ ආසියානු සහල් ප්‍රභේදයක් දෙමුහුම් කිරීම හරහා ය. දාරක ප්‍රභේදය වැඩි දියුණු කිරීම සඳහා දශක ගණනාවක් ගත වූ අතර, 2018 දී බහු වාර්ෂික සහල් 23 (ඵ්ර්23) නම් ප්‍රභේදයක් චීන ගොවීන්ට වාණිජමය වශයෙන් ලබා ගත හැකි විය. අප්‍රිකානු සහල් මධ්‍යස්ථානයේ භෝග විද්‍යාඥයෙකු වන Koichi Futakuchi විසින් මෙය හඳුවනු ලබන්නේ “විද්‍යාත්මක ඉදිරි පියවරක්” ලෙසටයි.

එහෙත්, අස්වැන්න පහත වැටීමට පෙර PR23 ප්‍රභේදයෙන් කොපමණ වාරයක් අස්වනු නෙළා ගත හැකිද යන්න වාගේම ලබාගත හැකි ඕනෑම ආකාරයක ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභවල කොපමන ද යන්නද පැහැදිලි නැති වූයෙන් යුනාන් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥයෙකු සහ කෘෂි විද්‍යාඥයෙකු වන Fengyi Hu සහ තවත් අය දිගු කාලීන පරීක්ෂණ සංවිධානය කළහ. ඒ අනුව ඔවුහු, ගොවීන් ලවා ස්ථාන තුනක නව වී ප්‍රභේදය වගාකිරීමට සහ වසර 5 ක් යනතුරු වසරකට දෙවරක් අස්වැන්න ලබා ගැනීමට කටයුතු කළ අතර සෑම කන්නයකම නැවත වගා කරන සාමානය සහල් වර්ග ද වගා කරවීමට සලසුම් කළහ.එහෙත්, අස්වැන්න පහත වැටීමට පෙර PR23 ප්‍රභේදයෙන් කොපමණ වාරයක් අස්වනු නෙළා ගත හැකිද යන්න වාගේම ලබාගත හැකි ඕනෑම ආකාරයක ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභවල කොපමන ද යන්නද පැහැදිලි නැති වූයෙන් යුනාන් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥයෙකු සහ කෘෂි විද්‍යාඥයෙකු වන Fengyi Hu සහ තවත් අය දිගු කාලීන පරීක්ෂණ සංවිධානය කළහ. ඒ අනුව ඔවුහු, ගොවීන් ලවා ස්ථාන තුනක නව වී ප්‍රභේදය වගාකිරීමට සහ වසර 5 ක් යනතුරු වසරකට දෙවරක් අස්වැන්න ලබා ගැනීමට කටයුතු කළ අතර සෑම කන්නයකම නැවත වගා කරන සාමානය සහල් වර්ග ද වගා කරවීමට සලසුම් කළහ.
වසර 4ක් පුරාවට බහුවාර්ෂික PR23 ප්‍රභේදයෙන් සාමාන්‍යයෙ හෙක්ටයාරයකට සහල් ටොන් 6.8ක් බැගින් ලබාගෙන ඇති අතර, එය වාර්ෂික සහල්වලට වඩා මදක් වැඩි බව පර්යේෂකයෝ නොවැම්බර් 7වැනිදා, Nature Sustainability හි වාර්තා කරති. ඔවුන් බලාපොරොත්තු වූ පරිදිම, නැවත නැවතත් වගකර්න්නට සිදු නොවුන ද, බහු වාර්ෂික වී ප්‍රභේදයෙහි අස්වැන්නේ ප්‍රමාණය අඩුනොවීමේ ප්‍රවණතාවක් දිස්විය. කෙසේ වෙතත්, පස්වන වසර තුළ, PR23 අස්වැන්න යම් හේතුවක් නිසා පහත වැටුණි, එයින් ගම්්‍ය වූ යේ නැවත වගා කළ යුතු බව යයි තේරුම් ගැනිණ.

මෙයට අමතරව නිරීක්ෂණය වූ තවත් වැදගත් කාරනාවක් වූයේ, බහු වාර්ෂික ප්‍රභේදය් වගා පසෙහි යම් වැඩි දියුණුවක් ඇති කරන බවයි. කන්න පාසා වගාකරන වී හා සසඳන විට, බෝගය පසෙහි වැඩි පෝෂ්‍ය පදාර්ථ – කාබනික කාබන් සහ පූර්ණ නයිට්‍රජන් (organic carbon and total nitrogen) – පසෙහි ඉතිරි කර තිබූ අතර එමඟින් ජලය ද වඩා හොඳින් රඳවා ගැනීමට හැකිව ඇත. වාරිමාර්ග පහසුකම් සහිත වී වගාවේ දී ජලය රඳවා තබා ගැනීම වැදගත් නැත; නමුත් වැසි ජලය මත යැපෙන ප්‍රදේශවල වගා කරන සහල් සඳහා එය ප්‍රයෝජනවත් වේ. ලබන වසර වන විට, පර්යේෂකයන් වසර 6ක අත්හදා බැලීමක් ඔස්සේ තවත් වැදගත් සාධකයක් පිළිබඳ ප්‍රතිඵල ලබා ගැනීමට බලාපොරොත්තු වන බව හූ පවසයි: එනම්, බහු වාර්ෂික ප්‍රභේදය කොපමණ හරිතාගාර වායු විමෝචනය කරයිද යන්නයි. ‘දැනට ඇති වී වගා වගාවෙන් මුදෑහරෙන මීතේන් ගෝලීය උණුසුම ඉහළ යාමට දායකවන ප්‍රධාන ප්‍රභවයක්ය’ යන්න මෙහිදී සැලකිල්ල යොමුවිය යුතු කාරනාවක් වන්නේය.
කෙසේවෙතත්, අලුත් වී ප්‍රභේද ගොවීන්ට හිතකරදද? සොයා ගැනීම සඳහා, බහුවාර්ෂික ඵ්ර්23 සහ වාර්ෂික ප්‍රභේද වගා කිරීමට දරන උත්සාහයන් පර්යේෂකයෝ සංසන්දනය කළහ. සීසෑම සඳහා වැයවන ඉන්ධන, බීජ පැල සඳහා සහ අනෙකුත් වියදම් මූලික වශයෙන් පළමු වසරේ සමාන විය: සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ඩොලර් 2600 කි. එනමුත් ඊළඟ සෑම වසරකම බහු වාර්ෂික වී කළමනාකරණය සඳහා වැය වන්නේ අඩකි. වැයවන ශ්‍රමය ද,සෑම හෙක්ටයාරයක් සඳහාම දින 68 ත් 77 ත් අතර ප්‍රමාණයකින් අඩුවෙන් වැය කර ඇත.
මෙම ‘වාසි’ ගොවීන් ආකර්ෂණය කර ගැනීමයට සමත්ව ඇත. යුනාන් විශ්ව විද්‍යාලය මගින් දකුණු චීනයේ වී වගාකරුවන්ට බීජ හා පුහුණුව ලබා දුන් අතර, 2020 දී වගා කරන ලද මුළු භූමි ප්‍රමාණය පසුගිය වසරේ හෙක්ටයාර් 15,333 දක්වා හතර ගුණයකින් වැඩි විය. (එහෙත්,එය තවමත් චීනයේ හෙක්ටයාර මිලියන 27ක වී වගාවෙන් ඉතා කුඩා කොටසකි.) රජය බහු වාර්ෂික සහල් ප්‍රවර්ධනය කිරීමට ද උදව් කර ඇති බව හූ පවසයි. මෙම වසරේ, ඵ්ර්23 චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය විසින් ගොවීන් සඳහා නිර්දේශිත ප්‍රභේද 29 ක ලැයිස්තුවේ ඇතුළත්ව ඇත.
බොහෝ විට වී වගාව ශඳහා යොදා ගනු ලබන්නේ නිවෙස්වල කාන්තාවන් සහ ළමුන් හෙයින් නව ප්‍රබේදයෙන් ඇතිවන ශ්‍රම ඉතිරිකිරීමේ විශාලතම ප්‍රතිලාභින් වන්නේ බොහෝ විට ඔවුන්ය. කෙසේ වෙතත්, ඵ්ර්23 ජනප්‍රිය වන්නේ කෙසේද යන්න සහ ශ්‍රම ඉතිරිකිරීම් ගොවීන්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද යන්න සොයා බැලීම පිණිස කුටුම්භවලට ඇති බලපෑම පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය වනු ඇති බව Grünbühel පෙන්වා දෙයි.

පර්යේෂකයෝ ඇති විය හැකි අවදානම් ද සටහන් කරති. PR23 වාර්ශිකව වගා නොකෙරන නිසා සීසෑම අවශ්‍ය නොවේ. මෙය එම ප්‍රභේදයෙහි වාසියක් ලෙස ගැනේ. එහෙත් සී සෑමක් නොකෙරෙන නිසා ගොවීන්ට අඩුවෙන් වගා කිරීමට හැකි වන නිසා, (අස්වැන්න නෙලීමෙන් පසුවත්) දිලීර සහ අනෙකුත් රෝග කාරක කුඹුරුවලම රැඳි සිටිය හැක. සී සෑමක් නොවන නිසා වල් පැලෑටි වර්ධනය විය හැක; PR23 වගාකෙරෙන ක්ෂේත්‍ර සඳහා සාමාන්‍ය සහල් වලට වඩා වල් නාශක ප්‍රතිකාර එකක් හෝ දෙකක් වැඩියෙන් අවශ්‍ය බව පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත. තවද, බහු වාර්ෂික වීඅස්වැන්න නැවත වගාකිරීමට කල් පැමිණි විට වගා කටයුතු සඳහා වැඩි වෙහෙසක් දරන්නට සිදුවන බව ඔවුහු සටහන් කරති. මන්ද එම් ප්‍රභේද්යෙ හි විශාල හා ගැඹුරු මුල් විනාශ කිරීමට අතිරේක වෙහෙසක් දැරීමට සිදුවන බැවිනි.
බහු වාර්ෂික වී ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් 17 ක අත්හදා බලනු ලැබේ. නව ප්‍රභේදය වගා කිරීම පිණිස තවත් ප්‍රධාන ඉලක්කගත් කලාපයක් වන්නේ ආසියාවේ උස්බිම් වන අතර, මේ කලාපයේ සාම්ප්‍රදායික වගාව සඳහා සීසාන කුඩා, හෙල්මළුසහිත වී වගාවන්හි පාංශු ඛාදනය වේගවත්ය.
PR23 හි නිර්මාතෘවරුන්ට “සංකල්පය පිළිබඳ සාක්ෂියක් සැපයී තිබේ”,Snapp පවසයි, ” ඒ තුළින් යම් ‘ගැම්මක්’ ගොඩ නැගෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”