මැතිවරණමය ආයතනවල විසංගතතාව

Posted by

මැතිවරණමය ආයතනවල විසංගතතාව

නිලධරයන්ගේ බලඅධිකාරිය පුළුල් වීම, මහ බැංකුවල ස්වාධීනත්වය වර්ධනයවීම, අධිකරණ සමාලෝචනය ඉහළයාම හෝ ජාත්‍යන්තර ගිවිසුම් සහ සංවිධානවල වර්ධනය හේතුවෙන් වේවා දේශීය දේශපාලන වාද විවාදයන්ගෙන් වැදගත් මාතෘකා ‘ඉවත්කරගැනීම’,  බටහිර යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා දේශපාලන පද්ධතිවල ප්‍රජාතන්ත්‍රවාදී බවෙන් හීනවීමට  එක් ප්‍රධාන හේතුවක් වී ඇත. මෙයින් හඟවනු ලබන්නේ ජනතාවගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමට ඇති  ව්‍යවස්ථාදායකයන්ගේ හැකියාව අඩපණවීම පිළිබඳ පැහදිලි ගැටලුවකට අප මුහුණ දෙන බව විය හැකියි.

කෙසේවෙතත්, ප්‍රජාතන්ත්‍ර විරෝධීබව පිළිබඳ ප්‍රහේලිකාවේ නොවිසිඳුනු තවත් විශාල කොටසක් ද තිබේ: පාර්ලිමේන්තුව, එහි සැබෑ බලය තවමත් රඳවාගෙන සිටින වපසරිවල පවා,  ජනතාවගේ අදහස්, පොදු ප්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීමේ කාර්යය දුර්වලවී ඇත.

ජනතාව විසින් තම මතය නියෝජනය කිරීම සඳහා තෝරා පත් කරගනු ලැබුවද, නීති සම්පාදකයින් එන්ට එන් ටම ජනතා අභිමතයෙන් වැඩි වැඩියෙන් පරිවරණය වී (අවුරණු ලැබ) ඇත. දේශපාලන ක්‍රියාවලිය තුළ මුදලේ භූමිකාව නැතිනම් අගය බෙහෙවින් වර්ධනය වී ඇති අතර, මැතිවරණවලදී (එකිනෙකා අතර) තරඟකාරී වීමට නම් පෙර නොවූ විරූ විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒ අතරම, නීති සම්පාදකයින්ගේ පුද්ගලික සහ වෘත්තීය අත්දැකීම් මෙන්ම ඔවුන්ගේ ධනය හා වත්කම්, සහ අධ්‍යාපන මට්ටම්, සිය ඡන්ද දායකයන්ගෙන් වෙන්ව  ඔවුන්ව   වැඩි වැඩියෙන් වෙනස්ම පන්තියක ස්ථානගත කරයි.

වර්තමානයේ , දේශපාලන ප්‍රචාරක වියදම් සඳහා පවතින සීමාවන් දුර්වල  රටවල ප්‍රචාරණය වියදම සඳහා දරණ දායකත්වය විශේෂයෙන් විශාල ගැටලුවකි. එක්සත් ජනපදයේ, පසුගිය දශක කිහිපය තුළ මැතිවරණ සඳහා වන මුළු වියදම් වේගයෙන් වර්ධනය වී ඇති අතර, 2012 දී ෆෙඩරල් ප්‍රචාරක වියදම් ඇ. ඩො. බිලියන 6.3කට ආසන්න වූ බව වාර්තාවේ. එය, බුරුන්ඩි හි වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුණයකට වඩා වැඩිය. අදාල පාර්ශව වෙත බලපෑම් කිරීම හෙවත් ලොබීකරණය සඳහා එක්සත් ජනපදයේ වැය කරන ලද මුදල් ප්‍රමාණය ද වේගයෙන් වැඩි වී ඇත්තේ විසිඑක්වන සියවසේ පළමු වසර පහළොව තුළ පමණක්  දෙගුණ වෙමිනි(2000 දී තිබූ ඩොලර් බිලියන 1.6 ට මදක් අඩු ප්‍රමානයේ සිට 2015 වනවිට ඩොලර් බිලියන ඩොලර් බිලියන 3.2 ඉක්මවනි.  තවද, Lee Drutman සැලකිල්ලෙන් විස්තර කර ඇති පරිදි, එම මුදලින් අතිමහත් බහුතරයක් වැය කරනු ලබන්නේ වෘත්තීය සමිති හෝ මහජනයා පාදක කරගත්  කණ්ඩායම්වලට වඩා විශාල සමාගම් විසිනි.

ලොබි සහ මැතිවරණ ප්‍රචාරක මූල්‍ය දේශපාලන ක්‍රමය විකෘති කරන වඩාත් කපටි ක්‍රමයක් වන්නේ, පරිත්‍යාගශීලීන් සහ ලොබිකරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට තම කාලයෙන් විශාල කොටසක් ගත කළ යුතු දේශපාලනඥයන්ගේ ලෝක දෘෂ්ටිය හැඩගස්වා ගැනීමට උපකාර කිරීමයි. කිසිවකු තවමත් මෙම ලොබීකරණයේ විශාලත්වය ක්‍රමානුකූලව අධ්‍යයනය කර නොමැති අතර, උපාඛ්‍යාන සාක්ෂිවලින් පෙනී යන්නේ කොන්ග්‍රසයේ(මන්ත්‍රණ සභාවේ) සාමාජිකයින් දැන් ඔවුන්ගේ වැඩ කරන පැයකාලයෙන් භාගයක් පමණම, අරමුදල් රැස් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා වැය කරන බවයි. විධායකයේ ද එවැනිම මාරුවක් සිදු වී ඇත: ජිමී කාටර් සහ රොනල්ඩ් රේගන් ඔවුන්ගේ පළමු නිල කාලය තුළ දින විස්සකට වරක් අරමුදල් රැස් කිරීමේ කාර්යයෙහි නිරත වූහ. රේගන් මෙන් නොව බැරක් ඔබාමා අරමුදල් රැස්කරන්නන් නුරුස්සන අයෙකු බව කියැවේ. එසේ වුවද, ඔහු තම දේශපාලන යුගයේ අවශ්‍යතාවලට වහල් වී සිටි අතර දළ වශයෙන් සෑම දින පහකට වරක් ජනාධිපති අරමුදල් රැස් කිරීමේ අවස්ථාවන්ට එක්ව සිටියේය.

බොහෝ යුරෝපීයයන් සිතන්නට කැමතිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සලකද්දී එක්සත් ජනපදයට වඩා [යුරෝපා] මහාද්වීපයේ ඒ හා බැඳි කටයුතු  බොහෝ යහපත් බවයි. එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ කලකට පෙර සිටම අධි ධනේශ්වර මානසිකත්වයකින් සහ ඉන් ධෛර්යමත් කරන සමායතන විසින් ග්‍රහණය කරගනු ලැබ ඇතැයි  සිතීමට ඔවුහු පෙළඹෙති. මෙම ප්‍රකාශවල යම් සත්‍යයක් අඩංගු වේ. බොහෝ යුරෝපීය රටවල, ප්‍රචාරක දායකත්වයේ සීමාවන් වඩාත් දැඩි වේ. ලොබිකරුවන්ට කෙරෙන ගෙවීම් අහස උසට නැඟ ඇතත්, දේශපාලන කටයුතු සඳහා කෙරෙන  වියදම් බෙහෙවින් අඩු මට්ටමක පවතී.  එහෙත් ඡන්දදායකයින් සහ නීති සම්පාදකයන් අතර විරසකයක් යුරෝපයේ ද පැතිර පවතී. ඇත්ත වශයෙන්ම, ප්‍රචාරක මූල්‍ය පිළිබඳ සීමාවන් ඇති බව යථාර්ථයක් වන නමුත්, මෙම ඇටවුම(setup) නැතිනම් සැකසුම විශේෂ ලැදිකම් අගයන්  තනතුරු ලාභීන්ට  විශාල වාසියක් ලබා දෙන අතර  ඒවා සොයා බැලීම  ඊටත් වඩා දුෂ්කර කාර්යයක් බවට පත්වේ.

සැලකිල්ල යොමු විය යුතු එක් දෙයක් නම්, මැතිවරණ ප්‍රචාරක වියදම් නීත්‍යානුකූලව ඉහළ නැංවීමේ දී මතුවන දුෂ්කරතාවයන්, එම වියදම් නීතිවිරෝධී ලෙස එකතු කර ගැනීමට   දේශපාකයන් අතරේ පෙළඹවීමක් ඇති කිරීමයි. මෙම පෙලඹවීමට, පසුගිය දශක ගණනාවක් තිස්සේ ජර්මනියේ, ප්‍රංශයේ, සහ යුරෝපයේ අනෙකුත් ප්‍රජාතාන්ත්‍රික රටවල ප්‍රධාන පෙළේ නායකයන් යට වූ බව සුප්‍රකට රහසකි.

මීට අමතරව, දේශපාලකයන්ට මුදල් ගෙවා කෙරෙන ප්‍රචාරක දැන්වීම්  හරහා තමන්ගේම පණිවිඩය පාලනය කිරීමට අපහසු වූ විට, ප්‍රධාන මාධ්‍ය ආයතනවලින් [ඔවුන්ටට] ලබාදිය හැකි ඔවුන්ගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ හැකියාවේ සාපේක්ෂ වැදගත්කම වර්ධනය වේ. ඉතාලියේ සිට මහා බි‍්‍රතාන්‍යය දක්වා රටවල සිටින මාධ්‍ය අධිපතීන්ට මෙන්ම, රටක මාධ්‍ය භූ දර්ශනයේ විශාල ප‍්‍රමාණයක් පාලනය කරන පුද්ගල මාධ්‍ය හිමිකරුවෙකුට දේශපාලන ‘රජුන් තනන්නන්’  වීමට මෙය ඵලදායි ලෙස ඉඩ සලසයි.

තම මුදල් දේශපාලනයට යොදවන පුද්ගලයන්ට හෝ සමායතන නැතිනම් විශාල සමාගම්වලට “තේරී පත් වූ මහජන නියෝජිතයන්හට බලපෑම් කිරීමට හෝ  ඔවුන් වෙත ප්‍රවේශවීම සඳහ අයිතියක්”  භුක්ති විඳින්නේය යන කාරනය සැලකිලට ගතහොත්, “මෙම මහජන නිලධාරීන් දූෂිතයන් බව ඉන් අදහස් නොවේ”,  යයි විනිසුරු ඇන්තනි කෙනඩි, Citizens United 2010 එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී සඳහන් කළේය. මෙය සත්යයකි.   ප්‍රචාරක කටයුතු සඳහා නිර්ලෝභී පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන  සමාගම්වලට මෙන්ම, ඒවා වෙනුවෙන් සේවය කරන ලොබිකරුවන් වෙනුවෙන් ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන්  නීති සම්පාදනය කිරීම  අල්ලසක් සේ නොසැලකෙන්නේය. එහෙත් මෙම පිළිගත් භාවිතයන් සමුච්චිතව ගත් කල, Lawrence Lessig  දක්වන අන්දමට “රඳාපැවැත්මේ දූෂණය”(“dependence corruption.”) ලෙස හැඳින්වූ දෙය සඳහා එකතුවුවක් බවට පත් විය හැක.

“රඳාපැවැත්මේ දූෂණය”(“dependence corruption”) සහ ඇත්තටම අල්ලස් ගැනීමි සිද්ධි අතර වැදගත් නෛතික –සහ සදාචාරාත්මක පවා වන්නාවූ වැදගත් ප්‍රභේදනයක් ඈතයි යනුවෙන් කෙනඩි පැවසූ ඩෙහ්ය ඇත්තකි. එහෙත් අවසාන අර්ථයෙන් ගත් කල ඒ දෙකම, පෞද්ගලික මුදල්  ‘වීසි කිරීම්’ වලට ස්තූතිවන්ත වන්න්ට  රාජ්‍ය ප්‍රතිපත්තිවල ගමන  මග වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල යහපැවැත්ම අනතුරට හෙළයි.

“dependence corruption”

ප්‍රජාතන්ත්‍ර වාදය අගයන්නන් අධෛර්යයට පත්වන මට්ටමකට, විශේෂ න්‍යාය පත්‍ර ඇති අයගේ ග්‍රහණයට හසුවී සිටින නීති සම්පාදකයන්ව, ජන මතය  පොදු ප්‍රතිපත්තිය බවට පරිවර්තනය කිරීමේ කාර්යයෙන් ඉවතට හරවා යවා ඇත.

මැතිවරණමය ආයතන වෙනස් අරමුණු පිණිස යොදා ගැනීමට පාදක වන  හේතු නිසැකවම,  දේශපාලනය තුළ  එන්ට එන්ටම ඉහළ අගයක් දිනා ගන්නා මුදලේ භූමිකාවෙන් ඔබ්බට යයි. ඡ්රිස්ටොඵෙර් Aචෙන් සහ ළර්ර්ය් භර්ටෙල්ස්  පෙන්වා දී ඇති පරිදි,  එක්සත් ජනපද ඡන්දදායකයින් බොහොමයක්ම දේශපාලනය කෙරෙහි  අවධානය යොමු කරන්නේ ඉතා අල්ප වශයෙනි. දේශපාලන අභිලාෂයන් කොතෙක් තිබුණත්, ඒවා ආකුල නොවන බව පෙනේ.  ප්‍රතිචාර නොදක්වන හෙවත් අප්‍රතිචාරී දේශපාලන ක්‍රම වෙනුවෙන් නිදහසට කරුණු දැක්වීම පිණිස එවැනි සොයාගැනීම් භාවිතා කිරීමට පෙළඹීම සිදුවිය හැක්කකි: බාගදා, ඡන්දදායකයින් [පත් කෙරුණු] රජය කෙරෙහි ඵලදායී පාලනයක් යෙදවීම කෙරෙහි  වැඩි උනන්දුවක් නොදක්වනවා විය හැකියි.

එසේනමුත් මෙම ආරක්ෂමය ක්‍රියාමාර්ගය වැදගත් ගැටළු දෙකක් නොසලකා හරියි. පළමුව, ඔවුන් අවධානය යොමු කළත් (පවතින)පද්ධතිය එතරම් ප්‍රතිචාර නොදක්වන බව ඔවුන් විශ්වාස කරන නිසා ඡන්දදායකයින් [මැතිවර්ණ ක්‍රියාදාම්යෙන්] ඈත්ව සිටීමට අර්ධ වශයෙන්  විය හැකිය. දෙවනුව, ස්වකීය අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කිරීමට කැපව සිටින පුරවැසි පිරිසක්(චිටිෂෙන්ර්ය්)නොමැති විට, එනට එනටම වැඩිවන මුදලේ  බලපෑම, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සහයෝගය ක්‍රමයෙන් ඛාදනය වන එවැනි විකෘති ආර්ථික ප්‍රතිඵලවලට තුඩු දිය හැකිය. වරද පැටවෙන්නේ පුරවැසියන් ලෙස තම යුතුකම් ඉටු කිරීමට අපොහොසත් වන පිරිසකට වුවද, මුදලේඉ බලයට නටන පුද්ගලයින් [නීතිසම්පාදකයින් ලෙස සිටින] දේශපාලන ක්‍රමයක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ද්විත්ව පොරොන්දුව ඉටු කිරීමට අසමත් වේ.

Journal of Democracy හී පලවන The Cooptation of Electoral Institutions  යන ලිපියේ කොටසක් ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.