‘මානව වංශ යන්ත්‍රය‘ අපේ ග්‍රහලෝකය පරිවර්තනය කිරීම හමුවේ ජනගහන වර්ධනය සහ දේශගුණික විපර්යාස සම්බන්ධ වන ආකාරය
මුලින්ම බැලූ බැල්මට, ලෝකයේ වැඩිවන ජනගහනය සහ දේශගුණික විපර්යාස අතර සම්බන්ධතා අමුතුවෙන් පැහැදිලි කළ යුතු බවක් නොපෙනේ. අපේ මේ ග්‍රහලෝකයේ සිටින මිනිසුන් වැඩි වන තරමට දේශගුණය කෙරෙහි ඔවුන්ගේ සාමූහික බලපෑම විශාල වේ. කෙසේ වෙතත්, දිගු කාලපරාසයක් තුළ සූක්ෂම සොයා බැලීමෙන් ජනගහන ප්‍රමාණය සහ දේශගුණික විපර්යාස අතර සම්බන්ධතා හෙළි වෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වන සන්ධිස්ථානය, එනම් ගෝලීය ජනගහනය බිලියන 8ක මේ මස 15ද් පහුකරද්දී එමඟින් මානව වර්ගයා මුහුණ පාන අසීරු තත්ත්වයන් වඩා හොඳින් අවබෝධ කර ගත හැකිය.
[ Anthropocene = මානව වංශය: මානව වර්ගයා, පරිසරයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට පටන් ගෙන ඇති (කාර්මික විප්ලවයේ කාලයේ සිට) වත්මන් භූ විද්‍යාත්මක යුගය සඳහා යෝජිත යෙදුමකි. බොහෝ භූ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ කාර්මික විප්ලවයේ ආරම්භයේ සිට මිනිසුන් පෘථිවිය බොහෝ වෙනස් කර ඇති අතර දැන් අප ජීවත් වන්නේ මානව වංශය නම් නව යුගයක බවයි.]
ගල් යුගය දෙස ආපසු හැරී බැලීමක්
මානව පරිණාමයේ වැඩි කොටසක් තුළ, අපගේ මුතුන් මිත්තන් අයිස් යුගයන් සහ කඩින් කඩ අතරහට ගන්නා උණුසුම් කාල පරිච්ඡේදයන් අතර දැඩි දේශගුණික උච්චාවචනයන්ට නිරාවරණය විය . මෙම අයිස් යුගවල අන්තිම යුගය වසර 10,000 කට පමණ පෙර අවසන් විය. අයිස් තට්ටු දියවීමට පෙර මුහුදු මට්ටම් විය අදට වඩා අඩි 400 (මීටර් 120) පමණ අඩු ව තිබුණි. එමගින් මිනිසුන්ට ලොව පුරා සංක්‍රමණය වීමට ඉඩ සැලසිණි. අපගේ මුතුන් මිත්තන් සංක්‍රමණය වූ සෑම් අතනකම භූ දර්ශනය නැවත හැඩගස්වූයේ, පළමුව වනාන්තර එළිපෙහෙළි කිරීමෙන් සහ පසුව අවසාන අයිස් යුගය අවසන් වූ විටම වාගේ කලාප ගණනාවකම ආරම්භ වූ මුල් කෘෂිකාර්මික භාවිතයන් හරහාය.
පුරාදේශගුණ විද්‍යාඥ (Paleoclimatologist) විලියම් රුඩිමන් අදහස් කරන්නේ මුලදී සිදු කළ මෙම ක්‍රියාවන්, එනම් ගස් කැපීම සහ ගොවිතැන ව්‍යාප්ත කිරීම මගින් ආරම්භක වශයෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයේ සුළු වැඩිවීමක් පමණක් ඇති කළ බවයි. පසුගිය වසර 10,000 පුරා ස්ථාවර දේශගුණයකට එය දායක වූයේ, තවත් ග්ලැසියර ඇතිවීමේ සිදුවීමක් (glaciation event) අවුලුවාලිය හැකි කාබන්ඩයොක්සයිඩ් මට්ටම් පහත වැටීමේ ප්‍රවනතාවන්ට එරෙහිවීම මගිනි.

කෘෂිකර්මාන්තය, මානව වංශීය යාන්ත්‍රයට ඉන්ධන සැපයීමට පටන් ගත්තේය. 1295 BC සහ 1186 BC අතර ඊජිප්තුවේ 19 වන රාජවංශයේ Sennedjem ගේ සොහොන්ගැබේ ඇති සිතුවමක්, තීබ්ස්හි තිරිඟු කපන පුද්ගලයෙකු ඉන් පෙන්නුම් කරයි. Werner Forman/Universal Images Group/Getty Images
භූ දර්ශන ප්‍රතිනිර්මාණය කිරීම තුළින් අපගේ මුතුන් මිත්තන් ඔවුන් වාසය කළ ස්ථාන ක්‍රියාකාරීව ගොඩනඟා ඇත. මෙම ක්‍රියාවලිය, පරිණාමය වන විශේෂයන් සහ ඔවුන්ගේ පරිසරය අතර වැදගත් ප්‍රතිපෝෂණ ගතිකත්වයන් නිර්මාණය කරන්නාවූ පරිණාමීය වෙනසෙහි වැදගත් අංගයකි.
මිනිසා පරිණාමයවෙද්දී, වැඩිවන ජනගහනයේ ඉල්ලීම්, ආශ්‍රිත දැනුම නිර්මාණය කිරීම සහ බලශක්ති භාවිතය තුළින් නිර්මාණය වූ ප්‍රතිපෝෂණ චක්‍රය තමයි ඇතැම් විද්‍යාඥයන් ‘මානව වංශ යන්ත්‍රය’ ලෙස හඳුන්වන්නේ. එම ‘මානව වංශ යන්ත්‍රය’ අප ජීවත්වන ග්‍රහ ලෝකය — පෘථිවිය — පරිවර්තනයට ලක් කර ඇත.
මානව වංශ යන්ත්‍රය ප්‍රබෝධමත් කිරීම
මානව වංශ යන්ත්‍රය අවම වශයෙන් වසර 8,000 ක් තිස්සේ ක්‍රියාත්මක වේ. එය නූතන ශිෂ්ටාචාරවල නැගීමටත් අවසානයේ දේශගුණික විපර්යාස ඇතුළුව අද අප මුහුණ දෙන පාරිසරික අභියෝගවලටත් හේතු වී තිබේ. මානව වංශ යාන්ත්‍රණය ක්‍රියා කරන්නේ කෙසේද? යන්න අපි දැන් සොයා බලමු.
මුලින්ම, ජනගහනයන්ට, තම තමන් ජීවත් වූ ස්ථාන සක්‍රීයව සහ අරමුණු සහගතව පරිවර්තනය කිරීමට පටන් ගත හැකි වන පරිදි තම පරිසරය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් සාර්ථකව නිර්මාණය කිරීමඋදෙසා ප්‍රමානවත් පුද්ගලයන් සංඛ්‍යාවක් වෙත ළඟා විය යුතුය. සාර්ථක කෘෂිකර්මාන්තය, එවන් දැනුමේ ප්‍රතිඵලයකි.ඉන් අනතුරුව, කෘෂිකර්මාන්තය මෙම මුල් සමාජවලට ලබා ගත හැකි බලශක්ති ප්‍රමාණය වැඩි කළේය.

වැඩි දැනුමක් හා ශක්තියක් ශ්‍රමය බෙදීමට සහ නව්‍යකරණයට හේතු විය. මෙම කිරිගරුඬ ඇඹුමෘව පළමු ශතවර්ෂයේ පොම්පෙයි හි තඹ කාර්මිකයෙකුගේ සාප්පුවක් නිරූපණය කරයි. DEA/L. Getty Images හරහා Pedicini/De Agostini
ශක්තිය වැඩිවත්ම, එය වැඩි පිරිසකට ‘ශක්තියක්'(සහායක්) වේ. ජන පිරිස වැඩිවීම මුල් ජනාවාස සහ, පසුව නගර බිහිවීමට මග පෑදීය. මෙය කාර්ය විශේෂීකරණයට සහ, ශ්‍රම විභාජනයට(task specialization and division of labor) ඉඩ සැලසීය. එමඟින් වැඩි දැනුමක් නිර්මාණය කිරීම වේගවත් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ලබාගත හැකි ශක්තිය වැඩි වීමටත් ජනගහන ප්‍රමාණය ද වර්ධනය වීමටත් ඉඩ සැලසීය. මෙම ක්‍රියාවලියේ අංග ලොව පුරා ඒ ඒ ප්‍රදේශ වලදී වෙනස් විය හැකි වුවත්, ඒවා සියල්ලම ධාවනය වන්නේ එකම මානව වංශ යාන්ත්‍රනයක් මගිනි.
වේගවත්වන වර්ධනයේ ගැටලුව
දැනුමේ පරිණාමය සහ සංකීර්ණත්වය දශක තුනකට වැඩි කාලයක් අධ්‍යයනය කරමින් ඇතැම් පරිණාමීය ජීව විද්‍යාඥයන් සහ විද්‍යාවේ ඉතිහාසඥයන් විසින් ගණිතමය ආකෘති සංවර්ධනය කරනු ලැබ ඇත්. මේ ක්‍රියාදාමයන් පැහැදිලි කිරීමට උපකාර වීම ඒවායේ (ආකෘතිවල) අරමුනයි. මානව වංශීය යාන්ත්‍රනය මෙහෙයවන්නාවූ බලවේග යටින් පවතින ක්‍රියාවලීන්ගේ සාර්වත්‍රික භාවය(universality) භාවිතා කරමින් පර්යේෂකයන්ට, ජනගහන වර්ධනය සහ වැඩිවන බලශක්ති භාවිතය අතර සම්බන්ධතා ඇතුළත් වර්ධන සමීකරණයක්(growth equation) ලෙස මෙම ගතිකතාවයන් ග්‍රහණය කර ගත හැකිය.
ගතික පද්ධතිවල ධනාත්මක ප්‍රතිපෝෂණ චක්‍රවල එක් ප්‍රතිවිපාකයක් නම් ඒවා වේගවත්වන වර්ධනයට මග පෑදීමයි. වේගවත්වන වර්ධනය ඉතා සෙමින් ආරම්භ විය හැකි අතර සෑහෙන කාලයක් යනතුරු සැලකිල්ලට යොමු නොවන තරම් විය හැක. කෙසෙවෙතත්, සම්පත් සීමිත වූ සෑම තැනකම අවසානයේ එය ප්‍රබෝධමත් කරවන සුළු ප්‍රතිවිපාක ඇති කරනු ඇත.
මානව වංශ යන්ත්‍රයෙන් මෙහෙයවනු ලැබ, මානව ජනගහනය ඝාතීය ලෙස වර්ධනය වී ඇති අතර පසුගිය වසර 8,000 තුළ කිහිප වතාවක් තනි, තනි සමාජ කඩා වැටීමට ඔන්න මෙන්නව ආසන්න විය. නිදසුනක් වශයෙන් දක්වතොත්, ඊස්ටර් දූපත් ශිෂ්ටාචාරය අතුරුදහන් වීම සහ මායා අධිරාජ්‍යයේ බිඳවැටීම, ජනගහනය වැඩිවෙද්දී පාරිසරික සම්පත් පිරිහී යාම හා සම්බන්ධකර දැක්වේ. 1300 ගණන්වල කළු මරණය(‘Black Death’ කාල මෘත්‍යූ) පැතිරි කාලය තුළ යුරෝපීය ජනගහනයේ කැපී පෙනෙන අඩුවීම, Yersenia pestis හෙවත් මහමාරිය වසංගතය පැතිරීමට පාර කැපූ ජනාකීර්ණ හා අපිරිසිදු ජීවන තත්වයන්ගේ සෘජු ප්‍රතිවිපාකයකි.

පාලනයකින් තොර වර්ධනයක් ගැන The Population Bomb නම් 1968 දී ප්‍රකාශයට පත් කරන ලද සිය ග්‍රන්ථයේ අනතුරු හඟවන ජීව් විද්‍යාඥ Paul Ehrlich, මිනිස් පරිභෝජනයේ වෙනස්කම් සිදු කරන්නේ නැතිව, සීමිත සම්පත් සඳහා ගෝලීය ඉල්ලුම වර්ධනය වීම සමාජ බිඳවැටීමට තුඩු දෙනු ඇතැයි පුරෝකථනය කළේය. එහෙත්, ගෝලීය වශයෙන් ගත් කල, මානව වර්ගයා සෑම විටම විනාශයන් ගෙන් වැළකී සිටීමට මාර්ගයක් සොයාගෙන ඇත. දැනුම මත පදනම් වූ නවෝත්පාදන, වැනි හරිත විප්ලවය – (හරිත විප්ලවයෙහි පුළුල්-පරිමාණ බලපෑම් Ehrlichගේ පුරෝකථනයන්ට ඇතුලත් නොවීය) මිනිසුන්ට චක්‍රය කණ්පිට හැරවීමට හැකියාව ලබා දී ඇති අතර, වැඩි වැඩියෙන් නවෝත්පාදනයේ සහ කඩා වැටීම හෝ ඊට ආසන්න තත්ත්වයන්ගේ චක්‍රවලට මග පාදයි.
එක් උදාහරණයක් නම්, බලශක්ති තන්ත්‍ර හෙවත් රෙජිම අනුපිළිවෙලයි. එය ආරම්භ වූයේ ලී සහ සත්ව බලශක්තියෙන්. අනතුරුව, ගල් අඟුරු, තෙල් සහ ගෑස් කරළියට ආවේය. ෆොසිල ඉන්ධන කාර්මික විප්ලවයට බල ගැන්වූ අතර, එය වැඩි සමෘද්ධියට හා ධනවත්කමට මෙන්ම සෞඛ්‍ය සේවයේ වැඩි දියුණුවක් ඇති කිරීමෙහි ලා දායක විය.. එසේනමුත් ෆොසිල ඉන්ධනවල යුගය දැඩි ප්‍රතිවිපාක ඇති කර ට්ය්හිබේ.වසර 300කට අඩු කාලයකදී එය වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය දෙගුණයකින් පමණ වැඩි කළ අතර, අද මානව වර්ගයා අත්විඳිමින් සිටින ගෝලීය උණුසුමෙහි පෙර නොවූ විරූ වේගයක් ඇති කළේය. ඒ අතරම අසමානතාව නැතිනම් විෂමතාව ආවේණික තත්ත්වය බවට පත්වී ඇත. දේශගුණික විපර්යාස සඳහා සුළුවෙන් දායකවෙන දුප්පත් ජාතීන් ගෝලීය උණුසුමෙන් වැඩිපුරම පීඩා විඳින අතර විමෝචනයන් ගෙන් 80% ක් පමණ වගකිව යුත්තේ හුදෙක් ධනවත් රටවල් 20 ක් පමණි.
සුළං සහ සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය වීමත් සමඟ කඩාවැටීම වළක්වා ගැනීම සඳහා ඊළඟ බලශක්ති සංක්‍රාන්තිය දැන් සිදුවෙමින් පවතී. එහෙත්, 2022 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ප්‍රථ්මයෙන් නිකුත් කරන ලද වාර්තාවක් ඇතුළුව අධ්‍යයන පෙන්වන්නේ දේශගුණික විපර්යාස පාලනය කිරීමට තරම් ප්‍රමානවත් තරම් වේගයෙන් මිනිසුන් තම බලශක්ති භාවිතය පරිණාමය කර නොගන්නා බවයි.
චක්‍රය නැවත සැකසීමට දැනුම භාවිතා කිරීම
සෑම විශේෂයක්ම, පාලනයකින් තොර වුව හොත්, ඝාතීය ලෙස වර්ධනය වේ. එසේ වුවද, විලෝපිකයන් සහ සීමිත ආහාර සැපයුම් වැනි සීමාවන්ට හෝ සෘණාත්මක ප්‍රතිපෝෂණ යාන්ත්‍රණයන්ට විශේෂයන් යටත් වේ. මිනිසුන්ට ජනගහන වර්ධනය පාලනය කිරීමට ඉඩ සලසන බොහෝ ඍණාත්මක ප්‍රතිපෝෂණ යාන්ත්‍රණයන්ගෙන් අපව නිදහස් කර ගැනීමට මානව වංශ යන්ත්‍රය ඉඩ සලසා දී ඇත. අපි ආහාර නිෂ්පාදනය තීව්‍ර කළෙමු; අන්තර් කලාපීය වෙළෙඳාම දියුණු කලෙමුඉ; රෝගවලින් බේරීමට ඖෂධ සොයා ගත්තෙමු.
මෙය දැන් මනුෂ්‍යත්වය පත් කරන්නේ කොයිබට ද? අප විසින්ම නිර්මාණය කරන ලද දේශගුණික විපර්යාසවලින් හටගන්නා නොවැළැක්විය හැකි බිඳවැටීමකට අප ළඟා වෙමින් සිටිනවාද, නැතහොත් අපට නැවත සංක්‍රමණය වී චක්‍රය නැවත සකසන නවෝත්පාදනයන් සොයා ගත හැකිද? අපගේ සමාජ-ආර්ථික-තාක්ෂණික පද්ධති වෙත රැඩිකල් ජනගහන පාලනය හෝ යුද්ධය ලෙස නොව, අතිරික්ත හරිතාගාර වායු විමෝචනය පිළිබඳ සම්මතයන්, වටිනාකම් සහ රෙගුලාසි ආකාරයෙන් සෘණාත්මක ප්‍රතිපෝෂණ හඳුන්වා දීම දේශගුණික විපර්යාස පාලනය කර තබා ගැනීමට උපකාරී වේ. මානව වර්ගයාට, මනුෂ්‍යභාවය එහි පාරිසරික සීමාවන් තුළ තබා ගැනීමට දැනුම භාවිතා කළ හැකිය.
මේ මස 3 දා, The Conversation හී පළ වූ 8 billion humans. How population growth and climate change are connected as the ‘Anthropocene engine’ transforms the planet යන ලිපිය ඇසුරෙනි.