කූට උපක්‍රමවලට අප නිරන්තරයෙන් හසුවන්නේ ඇයි?
2022 ගෙවී ගිය වසරම වුණත් ගන්න. වසර අවසානයේ මහත් ප්‍රසිද්ධියක් ලද තිළිණි ප්‍රියමාලි සිද්ධිය පමණක් නොව විවිධ ආකාරයේ වංචා, රැවටිලි ආදී කූට උපක්‍රම ගැන කොපමණ නම් වාර්තා වෙන්න ඇද්ද? වාර්ත් නොවූ සිද්ධි තව කොපමණ තිබෙන්න ඇද්ද? අනික මේවා එක වසරකට පමණක් සීමවෙන ඒවා නොවේ. කුවේනි ගෙන් පටන් ගෙන අද දක්වා නොයෙක් වේශවලින් මේ වංචා, රැවටිලි සිදුවේ. තවද, මේවාට හසුවන්නෝ එක් ජනවර්ගයකට හෝ ජනකොඨාශයකට, එක් අධ්‍යාපන මට්ටමකට අයත්වන්නෝ නොවෙති. ඇත්තවශයෙන්ම, මේ අපේ රටේ පමණක් නොව ලොව පුරා විවිධ ජන පිරිස් අතරේ සැමදාමත් මෙවන් කූට උපක්‍රම සිදුවෙයි; අප අතරේම සමහරු ඒවාට හසුවෙති.
කූට උපක්‍රමවලට අප නිරන්තරයෙන් හසුවන්නේ ඇයි? යන්න ඒවාට හසුවන්නන් මෙන්ම පොදුවේ ජන සමාජයම හමුවේ ඇති ප්‍රශ්නයකි. ඇත්තටම මෙලෙස අප මුලාවට පත්වන්නේ ඇයි? මෙය මිනිස් ස්වභාවයේ අසාමාන්‍ය දෝෂයක් ලෙස සමහරක් සමාජ මනෝවිද්‍යාඥයෝ නොදකිති. ඒ වෙනුවට, ඔවුන් ඒවා දකින්නේ, කාර්යක්ෂම හා ඵලදායී මානව සන්නිවේදනය සහ සහයෝගීතාව පතා මිනිසුන් සෑමදාමත් විශ්වාසය තබන සමාජ ක්‍රියාවලීන් නොනිසි ලෙස ප්‍රයෝජනය්ට ගන්නා ආකාරය පිළිබඳ උදාහරණ ලෙස ය.
2023 මුල්ම තතු ලිපිය යොමුවන්නේ මේ සංසිද්ධිය පැහැදිලි කර ගැනීමට උත්සාහයක යෙදෙන මෙම ලිපිය වෙතයි.

විශ්වාසකිරීම මිනිස් ස්වභාවයයි
මිනිසුන් ස්වභාවයෙන්ම සංශයවාදීන්ය(සැකයෙන් බලන්නන් – skeptics) යන විශ්වාසයක් සමාජයේ මුල් බැසගෙන ඇති බව අපි දනිමු. අන් අයගේ ඕනෑම අත්වැරදීමක් හෝ සමාජ අවිචාරයක් දුටු පමනින් හඳුනා ගැනීමට අප සමත්කම් දක්වන්නේ යයි අපි විශ්වාස කරන්නෙමු. එහෙත් මෙය සැබවින්ම මෙ අන්දමේ සරල කාරනාවක් නොවේ.
පර්යේෂණවලින් පෙනී යන්නේ මිනිසුන් සහජයෙන්ම අන් අයව අවිශ්වාස කිරීම වෙනුවට ඔවුන්ව විශ්වාස කිරීමටත්, ඔවුන්ව සැක කිරීම වෙනුවට ඔවුන් පිළිගැනීමටත්, කෙනෙකු පිටතට පෙන්වන දේ භාර ගැනීම මිස එළිදරව්කොට අපහසුතාවයට පත් කිරීමෙන් වැළකීමට පෙළඹෙන බවත්ය. දකින දේ, අහන දේ සැක සහිත වුවත් “ගෙඩිය පිටින් ගිලීමට” මිනිසුන් පැකිලෙන්නේ නැත.
අත්හදා බැලීම්වලට සභාගී වන ස්වේච්ඡාදායකයින් කොහෙත්ම නාඳුනන පුද්ගලයන්ට තම මුදල් බාරදෙන ආකාරය වසර ගණනාවක් පුරා අත්හදා බැලීම් සියගණනක දි දෙස පර්යේෂක මනෝවිද්‍යාඥාය්යන් නිරීක්ෂණය කර ඇත.

මෙම අධ්‍යයනයන්හි දී, සහභාගිවන්නන්ට ඔවුන් විවිධ ආකාරයේ “ආයෝජන ක්‍රීඩා” වලට සහභාගී වන බව කියනු ලබන අතර, ඔවුන්ගේ ආයෝජනයට ප්‍රතිලාභයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන්ගේ මුදල් වෙනත් සහභාගිවන්නෙකුට භාර දීමට ඔවුන්ට අවස්ථාව ලබා දේ.
මෙම අධ්‍යයනයන්හි සිත් ඇදගන්නා කරුණක් නම්, ඔවුන්ගේ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ පසෙක තබා ආයොජනය කළ තම මුදල්වත් නැවත කවදා හෝ ලැබේ දයි විශ්වාසයකින් තොරව වුව ද බොහෝ සහභාගිවන්නන් සිය මුදල් නාඳුන අයට භාර දෙන බව නිරීක්ෂණයවීමයි. වෙනත් වචන වලින් කිවහොත්, සම්පූර්ණයෙන් පිළිගැනීමට නොහැකි තරමට සැක සංකා තිබියදීත්, ඔවුන් සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකු විශ්වාසයට ගැනීමට තෝරා ගන්නා බවයි.
මෙමපෙලඹීම තුළ මනුෂ්‍ය ස්වභාවයට සම්බන්ධ යම්ගැඹුරු දෙයක් තිබේ. මිනිසුන් සමාජ සත්ත්වයන් වන අතර එකිනෙකා විශ්වාස කිරීම අපගේ DNA තුළට කාවැදී ඇත. මනෝවිද්‍යාඥ ඩේවිඩ් ඩනිං සහ ඔහුගේ සගයන් පෙන්වා දී ඇති පරිදි, විශ්වාසය නොමැතිව බ්‍රොකර්වරුන්, මෝටර් කුලියට දෙන්නන් වැනි ව්‍යාපාර තබා ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදය වැනි උත්සාහයන් පවා සාර්ථක වේ යැයි සිතීම දුෂ්කර ය.
බොරුව යනු සම්මතය නොව ව්‍යතිරේකයකි
ඇත්ත වශයෙන්ම, කූට උපක්‍රමවල යෙදෙන්නන්, වෙනත් වංචාකරුවන් සහ බොරුකාරයින්ගේ කතා, (ඔවුන් සිය ‘වෘත්තිය’ හරිහැටි කිරීමට නොදත් අදක්ෂයින් නොවේ නම්), ඉතා සුළු පිරිසකගේ පමණක් සැකයට ලක්වන්නේ ඇයි? ඔබ මේ ප්‍රශ්නය අසන්නේ ඔබ මානව අන්තර්ක්‍රියවන් හී සහජය නැතිනම් සම්මතය ගැන විශ්වාසය තබන්නෙකු නිසා විය හැකිය: මූලික සංනිවේදනයේ සහජ අපේක්ෂාව වන්නේ අවංකභාවය පිළිබඳ අනුමිතියකි. වෙනත් අන්දමකට කියනාවානම් කතාවට පිවිසෙන අය බොරු නොකියන්නේය යන අප කා තුලත් සහජයෙන්ම ඇති අපෙක්ෂාවයි.
සන්නිවේදනයේ මෙම ආප්තය මුලින්ම යෝජනා කළේ භාෂාව පිළිබඳ දාර්ශනිකයෙකු ලෙස ප්‍රබල බලපෑමක් ගෙන ආ Paul Grice විසිනි. ග්‍රයිස් තර්ක කළේ සන්නිවේදනය සහයෝගී ප්‍රයත්නයක් බවයි. එකිනෙකා තේරුම් ගැනීම සඳහා එකට වැඩ කිරීම අවශ්ය වේ. ඒවගේම එය ඉටු කිරීම සඳහ මූලික නීති කිහිපයක් තිබිය යුතුයි. ඉන් එකක් තමයි දෙපාර්ශවයම ඇත්ත නැතිනම් සත්‍යය ප්‍රකාශ කිරීමයි.
එහෙත් ‘සත්‍ය සේ හැඟෙන’ හා ‘ව්‍යාජ පුවත්’ බහුල මෙවන් යුගයක ඉහත සාධ්‍යක් හෙවත් පූර්ව ප්‍රකාශයක්(truthiness) විකාරයක්ලෙස හෝ බොලඳ කතාවක් ලෙස පෙණී යා හැක. එහෙත් මිනිසුන් බොරු කියනේ අප සිතනවාට වඩා බොහෝ අඩුවෙන්. ඇත්ත වශයෙන්ම, සහජ නැතිනම් සුපුරුදු උපකල්පනය වන්නේ ඔබ හා කතා කරන පුද්ගලයා බොරු කියන්නේය යන්න නම්, සන්නිවේදනය අතිශය අපහසුවනු ඇත. ඔබ කියවා ඇතැයි ඔබ කියා සිටින සෑම පොතක්ම ඔබ ඇත්තටම කියෙව්වද, නැතහොත් ඊයේ රාත්‍රියේ ඔබ නැරඹූ වේ යයි කියන චිත්‍රපටය, ඇත්තටම නැරඹුවා ද යනාදී වශයෙන් මා ඔබට අභියෝග කරන්නේ නම් අපේ කතා බහ වැඩි දුර යා නොහැක.
සමහර විට “සත්‍යය සහජය” (“truth default.”) ලෙස හඳුන්වන දේ සඳහා පර්යේෂකයන් පර්යේෂණාත්මක සාක්ෂි සොයාගෙන ඇත. එක් අධ්‍යයන මාලාවක දී, ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න ඇගයීමට පර්යේෂකයන් විසින් සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටින ලදී. ඔවුන්ට ප්‍රකාශ සම්පූර්ණයෙන් සැකසීමට නොහැකි වන සේ ඇතම් විට සහභාගිවන්නන්ට බාධා ඇති වූයේය. මිනිස් අපගේ සහජ(සුපුරුදු) උපකල්පනය ලබා ගැනීමට මෙය පර්යේෂකයන්ට මගක් විය: පකාශ සත්‍ය දැයි සැකයක් ඇති විට, මිනිසුන් යොදා ගන්නේ සත්‍යය පිළිබඳ ඔවුන්ගේ සහජ හැඟීම ද? සහභාගිවන්නන්ට ප්‍රකාශ සම්පූර්ණයෙන් සැකසීමට නොහැකි වූ විට, ඔවුන් ඒවා(අසත්‍ය යැයි උපකල්පනය කිරීම වෙනුවට) සත්‍ය යැයි උපකල්පනය කිරීමට නැඹුරු වූ බව පෙනී යයි.
චෝදනා කිරීමට මැළිකමක්
වංචාකරුවන් හෝ ප්‍රයෝගකරුවන් කතාබහ ගැන ඇතම්විටක සැක පහළ වුවත්, එම වංචාකරුවන්ට හසුවන අය ඒ ගැන එළිපිට පෙන්වා දෙනු ඇතැයි සිතිය නොහැක.
සමාජ විද්‍යාඥ අර්වින් ගොෆ්මන්ගේ සම්භාව්‍ය න්‍යාය වන “එළියට පෙන්වන මුහුණ()” මගින් තර්ක කරනු ලබන්නේ වෙනත් අයෙකු(බොරු කියන්නේ යයි සෘජුවම නැතිනම් ‘මුහුණ’ට) අභියෝග කිරීමේ දී අපට අපහසුතාවයක් ඇතිවන බවයි. තමන් එකඟ නොවන දෙයක් කරන බව දුටු විට පවා, කිසිවක් පැවසීමට මිනිස්සු අකමැතිවෙති.
වෙනත් අධ්යයනයන් මෙම සංසිද්ධිය ගවේෂණය කර ඇත. අන් අයව ඇමතීමට ජාතිවාදී භාෂාව භාවිතා කිරීමට හෝ ලිංගික හිරිහැර කිරීමටතමන් එකඟ නොවන නමුත් එය ‘මුහුණට කීමට’ මිනිසුන් පසුබට වන බව ඉන් එක අධ්‍යනයක දී සොයා ගනු ලැබීය.

වංචා කරුවෙකු කතා කරන විට ඒවා ‘බොරු’ බව ඔබට හැඟි ගියත්, සෑම කෙනෙකුටම අපහසුතාවයක් ඇති කරනවාට වඩා, ඔබ නිහඬව සිටීමට පෙළඹෙනු ඇත.
සිදුවීම් පිළිබඳ අන් අයගේ පැහැදිලි කිරීම් විශ්වාස කිරීමට, සහ ඒවාට අනුකුල වීමට ඇති ප්‍රවණතාවය අවාසිදායක ලෙස පෙණී යා හැක. මෙම නැඹුරුවීම තුළින් වංචාකරුවන් හෙළිදරව් කළ හැකි බව ද ඇත්තකි. එහෙත් විශ්වාසය නොමැතිව සහයෝගීතාවයක් නොමැත; අන් අය සත්‍යය පවසන බව උපකල්පනය නොකර, සන්නිවේදනයක් නොමැත; තවද, මිනිසුන් ලෝකය හමුවේ පෙණී සිටින අන්දම එලෙසම පිළිගැනීමෙන් තොරව, සබඳතා ගොඩනඟා ගැනීමට පදනමක් නොමැත.
වෙනත් වචන වලින් කිවහොත්, කූට උපක්‍රමයකට ලක් වූ විට දෝෂයක් ලෙස පෙනෙන ලක්ෂණ, ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයෙකු වීම යන්නෙහි සාරය වේ.
The Conversation හී පළවන How scammers like Anna Delvey and the Tinder Swindler exploit a core feature of human nature යන ලිපිය ඇසුරෙනි