අපේ මුතුන් මිත්තන් ගැන 2022 දී දැන ගත් විස්මිත කාරණා

Posted by

අපේ මුතුන් මිත්තන් ගැන 2022 දී දැන ගත් විස්මිත කාරණා

අපගේ පැරණි ඥාතීන් (හෝමෝ සේපියන්ස් Homo sapiens – නූතන මිනිසා) දෙපයින් ඇවිදීමට පටන් ගත් මොහොතේ සිට  ඔවුන් ප්‍රථම වෛද්‍ය අංගච්ඡේදනයට් ලක්වන මොහොත දක්වා  අපේ මානව මුතුන් මිත්තන් ගැන  අපි 2022 දී අළුතින් දැන කියා ගත්  දේ.

මිනිසුන් අතිශය විවිධයි, නමුත් අපි හැමෝටම පොදු දෙයක් තියෙනවා: අපි හෝමෝ සේපියන්ස්ලා සහ  අප කාටත් ඇත්තේ එකම  පොදු මුතුන් මිත්තෙක්.  කෙසේවෙතත්, විද්‍යාඥයන් නව ඉඟි, හෝඩුවාවල්, සාක්ෂි සොයා ගන්නා විට මිහිපිට  අපගේ විශේෂය මතුවී, ලොව පුරා පැතිරී, එමෙන්ම ඒ අතරතුර  ක්‍රියා කළ ආකාරය පිළිබඳ කතාව තවමත් ඉස්මත්තට පැමිණෙමින් තිබේ. ඒ අතුරෙන් 2022 දී අපේ ආදිතමයන් ගැන අප ඉගෙන ගත් විස්මිත කරුණු 10 ක් සහ ඒවා  මනුෂ්‍යත්වයේ ගමන් මග පිළිබඳ අපගේ අවබෝධයට බලපාන ආකාරය මේ ලිපියට ඇතුලත්වේ.

1. ආදී මානවයා  ‘අප්‍රිකාවෙන් පිටතට’ සංක්‍රමණය වීම ගැන නව මතයක්

වසර මිලියන 1.5ක් පැරණි කශේරුකාවක් ඊශ්‍රායලයෙන් සොයාගැනීමෙන් ඉඟි කරන්නේ ආදී මානවයා අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වූයේ. එක ‍රැල්ලකට  රැලි කිහිපයකින් බවටයි. අස්ථිය අයත් වන්නේ කුමන මානව විශේෂයටද යන්න නොදනී: වර්තමානයේ ඇත්තේ එක් මානව විශේෂයක් පමණක් වුවද, හෝමෝ ගණයේ විශේෂ් ගණාවක්ම පැවතිණ. මීට පෙර අවස්ථාවක, පර්යේෂකයන් විසින් දැනට වඳ වී ගොස් ඇති මානව විශේෂයක් අවම වශයෙන් වසර මිලියන 1.8 කට පෙර හෝඅප්‍රිකාවෙන්  පිටව යුරේසියාවට පිටත් වූ බවට සාක්ෂි සොයාගන්නා ලදී.  නූතන මිනිසුන් වසර 270,000 කට පෙර අප්‍රිකාව හැර ගිය බවට සාක්ෂි තිබේ. දැන්, මෙම කශේරුකාව (මෙය ඊශ්‍රායලයෙන් මෙතෙක් හමු වූ පැරණිතම මිනිස් අස්ථියයි) සොයාගැනීමෙන් හෙළි වන්නේ මිනිසුන් අප්‍රිකානු මහාද්වීපයෙන් කිහිප වතාවක් පිටව ගොස් ඇති බවයි.

2. ග්‍රහලෝක ප්‍රමාණයේ පවුල් ගස

ඔබේම පවුල් ගසක් සකස් කිරීම කෙතරම් දුෂ්කර කාර්යක් දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ; දැන්, පර්යේෂකයෝ එම දුෂ්කර කටයුත්ත කිරීමට උත්සාහ කරමින් සිටිති: සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා පවුල් ගසක් සැකසීමට ඔවුන් උත්සාහ දරන්නේ සෑම කෙනෙකුම (එකිනෙකාට) සම්බන්ධ වන්නේ කෙසේදැයි සොයා බැලීමටයි. ඔවුන්ගේ විමර්ශනයේදී, විද්‍යාඥයෝ පුරාණ හා නූතන මිනිසුන්ගෙන් මෙන්ම අපගේ පැරණි මානව ඥාතීන්ගෙන් ද ඇතුළුව ලොව පුරා සිටින ජනකොට්ඨාශයන් 215 කින් දහස් ගණනක් වූ ජෙනෝම අනුක්‍රමණ(genome sequences) විමසා බැලූහ. පරිගණක ඇල්ගොරිතමයක් ජෙනෝම අතර ජානමය වෙනස්කම් දෙස බැලූ අතර, කවුරු කාගෙන පැවත් එන්නේ ද සහ කවුරු කාට ඥති සමබන්දකම් ඇත් ද,  බැලීමට හැකියාව කණ්ඩායමට ලබා දුන්නේය. මෙම මුතුන් මිත්තන් ජීවත් වූ ස්ථානය ආසන්න වශයෙන් පර්යේෂකයන් විසින් සන්නිකර්ෂණය කරන ලදුව මෙම යෝධ පවුල් ගස සඳහා සිතියමක් නිර්මාණය කරන ලදී.  අපේක්ෂා කළ හැකි පරිදි, ඒ සියල්ල ආපසු යොමුවන්නේ අප්‍රිකාවටමය.

3. දෙපයින් හිටගැනීම (වසර මිලියන 7 කට පෙර)

වඳවී ගිය Sahelanthropus නම් ආදී මානව විශේෂයක් ගමන් කළ ආකාරය පිළිබඳ කලාත්මක අර්ථකථනයක්. පොළව මත පමණක් නොව ගස්වල ද  සැරූ පැරණිතම මානව වර්ගයා අතර ද්විපාද චලනය බහු විය. රුක් පරිසරයක වෙනත් ආකාරයේ චලනයන් සමඟ සහජීවනයෙන් ක්‍රියා කරයි; ගෝරිල්ලන් සහ චිම්පන්සියන්ගේ චලනයට වඩා පැහැදිලිවම වෙනස් වන දැඩි අත් ග්‍රහණයන් සිවුපාද (quadrupedal ) සහිත චලනයන් ද භාවිතා කරයි.

අපේම දෙපා යොදාගනිමින් ඇවිදීම කවදටත් තරමක දස්කමක් වන අතර එය, වසර මිලියන 7කට පෙර අපේ මුතුන් මිත්තන්ට කිරීමට හැකිවූ දස්කමකි. වසර මිලියන 7ක් වයසැති, (බාගදා, මෙතෙක් දැන සිටින ආදිතම හොමිනින්(hominin) විශේෂය විය හැකි) Sahelanthropus tchadensis විශේෂයේ කලවා අස්ථියක් සහ අග්‍රබාහු යුගලයක් පර්යේෂකයන් අධ්‍යයනය කළ විට මෙම සොයා ගැනීම සිදු කරන ලදී. මානවයන්ගේ ඥාතියෙකුවන මේ විශේෂය, දෙපයින් අවිදිනවා සේම ගස් නැගීමද සිදුකළ බව සොයාගෙන තිබේ.  

4. යුරෝපයෙන් හමු වූ මානවයන්ගේ  පැරණිතම ඥාතියා

මෙම වසර මිලියන 1.4 ක් පැරණි හකු අස්ථිය ස්පාඤ්ඤයෙන් සොයා ගන්නා ලදී.

ස්පාඤ්ඤයෙන් හමුවූ වසර මිලියන 1.4 ක් පැරණි හකු ඇටක‍ටුව  යුරෝපයේ පැරණිතම මානව ඥාතියාට අයත් විය හැකි බව පර්යේෂකයන් සොයාගෙන ඇත. ඉහළ හකු අස්ථියේ මානව මුහුණේ පරිණාමීය රටාව විදහා දක්වන ලක්ෂණ ඇති අතර,  වානරයන් වැනි ප්‍රයිමේටාවන්ට වඩා නූතන මිනිසුන්ට එය සමීප බව ඉන් හැඟවේ. මෙම හකු අස්ථිය Homo antecessor අතර, මිනිස් පවුල් වෘක්ෂය තුළ එම විශේෂයට හිමි තැන මතභේදාත්මක නමුත් නූතන මානවයන්ගේ සහ නියැන්ඩර්තාල්වරුන්ගේ (Homo neanderthalensis)) ඥාති සහෝදරයෙකු විය හැකිය. මෙම සොයා ගැනීම සිදු කරන තෙක් යුරෝපයේ පැරණිතම මානව ඥාතියා ගේ කාල නිර්ණය කර ඇත්තේ වසා මිලියන1.2ක් ලෙසටයි.

5. අස්ථි නැවත සකස් කිරීම පරිණාමීය ඉතිහාසය නැවත ලියයි

එකිනෙකට වෙනස් Australopithecus කපාල 4ක්, දකුණු අප්‍රිකාවේ Sterkfontein ගුහාවලින් හමු වී ඇත. ඒව සහ තවත් Australopithecus ෆොසිල අඩංගු Sterkfontein ගුහා පිරවුම මීට වසර මිලියන 3.4 සිට 3.6 දක්වා කාලයකට අයත් වන බවට් කාල නිර්ණය කර ඇති අතර එය කලින් සිතුවාට වඩා බොහෝ පැරණි ය. දකුණු Australopithecus යනු නැගෙනහිර අප්‍රිකානු Australopithecus afarensis වයසින් බාල බවට දිගුකාලීනව පැවති විශ්වාසය නව දත්ත මගින් බිඳ දමනු ලැබේ.

පැරණි, මානවයන්ගේ වැනි ඇටකටු පිළිබඳ නව විශ්ලේෂණයකින් හෙළි වූයේ ඒවා කලින් සිතුවාට වඩා වසර මිලියනයකට වඩා පැරණි විය හැකි බව යයි පර්යේෂකයන් සොයා ගත්හ. නව කාල පරාසය – වසර මිලියන 3.4 සිට මිලියන 3.7 දක්වා පැරණි – දකුණු අප්‍රිකාවේ Sterkfonteinවලින් සොයා ගනු ලැබූ මෙම Australopithecus අස්ථි, මෙම විශේෂය මිනිසුන් ලෙස පරිණාමය වන්නට ඇති බවට ඇති මතයට පොහෝ දමයි. අවාසි වැඩි දියුණු කරයි. (Sterkfontein Australopithecus africanus අවශේෂයන් සඳහා ප්‍රසිද්ධ නමුත් අධ්‍යයනය කරන ලද අස්ථි මෙම විශේෂයට අයත් වේද යන්න පැහැදිලි නැත). නව සොයාගැනීම් සත්‍ය නම්,  මිනිසුන් ඇති වූ ආකාරය පිළිබඳ අපගේ අවබෝධය නැවත ලිවීමට ඒ නව දත්ත ඉහවහල් වියහැකිය: මේ ෆොසිල, වසර මිලියන 3.2 ක් පැරණි “Lucy” ෆොසිලයට වඩා පෙර කාලයකට අයත් වියයුතුය. Australopithecus afarensis විශේෂය අපගේ සෘජු මුතුන් මිත්තන් වීම සඳහා ප්‍රධාන තරඟකරුවෙක් විය හැකිය.

6. අග්නිදිග ආසියාවේ ජීවත් වූ අද්භූත මිනිස් ඥාතියෙක්

වසර 164,000 කට පෙර ජීවත් වූ ඩෙනිසෝවන්(Denisovans) දැරියකට අයත් විය හැකි ඉපැරණි චාර්වක දතක්(හක්කේ ඇඹරුම් දත් – molar) ලාඕසයේ පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදී.

ඩෙනිසෝවන් ගැන එතරම් දැනුමක් නැති නමුත් නියැන්ඩර්තාල්වරුන් මෙන්ම, ඔවුන් නූතන මිනිසුන්ගේ වඳ වී ගිය සමීපතම ඥාතීන් වේ. මෙම මානවයන්ට අයත්  පොසිල පවතින්නේ කිහිපයක් පමණකි. දකුණු සයිබීරියාවේ ඩෙනිසෝවා ගුහාව අනුව මේ විශේෂය නම් කර ඇති අතර, ඔවුන්ගේ මුල්ම ශේෂයන් හමු වූයේ ඩෙනිසෝවා ගුහාවෙනි. වසර ගණනාවක් පුරා වරින් වර ඔවුන්ගේ ඇටකටු චීනයෙන් ද සොයාගනු ලැබ ඇත. ලාඕසයෙන් වසර 164,000ක් පැරණි දතක් සොයාගැනීමෙන් හෙළි වන්නේ ඩෙනිසෝවන්වරුන් අග්නිදිග ආසියාවේ ද උණුසුම් හා තෙතමනය සහිත අඩු උන්නතාංශවල ජීවත් වූ බවයි.

තවත් නව සොයාගැනීම් හතරක් හෙට thathu.com වෙතින්. හෙට, ලිපියේ ඉතිරි කොටස නොවැරදීම කියවන්න.

Live Science හී පළවන 10 amazing things we learned about our human ancestors in 2022 නම් ලිපිය අසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.