බබාලා හැදෙන්නේ කොහොම ද?
Curious Kids සඳහා මේ ප්රශ්නය යොමු කර තිබුණේ 8 හැවිරිදි ගියාන්.එම වයසේ බොහෝ ලමයින්ට බිළිඳුන් සෑදෙන්නේ කෙසේද යන්න නිතර කල්පනාවට නැගෙන ප්‍රශ්නයක්. බාගදා මේ ප්‍රශ්නයට වෙනත් ප්‍රශ්නවලට මෙන් නොව වැදිටියො පැහැදිලි පිළිතුරක් නොදීම ඊට හැඉතුවක් වන්නට පුළුවන්.. එහෙත් එය වැදගත් ප්‍රශ්නයක් වන්නේ දරුවන් සෑදීම මිනිස් විශේෂ (සහ අනෙකුත් සතුන්) සිය වර්ගයා පවත්වා ගෙන යාමට ඉඩ සලසන බැවිනි.

ප්‍රථමයෙන් ශරීරයේ කොටස් හඳුනා ගනිමු
දරුවෙකු සෑදීමේ පළමු පියවර සිදු වන්නේ පිරිමියෙකුගේ ශරීරයේ ශුක්‍රාණුවක් (sperm) කාන්තාවකගේ ශරීරයෙන් ඩිම්බයක්(egg) සමඟ සම්බන්ධ වීමයි. මෙය සිදුවන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ශරීරයේ විවිධ කොටස් සඳහා නිසි නම් දැන ගැනීම ප්‍රයෝජනවත් වේ. එහිදි. මේ පින්තූර උදව් විය හැක.
මා ‘පුරුෂයෙකු’ යැයි කියන විට, මා අදහස් කරන්නේ ශිෂේණය ඍජු සහ වෘෂණ (සමහර විට අණ්ඩ කෝෂ ලෙස ද හැඳින්වේ) ඇති පුද්ගලයෙකුටය.
එලෙසම මා ස්ත්‍රියක් යැයි කී විට, මා අදහස් කරන්නේ ගර්භාෂයක් (a uterus දරුවා වැඩෙන තැන), යෝනි මාර්ගය (භගය – vulva) තුළ ඇති ගර්භාෂයට යන යෝනි මාර්ගය මාර්ගය) සහ ඩිම්බ කෝෂ(ovaries) ඇති අයෙකුටය.
කෙසේවෙතත්, සමහර විට, මෙම ශරීර කොටස්වල වෙනස්කම් සහිත පුද්ගලයෝ උපත ලබති. සමහර විට මෙම ශරීර කොටස් මිනිසුන් තමන් ගැන සිතන ආකාරය සමග නොගැලපේ.- පිරිමියෙකු හෝ කාන්තාවක් හෝ වෙනුවට ෂ්ෂ්ද්විමය නොවන පුද්ගලයෙකු වශයෙන් විය හැක.
ශුක්‍රාණු සහ ඩිම්බ පැමිණෙන්නේ කොයිබින්ද?
වැඩිවිය පැමිණීම හෙවත් යෞවනෝදය යනු ඔබේ ශරීරය වර්ධනය වීමට පටන් ගන්නා කාලය වන අතර, සාමාන්‍යයෙන් පශ්චාත් ප්‍රාථමික පාසලේ සහ ද්වීතීය පාසල් වසරවලදී, ළමයි දරුවෙකුගේ සිට වැඩිහිටියන් ලෙස පරිවර්තනය වේ. ශුක්‍රාණු පෙණුමෙන්, මදක් ඉස්ගෙඩියන් සේ පෙනෙන නමුත් ඒවා ඉතා කුඩා බැවින් ඔබට ඒවා බැලීමට නම් අන්වීක්ෂයක් අවශ්‍ය වේ. ඒවා මිනිසාගේ වෘෂණ කෝෂ වල සෑදෙන ඇති අතර ශුක්‍ර තරලයක් ලෙස නිකුත් වේ. පිරිමි ළමයෙක් වැඩිවිය පැමිණීමෙන් පසු, ඔවුන්ගේ වෘෂණ කෝෂ මගින් දිනකට ශුක්‍රාණු මිලියන ගණනක් නිපදවිය හැකිය.
බිත්තර කාන්තාවගේ ඩිම්බ කෝෂ වල ගබඩා කර ඇති අතර වැඩිවිය පැමිණීමෙන් පසු සාමාන්‍යයෙන් මසකට එක් බිත්තරයක් බැගින් නිකුත් වේ.
බිත්තරයක් නම් පියවි ඇසින් දැකීමට තරම් විශාලයි – ප්‍රමාණයෙන් එය වැලි කැටයක් තරම් (එහෙම වුණාට ඉතා කුඩායි!).
ශුක්‍රාණු සහ ඩිම්බ සම්බන්ධ වන්නේ කෙසේද?
ඉතින් කොහොමද ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වෙලා දරුවෙක් හදන්නේ? මෙය පිළිසිඳ ගැනීම(conception) ලෙස හැඳින්වේ.
පිළිසිඳ ගැනීම වඩාත් බහුලව සිදු වන්නේ කාන්තාවක් සහ පිරිමියෙකු ලිංගික සංසර්ගයේ යෙදෙන විටය. මෙයින් අදහස් කරන්නේ පුරුෂයාගේ ලිංගය කාන්තාවගේ යෝනි මාර්ගය තුළට ගොස් ශුක්‍රාණු පිටකිරීමයි. ශිෂේණයෙන් පිටතට පැමිණ ශුක්‍රාණු යෝනි මාර්ගයට යන අතර එක් ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සම්බන්ධ වන්නේ නම්, ඒ දෙක එකතු වී දරුවෙකු සෑදිය හැකිය (ඇත්ත වශයෙන්ම, මෙම අවධියේදී එය හැඳින්වේන්නේ කළලයක් ලෙසයි).
ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වී කළලයක් සෑදී එය ළදරුවෙකු බවට පත් වේ.

කළල රූපය ගර්භාෂය වෙත ගමන් කරයි, එය ඉදිරි මාස නවය තුළ, දරුවා ඉපදීමට සූදානම් වන තුරු එහි දී වර්ධනය වනු ඇත.
ළදරුවන් වෙනත් ආකාරවලින්ද පිළිසිඳ ගත හැකිය
සමහර පවුල්වල දරුවන් නොමැත. ඊට විවිධ හේතු තිබිය හැකිය. ඒ පවුලේ පුරුෂයාගේ ශුක්‍රාණුවල යම් දෝෂයක් හේතුවෙන් එම පවුලේ ස්ත්‍රියට දරුවෙකු පිළිසිඳ ගන්නට නොහැකි අවථා ද ඒ අතරවේ. එවිට ඔවුන්, (ශුක්‍රාණු දායකයෙකු ලෙස හැඳින්වෙන) වෙනත් පිරිමියෙකුගෙන් ශුක්‍රාණු ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට පුළුවන. වෛද්‍යවරයා, එම ශුක්‍රාණු එම ස්ත්‍රියගේ ගර්භාෂයේ තැන්පත් කරයි. මේ කාර්ය සඳහා IVF (in-vitro-fertilisation) නම් ක්‍රියාවලියක් ද ඇත. මේ ක්‍රියාවලියේ දී වෛද්‍යවරු පුරුෂයකුගේ ශුක්‍රාණුවක් සහ කාන්තාවකගේ ඩිම්බයක් ලබාගෙන ඒවා දීසියක මිශ්‍ර කර කළලයක් සාදති. එවිට වෛද්‍යවරයා විසින් කළල රූපය කාන්තාවගේ ගර්භාෂය තුළට ඇතුල් කිරීමෙන් පසුව වෙන බිළිඳන් මෙන් එහි(ගර්භාෂයෙහි) දිගටම වර්ධනය වේ.
හරි එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ?
බිත්තරය සහ ශුක්‍රාණුව එක් වී කළලයක් සෑදීමෙන් පසු කළලය මවගේ ගර්භාෂයට සම්බන්ධ වේ. වැඩෙන දරුවාට අවශ්‍ය සියලුම පෝෂණය සැපයීම සඳහා වැදෑමහ(placenta ) නමින් හැඳින්වෙන අවයවයක් සාදයි. දරුවා, මවගේ ගර්භාෂයේ සිටියදී පෝෂණය කරන එම වැදෑමහ, මෙහි දකුණු පසින් පෙන්වා ඇත. දරුවා ඉපදීමට සූදානම් වන විට, මවගේ ගර්භාෂයේ මාංශ පේශි හැකිලීමට පටන් ගෙන යෝනි මාර්ගය හරහා දරුවා පිටතට තල්ලු කරයි.

සමහර ළදරුවන් යෝනි මාර්ගය හරහා ආරක්ෂිතව පිටතට තල්ලු කළ නොහැකි අතර එවිට, සැත්කමක් මගින් ප්‍රසූතිය සිදු කළ යුතුවේ. මෙහිදී කරනු ලබන්නේ වෛද්‍යවරයකු විසින් මවගේ නාභියට පහළින්, සිසේරියන් කොටස හෝ C-කොටස (caesarean or c-section) ලෙස හඳුන්වන) කැපුමක් හරහා දරුවා මවගේ උදරයෙන් පිටතට ගනු ලැබේ. ශල්‍යකර්මය සිදුකිරීමේ දී වෛද්‍යවරයා, මවගේ පිටේ වේදනාව නැති කර ගැනීම සඳහා විශේෂ එන්නතක් ලබා දෙයි.
තවත් ප්‍රශ්න තිබේද? ළමයින්ට බොහෝ විට එසේ ඇසිය යුතු ප්‍රශ්න ඇත.
මෙම ලිපියේ සාකච්ඡා කර ඇති සමහර දේවල් ගැන දරුවන්ට ඇසීමට බොහෝ විට තවත් ප්‍රශ්න තිබිය හැකිය. සමහර ළමයින්ට තවත් බොහෝ දේ දැන ගැනීමට අවශ්‍ය වන අතර අනෙක් සමහර අයට ඇසීමට ඇත්තේ කරුණු කිහිපයක් පමණි.
ඔබට තවත් ප්‍රශ්න තිබේ නම්, අම්මා, තාත්තා හෝ ගුරුවරයෙකු වැනි වෙනත් විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමඟ කතාබස් කරන්න.
(තම දරුවාට කොපමණ ප්‍රමාණයක් පැහැදිලි කළ යුතුද යන්න පිළිබඳව දෙමාපියන්ට සමහරවිට අවබෝධයක්, විශ්වාසයක් නැත්නම්, ඒ සඳහා ඔවුන්ට හොඳ මූලාශ්‍රයක් මෙතනින් සොයාගන්න)
ගියාන්ට මෙම පිළිතුර සැපයූයේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ, සිඩ්නි වෛද්‍ය පාසලේ කතිකාචාර්ය Bianca Cannon
Curious Kids හී පළවී ඇති How are babies made? ලිපිය අසුරෙනි.