පෘථිවි ඕසෝන් ස්ථරය දශක කිහිපයකින් ‘සුව’ වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සොයා ගනී

Posted by

පෘථිවිය පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කරන බොහෝ වායුගෝලීය ස්ථරය 2040 වන විට ලෝකයේ බොහෝ ප්‍රදේශයක සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ ඇත

මානව වර්ගයා මුහුණ දෙන භයානකම පාරිසරික අනතුර වූ කලෙක පැවති පෘථිවි ඕසෝන් ස්ථරයේ සිදුර, ඕසෝන් ක්ෂය කරන ද්‍රව්‍ය ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජයන් ගන්නා තීරණාත්මක ක්‍රියාමාර්ගයෙන් පසු දශක දෙකක් ඇතුළත ලෝකයේ බොහෝ ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම පිරියම් කිරීමට සූදානම් වන බව එක්සත් ජාතීන්ගේ නව තක්සේරුවකින් හෙළි වී තිබේ.

වාර්තාවට අනුව, සූර්යයාගේ හානිකර පාරජම්බුල කිරණවලට මිනිසුන් නිරාවරණය කිරීමේ අවදානමක් ඇති ඕසෝන් ස්ථරයේ සිදුර, 2040 වන විට ධ්‍රැවීය ප්‍රදේශ හැරුණු විට ලොව පුරා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට නියමිතයි.  ධ්‍රැව ප්‍රදේශ සඳහා තව ටික කලක් ගතවනු ඇත – ඕසෝන් ස්ථරය 2045 වන විට ආක්ටික් ප්‍රදේශය හරහා සහ 2066 වන විට ඇන්ටාක්ටිකාව හරහා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පැමිණේ.

පෘථිවියේ ඕසෝන් ස්ථරයට හානි වීම පිළිබඳව 1980 ගණන්වල අනතුරු ඇඟවීමෙන් පසුව, 1989 මොන්ට්‍රියල් ප්‍රොටෝකෝලය ඉක්බිති ඕසෝන් ස්ථරය ක්‍රමයෙන් වර්ධනයවෙමින් පවතී. මෙම මොන්ට්‍රියල් ජාත්‍යන්තර ගිවිසුම,  ඕසෝන් ක්ෂය කරන ද්රාවක සහ ශීතකාරක(refrigerant) ලෙස භාවිත කරන ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (CFC – chlorofluorocarbons) වැනි රසායනික ද්‍රව්‍යවලින් 99% ක් ඉවත් කිරීමට උපකාරී වූයේය. 

ඕසෝන් ස්ථරය මත ගෙන ඇති ක්‍රියාමාර්ගය දේශගුණික අර්බුදයට වඩාත් මනරම් ප්‍රතිචාර දැක්වීමට ද හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය – CFC ද හරිතාගාර වායු වන අතර ඒවා, පාලනයකින් තොරව දිගින් දිගටම භාවිතා කිරීම සියවසේ මැද භාගය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් ඉහළ නංවනු ඇත්තේ ග්‍රහලෝක උණුසුම් කරන වායූන් තවමත් අඩු නොවන පසුබිමක දැනටමත් භයානක තත්වයක් තවත් නරක අතට හරවමිනි.

සෑම වසර හතරකට වරක් පවත්වනු ලබන ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රගති වාර්තාව සඳුදා (ජනවාරි 09) එළිදැක්වණු ලැබීය.  එම සංවිධානයේ මහලේකම් Petteri Taalas පැවසුවේ “ඕසෝන් සම්බන්ඩ්ගයෙන් ගන්නා ක්‍රියාමාර්ග,  දේශගුණික ක්‍රියාකාරකම් සඳහා පූර්වාදර්ශයක් සපයයි යනුවෙනි. “ඕසෝන් වනසන රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමේ දී අපගේ සාර්ථකත්වය අපට පෙන්වා දෙන්නේ ෆොසිල ඉන්ධන වලින් ඉවත් වීමට, හරිතාගාර වායු අඩු කිරීමට සහ උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට හදිසි අවශ්‍යතාවයක් ලෙස කළ හැකි හා කළ යුතු දේ අපට පෙන්වා දෙයි.”

“CFC සම්බන්දයෙන් ක්‍රියා කිරීම පිණිස ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරය යන්නෙන් අදහස් කරන්නේ, මොන්ට්‍රියල් ගිවිසුම “ඉතිහාසයේ වඩාත්ම සාර්ථක පාරිසරික ගිවිසුම ලෙස සැලකිය යුතු අතර ලෝකයේ රටවල්වලට එකට එකතු වී ප්‍රතිඵලයක් තීරණය කර ඒ පිළිබඳව ක්‍රියා කළ හැකි බවට දිරිගැන්වීමක් ද  සපයන්නේය යන්න”  බව යයි ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ විද්‍යාඥයෙකු හා නව තක්සේරුවේ ප්‍රධාන කතුවර David Fahey කියා සිටියි

ප්‍රගතිය සැමවිටම සුමට නොවේ – 2018 දී විද්‍යාඥයින් CFC භාවිතයේ ඉහළ යාමක් අනාවරණය කර ගත් අතර, ඊට වගකිවයුත්තේ  චීනය බව සොයාගෙන  අවසානයේ  අවශ්‍ය පිළියම් යෙදිණ. මේ අතර,  CFC වෙනුවට වෙනත් කාර්මික රසායනික ද්‍රව්‍ය කාණ්ඩයයක් වන හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන් (HFC – hydrofluorocarbons) ගැටළු සහගත  වූයේ HFC  හරිතාගාර වායු වන බැවිනි. ඒවායේ  භාවිතය පලනය කිරීමට තවත් ජාත්‍යන්තර ගිවිසුමක් අවශ්‍ය වූ අතර ඒ ගිවිසුවුමට එළඹියේ රුවන්ඩා අගනුවර කිගාලි හී දීය.

වසර 21ක කාලයක් පුරා චන්ද්‍රිකා ඡායාරූප පෙළක, ඇන්ටාක්ටිකාවට ඉහළින් ඇති ඕසෝන් ස්ථරයේ සිදුර දක්නට ලැබේ. (ඡායාරූපය: රොයිටර්)

CFC සම්බන්ධයෙන් පියවර ගැනීමේ දී ලෝකයා වේගවත්ව ක්‍රියාත්මක වුවද, (එම) රසායනික ද්‍රව්‍ය තවත් සියවසක පමණ කාලයක් වායුගෝලයේ පවතියි. “එය හරියට තීන්ත වියළී යන තෙක් බලා සිටීම හා සමානයි, ඔබට ස්වභාවධර්මය එහි කාර්ය ඉ‍ටු කරමින්  මෙම රසායනික ද්‍රව්‍ය ඉවත් කරන තෙක් බලා සිටිය යුතුයි,” Fahey වැඩිදුරටත් කියා සිටියි.

කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු සම්බන්ධයෙන් ඇති අභියෝගය ඊටත් වඩා විශාල වන අතර, ඒ, ඒවා වායුගෝලයේ බොහෝ කාලයක් පවතින බැවිනි. සමාගම් අතලොස්සක් විසින් නිෂ්පාදනය කරන ලද CFC මෙන් නොව, පොසිල ඉන්ධන වලින් නිකුත් වන විමෝචනය වඩාත් පුළුල් ලෙස පැතිරී ඇති බවත්  සහ සමාජයන්හි සෑම ක්‍රියාකාරකමකම පාහේ ඉඑවා සම්බන්ධ බවත් Fahey පෙන්වා දෙයි.

“CO2 (වායුගෝල්යෙහි) දිගු කාලයක් පැවතීම සැලකිල්ලට ගන්නා විට අභියෝගයේ තරම හිතා ගත හැකියි” යනුවෙන් පවසන Fahey දක්වන්නේ “පොසිල ඉන්ධන දහනය කිරීම නැවැත්වීමට මේ මිහිතලය මත සැම කෙනෙකුම යොමු කරවා ගැනීම   අතිශය විශාල අභියෝගයකි” යනුවෙනි.

ඕසෝන් ස්ථරය කෙරෙහි සූර්ය භූ ඉංජිනේරු විද්‍යාවේ ඇති විය හැකි බලපෑම පිළිබඳව මුලින්ම සොයා බලා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මේ නවතම ප්‍රගති වාර්තාවයි. මෙය යෝජිත දේශගුණික මැදිහත්වීමක් වන අතර එමගින් යෝජනා කරන පරිදි, සල්ෆර් වැනි පරාවර්තක අංශු වායුගෝලයට විශාල වශයෙන් ඉසිනු ලැබෙන අතර එය  සූර්යාලෝකය අපගමනය(deflect) කිරීමට සහ එම නිසා ගෝලීය උණුසුම අඩු කිරීමට මග පාදතැයි අපේක්ෂිතයි.

මතභේදාත්මක භාවිතයට ගෝලීය උෂ්ණත්වය අඩු කිරීමේ හැකියාව ඇති නමුත් “ඕසෝන් මත බලපෑම් ඇතුළුව අනපේක්ෂිත ප්රතිවිපාක” ඇති කළ හැකි බව එක්සත් ජාතීන්ගේ වාර්තාව සොයා ගෙන ඇති අතර එ. ජ. ආණ්ඩුව (ඒ ගැන) පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වේ. කෙසේවෙතත්, මෙම භාවිතය “ඕසෝන් ස්ථරය කෙරෙහි ඇති කළ හැකි බලපෑම ඇතුළුව බලාපොරොත්තු නොවන විපාක ගෙන ආ හැකි නමුත්, “දැනට ඇති දැනුමේ බොහෝ හිඩැස් සහ අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මේ අවස්ථාවේ වඩා ප්‍රබල ඇගයීමක් සිදුකිරීම වැළැක්වේ”.

Fahey පවසන්නේ “අපරිවර්තී ගෝලයට (stratosphere)  සල්ෆර් විශාල ප්‍රමාණයක් එකතු කිරීමෙන්  ( අඩුවීම  බොහෝ විට 10% ට වඩා අඩු විය හැකි නමුත්) ඕසෝන් අඩු කළ හැකි අතර ඕසෝන් ස්ථරයේ “කඩා වැටීමක්” ඇති නොවන බවයි.

“මෙවැනි දේශගුණික මැදිහත්වීම් සංවේදී විෂයයන් වන්නේ ඒවා හුදෙක් විද්‍යාවට අදාලවෙනවාට වඩා ආචාර ධර්ම සහ ආණ්ඩුකරනය සමග පැටලී ඇති බෝලයක් වන නිසා” යයි පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ “කෙසේ වෙතත්,  ප්‍රමාණවත් තරම් සල්ෆර් වායුගෝලයට දැමුවහොත් ඕසෝන් සඳහා ප්‍රතිවිපාක ඇති වනු ඇති අතර එය නොවැළැක්විය හැකි වනු ඇත. ” යනුවෙනි.

2023 ජනවාරි 09දා The Guardian පුවත්පතේ පලවී ඇති Earth’s ozone layer on course to be healed within decades, UN report finds නම් ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.