ශාකවලට දැකීමෙ හැකියාව තිබෙනවා ද ?

Posted by

ශාකවලට පෙණීම තිබෙනවා ද ?

පිළිතුර ගැන විද්‍යාඥයන් අතර තවමත් පැහැදිලි එකඟතාවක් නොමැත.  බොහොඬා වැල්  ලෙස හඳුන්වනු ලබන Boquila trifoliolata ප්ලාස්ටික් කොළ අනුකරණය කරන බව කුඩා නියමු අධ්‍යයනයකින් හෙළි වී ඇති නමුත්  ප්‍රවීණයන් පවසන්නේ  අධ්‍යයන සැලසුම්  දුර්වලතා ඇතුළු වෙනත් සාධක නිසාවෙන් සැක සංකා ඇති බවයි.

thathu.com මෙම් ලිපිය පල කරන්නේ නියමු අධ්‍යනයේ සොයා ගැනීම් පමනක් සැලකිල්ලට ගැනීමට නොව විද්‍යාඥයන් ක්‍රිය කරන අන්දම ගැන අවබෝධයක් සැපයීමටයි.

වැල තනිව වැඩෙන විට පත්‍ර දිස්වන ආකාරයවම් පැත්තේ ඇති trifoliolata පත්‍රය දක්වයි; දකුණු පස ඇත්තේ ප්ලාස්ටික් කොළයක් අනුකරණය කළ පත්‍රයකි. (අනුග්‍රහය:Felipe Yamashita)

Boquila trifoliolata වැල, එහි පත්‍රවල හැඩය මාරු කරන ශාකයකි. Boquila trifoliolata වැල්, චිලී වැසි වනාන්තරයේ ගස් සහ අනෙකුත් වෘක්ෂලතාදිය දිගේ එතෙමින් වැඩෙන විට, එහි පත්‍ර ආධාරක සඳහා එය භාවිතා කරන ශාකවල පත්‍ර වලට මෙන්ම, සමහරවිට එයට සම්බන්ද නැති අසල්වැසි ශාක පත්‍ර වලට සමාන වන පරිදි වෙනස් වේ.  එය වෙනත් ශාක අනුකරණයේ කොතරම් දක්ෂ කාර්යයක් ඉ‍ටුකරන්නේ ද යත්, 1800 ගණන්වල මේ වැල ගැන ප්‍රථම වරට විස්තර කළද, එහි වෙස් වළා ගැනීමේ දක්ෂතාවය දශකයකට පමණ පෙර වනතෙක් රහසක්ව පැවතුනි. 2010 ගණන්වල මුල් භාගයේදී, චිලියේ ලා සෙරීනා විශ්ව විද්‍යාලයේ ශාක පරිසර විද්‍යාඥයෙකු වන Ernesto Gianoli, ගසකින් අමුතු පෙනුමක් ඇති දණ්ඩක් ලෙස පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම Boquila trifoliolata වැලක් වන අතර, වැලේ පත්‍ර, ගසේ  කොළ සමග මනාව ගැළපෙන බව බව වටහා ගත්තේය.   ඔහු එය දැකීමෙන් අනතුරුව තවදුරටත් විමර්ෂණය කරද්දී, පත්‍රවල ප්‍රමාණය, හැඩය සහ වර්ණය වෙනස් කරමින් සියලු වර්ගවල ශාක අනුකරණය කරන වැල් — මේ වන විට විශේෂ 20කට වඩා වැඩි ප්‍රමාණයක් — හඳුනා ගැනීමට සමත් විය.

Boquila trifoliolata පත්‍ර, ඒවා අනුකරණය කරන බව පෙනෙන පත්‍ර අසල වනයේ දි එකට ඡායාරූප ගත කර ඇත. අනුකාර්ක භොqඋඉල ට්‍රිෆොලිඔලට පත්‍රයත්, සැබෑ පත්‍රයත් වෙන්කොට හඳුනාගන්න ඔබට පුලුවන්ද? වමේ සිට දකුණට වරහන් තුළ දළ වශයෙන් ප්‍රමාණය සහිත රූපවල ඇති අනෙකුත් විශේෂ: Eඋච්ර්ය්ඵිඅ චොර්ඩිෆොලිඅ (මි.මී. 60), ර්‍හඵිතම්නුස් ස්පිනොසුස් (මි.මී. 20) සහ ඹ්ය්ර්චෙඋගෙනිඅ ප්ලනිපෙස් (මි.මී. 50). [අර්නස්ටෝ ගියනෝලි]

Gianoli, 2014  Current Biology හී පළවූ පත්‍රිකාවක ඔහුගේ සොයාගැනීම් වාර්තා කළ නමුත් අද දක්වාම, B. trifoliolata එහි ආකර්ෂණීය වෙස් මාරුව සිදුකරන්නේ කෙසේදැයි කිසිවෙකුට නිශ්චිත නැත. Gianoli මුලදී අනුමාන කළේ වැල් , ඒවා විසින් අනුකරණය කරනු ලබන  ශාක වලින් යමක් ලබා ගන්නා බවයි — සමහර විට වාෂ්පශීලී රසායනික ද්‍රව්‍ය,  හෝ වැල් වල පත්‍ර වර්ධනයට උපකාරී වන ජානමය ද්‍රව්‍ය කියමුකො. අනුකරණය කරන වැල් සහ ඒවායේ ආකෘති අතර ක්ෂුද්‍රජෛවදර්ශ(microbiome) සමානකම් ඉතා මෑතකදී  සොයා ගත් අතර, බැක්ටීරියා සම්බන්ධ විය හැකි බවට ඉන් ඉඟි කෙරිණ. එහෙත්, පසුගිය වසරේ Plant Signaling and Behavior ජර්නලයෙහි අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක, පුරවැසි විද්‍යාඥ(citizen scientist) Jacob White සහ බොන් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක Felipe Yamashita  කියා සිටින්නේ වෙනත් උපකල්පනයක් හෙවත් උපන්‍යාසයක් සඳහා සාක්ෂි සොයාගෙන ඇති බවයි: අවම වශයෙන්  (අනුකරණය කරණු ලබන ශාක පත්‍රවල) පෙනුම පිටපත් කිරීමට ප්රමාණවත් තරමින් හෝ වැල්වලට එම අනෙකුත් ශාකවල පත්‍ර”දැකිය” හැකි බවයි.

සමහරුන්ට මෙම පර්යේෂණ පත්‍රිකාවෙන් ඉදිරිපත් කෙරුණු මතය ප්‍රමෝදජනක විය. Faculty Opinions වෙබ් අඩවියෙහි එය, “සුවිශේෂී”යනුවෙන් නිර්දේශ කරන ලදී. මෙම වෙබ් අඩවිය, ජීව විද්‍යාවන්හි තෝරාගත් ප්‍රවීණයන් කැපී පෙනෙන, උසස් තත්ත්වයේ පත්‍රිකා උද්දීපනය කර දක්වනන වෙබ් අඩවියකි. විශාල ප්‍රේක්ෂක පිරිසක් නැරඹු  මෙම සොයාගැනීම් පිළිබඳ විශාල ප්‍රේක්ෂක පිරිසක් නැරඹු TikTok වීඩියෝවකින් ද, මෙයට් විශාල ප්‍රසිද්ධියක් ලැබිණ. 

කෙසේවෙතත්,  සමහර පර්යේෂකයෝ අනතුරු ඇඟවීම් කළහ. “මෙය දුර්වල ලෙස සැලසුම් කරන ලද අත්හදා බැලීමක් මත පදනම් වූ දැඩි දෝෂ සහිත ලිපියක් වන අතර ප්රතිඵල අර්ථ නිරූපණය කිරීමේදී සැලකිය යුතු මට්ටමින් කර්තෘගේ පක්ෂග්රාහීත්වය පිළිබිඹු කරයි” යනුවෙන් මෙම වසර මුලදී බ්ලොග් සටහනක් තබමින් වෘක්ෂ වෛද්‍ය Linda Chalker-Scott ලිවීය.

පර්යේෂණය ගැන The Scientist  සමඟ කතා කළ විශේෂඥයන් ද, අධ්‍යයනය ගැන මේ අන්දමින්ම  “රතු කොඩි” එසවූ අතර අධ්‍යනයේ ප්‍රකාශන ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශ්න නගා ඇත. මේ අතර,  අධ්‍යන පත්‍රිකාව,  ශාකවලට් පෙණීම තිබීම හෝ B. trifoliolataහී අනුකරණ හැකියාව පිළිබඳ කිව යුතු සියල්ල අඩංඟු වාර්තාවක් ලෙස කිසි විටෙකත් අදහස් නොකළ බව පෙන්වා දෙන  අධ්‍යයනයේ කතුවරුන් සහ හසුරුවන කතුවරයා ඔවුන් පවසන්නේ පත්‍රිකාවෙන් පළවන අදහස්වලින් ඔවුන් බැහර නොවන බවයි.

කෙසේවෙතත්, සියලු දෙනාම එකඟ වන එක් දෙයක් ඇත — එ නම්,  මෙම වැල් සුවිශේෂී බවයි; ඒ වාගේම මේ වැල් ඒවායේ අනුකරණයන් සිදු කරන ආකාරය අවබෝධ කර ගැනීම, ශාක ක්‍රියා කරන ආකාරය පිළිබඳ අපගේ අවබෝධය වෙනස් කරනු ඇති බවයි.

පුරවැසි විද්‍යාඥයෙක් සහ නිර්භීත කල්පිතයක්

Jacob White විද්‍යාව සහ ශාක කෙරෙහි දැඩි ඇල්මක් ඇති නමුත් විධිමත් විද්‍යාත්මක පුහුණුවක් නොමැති Utah හි ගෘහ නිර්මාණකරුවෙකි.  බොහෝවිට පළිබෝධකයක් ලෙස සැලකෙන, පිරිසිදු ජලයෙහි හා තෙත් පසෙහි සරුවට වැඩෙන අල්ගී වර්ගයක් වන Chlamydomonas ඇල්ගී හි අක්ෂි ලප සහ ඇතැම් සයනොබැක්ටීරියා වල කාච වැනි සෛල ගැන පොත පතෙහි කියවීමෙන් පසු නව අධ්‍යයනය සඳහා අදහස ලැබුණු බව White පවසයි.  ඒ හා සමාන ප්‍රාථමික මට්ටමේ පෙණුමක් සියලුම ශාකවලට පොදුවේ තිබිය හැකිදැයි තමා කල්පනා කළ බව ඔහු පවසයි. ඉන් අනතුරුවයි ඔහුට  ශාකවලට ඇස් වැනි ව්‍යුහයක් ඇති බව හැඟවීමක් කෙරෙමින් බොන් විශ්ව විද්‍යාලයේ ශාක කායික විද්‍යාඥ František Baluška  සහ ෆ්ලෝරන්ස් විශ්ව විද්‍යාලයේ ශාක ස්නායු ජීව විද්‍යාඥ Stefano Mancuso විසින් 2016 දී  සිදුකරන ලද කුඩා සමාලෝචනයක්  හමු වී ඇත්තේ.  වැඩි විස්තර දැනගැනීමේ ආශාවෙන්   ලිපිය කියවා බැලීම සඳහා ඩොලර් 40 කට ආසන්න ගාස්තුවක් අමාරුවෙන් ගෙවීමට තමන්ට සිදුවූ බව  White, The Scientist  වෙත පවසයි.

එම ලිපියෙහි, ඔහු උද්භිද විද්‍යාඥ Gottlieb Haberlandt 1905 ඉදිරිපත් කළ උපකල්පනය ගැන කියෙව්වේය. පත්‍රවල ඉහළ අපිචර්මීය(epidermal) සෛල සරල ඇස් (ocelli) ලෙස ක්‍රියා කළ හැකි බව මෙන්ම B. trifoliolata ශාකයේ ස්පර්ශ රහිත අනුකරණය ගැන ඉන් ඔහුට දැන ගත හැකි විය. (ඉහත දැක්වූ) සමාලෝචන කතුවරුන් යෝජනා කර සිටියේ වැල්වලට, ඒවායේ අසල්වැසි ශාක ‘දැකීමෙන්’ අනුකරණය පහසු විය හැකි බවයි. මේ සම්බන්දයෙන් පසු විපරම් අත්හදා බැලීම් කර ඇත්දැයි මෙන්ම  ශාකවල පෙනීම සහ විශේෂයෙන් අනුකරණය කරන වැල්වල පෙනීම සම්බන්ධයෙන් පරීක්ෂණ  කරන කිසිවෙකුත් ඇත්දැයි White සොය බැලීය.  එහෙත් කිසිවකුත් එම අදහස ගැන ක්‍රියාශීලීව සොයා බැලූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

ශාක පත්‍රවල අඩුපාඩු

Gianoli පවසන්නේ පත්‍රිකාව සමපදස්ථ සමාලෝචනය කිරීමට(peer review) තමාව සම්බන්ධ කර නොගත් බවයි  —  ඒ කාරණාව ඔහු දැන් දකින්නේ අනතුරු හැඟවීමක සේයාවක් ලෙසය. මන්ද හෙතෙම, වැල පිළිබඳ ප්‍රමුඛතම ප්‍රවීණයන්ගෙන් කෙනෙකු වන හෙයිනි. ඔහුගේ මතය අනුව, එම පත්‍රිකාව “කිසිදා ප්‍රකාශයට පත් නොකළ යුතුව තිබුණි.”

බොහෝ ව්‍යාකරණ වැරදිවල සිට, සැබෑ සහ ව්‍යාජ ශාක එකට තබා දැක්වෙන  රූප නොමැතිකම දක්වා, පර්යේෂණාත්මක සැලසුමේ බරපතල ගැටළු ලෙස ඔහු පවසන දේ දක්වාත්, ඔහු කෘතියේ බහු දෝෂ උපුටා දක්වයි. “ඔවුන්, ඔවුන්ගේ අත්හදා බැලීම නිවැරදිව සිදු කළේ නම්, මම ‘ෂා! සමහර විට මට මගේ අදහස් ගැන නැවත සිතා බැලීමට සිදු වේ’ යයි කියන්න තිබුණා,” Gianoli පවසයි. එනමුත් බොහෝ ව්‍යාකූල විචල්‍යයන් එහි අඩංඟුය.

මෙම පත්‍රය “තහවුරු කිරීමේ නැඹුරුව(confirmatory bias) පිළිබඳ පෙළපොතක් බඳුයි”  Gianoli පවසයි, “විද්‍යාඥයන් ඔවුන්ගේ කල්පිතයට වසඟ වුනා. . . . කෙනෙකු සිය  කල්පිතයට වසඟ වූ පසු,  සිය දැක්ම වලංගු කිරීමට එම තැනැත්තා පද්ධතිවලට බල කරයි”.

Lausanne විශ්ව විද්‍යාලයේ ශාක පරිණාමීය ජීව විද්‍යාඥ John Pannel, වැල් අනුකරණය සඳහා පිළිගත හැකි යාන්ත්‍රණයක් ලෙස සැලකූ දේ එහි නොමැති බව සඳහන් කරමින්, Gianoli ගේ මුල් B. trifoliolata පත්‍රිකාව ගැන තරමක් විවේචනාත්මක විවරණයක් ලියූ අයෙකි.   Pannel, White ගේ පර්යේෂණාත්මක සැකසුම සම්බන්ධයෙන් සමාන සැලකිල්ලක් දක්වයි. ව්‍යාකූල සාධක නිසා අත්හදා බැලීමෙන් කිසිදු නිගමනවලට එළඹීම “සම්පූර්ණයෙන්ම කළ නොහැක්කකි” යනුවෙන් ඔහු පවසයි.

පිළිතුර කුමක් වුවත්, පර්යේෂකයන්ට Boquila trifoliolata වැළෙහි අනුකරණ යාන්ත්‍රණය අනාවරණය කර ගත හැකි නම්, ඔවුන්ට  ශාක ජීව විද්‍යාවේ දැනට නොදන්නා මූලික යමක් සොයා ගැනීමට හැකි වෙනු ඇත,” යනුවෙන් The Scientist සමඟ කතා කළ ප්‍රවීනයො දක්වති.

“අපි ශාක විද්‍යාවේ විශාල විප්ලවයක් හරහා ගමන් කරමින් සිටින බව මම විශ්වාස කරනවා,” White පවසයි. “සැබැවින්ම ශාක කෙතරම් විශ්මයජනකද යන්න පෙන්වන නව ලිපි සෑම දිනකම එළියට එයි, මට එහි කොටසක් වීමට හැකි වීම ගැන මම ආඩම්බර වෙමි.”

“සංවිධානාත්මක ජීවීන්ගේ තත්වයට ශාක උසස් කිරීමට තමා කැමැති වන බව ඩාවින් වරක් පැවසුවා,” White තවදුරටත් පවසයි, ” එයාට දැන් ඒ ගැන කොහොම හැඟෙයිද කියලා මට හිතාගන්න පුළුවන්.”

The Scientist හි පළවන Can Plants See? නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.