ක්ෂීරපථ වස්තූන් බිලියන 3.3 ක්, තාරකා විද්‍යාත්මක නව සමීක්ෂණයකින් හෙළිවෙයි

Posted by

More matter added to yesterday’s post

මහාභිලාෂී නව සමීක්ෂණය,  ක්ෂීරපථයේ මන්දාකිණි තලය, අප විශ්මයට පත්කරන තර්ම්රමින් සවිස්තරාත්මකව පෙන්වයි.

මේ දැවැන්ත ඛගොලමය කැටලොගය හෙවත් සවිස්තරාත්මක සටහන (මෙය, සමහර විට එම වර්ගයේ විශාලතම එක විය හැකියි), ගොඩ නගන ලද්දේ චිලියේ පිහිටි,  Cerro Tololo අන්තර්-ඇමරිකානු නිරීක්ෂණාගාරයේ අඥාත ශක්ති කැමරාව (Dark Energy Camera) මගින් ලබා ගන්න ලද නව දත්ත උපයෝගී කර ගනිමිනි.  මේ නිරීක්ෂණාගාරයේ මෙහෙයුම්කටයුතු සිදු කරනු ලබන්නේ එක්සත් ජනපද ජාතික විද්‍යා පදනම (U.S. National Science Foundation) විසිනි.

“බිලියන තුනකට වඩා වැඩි පිරිසකගේ සමූහ ඡායාරූපයක් ගත්තැයි කියලා සිතන්න, නිකමට හිතන්න ඉන්න අය තනි තනිව ඒ  සෑම පුද්ගලයෙකුම හඳුනාගත හැකියි කියලා. පුදුමයි!” එක්සත් ජනපද ජාතික විද්‍යා පදනඑහි (NSF)  තාරකා විද්‍යා අංශයේ අධ්‍යක්ෂ Debra Fischer,  ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියි, ” ක්ෂීර පථයේ ඇති මෙම තරු බිලියන තුනකට වැඩි ප්‍රමාණයක සවිස්තරාත්මක කැටලොගය ඉදිරි දශක ගණනාවක් යනතුරු විමසිල්ලෙන් හා මහත් උනන්දුවෙන් පරිශීලනය කරනු ඇති”.

මෙම රූපයෙන් පෙන්නුම් කරන්නේ චිලී හි අඥාත බල කැමරාව මගින්  සිදු කරන ලද ක්ෂීරපථය පිළිබඳ නව සමීක්ෂණයක කුඩා කොටසක් පමණක් වන අතර එමගින් ඇදහිය නොහැකි අන්දමින් වස්තූන් බිලියන 3.32 ක් අනාවරණය කර ඇත.(අනුග්‍රහය: DECaPS2/DOE/FNAL/DECam/CTIO/NOIRLab/NSF/AURA; රූප සැකසීම: M. Zamani & D. de Martin (NSF’s NOIRLab))

අපේ ක්ෂීරපථය මන්දාකිනි තරු බිලියන සිය ගණ්නක් මෙන්ම තරු උප්පත්තිය ලබන ප්‍රදේශ විශාල සංඛ්‍යාවක් සහ වායු හා දූවිලි දවැන්ත  වලාකුළු වලින් ගහන වේ. එවැනි වස්තූන් ලැයිස්තුගත කිරීම දැවැන්ත කාර්යයක් වන නමුත්, නව නාමාවලිය — DECaPS2 ලෙස හැඳින්වෙන Dark Energy Camera Plane Survey වෙතින් දෙවන දත්ත නිකුත් කිරීම — පිටුපස සිටින කණ්ඩායම සාර්්‍යහකව අභියෝගයට මුහුණ දුන්හ.

පර්යේෂකයන්  ක්ෂීරපථයේ තලය, ප්‍රකාශ(optical) සහ ආසන්න අධෝරක්ත තරංග ආයාමයන්ගෙන් නිරීක්ෂණය කරන ලද අතර, අපගේ මන්දාකිනියේ මෙම කලාපය පෙර නොවූ විරූ ලෙස විස්තරාත්මකව අනාවරණය කර ගැනීමට ඔවුහු සමත්වූහ.  Dark Energy Camera මගින් දකුණු අහසේ වෙන වෙනම නිරාවරණ 21,400 කින් නිපදවන දත්ත ටෙරාබයිට් 10 කට වඩා යොදාගනිමින් මෙම නාමාවලිය සම්පූර්ණ කිරීමට වසර දෙකක් ගත වූ  බව කණ්ඩායමේ සාමාජිකයෝ පැවසූහ.

“DECaPS2 හි සාර්ථකත්වයට එක් ප්‍රධාන හේතුවක් නම්, අප හුදෙක් අසාමාන්‍ය ලෙස තාරකා ඉහළ ඝනත්වයක් ඇති කලාපයක් වෙත යොමු කිරීම වාගේම තරු සහ එකිනෙක මත පිහිටියා පාහේ දිස්වන මූලාශ්‍ර හඳුනාගැනීම ගැන ප්‍රවේශමෙන් ක්‍රියා කිරීම,” යයි නව ප්‍රතිඵල නිවේදනය කරමින්, අධ්‍යයනයක ප්‍රධාන කතුවරයා වන Andrew Saydjari බදාදා (ජන. 18) NSF විසින් නිකුත් කරන ලද පෙර කී ප්‍රකාශයේම සඳහන් කරයි.

“නිරීක්‍ෂණය කරන ලද වස්තු සංඛ්‍යාව අනුව එකම කැමරාවකින් එවැනි විශාලතම නාමාවලියක් නිපදවීමට එසේ කිරීමෙන් අපට හැකි විය,” හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු  සහ තාරකා භෞතික විද්‍යාව පිළිබඳ Harvard-Smithsonian මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු ද වන Saydjari පැවසීය.

ක්ෂීරපථයේ තරු සහ දූවිලි බහුතරයක් පිහිටා ඇත්තේ මන්දාකිණි තලයේ වන අතර එය අලුතින් නිකුත් කරන ලද Dark Energy Camera රූපවල මධ්‍යයේ දීප්තිමත් පටියක් ලෙස පෙනේ. තරු සහ දිදුලන දූවිලි වල මෙම බහුලතාව දර්ශනීය ඡායාරූප සඳහා දායක වන අතර, මන්දාකිණි තලය නිරීක්ෂණය කිරීම අභියෝගයට ලක් කළ හැකිය.

මෙම රූපවල දැකිය හැකි අඳුරු වායු සහ දූවිලි සුළිවැල්, තරු ආලෝකය අවශෝෂණය කරන අතර, දුබල ආලෝක්යක් සහිත තරු  සම්පූර්ණයෙන්ම අවහිර කරයි.

මේ අතර, ඝන සහ සිසිල් තරු උපදවන  නිහාරිකා(nebulas) වල  ආලෝකය, තනි වස්තූන්ගේ දීප්තිය මැනීමට දාන උත්සාහයන් වලට බාධා කරයි. මීට අමතරව, විශාල තාරකා ගහනයෙන් අදහස් වන්නේ අපගේ මන්දාකිනියේ මන්දාකිණි තලයේ රූපවල තරු අතිච්ඡාදනය වන අතර එමඟින් තනි තරු, ඒවායේ අසල්වැසියන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර වේ.

සැලකිය යුතු මට්ටමක පැවතියත් මෙම අභියෝග, ආසන්න-අධෝරක්ත කිරණ හරහ  මන්දාකිණි තලය දෙස බැලීමෙන් ජයගත හැකිය. මෙම තරංග ආයාමවලදී වායු වලාකුළු ආලෝකය එතරම්ම හොඳින් අවශෝෂණය නොකරන නිසා,  ඒවායින් සාමාන්‍යයෙන් අපැහැදිලි තාරකා දැකීමට තාරකා විද්‍යාඥයින්ට වායුව සහ දූවිලි හරහා එබී බැලිය හැක.

Cerro Tololo අන්තර්-ඇමරිකානු නිරීක්ෂණාගාරයේ Saydjari සහ කණ්ඩායම දත්ත සැකසීමේ නව්‍ය ක්‍රමයක් ද භාවිතා කළ අතර එමඟින් එක් එක් තරුව පිටුපස ඇති පසුබිම පුරෝකථනය කිරීමට ඔවුන්ට හැකි විය.  අනුරූප මත නිහාරිකා සහ ඝන තාරකා ගහනවල අඳුරු බලපෑම් අඩු කිරීමට මෙම ක්‍රමය ඔවුන්ට සහාය විය. එහි ප්‍රතිඵලයක් ලෙස, අඥත බල කැමරා දත්ත වෙනත් දුරේක්ෂවල නිරීක්ෂණ සමඟ ඒකාබද්ධ කිරීම මගින් තවත් වැඩි දියුණු කිරීමට මග පෑදිණ.

“Pan-STARRS 1 හි අනුරූප සමඟ ඒකාබද්ධ වූ විට, DECaPS2 ක්ෂීරපථයේ තැටියේ අංශක 360 පරිදර්ශක දසුනක් සම්පූර්ණ කෙරෙන අතර ඊට අමතරව බොහෝ දුබල තරු වෙත සමීපවේ,” අධ්‍යයනයේ සම-කර්තෘ Edward Schlafly නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.  ඔහු බැල්ටිමෝර් හි අභ්‍යවකාශ දුරේක්ෂ විද්‍යා ආයතනයේ සේවය කරන්නෙකි.. “මෙම නව සමීක්ෂණය සමඟින්, ක්ෂීරපථයේ තරු සහ දූවිලි වල ත්‍රිමාන ව්‍යුහය පෙර නොවූ විරූ ලෙස විස්තරාත්මකව සිතියම්ගත කළ හැක.”

වස්තු බිලියන 3.32 ක පමණ නාමාවලියේ පදනම වන දත්ත කට්ටලය වේ. එය වෙත තාරකා විද්‍යාඥයින්ට සහ සාමාන්‍ය ජනතාවට ද ප්‍රවේශ විය හැකිය.

මෙම නව නිකුතුව මගින් රාත්‍රී අහස පිළිබඳ සමීක්ෂණයේ ආවරණය 6.5% දක්වා ගෙන එන අතර අංශක 130ක් දක්වා විහිදේ; එය පූර්ණ චන්ද්‍රයාගේ කෝණික ප්‍රමාණය මෙන් 13,000 ගුණයකට සමාන වේ.

කණ්ඩායමේ පර්යේෂණය,  Astrophysical Journal Supplement හි ප්‍රකාශනය සඳහා පිළිගෙන ඇත.

Dark Energy Camera Plane Survey (DECaPS) හි පළමු දත්ත කට්ටලය 2017 දී නිකුත් කරන ලදී.

Space.com හී 2023 ජනවාරි 18 දා පළකෙරුණු 3 billion Milky Way objects revealed by colossal astronomical survey නම් ලිපිය අසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.