පුද්ගලයෙකුගේ ජීවිත කාලය පුරාවට ඇති කරගන්නා සමාජ සම්බන්ධතා සෞඛ්‍ය හා ලෙඩරෝග කෙරෙහි බලපෑ හැකි ක්ෂුද්‍රජීවීන් වපුරයි.

අපේ ශරීර මත මෙන්ම ශරීර ඇතුළත වසන ක්ෂුද්‍රජීවීමය ප්‍රජාවන් අපගේ ජීවිත කාලය පුරාවට පරිනාමය වන අතර අපගේ සමාජ අන්තර්ක්‍රියා මගින් හැඩගැසෙන බව අධ්‍යනකින් හෙළිවෙයි. අනුග්‍රහය: Moyo Studio/E+/Getty
එකම කුටුම්භයක ජීවත්වන දෙනා එකම වහලක් යට ජීවත් වුවත් හවුලේ පරිහරණය කරන්නේ එකම භෝජන හෝ එකම මේස පුටු පමණක් නොවේ. ඔවුන් පවුලේ අය වේවා, බොඩිකාරයෙකු වේවා, හිත මිත්‍රයෙක් හෝ ඥාතියෙකු වේවා, ඔවුන්ගේ ශරීර එකම ක්ෂුද්‍රජීවින් ගහන විසුම් ගැනීමෙ නැඹුරුවක් ඇති අතර එකටම ජීවත්වන කාලය වැඩිවත්ම මෙම ක්ෂුද්‍රජෛවදර්ශ(microbiomes ) වඩාත් එක සමාන බවට පත්වේ.
නිගමනය: ලොව පුරා දහස් ගණනක බඩවැල් සහ මුඛ ක්ෂුද්‍රබියෝම පිළිබඳව සිදු කළ අධ්‍යනයක, මෙම ජනවාරි 18 දා Nature සඟරාවෙහි පළවූ වාර්තාව පාදක කර ගනිමින් ඉදිරිපත් කෙරෙන නිගමනය වන්නේ, ක්ෂුද්‍රබියෝම දුෂ්කෘත්‍ය

නිගමනය: ලොව පුරා දහස් ගණනක බඩවැල් සහ මුඛ ක්ෂුද්‍රබියෝම පිළිබඳව සිදු කළ අධ්‍යනයක, මෙම ජනවාරි 18 දා Nature සඟරාවෙහි පළවූ වාර්තාව පාදක කර ගනිමින් ඉදිරිපත් කෙරෙන නිගමනය වන්නේ, ක්ෂුද්‍රබියෝම දුෂ්කෘත්‍ය හෙවත් ක්‍රියාකාරිත්වයේ විෂමතා(microbiome dysfunction) හා සබැඳි පිළිකාව,දියවැඩියාව සහ ස්ථුලතාව(තරබාරුව) ඇතුළු ලෙඩරෝග,අර්ධ වශයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉස්මතු කරන බවයි.
කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවී පර්යේෂක කැතරින් ෂූ පවසන්නේ “ක්ෂුද්‍ර ජීවීන්, අන්ත්‍රය සහ මුඛ ක්ෂුද්‍රජෛවදර්ශ වෙත සම්ප්‍රේෂණය වන්නේ කවදාද සහ ඇයිද යන්න පිළිබඳ අද දක්වා ඇති වඩාත්ම සවිස්තරාත්මක සොයා බැලීන මෙම අධ්‍යයනය” බවයි. “නව ක්ෂුද්‍ර ජීවීන්ට අපගේ ජීවිත කාලය පුරාවටම අපගේ ක්ෂුද්‍රජෛවදර්ශ නැවත හැඩගැස්විය හැක.” ඇය පෙන්වා දෙයි.
මිනිසුන් ඔවුන්ගේ ක්ෂුද්‍රජෛවදර්ශ අත්කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ අධ්‍යයනයන් අවධානය යොමු කර ඇත්තේ ක්ෂුද්‍ර ජීවීන් සමඟ මිනිසුන්ගේ පළමු සම්බන්ධතා වෙතය. ඒ ඔවුන්ගේ මව්වරුන් හරහා ය. “ක්ෂුද්‍රජීවී ආරම්භක කට්ටලයක් සැපයීම සඳහා එය ප්‍රධාන වේ” යැයි එක්සත් රාජධානියේ හින්ක්ස්ටන් හි Welcome Sanger ආයතනයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ හිලරි බ්‍රවුන් පවසයි.

ආරම්භක කට්ටලය
මෙම ආරම්භක කට්ටලය පුද්ගලයෙකුගේ ජීවිතය තුළ වෙනස් වන්නේ කෙසේද සහ ඇයි දැයි පරීක්ෂා කිරීම සඳහා, ඉතාලියේ ට්‍රෙන්ටෝ විශ්ව විද්‍යාලයේ Mireia Valles-Colomer සහ Nicola Segata ප්‍රමුඛ ක්ෂුද්‍ර ජීවී පර්යේෂකයන් මෙහෙයවන කණ්ඩායමක් විසින්, ආර්ජන්ටිනාවේ ගම්බද ගම්මානවල සිට චීනයේ නගරයක් දක්වා ද, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ජනගහනය දක්වා ද ලොව පුරා සිටින පුද්ගලයින් 10,000 කට ආසන්න දෙනාගේ මල(අසූචි) සහ කෙල සාම්පල වලින් DNA විශ්ලේෂණය කරන ලදී. අනතුරුවපර්යේෂකයෝ, පවුලේ සාමාජිකයන්, ජීවන සහකරුවන්, නිවැසියන් සහ වෙනත් සමාජ සම්බන්ධතා පවත්වන්නන් ගේ බඩවැල්වල සහ මුඛයේ ඇති ක්ෂුද්ර ජීවී මාදිලි වල(strains of microbes ) අතිච්ඡාදනය (overlap) සොයා බැලූහ.

විශේෂයෙන්ම ජීවිතයේ මුල් අවධියේදී, මව්වරුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ක්ෂුද්‍රජෛවදර්ශ අතර ඇති ශක්තිමත් සම්බන්ධය විශ්ලේෂණය මගින් තහවුරු කෙරිණ. ළදරුවෙකුගේ ජීවිතයේ පළමු වසර තුළදී, ඔවුන්ගේ බඩවැල්වල ඇති ක්ෂුද්ර ජීවී මාදිලි වලින් අඩක් ඔවුන්ගේ මව්වරුන් සමඟ එකට බෙදාහදා ගත් පොදු මාදිලිය. ළමුන් වයසට යන විට අතිච්ඡාදනය වීමේ ප්‍රමාණය අඩු වෙන නමුත් අතුරුදහන් නොවේ. වයස අවුරුදු 50-85 වයස්වල පසුවන වැඩිහිටියන්ට පවා තවමත් ඔවුන්ගේ මව්වරුන්ට පොදු අන්ත්‍ර ක්ෂුද්‍ර ජීවී මාදිලි තිබේ.
අනෙකුත් පවුලේ සාමාජිකයන් ද බඩවැල් ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත් ප්‍රභවයක් විය. වයස අවුරුදු 4 න් පසු, දරුවන්ට, තම මව මෙන්ම පියා සතු සමාන ක්ෂුද්‍ර ජීවීන් මාදිලිසංඛ්‍යාවක් ඇත. එකිනෙකාගෙන් ඈත් වූ නිවුන් දරුවන් වැඩි කලක් වෙන්ව ජීවත් වූ තරමට බඩවැල් ක්ෂුද්‍ර ජීවීන් අඩුවෙන් බෙදා හදා ගනිති. ග්‍රාමීය ජීවත්වන කණ්ඩායම් කිහිපයක කුටුම්භ අතර පවා බෙදාහද ගැනීම සිදු විය: විවිධ ගම්මානවල මිනිසුන්ට වඩා එකම ගම්මානයේ වෙන වෙනම නිවෙස් වල පුද්ගලයන් අන්ත්‍ර ක්ෂුද්‍ර ජීවීන් තුළ අතිච්ඡාදනය වීමේ නැඹුරුවක් දැකිය හැකි විය.

මාතෘ ක්ෂුද්‍රජීවී ආරම්භක කට්ටලය, මිනිසුන්ගේ මුඛයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් කෙරෙහි බලපෑම ඔවුන්ගේ බඩවැලේ ඇති ඒවාට සාපේක්ෂව අඩුය. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ එකට ජීවත්වන මිනිසුන් – ඔවුන්ගේ සම්බන්ධය කුමක් වුවත් – අතර මුඛයේ එකම ක්ෂුද්‍ර ජීවීන් මාදිලි ඇති බවත්, ඔවුන් එකට ජීවත් වන තරමට ඔවුන් වැඩි වැඩියෙන් බෙදාහද ගන්නා බවත්ය. කෙසේ වෙතත්, ජෝඩු, දරුවන්ට සහ දෙමාපියන්ට වඩා විශාල වශයෙන් මාදිලි බෙදා හදා ගැනීමට නැඹුරුවක් දක්වති.
බටහිරකරණය වූ සංස්කෘතීන්ට අයත් අය තුළ ගෘහාශ්‍රිත බෙදාහදා ගැනීමේ ප්‍රමාණය වෙනත් සංස්කරුතීන්ට වඩා අඩුවක් නොවන බව ද පර්යේෂකයෝ සොයා ගත්හ. නිව් යෝර්ක් හි ඉතාකා හි කෝනෙල් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකු වන Ilana Brito එම තීක්ෂ්ණ බුද්ධියෙන් මවිතයට පත් වූවාය. ක්ෂුද්‍ර ජීවීව් ව්‍යාප්තියට බාධාවක් විය හැකි වඩා හොඳ මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් වැනි සාධක නිසා බටහිර ජනගහනය තුළ ක්ෂුද්‍රජෛවදර්ශ සම්ප්‍රේෂණය හඳුනා ගැනීම අපහසු වනු ඇතැයි ඇය අපේක්ෂා කළාය.
“මෙය ඉතා වැදගත් පත්‍රිකාවක් වනු ඇත,” බ්‍රවුන් පවසයි: මන්ද රෝග කාරක ලෙස නොසිතන ක්ෂුද්‍ර ජීවීන් පැතිරීම රෝගයට දායක විය හැකි ආකාරය අධ්‍යයනය කිරීමට පදනමක් සපයන බැවිනි. එසේ කිරීමේ දී විශේෂිත ක්ෂුද්‍ර ජීවීන් – සහ ඒවායේ ව්‍යාප්තිය – දිගු කාලීන අධ්‍යයනයන්හි දී මිනිසුන්ගේ සෞඛ්‍යයට සම්බන්ධ කිරීම අවශ්‍ය වනු ඇත, ක්ෂුද්‍ර ජීවී පර්යේෂණ දැන් ගමන් කරමින් සිටින්නේ ඒ දිශාවට බව බ්‍රවුන් තවදුරටත් පවසයි. “අපට එම ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට හැකි වනු ඇත.”
Nature News (ජනවාරි 18ද) පලවී ඇති How our microbiome is shaped by family, friends and even neighbours නම් ලිපිය ඇසුරෙනි