ආරම්භක කාලයේ පහළ වූ ජීවය හව්හරණක් නොමැති, ජනාවාසයට නුසුදුසුව පැවති පෘථිවිය වාසයට වඩාත් සුදුසු බවට පත් කළ අතර පිටසක්වල ජීවීන් ද, ඔවුන්ගේ ලෝකවල එයම කරමින් සිටිනවා විය හැකි බව නව පර්යේෂණ අදහස් කරයි.
ජීවයකට, ග්‍රහලෝකයක් යාන්තමටට හො ‘පය ගසන්නට’ අවස්ථාව ලද පසු, එම ලෝකය වාස යෝග්‍ය ලෙස පරිවර්තනය කිරීමේ බලය එයට තිබිය හැකි අතර, “වාස යෝග්‍ය(වාසයට සුදුසු)” යන්න පිළිබඳ අපගේ අර්ථ දැක්වීම වඩාත් පුළුල් කිරීමට අපට බල කරන්නේ යයි නව පර්යේෂණ යෝජනා කරයි.
ජීවය ඇතිවන්නේ කොතැනින්දැයි අපි නොදනිමු. ජීවයට යෝග්‍ය වාතාවරනයක් සපයන ග්‍රහලෝකයක් හැටියට අපට ඇත්තේ එක් උදාහරණයක් පමණි: පෘථිවියයි. එය අවධානය යොමු කරගන්නට තරම පරිසායක් බවට පටන් ගන්නට ඇත්තේ එය බිහිවී වසර මිලියන සිය ගණනකට පසුවය. පෘථිවියේ ජීවයට එහි සංකීර්ණ බලශක්ති නිෂ්පාදන දාමය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත මූලිකාංග පෙළක් අවශ්‍ය වෙයි: එයට විසඳුමක් ලෙස ද්‍රව ජලය අවශ්‍ය වන අතර ජීවයට පැවතිය හැක්කේ සාපේක්ෂව පටු වායුගෝලීය උෂ්ණත්වයන් සහ පීඩන පරාසයක පමණක් බවත් අපි දනිමු.
පෘථිවියෙන් පිටත බහීර් ග්‍රහයන් මත ජීවය සෙවීම් වලදී, තාරකා විද්‍යාඥයින් සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ ‘වාස යෝග්‍ය කලාපය(habitable zone)’ නම් ප්‍රදේශය වෙතය. එනම්, ග්‍රහලෝකයක මතුපිට ද්‍රව ජලය පැවතිය හැකි, තාරකාවක් වටා කක්ෂ පථයකි. ග්‍රහලෝකයක් තාරකාවට ආසන්න නම්, ජලය තාපයෙන් වාෂ්ප වී යයි; එය තාරකාවට වඩා දුරින් නම්, ජලය අයිස් බවට පත් වේ. අප දන්නා පරිදි එම තත්වයන් දෙකම ජීවිතයේ පැවැත්මට යහපත් නොවේ.

කෙසේවෙතත්, වාස යෝග්‍ය හෙවත් වාසයට සුදුසු කලාපය දළ මාර්ගෝපදේශයක් පමණක් මිස ඇප සහතිකයක් නොවේ. අඟහරු සහ සිකුරු යන දෙදෙනාම අපගේ සූර්යයාගේ වාසයට සුදුසු කලාපය තුළ සිටිනනමුත් එම ග්‍රහලෝක ජීවයෙන් තොරයි. අනෙක් අතට, පූර්ව මුද්‍රණයට පෙර arXiv.org සේවාවේ ප්‍රකාශයට පත් කෙරුණු නව පර්යේෂණ පෙන්වා දෙන්නේ ග්‍රහ ලෝකයකට ජීවය බලපාන ආකාරය ඇතුළත් නොවන නිසා වාස යෝග්‍ය කලාපය පිළිබඳ අපගේ වර්තමාන නිර්වචනය ඉතා පටු විය හැකි බවයි.
වෙනස් වන ලෝකයක්

ජීවය මිහිපිට මතුවීමට මොහොතකට පෙර, මුල් පෘථිවි පරිසරය පිළිබඳ කලාකරුවෙකුගේ නිරූපණය. ඔබට එය “පාරාදීසයක්” යැයි පැවසිය හැකිද?
ජීවය මිහිපිට නොතිබුනේ නම් පෘථිවිය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි සම්භාව්‍ය උදාහරණය වන්නේ, අපේ පෘථිවි වායුගෝලයේ බහුල ප්‍රමාණයේ ඔක්සිජන්ය. ඔක්සිජන් යනු විශ්වය පුරා ඉතා සුලභ මූලද්‍රව්‍යයක් වන අතර පෘථිවිය උපත ලැබුවේ එයින් විශාල ප්‍රමාණයක් සමඟිනි. එහෙත් එම ඔක්සිජන් බොහොමයක් සිලිකන් ඩයොක්සයිඩ් – පාෂාණ, ස්වරූපයෙන් බැඳී ඇත. වායුමය ඔක්සිජන් වායුගෝලයේ වැඩි කාලයක් පැවතිය නොහැක; මන්ද, සූර්යයාගේ පාරජම්බුල කිරණ විකිරණ එය(ඔක්සිජන්) කඩා බිඳ දමන හෙයිනි.
එසේ වුවත්, ප්රභාසංස්ලේෂණය(photosynthesis) නම් ක්රියාවලිය, අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව නිකුත් කරයි. ඇත්ත වශයෙන්ම, මුල් ජීවිය මගින් කොපමණ නම් ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවන ලද්දේ ද යත් එය( මුල් ජීවිය) මහා ඔක්සිකරණ සිදුවීම (Great Oxidation Event.) යනුවෙන් හැඳින්වෙන සිදුවීම හරහා සන්පූර්ණයෙන්ම විෂ වී මට ආසන්නම විය. පරිසර පද්ධතිය නැවත සමතුලිත කිරීමට හැකිවූයේ ඔක්සිජන් ආශ්වාස කරන ජීවීන්ගේ පරිණාමයයි. ඒ කෙසේ වෙතත්, ජීවයේ නිරන්තර උත්සාහයන් නොවන්නට පෘථිවියට මෙතරම් වායුගෝලීය ඔක්සිජන් පවත්වා ගැනීම විශ්වාස කළ නොහැකි තරම් දුෂ්කර වනු ඇත.
මෙම චින්තන රටාව, පෘථිවි වායුගෝලයේ වෙනත් බොහෝ ගුණාංග දක්වා ව්යාප්ත කළ හැකිය. සජීවීන් හරිතාගාර වායුවක් වන මීතේන් විශාල ප්‍රමාණයක් විමෝචනය කරයි. එය අපේ පෘථිවිය උණුසුම්ව තබා ගැනීමට උපකාරී වේ. විශාල වනාන්තරවල පත්‍ර වියන්, මතුපිටින් පරාවර්තනය වන සූර්යාලෝකයේ ප්‍රමාණය වෙනස් කරයි. එය අපගේ ලෝකයේ උෂ්ණත්වයට ද බලපායි. විශාල හා කුඩා ප්‍රමාණයේ ජීවීන්ගෙන් විවිධ වායු අතුරු නිෂ්පාදන නිපදවීම පවා අපේ පෘථිවි වායුගෝලයේ වායු පීඩනය වෙනස් කිරීමට සමත් වේ.

වාස යෝග්‍ය ගයියන් කලාපය(The Gaian habitable zone)
මෙම සියලු වෙනස්කම් දෙස බැලීමේ එක් ක්රමයක් නම්, ග්රහලෝකයක ජීවය ආරම්භ වූ පසු, එය සැබවින්ම ඉන් (එම ග්‍රහ ලෝකයෙන්) ඉවත් වීමට කැමැති නොවේ. එබැවින් එමගින් වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ග්‍රහලෝකයේ මූලික රසායන සහ භෞතික විද්‍යාව වෙනස් කිරීම (ඇත්තටම අචින්තව) සිදු කරනු ලැබේ. ජීවය මගින් වෙනස් වූ මෙම ග්‍රහලෝකය පෙරට වඩා බොහෝ සෙයින් වාසයට සුදුසු බවට පත් වේ.
පෘථිවිය සම්බන්ධයෙන් නම් මෙය නිසැකවම සත්‍යයකි. ෆොසිල වාර්තාවල ජීවය පිළිබඳ මුල්ම සංඥා පෙන්නුම් කරන්නේ අපේ පෘථිවිය තවමත් අර්ධ වශයෙන් උණු වී තිබියදී ජීවය හටගන්නට ඇති බවයි. එය(පෘථිවිය) ඒ අවධියේ ඉතා මිත්‍රශීලී නොවන ස්ථානයක් විය යුතුය, නමුත් වසර බිලියන ගණනකට පසුව, (මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස සෑම දෙයක්ම අප විනාශ කර දමන්නේ නම් මිස ) එය ඉතා විශිෂ්ට තත්ත්වයට පත්ව ඇත.
නව පර්යේෂණ පත්‍රිකාවේ කතුවරු වාසයට සුදුසු කලාපයේ මායිමේ, ඉතා සීතල පාහේ හෝ ඉතා උණුසුම් පාහේ ලෝකයක් සිතින් මවා ගත්හ. ඉතින්, ජීවය එවන් තැනකින් ආරම්භ කිරීමට හැකි වූයේ නම් එම ජීවයට, වායුගෝලීය පීඩනය හෝ උෂ්ණත්වය ඉහළ නැංවීමෙන් හෝ අඩු කිරීමෙන් හෝ එසේ නැතිනම් ජීවය සශ්‍රීක විය හැකි භූගත ස්ථාන නිර්මාණය කිරීමෙන් ග්‍රහලෝකයේ සැකැස්ම වැඩිදියුණු කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

එබැවින්, වාසයට සුදුසු කලාපය පිළිබඳ සාම්ප්රදායික නිර්වචනය අප නැවත සිතා බැලිය යුතුය. පර්යේෂකයෝ නව නිර්වචනයක් යෝජනා කරති: ගයියන්(Gaian) වාසයට සුදුසු කලාපය ( ග්‍රීක මිථ්‍යාකතාවල පෘථිවිය පුද්ගලාරෝපණය වන්නේ Gaia ලෙසිනි). මෙම කලාපය, අප දැනට ජීවිතයට සුදුසු යැයි සලකන කලාපයට වඩා පුළුල් වනු ඇත: මන්ද ජීවිතයටම සුදුසු සීමාවන් වෙනස් කිරීමට හැකියාව ඇති හෙයිනි.
පර්යේෂකයන් තර්ක කරන්නේ ගවේෂණ සඳහා අනාගත ඉලක්ක තෝරාගැනීමේදී අප වාසයට සුදුසු කලාපය පිළිබඳ මෙකී පුළුල් අර්ථ දැක්වීම් යොදා ගත යුතු බවයි. වාසයට සුදුසු කලාපය ඉතා පටු නම්, අප සොයා බලන්නේ වැරදි ස්ථානයක් ගැන් අ නිසා අපට ජීවයේ සලකුණු මඟ හැරිය හැක. මොනවා වුනත් පිටසක්වල ජීවයක් ගැන සොයද්දී අපි විවෘත මනසකින් යුතුව, අප පුදුමයට පත්කිරීමට පවා හැකි අනපේක්ෂිතයන් වුව බලාපොරොත්තුවෙන් අපේ ගවේෂණ සිදු කළ යුතුය. ජීවිතය … (ඊටම ආවේණික) මගක් සොයා ගනී.
Live Science(23 ජනවාරි 21දා) හී පළවූ Alien life could be turning harsh planets into paradises යන ලිපිය ඇසුරෙනි