අඩු මුදලක් ගෙවා සිදුකරන කැළි කසල(මලාපවහන) නල අලුත්වැඩියාව මගින් නිවෙස් සහ පාසල් ඇතුලට විෂ දුම කාන්දු විය හැකිය – අවදානම අඩු කරන්නේ කෙසේද යන්න මෙන්න
එක්සත් ජනපදයේ ළමයින් සහ වැඩිහිටියන් වැඩි වැඩියෙන් හානිකර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන්නේ වැඩි දෙනෙකු නොදන්නා ප්‍රභවයකිනි.
මෙ ක්‍රියාවලිය ඇත්තවශයෙන්ම ආරම්භ වන්නේ නිවසකින් හෝ පාසලකින් පිටත වීදියකය. එහි මනු බිලක හෙවත් ‘මෑන්හෝල්’ එකක සේවකයෙකු පළුදු වූ අපවහන නලයක් අලුත්වැඩියා කරමින් සිටී. වළලන ලද එම නලයට කොන්ත්රාත්කරු දුම්මල පොඟ වූ කොපුවක් ඇතුල් කර, පසුව එය රත් කරයි. රත් කිරීමෙන්, එම දුම්මල්ල පෙඟ වූ කොපුව, දෘඩ ප්ලාස්ටික් පයිප්පයක් බවට පරිවර්තනය වෙයි.
මේ තමයි නල අලුත්වැඩියා කරන ලාබම, එමෙන්ම වඩාත් බහුලව යොදාගන්නා ක්‍රමය. එනමුත් එයින් බරපතල අවදානමක් ඇතිවේ: දුම්මල රත් කිරීමේ දී හානිකර දුමාර ජනනය කරයන අතර මලාපවහන නල මාර්ග හරහා අවට ගොඩනැගිලි තුළට, සමහර විට ගොඩනැගිලි ගණනාවක් ඈතින් පිහිටි ඒඉවා ඇතුළට එම හානිකර දුමාර ගමන් කර හැකිය.
මෙම රසායනික ද්රව්ය මිනිසුන් සිය ගණනක් රෝගාතුර කඅරනු ලැබ ඇත; රෝහල් ගත කිරීමට පවා හේතු වී තිබේ. ගොඩනැගිලිවලින් පුද්ගලයින් ඉවත් කිරීමට පවා සිදුවෙයි. සහ විය. ජනපද කිහිපක ක්රීඩාංගන, දිවා සුරැකුම් මධ්යස්ථාන ඇතුළු පාසල්වලට බලපෑම් එල්ල වී ඇත. මේ ජනපද අර්හර කොලරාඩෝ, කනෙක්ටිකට්, මැසචුසෙට්ස්, මිචිගන්, පෙන්සිල්වේනියාව, වොෂින්ටනය සහ විස්කොන්සින් වේ.

මලාපවහන නල අලුත්වැඩියා කිරීමේ මෙම ‘බාල’ ක්‍රමය සමඟ, රසායනික අපද්‍රව්‍ය වාතයට හමා යන අතර වළලන ලද මලාපවහන නල, ජලනල, අත්තිවාරම් ඉරිතැලීම්, ජනෙල්, දොරවල් සහ උණුසුම්කිරීමේ, සංවාතනයේ, හා වායු සමීකර්ණ ඒකක(Heating, ventilating, and air conditioning – HVAC Units) ඒකක හරහා ගොඩනැගිලිවලට ඇතුළු විය හැකිය.
කැඩුණු පයිප්ප අළුත්වැඩ්යා කිරීම සඳහා, දැන් ඩොලර් මිලියන සිය ගණනක් එක්සත් ජනපදය පුරා ප්රජාවන් වෙතට, 2022 ද්විපාර්ශ්වික යටිතල පහසුකම් නීතිය යටතේ යොමු වෙද්දී (විෂ දූමවලට) නිරාවරණය වීමේ අවදානමක් ඇති ළමුන් සහ වැඩිහිටියන්ගේ සංඛ්යාව වැඩි වනු ඇත.
මෙම නව්‍ය නල අලුත්වැඩියා තාක්ෂණයේ අවදානම තේරුම් ගෙන අඩු කිරීම පිණිස පැයේෂකයෝ දශකයකට වැඩි කාලයක්, පර්යේෂකයන් වැඩ කර ඇත. Journal of Environmental Health හී සහ Environmental Science and Technology Letters සඟරාවෙහි පල කෙරුණු නව අධ්‍යයන දෙකකින් ඔවුන් පෙන්වා දී ඇත්තේ කම්කරුවන්ට, සහ ළමයින් ඇතුළුව අවට සිටින අයට පවා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවයි.
සමාගම් සුදුසු ක්‍රියාමාර්ග ගන්නේ නම් තාක්‍ෂණය ආරක්‍ෂිතව භාවිත කළ හැකි බව ද ඔවුන්ගේ පර්යේෂණ පෙන්වා දෙයි.
හානිකර රසායනික ද්රව්ය යොදා කල් ගිය පයිප්ප සවි කිරීම
එක්සත් ජනපද ජල යටිතල පහසුකම් කාලය ගතවෙත්ම වයස් ගතවෙද්දී, රට පුරා සිටින ප්‍රජාවෝ, සැතපුම් මිලියන 1.3ක් අතරේ ඔවුන්ගේ අබලන්ව ගිය මලාපවහන නල දහස් ගණනක් සමඟ කරකිය ගත දෙයක් නොමැතිව ලතැවිල්ලේ සිටිති. අළුත්වැඩියාවන් සඳහා නව නීතිය යටතේ සැපයෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක් පමණක් වුව ද, පරිසර සංරක්ෂණ නියොජ්තායතනය (Environmental Protection Agency – EPA) හි ඇස්තමේන්තුව මෙන්පස් ගුණයකි.
අඩුම මිල අලුත්වැඩියා කිරීමේ ක්රමය, “එතැනම පිළියම් කළ නල”(cured-in-place pipe, or CIPP) ලෙස හැඳින්වේ. වැළලූ නල අතරේ හානියට පත් නල පොළව හාරා උඩට ගෙන වෙනත් අළුත් නලයක් ආදේශ කිරීම වළක්වාලන. ඒ වෙනුවට, දුම්මල-සංතෘප්ත කොපුවක් මෑන්හෝල් හරහා යවා රත්කිරීමෙන් දෘඩ ප්ලාස්ටික් බවට පරිවර්තනය කරන් මේ ක්‍රමය ඉහතින් ද විස්තර කර ඇත.
(මේ ක්‍රමයේ)එක අභියෝගයක් තමයි දුම්මලවල ආරක්ෂිත දත්ත පත්රිකාවල රසායන ද්රව්ය සියල්ල හෙළි නොකරෙන අතර, (දුම්මල) රත්කිරීමේ දී සමහර සම්පූර්ණයෙන්ම අලුත් ඒවා නිර්මාණය වේ. (මෙම කියා දමයේ දී) අසල ඇති මෑන්හෝල්වලින් සහ (කොන්ත්‍රාත්කරු) පිටාර නලවලින් නැඟී එන්නේ හුදු “වාෂ්ප” පමණක් නොවේ; මෙම දුම් ගොටුවල මිනිස් සෞඛ්යයට හානි කළ හැකි, අධික සාන්ද්‍රිත රසායනික මිශ්‍රණ, නොදවුණු දුම්මල, අංශුක(particulates) සහ නැනෝ ප්ලාස්ටික් අඩංගුය. පර්යේෂකයන්, රත් කිරීඑමේ ක්‍රියාවලිය රසායනාගාරයේ දී පරීක්‍ෂා කළ විට, ඔවුනට පෙණී ගියේ දුම්මල 9% තරම් විශාල ප්‍රමාණයක් වාතයට විමෝචනය වන බවයි.

CIPP නිෂ්පාදනය රසායනික ද්‍රව්‍ය 40ක් පමණ පිටකරන බව දන්නා කරුණකි. ඉන් සමහරක්, ඔක්කාරය, හිසරදය සහ ඇස් සහ නාසික උත්කෝපනය ඇති කරයි. ඒවා වමනය, හුස්ම ගැනීමේ අපහසුතා සහ වෙනත් බලපෑම් වලට ද හේතු විය හැක.
බහුලව ලේඛනගත කරන ලද රසායනික ද්‍රව්‍යයක් වන ස්ටයිරීන් උග්‍ර විෂ සහිත වේ. එය, පිළිකා ඇති කිරීමට බලපාන්නේ යයි සාමාන්‍යැන් අදහස් කෙරේ” ජාතික පර්යේෂණ සභාවට අනුව ස්ටයිරීන් හැර වෙනත් රසායනික ද්රව්ය ද, දුම්ගොටු විෂවීම(plume toxicity) සඳහා වගකිව යුතුවේ.

අවට ගොඩනැගිලිවල CIPP ආශ්‍රිත රෝග
මේ වන විට අවම වශයෙන් ජනපද 32 කින් සහ රටවල් හතකින් රසායනික නිරාවරණයවීම් වාර්තා වී ඇත. පාසල්වලට අමතරව, මෙම ක්රියාවලිය නිවාස, අවන්හල්, වෛද්ය පහසුකම් සහ අනික් ව්යාපාර ස්ථාන දූෂණය වීමට හේතු වී ඇත. තම සේවකයන් ස්ටයිරීන් අනාරක්ෂිත මට්ටම් වලට නිරාවාණය වි ඇතැයි ඇතැම් සමාගම් වාර්තා කරයි..
පර්යේෂකයන්ගේ අත්දැකීම් අනුව, (මේ රසායනික) නිරාවරණයවීම් ප්‍රසිද්ධියට පත්වන්නේ කලාතුරකිනි. මහනගර සභා, හානියක් ඇතිවූ විට CIPP කොන්ත්‍රාත්කරු සහ නල හිමිකරු පමණක් සම්බන්ධ කර ගන්නයි දුම් වලින් පීඩාවට පත් ජනතාව පොළමවා ඇත. නිරාවරණයවීම් සෑම විටම හානිකර නොවන බව සමහර අවස්ථාවලදී මිනිසුන්ට ඒත්තු ගන්වා තිබේ.
ඉහතින්ද දක්වා ඇති පරිදි සින්ක්, වැසිකිළි, (ගොඩනැගිලි) අත්තිවාරම් ඉරිතැලීම්, දොරවල්, ජනෙල් සහ HVAC පද්ධති හරහා රසායන ද්රව්ය ගොඩනැගිලි වලට ඇතුල් විය හැක. රසායනික ද්‍රව්‍ය ජලයෙන් පිරුණු ජලනල උගුල් ඇති ගොඩනැගිලිවලට පවා ඇතුළු විය හැකිය. මෙම අවදානම අපේක්ෂා කරමින්, තම තමන්ගේ වැසිකිළි ආවරණය කරන්න සහ සියලු ජනෙල් සහ දොරවල් වසා දමන්න යයි අවට සිටින අයට උපදෙස් දී ඇත.

මහජන සෞඛ්‍යය ආරක්ෂා කරන්නේ කෙසේද?
මිනිසුන්ට හානියක් වීමේ අවදානම අඩු කිරීම පිණිස යම් පියවර අවශ්‍ය බව පැහැදිලිය. ප්‍රජාවන් ආරක්ෂිතව තබා ගැනීමට නිවැසියන්ට, සමාගම්වලට සහ සෞඛ්‍ය නිලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් මෙම පර්යේෂණ මගින් පෙන්වා දෙයනු ලැබේ.
පර්යේෂකයන් පදිංචිකරුවන්ට උපදෙස් දෙන්නේ:
- සියලුම ජනෙල් සහ දොරවල් වසා, ජලනල උගුල් වලට ජලය පුරවා, පයිප්ප අළුත්වැඩියා කිරීමේ මෙහෙයුම් වලදී, විශේෂයෙන් ළමයින් ගොඩනැගිල්ලේ සිටින විට ගොඩනැගිල්ලෙන් පිටවන ලෙසයි;
- අසාමාන්‍ය දුර්ගන්ධයක් හෝ රෝගාබාධයක් සෞඛ්‍ය නිලධාරීන්ට වාර්තා කරන ලෙසයි. කොන්ත්‍රාත්කරුවන්ගෙන් හෝ පයිප්ප හිමියන්ගෙන් නොව සෞඛ්‍ය නිලධාරීන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න. දුම්ගොටු ඇතුළු වන විට ගොඩනැගිලි වලින් ඉවත් වන්න.
අවදානම් අවම කර ගැනීමේ දී සමාගම්වලට ද සහායා වන්නට පුළුවන්:
- වැඩබිමෙන් දුම් ගොටු පිටවන්නට පටන්ගත්විට විට, දූෂණය සහ නිරාවරණය පැතිරීම අවම කිරීම සඳහා (දුම්මල) රත් කිරීමේ ක්‍රියාවලිය නවත්වන්න.
- සම්මත දුම්මල වලට වඩා වායු දූෂණය අඩුවෙන් සිදුකෙරෙන දුම්මල භාවිතා කරන්න.
මහජන සෞඛ්‍ය හා පරිසර ආයතන ද මීට සම්බන්ධ විය යුතුය. පයිප්ප අළුත්වැඩියා භාවිතවල දී සෞඛ්‍යයට අවදානම් ඇති බවත් සහ කම්කරු.වන්ට මාරාන්තික විය විය හැකි බවත් බලධාරීහු දනිති. එහෙත්, සේවකයින්ගේ සහ අවට සිටින්නන්ගේ සෞඛ්යය ආරක්ෂා කිරීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇතත්තේ ස්වල්ප වශයෙනි.
The Conversation(January 23, 2023 )හී පලවී ඇති Cheap sewer pipe repairs can push toxic fumes into homes and schools – here’s how to lower the risk නම් ලිපිය අසුරෙනි