ඇස්පිරින් සහ අස්ථි සෞඛ්‍යය: දෙක අතර සම්බන්ධයක් තිබේද?

Posted by

ඇස්පිරින් සහ අස්ථි සෞඛ්‍යය: දෙක අතර සම්බන්ධයක් තිබේද?

ඇස්පිරින් භාවිත කරන්නන් අතර වැටීම් සහ අස්ථි බිඳීම් සහ  ඇස්පිරින් භාවිතය අතර සම්බන්ධය සොයා බැලූ  නව අධ්‍යයනයක ප්‍රතිඵල බලාපොරොත්තු සුන් කරන සුළුය.

දශක ගණනාවක් තිස්සේ ඇස්ප්රින් සැලකුණේ විශ්මිත ඖෂධයක් ලෙසිනි.  ඒ ඇයි දැයි වටහා ගැනීම පහසුය: එය වේදනා නාශකයකි. ඊට උණ අඩු කළ හැකිය. හෘද වාහිනී ගැටළු සඳහා ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් අතරේ  ආඝාත හා හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන්නට සහ  සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්නට එය සමත්ය. ඇස්පිරින් මිලෙන් අඩුය; නිෂ්පාදනය කිරීමට ද පහසුය. එමෙන්ම බෙහෙත් වට්ටෝරුවකින් තොරව පහසුවෙන් මිල දී ගත හැකිය.

ඇස්පිරින් භාවිතය, වඩා හොඳ අස්ථි සෞඛ්‍යයට සහ වැටීමෙන් පසු අස්ථි බිඳීමේ අවදානම(මෙය, විශේෂයෙන්ම වැඩිහිටි ජනයා අතර විනාශකාරී ප්රතිවිපාක ඇති කරවන්නකි) අඩු කිරීමට සම්බන්ධ බව මෑත වසරවලදී, පර්යේෂණ මගින්  අනාවරනය කරගනු ලැබ ඇත.  දැන්,  අස්ථි වලට ඇති විය හැකි ප්‍රතිලාභ පිළිබඳව  නව අධ්‍යයනයක් මගින් වඩාත් සමීපව සොයා බලනු ලැබේ.

ඇස්පිරින්, අස්ථි සඳහා කොහොමටත් හොඳ වන්නේ ඇයි?

ඇස්පිරින්, අස්ථි සෞඛ්‍යයට හෝ අස්ථි බිඳීමේ අවදානමට යම් බලපෑමක් ඇති කිරීම පුදුම සහගත බවක් පෙනෙන්නට පුළුවන. එනමුත් ඇස්ප්රීන්වලට, අස්ථි සෑදීමට සම්බන්ධ ඇට මිදුළු සෛල(bone marrow cells) සංවර්ධනය හා පැවැත්ම දිරිමත් කළ හැක  වේ. එය අස්ථි බිඳීමේ සෛල වළක්වන්නට ක්‍රියා කරයි. මීට අමතරව, හෘද වාහිනී රෝග සහ ආඝාතය වැලැක්වීමෙන් ඇස්පිරින් (ශරීර) දුර්වලතාවය අඩු කර සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කරයි. මෙය  වැටීම්(falls) අඩු කරන්නට මෙන්ම  අස්ථි බිඳීම් අඩු කරන්නට ද හේතු විය හැක.

නිදන්ගත ප්‍රදාහයේ හානියෙන් ආරක්ෂා වන්න.

නිදන්ගත, අඩු ශ්‍රේණියේ ප්‍රදාහය, හෘද වාහිනී රෝග, පිළිකා, දෙවන වර්ගයේ දියවැඩියාව සහ වෙනත් තත්වයන්ට දායක වන නිහඬ ඝාතකයෙකු බවට පත්විය හැකි බව විද්‍යාව ඔප්පු කර ඇත. ප්‍රදාහයට එරෙහිව සටන් කිරීමට සහ නිරෝගීව සිටීමට වෛද්‍ය වෘත්තිකයන් වැනි විශේෂඥයින්ගෙන්  සරල උපදෙස් ලබා ගන්න.

ඇස්පිරින් භාවිතය අස්ථි බිඳීමේ අවදානම 17% කින් අඩු කරන බව එක් බහු අධ්‍යයනයන සමාලෝචනයකින් එය සොයා ගන්නා ලදී..  එනමුත් බහු අධ්‍යයන සමාලෝචනයට ඇතුළත් කර  ඇති අධ්‍යයනයන්  හුදෙක් නිරීක්ෂණ මත පදනම් ඒවාය. එයින් අදහස් වන්නේ ඒවාට පෙන්විය හැක්කේ ඇස්පිරින් භාවිතය සහ අස්ථි බිඳීමේ අවදානම අතර සම්බන්ධයක් පමණක් බවයි.  අස්ථි බිඳීම් අඩුවීමට සැබෑ හේතුව ඇස්ප්‍රින් භාවිතය බව එවැනි අධ්‍යයනයකින් ඔප්පු කළ නොහැක.

මෙම හැකියාව සනාථ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිණිස වඩා හොඳ අධ්‍යයනයක් අවශ්‍ය වේ. වාසනාවකට මෙන්, එවැන්නක් දැන් ප්‍රකාශයට පත් කර ඇත.  එය, අස්ථි සෞඛ්‍යයට ඇස්ප්‍රින් යම් බලපෑමක් ඇති කරයිද යන ප්‍රශ්නය නගයි.

ඇස්ප්‍රින් සහ අස්ථි සෞඛ්‍යය යන දෙකම පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම

JAMA හී ප්‍රකාශයට පත් කර ඇති නව අධ්‍යයනය, ඇස්පිරින් භාවිතය සහ අස්ථි බිඳීමේ අවදානම අතර ඇති විය හැකි සම්බන්ධය ගවේෂණය කිරීම සඳහා වූ පළමු සසම්භාවී, පාලිත සම්පරීක්ෂණයයි(randomized, controlled trial) . මෙම ආකාරයේ අධ්‍යයනයක්,  නිරීක්ෂණ අධ්‍යයනයකට වඩා ප්‍රබල වන අතර, ඇස්ප්‍රින් භාවිතය අස්ථි බිඳීමේ අවදානම කෙරෙහි බලපෑමක් ඇති කරයිද යන්න සනාථ කිරීමට උපකාරී වේ.

නව අධ්‍යනය සිදුකිරීමේ දී අඩු මාත්‍රාවකින් ඇස්ප්‍රින් (100 mg) හෝ ප්ලේසෙබෝ (placebo) හැඩයෙන් හා පෙනුමෙන් ඒ හා සමාන ඔසු නොවන පෙත්තක් දිනපතා ගන්නා ලෙස වැඩිහිටි වැඩිහිටියන් 17,000කට ආසන්න සංඛ්‍යාවකට අහඹු ලෙස නියම කරන ලදී. පසුව,  අස්ථි බිඳීම් හෝ බරපතල වැටීම්  සිදු වීදැයි දැන ගැනීම සඳහා ඔවුන් වසර පහකට ආසන්න කාලයක් පුරා නිරීක්ෂණය කරන ලදී. බරපතල වැටීමක් යන්න විග්‍රහ කෙරුණේ හදිසි ප්‍රතිකාර අංශයට හෝ රෝහලට ඇතුළත් කිරීමට හේතු වූ එකක් ලෙසය. අධ්යයන සහභාගිවන්නන්ගේ සාමාන්ය වයස අවුරුදු 74 කි. අඩකට වඩා (55%) කාන්තාවන් වූ අතර බොහෝ දෙනෙකු සුදු ජාතිකයන්ය.

පර්යේෂකයන් සොයාගත් කරුණු අතර

●     බරපතල වැටීම් සහ අස්ථි බිඳීම් බහුලව සිදු වූ අතර, ඒවා ඇස්පිරින් ගන්නා අය අතරේ 8.6% ක් සහ ප්ලේසෙබෝ ගන්නා අය අතරේ  9.5% ක් ලෙසිනි.

●     ඇස්පිරින් සහ ප්ලේසෙබෝ ගන්නා කණ්ඩායම් අතර අස්ථි බිඳීමේ අවදානමෙහි වෙනසක් නොමැත.

●     ඇස්පිරින් භාවිතා කරන්නන් බරපතල වැටීම් වල සැලකිය යුතු ඉහළ අනුපාතයක් ඇත. මෙය ඇස්ප්‍රින්වල, රුධිරය තුනී කිරීමේ බලපෑම නිසා විය හැක: සාමාන්‍යයෙන් සුළු තැලීම් හෝ ලේ ගැලීමක් පමණක් ඇති කරන තුවාලයක්  සඳහා, (ඇස්ප්‍රින් ලබා ගන්නා පුද්ගලයෙකු  නම්) වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය යන කාරණා විය.

පොඩි ආඝාතයක් කියලා දෙයක් නෑ…

ආඝාතය(strokes) එක්සත් ජනපදයේ මරණ කෙරෙහි හේතුවන පස්වන ප්‍රධානතම සාධකය වන අතර ආබාධිතභාවයට ද සැලකිය යුතු හේතුවකි.  වෛද්‍යවරු වැනි ප්‍රවීණයන්ගෙන්

ආඝාතයක් ඇතිවීමේ අවදානම තේරුම් ගන්නේ කෙසේද, ඔබේ අවදානම අඩු කළ හැකි, සාක්ෂි මත පදනම් වූ පියවර මොනවාද, ආඝාතයේ මුල් ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද යන්න මෙන්ම මොළයආරක්ෂා කර ගනු වස්  ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමට කළ යුතු දේ  දැන උගෙන ගන්න.

පෙර නිරීක්ෂණ අධ්‍යයනයන්ට පටහැනිව යමින්, මෙම සොයාගැනීම් අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට හෝ වැටීම් ආශ්‍රිත අස්ථි බිඳීම් අඩු කිරීමට අඩු මාත්‍රාවකින් ඇස්පිරින් භාවිතයට සහාය නොදක්වයි.

ඇස්පිරින් ගැන දැන ගැනීමට  වැදගත් වන වෙනත් කරුණු මොනවා ද?

ඇස්පිරින් ආරක්ෂිත ප්‍රතිකාරයක් බව පෙනෙන්නට තිබුණත්, මෙම නව පර්යේෂණයේ සඳහන් කර ඇති පරිදි බරපතල වැටීම් ඉහළ අනුපාතය ඇතුළුව වැඩිහිටියන්ට සලකා බැලිය යුතු අවාසි කිහිපයක් ඇත. ඊට අතිරෙකව:

●     ඇස්පිරින් සහ අනෙකුත් ස්ටීරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ  ඖෂධ (nonsteroidal anti-inflammatory drugs), ආමාශයේ වණ සහ ආමාශ ආන්ත්රයික රුධිර වහනය සඳහා ප්රධාන හේතුවකි.

●     ඇස්ප්රීන් වෙත් ඇතිවන  ප්රතික්රියා බරපතල විය හැක; මේවාට අසාත්මික ප්‍රතික්‍රියා(allergic reactions)  සහ කෝටරක ප්‍රදාහය(sinusitis) හෝ ඇදුම වැනි ශ්වසන තත්වයන් නරක අතට හැරීම ඇතුළත් වේ.

●     ඇස්පිරින් වල තිබෙන් රුධිරය තුනී කිරීමේ බලපෑම, හීමොෆීලියාව (hemophilia) වැනි ඇතැම් රුධිර ආබාධ සහිත  පුද්ගලයෙකු තුළ හෝ දැනටමත් වෙනත් රුධිර තුනීකාරකයක් ගන්නා අයෙකු තුළ බරපතල ලේ ගැලීමක් ඇති කළ හැකිය.

●     හෘද වාහිනී රෝග වැළැක්වීම සඳහා ඇස්පිරින් චිකිත්සාව දශක ගණනාවක් තිස්සේ ජනප්රිය අදහසක්ව පැවතී ඇත. කෙසේ වුවද, මෑත පර්යේෂණ සහ මාර්ගෝපදේශ දක්වන්නේ, හෘදයාබාධයක් හෝ ආඝාතයක් හෝ හෘද වාහිනී ගැටළු සඳහා වෙනත් ප්‍රධාන අවදානමක් නොමැති නම්, පුද්ගලයින් සාමාන්‍යයෙන් ඇස්පිරින් නොගත යුතු බවයි.

යථාර්ථය හෙවත් ඇත්ත තත්ත්වය

විශ්මිත ඖෂධයක් ලෙස  ඇස්පිරින් ප්‍රසාදයට පත් වුවද, මෙම නවතම පර්යේෂණය සිහිගන්වන්නේ ඇස්ප්‍රින් සෑම කෙනෙකුටම හෝ සෑම තත්ත්‍වයකටම “හොඳ” නොවන බවයි -විශ්මිත ඖෂධවල  පවා යම් සීමාවන් තිබේ . තවද, මෙම නව පර්යේෂණය,  නිරීක්ෂණ අධ්‍යයනයන්හි  ප්‍රතිඵල කෙතරම් ආකර්ෂණීය වුව,  විශ්වාස කළ නොහැකි වන්නට    සහ වඩාත් ප්‍රබල අධ්‍යයනයන් හමුවේ නොපැවැත්විය හැකි ආකාරය පිළිබඳ නවතම උදාහරණය පමණි.

ඔබ මීළඟ වතාවේ වෛද්‍ය ප්‍රතිකාරයක් ගැන ප්‍රවෘත්ති කියවන විට — එය අලුතින් සොයාගත් ඖෂධයක් හෝ පැරණි  ඖෂධයක් වේවා — ඔබේ ඖෂධ පෙට්ටියේ විශ්මිත ඖෂධයක් දැනටමත් තිබෙන බවත්, පටන් ගත් අවස්ථාවේ මෙන් නොව එම ‘විශ්මිත ඖෂධය’ ගැන දැන් වෙනත් මත ඇති බවත් මතක තබා ගන්න.

Harvard Health Publishing හී පළ වී ඇති Aspirin and bone health: Is there a connection? නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.