පරිණාමය කවදා හෝ ආපස්සට යනවාද?
ප්‍රතිගාමී හෙවත් ප්‍රතිපායන පරිණාමයේ දී (regressive evolution) ජීවීන්ගේ සංකීර්ණ ලක්ෂණ නැති වී “ප්‍රතිලෝමව” පරිණාමය වන බවක් පෙනී යාමට පුළුවන. කෙසේ වෙතත් පරිණාමය ‘වරක් තබූ පය ආපසු නොගන්නා’ බව විශේෂඥයෝ පෙන්වාදෙති..
ඩෙවෝනියානු යුගයේ දී, මාළු, උභයජීවීන් බවට පරිණාමය වූ අතර, වසර මිලියන ගණනකට පසු, කකුල් හතරේ ගොඩබිම සතුන් බවට පරිණාමය විය. එනමුත් පරිණාමය කවදා හෝ පසුපසට යා හැකිද?

පරිණාමය, නියුරෝන වලින් පිරුණු බූවල්ලාගෙ අත්, ක්ෂීරපායින්ගේ කර්ණ වැනි විස්මිත සංකීර්ණ ලක්ෂණ නිපදවා ඇත. කෙසේ වෙතත්, පරිණාමයට කවදා හෝ “පසුපසට” යා හැකිද? එසේ පසුපසට යාමෙන්, සංකීර්ණ ජීවීන් පෙර කල, සරල ආකාරවලට ආපසු හැරවිය හැකිද? පරිණාමීය පියවර මුල් ස්වරූපවලට ආපසු යාමේ අර්ථයෙන් ගතවිට පරිණාමය ඇත්තටම පසුපසට නොයන බව විශේෂඥයෝ පවසති.
ටේප් රෙකොඩරයක “[පරිණාමීය වෙනස්කම් නමැති] එකම ටේප් පටය ආපසු ඔතනවා වාගේ එකම ආකාරයෙන්ම ආපසු හැරවීමේ හැකියාව අතිශයින්ම අසම්භාව්‍ය ය,” විලියම් ආර්. ජෙෆ්රි මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥයෙකුවන විලියම් ආර්. ජෙෆ්රි Live Science වෙත පැවසීය.
සංකීර්ණත්වය නැතිවීම
ප්‍රතිපායන පරිණාමය යනු කලින් පරිණාමය වී තිබූ සංකීර්ණත්වයේ ස්වරූපය නැතිවීම යයි ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ජීව විද්‍යා පර්යේෂකයෙකු වන බෙත් ඔකමුරා Live Science වෙත පවසයි. ඉතා සරල කාය ව්‍යවච්ඡේද සහිත පරපෝෂිතයන් වන myxozoans අපට ආන්තික උදාහරණයක් සපයයි. – මුඛයක් නැත; ස්නායු පද්ධති හෝ බඩවැල් නැත. තවද, ඔවුනට ඇත්තේ ඉතා කුඩා ජෙනෝමය. සරලම වර්ගය “අවශ්‍යයෙන්ම තනි සෛල වේ,” ඔකමුරා කියන්නීය.
ඒක සෛලික ප්‍රොටෝසෝවාවන් ලෙස දිගු කලක් වර්ගීකරණය කර ඇති myxozoansවන් අවසානයේ ඉතා පසුගාමී සතුන් බව හෙළි වූ බව ඔකමුරා පහැදිලි කරයි. ඔවුන් පරිණාමය වූයේ ලොඩියන්(jellyfish) ද ඇතුළු කණ්ඩායමක් වන cnidarians වෙතින් වන අතර, පරපෝෂිත ජීවන රටාවකට තවදුරටත් අවශ්‍ය නොවන බොහෝ අංග අහිමි ව ඇත..
මේ අනුව, myxozoans අවම වශයෙන් රූප විද්‍යාත්මකව පෙර පරිණාමීය අවධියකට ආපසු ගොස් ඇති බවක් පෙනෙන්නට ඇතැයි ඔකමුරා අදහස් කරයි. “ඒවා තනි සෛල ජීවීන් මත අභිසරනය වේ” ඇය පැවසුවාය.

ලොව පුරා සිටින ගුහා වාසී අන්ධ මසුන්ට ඔවුන්ගේ ඇස් අහිමි වී ඇත්තේ ගුහාවේ අඳුරු ජලයේ දැකීම අවශ්‍ය නොවන බැවිනි.(අනුග්‍රහය: Getty Images හරහා Reinhard Dircherl)
කෙසේ වෙතත්, පරිණාමීය ක්‍රියාවලිය ප්‍රතිපායන පරිණාමය තුළ පරිණාමීය පියවර ආපසි හැරවීමක් ලෙස ගණන් නොගන්නා බව ජෙෆ්රි පවසයි. ගුහාවාසී ජීවීන් ද බොහෝ විට ප්‍රතිපායන පරිණාමයකට ලක් වේ; අඳුරු පරිසරයේ දී අවශ්‍ය නොවන ඇස් වැනි සංකීර්ණ ලක්ෂණ නැති වී යයි. එනමුත් ගුහා මසුන්ගේ ඇස් අහිමි වීම, උදාහරණයක් ලෙස, මෙම අවයව නොමැතිව ජීවත් වූ ප්‍රාථමික මුතුන් මිත්තෙකු ලෙස ආපසු පැඉණාමය වීමක් අදහස් නොවේ යයි ජෙෆ්රි පෙම්වා දෙයි, ඒ වෙනුවට, කලින් ඇස නිපදවන්නට මුල්වූ ක්‍රියාවලීන් අතරමග නතර වන අතර, සමෙන් වැසී ගිය අවශිෂ්ට(vestigial) ඇසක් ඉතිරි කරයි.
“පරිණාමීය වූ දේවල් ආපස්සට යනවා වගේ පේන්න පුළුවන්” ජෙෆ්රි පැවසීය. “ඒත් (අක්ෂිය)ඇහැ ආපස්සට පරිණාමය වුණෙ නෑ. ඉස්සරහට යන එක නැවතුනා විතරයි.”
මීට අමතරව, සංකීර්ණත්වයේ අවාසි සමග -පරපෝෂිතයන් ධාරකයන් තුළට ඇතුළු වීමට භාවිතා කරන ජෛව රසායන වැනි පැහැදිලි බවින් අඩු සංකීර්ණත්වයේ වැඩි වීමක් ඇති විය හැකිබව ඔකමුරා පැවසුවාය. “රූප විද්‍යාත්මක ලක්ෂණ මොනවාද වැනි ඔබ දකින දේ අනුව පරිණාමය ගැන සිතීම මිනිසුන්ට ඉතා පහසුයි ” ඇය කියයි, “නමුත් කායික හා ජෛව රසායනික මට්ටමින් අපට නොපෙනෙන තවත් බොහෝ ලක්ෂණ ඇත.”
ගුහාවාසී මත්ස්‍යයන් තුළ, නැතිවූ ඇස් ඒ හා සමානව විකල්ප අපැහැදිලි සංකීර්ණත්වය විය හැකිය. කම්පනවලට ප්‍රතිචාර දක්වන අවයව මෙම මසුන් තුළ විශාල ප්‍රමාණයකින් දිස්වන අතර ඒවා අඳුරු පරිසරයකදී සංවේදනය සඳහා මාර්ගයක් සපයයි. ඒ වනවිටත් අධික ලෙස පුරවා ඇති හිසෙහි, (කම්පනවලට ප්‍රතිචාර දක්වන මෙම) අවයව මාළුන්ගේ හිස් ඇස් කුහර තුළ පැළපදියම් වීමට තැනක් සොයා ගෙන ඇතයි ජෙෆ්රි පැවසීය.
සංකීර්ණත්වය හරහා පසුගමන
පරිණාමය, එය තැබූ පියවර ඔස්සේ ආපසු නොයන්නට හේතුවේ කොටසක් ලෙස අනුවර්තනයන් වෙනත් වෙනස්කම් වලට තුඩු දීම දැක්විය හැකි යයි , ඔන්ටාරියෝ හි මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ Brian Golding Live Science වෙත පැවසීය. නිශ්චිත වෙනසක් ආපසු හැරවීම් එමඟින් අතිශයින් සංකීර්ණ කරනු ලැබේ. “ඔබ වෙනසක් සිදු කර ඇත්නම් ඔබ එම අනුවර්තනය මනාව සුසර කරනු ඇති අතර එම අනුවර්තනය අනෙකුත් ජාන සමඟ අන්තර් ක්‍රියා කරයි,” Golding පෙන්වා දෙයි, “දැන්, ඔබ එම එක් වෙනසක් ආපසු හැරෙව්වොත්, පරිණාමය ආපසු හැරවීමට නම් අනෙක් සියලුම ජාන වෙනස් කිරීමට ද සිදුවෙනු ඇත”


b. blind cave fish
උදාහරණයක් ලෙස ගුහාවාසී මත්ස්‍යයන් තුළ, ඇසක් මුලින්ම වර්ධනය වීමට ඇස් සඳහා අවශ්‍යවන ප්රෝටීන් වලට ඇතිවන වෙනස්කම් පමණක් නොව හිස් කබලේ අක්ෂි කුහරයක ව්යුහයන් සඳහා වෙනස්කම් ද අවශ්යවන්නට ඇත. අක්ෂි ප්‍රෝටීනයකට බලපාන විකෘතියක්, ජීවියෙකු (අක්ෂි) කුහරයක් නොමැති එකෙකු ලෙස ආපස්සට පරිණාමය වීමටව හේතු නොවේ.
අවසාන වශයෙන්, විශේෂඥයින් අනතුරු ඇඟවූයේ “පසුගාමී පරිණාමය” යන යෙදුමෙන් නොමඟ යවන ලෙස, පරිණාමයට වඩාත් සංකීර්ණ ස්වරූප නිර්මාණය කිරීමේ ඉලක්කයක් ඇති බව හැඟවිය හැකි බවයි. කෙසේ වෙතත්, පරිණාමය හුදෙක් ජීවියෙකු විශේෂිත පරිසරයකට වඩාත් සුදුසු වන ලක්ෂණ වලට අනුග්‍රහය දක්වයි, ඔකමුරා පැවසීය.
අවසාන වශයෙන්, විශේෂඥයින් අනතුරු ඇඟවන්නේ “පසුගාමී පරිණාමය” යන යෙදුමෙන් පරිණාමයට වඩාත් සංකීර්ණ ස්වරූප නිර්මාණය කිරීමේ ඉලක්කයක් ඇති බව හැඟවීම කෙනෙකු නොමග යවන සුළු බවයි. කෙසේ වෙතත්, පරිණාමය කරන්නේ ජීවියෙකු කිසියම් විශේෂිත පරිසරයකට වඩාත් සුදුසු වන ලක්ෂණ වලට හුදෙක් අනුග්‍රහය දැක්වීම යයි ඔකමුරා පැව්සුවාය..
මේ ආකාරයට ප්‍රතිපායන පරිණාමය යනු සාමාන්‍ය පරිණාමයම පමණි. උදාහරණයක් ලෙස සංකීර්ණ ඉන්ද්‍රියයක් සෑදීමේ බලශක්ති පිරිවැය ඉවත් කිරීම තුළින්සංකීර්ණත්වය නැතිවීම පරපෝෂිතයෙකු හෝ ගුහාවාසියෙකු එහි නව පරිසරයට වඩා හොඳින් අනුවර්තනය කළ හැකිය – ජෙෆ්රි පැවසීය.
“පරිණාමය සැමවිටම ප්‍රගතිශීලී වන්නේ, එය එම විචලනය ප්‍රකාශ වන පුද්ගලයින්ගේ යෝග්‍යතාවය වැඩි දියුණු කරන විශේෂාංග සඳහා තෝරා ගැනීමයි,” ඔකමුරා වැඩිදුරටත් පැව්සුවාය.
Life’s Little Mysteries(Live Science) හී පළවී ඇති Does evolution ever go backward? ලිපිය ඇසුරෙනි