ස්වදේශික ඇමරිකානුවන් ආයු අපේක්ෂාවේ  පහත වැටීම කොවිඩ් නිසාම නොව පරම්පරා ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතීන්නකි

Posted by

ස්වදේශික ඇමරිකානුවන් ආයු අපේක්ෂාවේ  පහත වැටීම කොවිඩ් නිසාම නොව පරම්පරා ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතීන්නකි.

උතුරු ඩැකෝටා විශ්ව විද්යාලයේ ඇලිසන් කෙලිහර් විසිනි

මෙය ස්වදේශික ඇමරිකානුවන් ගැන කිය වෙන්නක් වුවද, ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල ආන්තික ප්‍රජාවන්ගේ  ආඛ්‍යාන ඊට වෙනස් නොවේ

අවුරුදු හය හමාරක්.

එක්සත් ජනපද සෞඛ්‍ය සංඛ්‍යාලේඛන සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ  2022 අගෝස්තුව වාර්තාව  මත පදනම්ව ගණනය කරද්දී ඇමරිකානු ඉන්දියානුවන් සහ ඇලස්කාවේ ස්වදේශිකයන් අතර COVID-19 වසංගතය හේතුවෙන් ඇති කළ ආයු අපේක්ෂාවේ අඩුවීම එයයි: අවුරුදු හය හමාරක්.

පුදුම දනවන සුළු මෙම   අගය 2019 වසරේ වූ 71.8 සිට 2021 අවසානය වන විට 65.2 දක්වා පහළ යාම පුද්ගලයෙකු ජීවත්වන සාමාන්‍ය කාලයේ සමස්ත පහත වැටීමක් බවට පරිවර්තනය වෙයි.

වසංගතය මෙම පරිහානියට ප්‍රධාන හේතුවක් වුවද, එය සම්පූර්ණ කතාව නොවේ.  COVID-19 මතුවීමට පෙර සිටම, ආදිවාසී පිරිමින්ගේ ආයු අපේක්ෂාව, එක්සත් ජනපදයේ හිස්පැනික් නොවන සුදු මිනිසුන්ට වඩා ඒ වන විටත් වසර පහක් අඩු විය

කටුක යථාර්ථය

ස්වදේශික ඇමරිකානු වෛද්‍යවරියක සහ මණ්ඩලයේ සහතික ලත් එම්.ඩී උපාධිධාරිණියක ද් වන මම, ආදිවාසී ඇමරිකානුවන් මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ගැන  හොඳින් දනිමි.

Koyukon Athabascan ගොත්‍රයේ සාමාජිකයෙකු ලෙස ඇලස්කාවේ ඈත පිටිසර ගම්බද ප්‍රදේශවල හැදී වැඩෙද්දී, උණ, වසූරිය, ක්ෂය රෝගය වැනි බෝවන රෝග අපගේ පැවැත්මට තර්ජනයක් වූ ආකාරය පිළිබඳ කථා මා අසා ඇත. මගේ සංස්කෘතික කණ්ඩායම පැවත එන්නේ 1918  මහා උණ වසංගතයෙන් දිවි ගලවා ගත්  පවුල් තුනකිනි.

පාරම්පරික වෛද්‍යවරයකු වීමට මේ ඉතිහාසය මා පෙලඹෙවීය. බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ මගේ පුහුණුව හා සමගම  ශාක පදනම් වූ වෛද්ය විද්යාව සහ පෘථිවිය පාදක කරගත් කරගත් විද්යාව මම ඉගෙනගෙන ඇත්තෙමි. එය මට ඉගැන්වූයේ මගේ වැඩිහිටියන් විසින් —  එම වැඩිහිටියන් තමයි, වසර දහස් ගණනක රැස් කරගත් දැනුම  මා වෙත ලබා දුන් වෘත්තිකයන් .

මගේ වෛද්‍ය සහ සාම්ප්‍රදායික භාවිතයන් යන දෙකෙන්ම, ආයු අපේක්ෂාව පහත වැටීමට සහ දේශීය සහ දේශීය නොවන සෞඛ්‍ය ආනිශංස අතර බෙදීමට බොහෝ හේතු ඇති බව මම ඉගෙන ගතිමි.  එසේ නමුත් මෙම පරතරය — රජය සහ වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මකවන්නේ නම් — අඩු කළ හැකිය.

“Young and Native American,” BBC ප්‍රවෘත්ති විසින් නිෂ්පාදනය කරන ලද කෙටි වාර්තා චිත්‍රපටය මෙතැනින් නරඹන්න

දුප්පත්කම, විරැකියාව සහ සෞඛ්‍ය පහසුකම් නොමැතිකම

ඇමරිකානු ඉන්දියානු සහ ඇලස්කාවේ ස්වදේශික ජනතාව  ස්වදේශික නොවන ජනගහන අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩියෙන් දියවැඩියාවෙන් මිය යති. රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවල(CDC – Centers for Disease Control and Prevention) වාර්තාවක්, ස්වදේශික ඇමරිකානුවන් අතරේ තරබාරුකමේ අධික රුධිර පීඩනය, පිළිකා සැලකිය යුතු ඉහළ අනුපාත සහ අනෙකුත් ඇමරිකානුවන්ට වඩා සාමාන්‍ය දුර්වල සෞඛ්‍ය තත්ත්වයක්  ඇති බව පෙන්නුම් කරයි.. ස්වදේශික ප්‍රජාවන්ගේ සියදිවි නසාගැනීම් අනුපාතය ස්වදේශික නොවන ප්‍රජාවන්ට වඩා 43% පමණ වැඩිය; තවද, හිස්පැනික් නොවන සුදු කාන්තාවන්ට වඩා ස්වදේශික ඇමරිකානු කාන්තාවෝ බොහෝ විට ලිංගික හිංසනය අත්විඳිති 

මෙම විෂමතා සඳහා බොහෝ හේතු තිබේ.  මුලින්ම: ස්වදේශික ඇමරිකානුවන්ට සියලුම සුළුතර කණ්ඩායම් අතර ඉහළම දරිද්‍රතා අනුපාතය ඇත, සමහර විට එය 25% තරම් ඉහළ වන්නට පුළුවන

2022 නොවැම්බරයේ දී සාමාන්‍ය ජනයා අතර 3.7%  හා සසඳන විට  ඇමරිකානු ඉන්දියානුවන් සහ ඇලස්කාවේ ස්වදේශිකයන් අතර විරැකියාව 6.2% කි.   බොහෝ ආදිවාසීන්, සෘතුමය වශයෙන් පමණක් වැඩ කරන අතර දුක්ඛිත ලෙස ඌන රැකියා තත්ත්වයක් ද ඇත.

ඇමරිකානු ඉන්දියානුවන් සහ ඇලස්කාවේ ස්වදේශිකයන්  වෙත එක්සත් ජනපද සෞඛ්‍ය සේවා පද්ධතිය තුළින් සැපයෙන  සේවා ප්‍රමාණවත් නැත.  දේශීය ඇමරිකානුවන්ට වෛද්‍ය ප්‍රතිකාර සපයන ෆෙඩරල් ඒජන්සිය ඉන්දියානු සෞඛ්‍ය සේවය (Indian Health Service) වෙත වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් පමණ අරමුදල් සපයයි. එය ඒක පුද්ගලිකව දක්වතොත්  2021 දී එක් පුද්ගලයෙකුට වාර්ෂිකව $4,078 පමණකි.

මෙහි ප්‍රතිඵලය වන්නේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන දේශීය රෝගීන්පරීක්ෂාව පිණිස වෛද්‍යවරුන්, හෙදියන් සහ චිකිත්සකයින් අඩු වීමයි. ප්‍රතිකාර ලබා දෙන එම අඩු පිරිසට පවා කලින් රෝග විනිශ්චය කිරීමට සහ ප්‍රතිකාර කිරීමට උපකාරී වෙන MRI සහ ultrasound යන්ත්‍ර වැනි  තාක්‍ෂණයන් හිඟය. එවැනි හිඟයන්  ප්‍රාථමික හෝ හදිසි ප්‍රතිකාර සඳහා අඩු ප්‍රවේශය, අඩු ආයු අපේක්ෂාව සඳහා දායක වේ.

ඓතිහාසික අර්බුදය

අස්ථිර සෞඛ්‍ය සේවා පද්ධතියක් යනු ගැටලුවේ කොටසක් පමණි.  අහිතකර ළමා අත්දැකීම්, සමාජ ආන්තිකකරණය, සහ විෂ සහිත බව,  මෙන්ම නිර්දය ආතතිය ද කෙටි ජීවිත සඳහා දායක වේ. ඒ වගේම, නොවිසඳුණු ඓතිහාසික අර්බුදය – සමුච්චිත නිශ්චිත කණ්ඩායමක් තුළ චිත්තවේගීය හා මානසික කම්පනය – පරම්පරා ගණනාවක් පුරා විහිදෙයි.

මේ ආකාරයේ සාමූහික කම්පනය කියා නිම කළ නොහැක. වර්ධනය වන සාක්ෂි සමූහයක් ආදිවාසීන් කෙරෙහි එහි බලපෑම ලේඛනගත කරයි. ඓතිහාසික කම්පනය, තනි පුද්ගලයන්ට පමණක් නොව මුළු පවුලටමඑල්ල වන සේ කායික ආතතිය ඇති කළ හැකිය.  ශරීරයේ ආතති ප්රතිචාරය අපිජනක්(epigenetic) වෙනස්කම් ඇති කර බව හැඟවීමට මෑතකාලීන සාක්ෂි තිබේ.  ඒ කියන්නේ පරිසරය නිසා ස්වදේශික ඇමරිකානුවන් තුළ ඇතිවන ජාන ප්රකාශනයේ වෙනස්කම්   උපතට පෙර පවා කෙනෙකුගේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකිය යන්නයි

ස්වදේශික ඇමරිකානුවන් අත්විඳින සෞඛ්‍ය විෂමතා සඳහා ඓතිහාසික කම්පන සහ වර්ගවාදය දිගටම දායක වේ.

අද දක්වාම, එක්සත් ජනපද ආන්ඩුව නිරන්තරයෙන්ම අසමානතාවය අනුමත කරන ප්‍රතිපත්ති  සම්පාදනය කර ඇත. වර්ත්මානයේ ඓතිහාසික කම්පන සහ සෞඛ්ය විෂමතා වලට  මේ ක්‍රියාවන් දායක වී තිබේ.  ඇමරිකානු ඉන්දියානු සහ ඇලස්කාවේ ස්වදේශික ප්‍රජාවන්  ලෙඩරෝග, යුද්ධය, සිරකොට තැබීම සහ කුසගින්න සියවස් ගණනාවක් තිස්සේ. පෙළා ඇත.

කලක් අපේ නිවාස තිබුණු ඉඩම් වලින්,අවතැන් වූයේ ආදිවාසීන් පමණක් නොවේ:  අප ඔවුන්ගේ(ආදිවාසීන්ගේ) සම්ප්‍රදායන් පිළිපැදීම නීති විරෝධීයි එක්සත් ජනපද ආන්ඩුව නීති පවා පැණවීය . 20 වන ශතවර්ෂයේ වැඩි කාලයක් පුරා එක්සත් ජනපද ආන්ඩුව ස්වදේශික දරුවන්  ඔවුන්ගේ පවුල්වලින් ඔවුන්ව වෙන් කළ නේවාසික පාසල් ඇතුළත් කළේය.

චක්රය බිඳ දැමීම

ආදිවාසී ප්‍රජාවන්ට නව හෝ වැඩි දියුණු කරන ලද රෝහල් සහ සායන, වඩ වඩාත් හොඳ රෝග විනිශ්චය තාක්‍ෂණය, දන්ත වෛද්‍ය ප්‍රතිකාර, ප්‍රසව හා ළමා රෝග සහ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ සේවා, සහ  මත්පැන් සහ මත්ද්‍රව්‍ය සහ අපයෝජන  ප්‍රතිකාර වැඩසටහන් තවත් අවශ්‍ය බව පැහැදිලිය.

හොඳ ආරංචියමෙයයි: ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර සඳහා මෙකී අවශයතාවන්ගෙන් සමහරක් සපුරාලීම සඳහා Biden පරිපාලනයේ ‘2022 යටිතල පහසුකම් පනත’ මගින්  $ බිලියන 13 ලබා ගත හැක. .තවද,  COVID-19 සහන සඳහා අතිරේකව ඩොලර් බිලියන 20ක් වෙන් කිරීම වඩාත් ක්ෂනික අභියෝග කිහිපයක් ජයගැනීම සඳහා ද උපකාර ලබා දෙනු ඇත.

නමුත් මෙම ආධාරය සමඟ පවා තවමත් අරමුදල් හිඟයක් පවතී.  ෆෙඩරල් රජය පිළිගත් ගෝත්‍ර නියෝජනය කරන ලාභ නොලබන උපදේශක කණ්ඩායමක් වන ජාතික ඉන්දීය සෞඛ්‍ය මණ්ඩලය 2024 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 48 ක කැපවීමක් නිර්දේශ කරයි. එහෙත්, වත්මන් අයවැය, ඩොලර් බිලියන 9.3කි. ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සම්පූර්ණ අරමුදල් අවශ්‍යතාවයෙන්  එය පහෙන් එකකට වඩා අඩුය.

අරමුදල්වල මෑත කාලීන වැඩිවීම නිසැකවම නිවැරදි දිශාවට තබන පියවරකි. එනමුත් ස්වදේශික ඇමරිකානුවන්ගේ කෙටිආයුකාලය සඳහා දායක වන සාධක පරම්පරා ගණනාවකට පෙර ආරම්භ වූ ඒවා අතර, ඒවා අදටත් අප අතරින් ලාබාලතම අය අතර ප්‍රතිරාව නගයි.

වෘත්තීයමය දෘෂ්ටි කෝණයකින් – මෙන්ම මට සහ මගේ මුතුන් මිත්තන්ට ඉතා පෞද්ගලික වූ කාරණාවක් හැටියට – මෙම ක්ෂේත්‍රයේ  තවත් වැඩ ප්‍රමාණවත් තරම් ඉක්මනින් ඉ‍ටු කල යුතුවේ.

The Conversation(February 3, 2023) හී පලවූ  Native Americans have experienced a dramatic decline in life expectancy during the COVID-19 pandemic – but the drop has been in the making for generations යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.