කෝපි ඔබට අමතර ශක්තියක් ලබා නොදේ; එය ඔබට පසුව ගෙවනු පිණිස ශක්තිය මදක් ණයට දෙනු ඇත
උදෑසන නැගිට්ට ගමන් දවසේ වැඩ කටයුතු අරඹන්න කෝපි කෝප්පයක් අපට ‘ගැම්මක්’ ලබා දෙනවා කියලා අපෙන් බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන. මේකෙ[ පෙරදිගට් හෝ අපරදිගට කියලා වෙනසක් නැහැ. ලෝකයේ ජනතාව එකට එකතුවෙලා දිනකට බොන කෝපි කෝප්ප ගණන කෝප්ප බිලියන දෙකට අධිකයි. ඒ වුණාට එහෙම බිව්වා කියලා උදෑසනට ගැම්මක් හෝ දවස පුර ජවයක් ඇතිවෙන්නේ නැහැ. කෝපි වල ඇති ප්‍රධාන උත්තේජකය වන්නේ කැෆේන්(caffeine) ය. තවද කැෆේන් ක්‍රියා කරන ප්‍රධාන ක්‍රමය වන්නේ අපගේ මොළයේ සෛල ඇඩෙනොසීන්(adenosine) නම් සංයෝගයක් සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමෙනි

කාර්යබහුල වෙනවා, මහන්සි වෙනවා
ඇඩිනොසීන්: එය අපගේ නින්ද සහ අවදිව සිටීම අතර චක්‍රය නියාමන පද්දතියේ කොටසක් වන අතර ඉහළ මට්ටමේ ක්‍රියාකාරකම් තෙහෙට්ටුවට හේතු වන්නේ ඇයිද යන්නෙහි ද කොටසක්. අපි අපේ දිනය ගෙවාලමින් නොයෙකුත් දේවල් කරන විට, ඇඩෙනොසීන් මට්ටම ඉහළ යයි .මක්නිසාද යත් එය අපගේ සෛල භාවිතා කරන ශක්තිය ලෙස බැවින් එය අතුරු ඵලයක් ලෙස නිකුත් කරන බැවිනි.
අවසානයේ දී ඇඩිනොසීන් එහි (සංඥා ලබා ගන්නා සෛලයේ කොටස්) ප්‍රතිග්‍රාහකයට බන්ධනය වේ. ප්‍රතිග්‍රාහකය, මන්දගාමී වන ලෙස සෛලවලට පවසන අතර, එවිට අපට නිදිබර ගතිය සහ අලස ගතිය දැනේ. දිනයක්ම පාහේ ක්‍රියාකාරකම් වල යෙදෙන ඔබට පසුව වෙහෙස දැනෙන්නේ එබැවිනි. අපි නිදා සිටියදී, බලශක්ති භාවිතය පහත වැටේන්නේ එය වෙනත් ස්වරූපවලට නැවත පරිවර්තනය වී ඇඩෙනොසීන් මට්ටම අඩු කරමිනි. ඔබ උදෑසන අවදි වන විට ප්‍රබෝධමත් බවක් දැනේ. හැබැයි ඉතින් එහෙමවෙන්නේ, ඔබට ප්‍රමාණවත් නින්දක් ලැබෙන්නේ නම් පමණයි.
ඔබ අවදි වන විට ඔබට තවමත් නිදිමත දැනෙනවා නම්, කැෆේන් සුළු වේලාවකට උපකාර කළ හැකිය. එය ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහකයට බන්ධනය වීමෙන් ක්‍රියා කරයි. ඇඩිනොසීන් ප්රතිග්රාහක, සමාන හැඩයකින් යුක්ත නිසා එය කළ හැකිය. නමුත් එය ඇඩිනොසීන් කරන්නාක මෙන් නිදිබර, මන්දගාමී බව හටගන්වන සංඥාව අවුලුවන්නක් නොවේ ඒ වෙනුවට එය නිශ්චිත තැන් පුරවා ඇඩිනොසීන් එහි බැඳීම නවත්වයි. මෙය නිදිමත හැඟීම දුරු කරයි.
නොමිලේ ගමනක් නැත
එනමුත් මෙතැන පොඩි පටලැවිල්ලක්, ‘රැවටීමක්’ තිබේ. කැෆේන් සුළු වේලාවකට උපකාර කළ හැකි බවක් දැනෙන්න්ට පුල්වන් අතර, මෙම කුඩා කැෆේන් ප්‍රමානය නව ශක්තිය නිපදවීමකට උපකාර වන්නක් නොව වඩා නිතිබර ගතිය සුළු මොහොතකට පහවීමට සෙපයෙන සුළු ‘ණයක්’ වේ.
මෙය කැෆේන් සදහටම බැඳෙන්නේ නැති නිසා මෙන්ම කැෆේන් මගින් අවහිර කරනු ලබන ඇඩෙනොසීන් ඉවත්ව යන්නේ නැති නිසාය. ඉතින් අවසානයේදී කැෆේන් බිඳ වැටෙන අතර ප්‍රතිග්‍රාහක සහ ඇඩිනොසීන් සියල්ල අතහැර දමද්දී නිදිමත සමහර විට එකවරම — නැවත පැමිණේ –
එබැවින්, ඔබ කැෆේන් සඳහා ගෙවිය යුතු ණය සෑම විටම ආපසු ගෙවිය යුතු අතර, එය ආපසු ගෙවීමට ඇති එකම සැබෑ මාර්ගය වන්නේ නිදා ගැනීමයි.
කාලය හැමට වඩා වැදගත්
ඔබේ පද්ධතිය තුළ තවමත් ප්‍රතිග්‍රාහකවලට සම්බන්ධ වී නොමැති නිදහස් ඇඩිනොසීන් කොපමණ ප්‍රමාණයක් තිබේද, සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ කෙතරම් නිදිමත ගතියෙන් යුක්ත ද යන්න ඔබ පානය කරන කැෆේන් ප්‍රමාණය ඔබව අවදියෙන් තබා ගැනීමට බලපානු ඇත. ඉතින්, (හිමිදිරියේ නොව) ඔබට වැඩි නිදිමත සංඥා පහලව ඇති, දවසේ පසු වේලවක ඔබ බොන කෝපි ඔබේ පද්ධතියට වඩා බලවත් බවක් දැනිය හැක.

එම් වේලාව දවසේ වැඩි කොටස ගෙවි ගොස් නින්දට යන විට නම් කැෆේන් නිසා නිදා ගැනීමට අපහසු වේ. කැෆේන් වල “අර්ධ ජීවිතය” (“half life” ) හෙවත් කැෆේන් අඩක් බිඳ දැමීමට ගතවන කාලය පැය පහකි. එහෙම කිව්වට, අප හැමෝම කැෆේන් පරිවෘත්තීය කෙරෙන්නේ වෙනස් ලෙසය; එබැවින් අපගෙන් සමහරක් අතරේ බලපෑම් ඉක්මනින් ගෙවී යයි. නිතිපතා කෝපි බොන අයට කැෆේන් “ගැම්ම” අඩුවෙන් දැනෙන්නට පුළුවන. කලක් ගතවෙද්දී උත්තේජකයට පුරුදුවීම ක්‍රමයෙන් වර්ධනය වේ.
කැෆේන්වලට කෝටිසෝල් මට්ටම ඉහළ නැංවීමට පුළුවන. ඔබට වඩාත් එළඹ සිටි සිහිය වැඩකිරීමට හැකියාව ඇතිකරවන ආතති හෝමෝනයකි. මෙයින් අදහස් කරන්නේ ඔබ අවදි වන විට කෝටිසෝල් හි ස්වභාවික වැඩිවීමක් ඇතිවන නිසා, හිමිදිරියේම් නොව උදෑසන පසු වෙලාවක කැෆේන් වඩාත් ඵලදායී ලෙස දැනෙන බවයි. මෙම හේතුව නිසා ඇඳෙන් නැෆිටින කොටම බොන කෝපි වල බලපෑම එතරම් බලවත් නොවන බව පෙනේ.

ඔබ කැමති කැෆේන් සහිත පානය ද සීනි සහිත එකක් නම්, මෙය එකවරම ඉහළ ගොස් පහත වැටීමේ හැඟීම තවත් උග්‍ර කළ හැකිය. මක්නිසාද යත් සීනි ශරීරය තුළ සැබෑ ශක්තියක් ඇති කරන අතර, ඔබේ පානයෙහි ඇති නිදහස් සීනි රුධිරයේ සීනි එකවරම වැඩිවීමකට හේතු විය හැක හෙයිනි. එවිට පහත වැටීම පැමිණි කල ඔබ වෙහෙසට පත් විය හැක.
හිස් බඩින් කෝපි පානය කිරීමේ කිසිදු හානියක් ඇතැයි ඔප්පු වී නොමැති අතර, ආහාර වේලක් සමඟ හෝ ඉන් පසුව කෝපි බීම ඔබට වඩා සෙමින් දැනිය හැකිය. මෙයට හේතුව කැෆේන් අවශෝෂණය කිරීමේ වේගය ආහාර මගින් අඩු කරනු ලැබීම විය හැකියි.
එතකොට, කහට වැඩි තේ එකක්? නැත්තං බුබුළු දමන කෝලා එකක්?
ඇත්ත වශයෙන්ම, ඔබට යම් ශක්තියක් ලබා දිය හැකි එකම කැෆේන් සහිත පානය කෝපි නොවේ.
තේ, ශක්තිය වැඩීමට බොන බීම සහ අනෙකුත් බීම වල ඇති කැෆේන් ශරීරයට එකම ආකාරයකින් බලපායි. එහෙත්, සංරචක බොහෝ දුරට පැලෑටි වලින් ලැබෙන බැවින්, ඒ එක් එක් සෑම කැෆේන් සහිත පානයකටම අමතර තමන්ගේම සංයෝගවල ‘පැතිකඩ’ක් ඇතුවා පමණක් නොව උත්තේජක බලපෑම් වෙනස් කිරීමට කැෆේන් සමඟ අන්තර් ක්රියා කළ හැක.
කැෆේන් ප්රයෝජනවත් විය හැකි නමුත් එය දිව්‍ය ඖෂධයක් නම් නොවේ. ශක්තිය නිපදවීමට සහ අපගේ ශරීරය නැවත පණගැන්වීමට අපට අවශ්‍ය ප්‍රමාණවත් ආහාර, ජලය සහ නින්දයි.
The Conversation(January 29, 2023 ) හී පළ වන Nope, coffee won’t give you extra energy. It’ll just borrow a bit that you’ll pay for later යන ලිපිය ඇසුරෙනි