විද්‍යාඥයෝ ගෝලීය උණුසුමට බලපාන අනතුරුදායක ‘ත්වරක’ පරීක්ෂා කර බලති
නව අධ්‍යයනයක් මගින් දේශගුණික ප්‍රතිපෝෂණ ලූප වර්ගීකරණය කර ඇති අතර එමඟින් දේශගුණය, ග්‍රහලෝක තුණ්ඩ ලක්ෂ්‍ය(කුඩා වෙනසක් ඒ හා සමාන වෙනසක් මගින් කලින් කෙරුණු බලපෑමට වඩා බලපෑමක් ඇතිකළ හැකි ඉම හෙවත් පෙරළිය හැකි ලක්ෂ්‍ය – tipping point) පසුකර යාමට ඇති හැකියාව සොයා බලා ඇත.

2021 අගෝස්තු 24 වැනි දින ගන්නා ලද මෙම ගුවන් දර්ශනය: ස්වීඩනයේ නොර්බොටන් ප්‍රාන්තයේ අබිස්කෝ ගම්මානය අසල දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳව සොයා බලන පර්යේෂකයන් විසින් නිත්‍ය හිම අධ්‍යයනය කරනු ලබන ප්‍රදේශයක් වන ස්ටෝෆ්ලැකට් වගුරු බිමෙහි ඇති පොකුණ එමගින් පෙන්වයි. අනුගහය: Getty Images හරහා Jonathan Nackstrand/AFP
හරිතාගාර වායු විමෝචනයෙන් හානි වූ පරිසරයක ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ වේගය මෑතකාලීන දේශගුණ ප්‍රක්ෂේපණයන් මගින් අවතක්සේරු කර දක්වනු ලබනවා විය හැකිය: මන්ද උනුසුම් වීම වේගවත් කළ හැකි ප්‍රබල දේශගුණික ප්‍රතිපෝෂණ ලූපවල අන්තර්ක්‍රියා, ප්‍රධාන දේශගුණික ආකෘතිවල හොඳින් නිරූපණය නොවන බව ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිගමනය කරනු ලැබ ඇති හෙයිනි. One Earth සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක එම නිගමනය දැක්වේ.. එම විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ විමෝචනය අඩු කිරීමට දරන ප්‍රයත්නයන් වඩාත්ම අයහපත් දේශගුණික ප්‍රතිඵල වළක්වා ගැනීම සඳහා වඩාත් නොපවාම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ක්‍රියා කිරීම අවශය බව යයි පර්යේෂක කණ්ඩායම වාර්තා කළේය.

“ප්‍රතිපෝෂණ විස්තාරණය කිරීම ප්‍රමාණවත් තරම් ප්‍රබල නම්, ප්‍රතිඵලය වනු ඇත්තේ මිනිසුන්ට පාලනය කළ හැකි ඕනෑම දෙයකින් ඔබ්බට යන ඛේදජනක දේශගුණික විපර්යාස විය හැකිය” යනුවෙන් ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥයෙකු සහ ලෝක විද්‍යාඥයින්ගේ සන්ධානයේ සම-නිර්මාතෘ සම-කර්තෘ බිල් රිපල් පෙන්වා දෙයි. ලෝක විද්‍යාඥයින්ගේ සන්ධානයට රටවල් 180 ක සාමාජිකයින් 26,000 ක් සිටිති. 2015 පැරිස් ගිවිසුම යටතේ රජයන් විසින් කරන ලද ප්‍රතිඥාවලට අනුකූලවෙමින්, ගෝලීය උණුසුම මැඩපැවැත්වීම සඳහා වන ප්‍රතිපත්ති තීරණාත්මක ලෙස ක්‍රියාත්මක කරන්නැයි මෙම සංධානය බලකර ඉල්ලා සිටියි.
“අවදානම් සහිත දේශගුණික ප්‍රතිපෝෂණ බොහොමයක් සහ ග්‍රහලෝක පෙරළිය හැකි ලක්ෂ්‍ය කරා ඇති විය හැකි ත්වරණය පිළිබඳව අවධානය යොමු කරන දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change – IPCC) විශේෂ වාර්තාවක් දැකීමට අපි කැමැත්තෙමු,” යි ඔහු පවසයි, “වඩාත්ම ශුභවාදී තක්සේරු අවබෝධ කර ගැනීම වැදගත් වෙන බව ඇත්තකි. නමුත් නරකම අවස්ථාවන් පිළිබඳව ද අප දැනුවත්ව වීම වැදගත්ය.”
මෑත ඇගැයීම් නිගමනය කරන්නේ, රටවල් තමන් විසින්ම සකසා ඇති විමෝචන-අඩු කිරීමේ ඉලක්ක සපුරා ගන්නේ නම්, සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය 2100 වන විට පූර්ව කාර්මික උෂ්ණත්වයෙන් සෙල්සියස් අංශක 2.7 ක් තෙක් උණුසුම් වනු ඇතැයි යනුවෙනි. එය පවා මිනිසුන්ට සහ පරිසර පද්ධති සඳහා ව්‍යසනකාරී බලපෑම් ඇති කරනු ලබන තත්ත්වයකි. එසේනමුත් නව පත්‍රිකාවේ පෙන්වා ඇති සමහර ප්‍රතිපෝෂණ ලූප වේගවත් වුවහොත්, උනුසුම් වීම සියවස අග වන විට එම මට්ටමට වඩා සෙල්සියස් අංශක 4ක් දක්වා ඉහළ යා හැක.
දේශගුණික ප්‍රතිපෝෂණ යනු සාගරයේ, වායුගෝලයේ සහ ගොඩබිමේ භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් වන අතර, බොහෝ අවස්ථාවලදී, උනුසුම් වීම වේගවත් කිරීම සඳහා එකිනෙක(එකක් මගින් අනික) ශක්තිමත් කරයි. එක් උදාහරණයක් නම් මුහුදු අයිස් දියවීම සාගරයට වැඩි සූර්යාලෝකය අවශෝෂණය කර ගැනීමට ඉඩ සලසන්නක් වන අතර එහි ප්‍රතිඵලය ලෙස සාගර ජලය උණුසුම් කරයි,; එවිට තව තවත් අයිස් දිය වේ. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීමෙන් සංසේචනය වූ ගස් වේගයෙන් වර්ධනය වන අතර එමඟින් වැඩි CO2 ප්‍රමාණයක් ලබා ගැනීම වැනි සිසිලන බලපෑමක් ඇති කළ හැකි දේශගුණ ප්‍රතිපෝෂණ ලූප කිහිපයක් ගැන ද නව පත්‍රිකාව විස්තර දක්වයි.
පර්යේෂකයන් විසින් දේශගුණික ප්‍රතිපෝෂණ ලූප 41ක් පරීක්‍ෂා කළ අතර එහිදී හෙළිවූයේ ඉන් 27ක් උනුසුම් වීම සැලකිය යුතු ලෙස වැඩි කරන බවයි. එහෙත් දේශගුණික ආකෘතිවල ඒ ගැන සම්පූර්ණ විස්තර දැක්වීමක් සිදු කර ඇති බවක් සොයා ගැනීමට නොහැකි බව පර්යේෂකයෝ දක්වති. විද්‍යාඥයන් සාමාන්‍යයෙන් ප්‍රතිපෝෂණ වළලු ලූප තනි තනිව තේරුම් ගන්නා නමුත්, ඒ සියල්ල එක්ව ඉදිරි වසර 50 සිට 80 දක්වා කාලය තුළ ඇති කළ හැකි සමුච්චිත බලපෑම බොහෝ විට නොසලකා හරින බව Ripple කියයි.
“නිත්‍ය තුහින දියවීම, වන විනාශය, පාංශු කාබන් අහිමිවීම සහ දුම් දමන පීට් වගුරුබිම් ඇතුළු ජීව විද්‍යාත්මක ප්‍රතිපෝෂණ ලූප කිහිපයක් ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙමු,” රිපල් කියා සිටියි, “සියවස ක්‍රමයෙන් ගෙවී යද්දී මෙම ප්‍රතිපෝෂණ ගෝලීය උණුසුම් වීමට සැලකිය යුතු ලෙස දායක විය හැක.”
IPCCය එහි කැපී පෙනෙන දේශගුණ විද්‍යා වාර්තාවල නිශ්චිත දේශගුණික බලපෑම් ඇතිවීමේ හැකියාව තක්සේරු කරයි — උදාහරණයක් ලෙස, IPCCය මුහුදු මට්ටම ඉහළ යාමට ඉහළ සම්භාවිතාවක් පවරයි — එනමුත් ප්‍රතිපෝෂණ සහ ඉඟි ලකුණු තවමත් පවතින්නේ “ගැඹුරු අවිනිශ්චිතතා” තත්ත්වයකය යයි Frank Pattyn පවසයි. හෙතෙම, මෙම දේශගුණ විද්‍යා වාර්තාවලට සම්බන්ධ නොවූ බ්‍රසල්ස් හි Vrije Universiteit හි ඇන්ටාක්ටික් ග්ලැසියර විද්‍යාඥයෙකි.
“මගේ වසම තුළ, දන්නා එක් ගැඹුරු අවිනිශ්චිතතාවයක් වන්නේ ඇන්ටාක්ටික් අයිස් තට්ටු අහිමි වීමයි, එය සමුද්‍ර අයිස් තට්ටුවේ අස්ථාවරත්වය සහ සමුද්‍ර අයිස් කඳු අස්ථායීතාවය පිළිබඳව අප දන්නා ප්‍රතිපෝෂණවලට සම්බන්ධය” යි ඔහු කියයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය අතීත කාලවලදී, IPCC ප්‍රක්ෂේපණවලට වඩා වේගයෙන් අයිස් තට්ටු දියවීමට සහ මුහුදු මට්ටම ඉහළ නැංවීමට තරම් ඇන්ටාක්ටිකාවේ විශාල අයිස් කැබලි වේගයෙන් කඩා වැටී ඇති බව පර්යේෂණවලින් පෙනී යයි.

මුහුදු මට්ටම ශීඝ්‍ර ඉහළ යාමට විභව දායකයෙකු ලෙස සාගර අයිස් දඹ වියෝජනය හඳුනාගැනීමේ මුල්ම ලිපි ලේඛන 2016 දී පමණ පළ වූ බව ඔහු පැවසීය. “දැන්, අවුරුදු හයකට, හතකට පසුවත්, අපි එය වඩාත් භෞතිකව තේරුම් ගත හැකි ආකාරයකින් සැලකිල්ලට ගත හැකි තැන කරා පැහැදිලිව ඉදිරියට ගොස් නැහැ. වඩාත් භෞතිකව තේරුම් ගත හැකිවීම, මුහුදු මට්ටම ඉහළ යාමේ වඩාත් නිවැරදි ප්‍රක්ෂේපණ ලබා දෙනු ඇත.”
හඳුනාගත් පෙරළිය හැකි ලකුණු පිළිබඳ පර්යේෂණ තවමත් “ළදරු අවධියේ” පවතින අතර, නව අධ්‍යන පත්‍රිකාව “ප්‍රතිපෝෂණවල බලපෑම් සහ අන්තර්ක්‍රියා ඉක්මනින් තක්සේරු කිරීම පිණිස විශාල ජාත්‍යන්තර බලමුලු ගැන්වීමක ” අවශ්‍යතාවය පෙන්වා දෙයි.
පෘථිවියේ ජීවයේ සූක්ෂ්ම බලපෑම් දේශගුණික ආකෘතිකරණයට වඩාත් විශ්වාසවන්ත නිරූපණයක් ගෙන ඒමට උත්සාහයක් ගෙන ඇති නමුත් ඒවා තවමත් සම්පූර්ණයෙන් ඒකාබද්ධ වී නොමැත. ගෝලීය දේශගුණික ආකෘතීන් මුල සිටම නැවත ගොඩනැගිය නොහැකි වුවද, අඩුම තරමින් එය ප්‍රතිපෝෂණ ගතිකයට බලපාන්නේ කෙසේද යන්න ගවේෂණය කිරීමටවත් හැකි වන පරිදි, ගෝලීය දේශගුණික ආකෘතීන් “එම ජීව ගුණාංග සමහරක් ආදර්ශ රාමු තුළට ගෙන ආ යුතුය” යි හෙතෙම පෙන්වා දෙයි..
ඉදිරි වසරවලදී සෙල්සියස් අංශක 1.5 සීමාව කඩ වුවත් ගෝලීය උණුසුම සීමා කිරීමට උත්සාහ කිරීම කොතරම් වැදගත්ද යන්න නව පත්‍රිකාවෙන් පෙන්නුම් කරන බව සම-කර්තෘ, Exeter විශ්ව විද්‍යාලයේ ගෝලීය පද්ධති ආයතනයේ අධ්‍යක්ෂ Tim Lenton පවසයි, “ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ හානිය රේඛීය නොවන ආකාරයෙන් ඉහළ යන බවට සාක්ෂි පෙන්නුම් කරන බව අපගෙන් බොහෝ දෙනෙකු පවසනු ඇතැයි මම විශ්වාස කරනවා. එබැවින් සෑම අංශක දහයෙන් පංගුවකට වඩා වැඩි උෂ්ණත්වයක් පෙර දහයෙන් පංගුවට වඩා වැඩි හානියක් සිදු කරයි.”
Inside Climate News හී පළවන Scientists Examine Dangerous Global Warming ‘Accelerators’ නම් ලිපියෙහි සංක්ෂිප්ත අනුවාදයකි