ජාන සහ සංස්කෘතිය ගැඹුරින් බද්ධ වී ඇති බව තර්ක කරන පර්යේෂක Ryutaro Uchiyama මෙම ක්ෂේත්‍ර දෙක ප්‍රතිසන්ධානය පිණිස පුරෝගාමී නව රාමුවක් යෝජනා කරයි.
ඔබේ උස, ඔබේ බර, ඔබ ඔලිම්පික් මලල ක්‍රීඩකයෙකකු මට්ටමේ ශරීර සෞඛ්‍යයෙන් ද නැතිනම් ඔබ බසයට ගොඩවීම සඳහා දුවගෙන යාම පවා අපහසු ද, එතකොට ඔබ සවන් දීමට ප්‍රිය කරන සංගීතය: මේවායින් කොපමණ ප්‍රමාණයක් සඳහා ඔබේ ජාන දායකවී ඇති ද නැතිනම් මේවායින් කොපමණක් ඔබේ පරිසරයේ ප්‍රතිඵල ද?

මෙම ප්‍රශ්න, සියවස් ගණනාවක් පුරාවට විද්‍යාඥයන් අතර ස්වභාවය/පෝෂණය පිළිබඳ දිගු කාලයක් තිස්සේ පවතින පැරණි විවාදයේ කොටසකි. බොහෝ ගතිලක්ෂණ සඳහා, ඔබේ ජාන සහ ඔබේ පරිසරය යන දෙකම ලක්ෂණයක් ප්‍රකාශ වන ආකාරයෙහි කොටසක් ඉටු කරන බව සාමාන්‍යය පිළිගැනීමයි. නිදසුනක් වශයෙන්, ඔබේ උස ඔබේ දෙමාපියන්ගේ උසට අර්ධ වශයෙන් සම්බන්ධවන අතර අර්ධ වශයෙන් පෝෂණය වැනි පාරිසරික සාධකවල ප්‍රතිඵලයකි.
උස වැනි යම් ගති ලක්ෂණයක් පරිසරය යන සාධකයට එරෙහිව් ඔබේ ජාන මගින් කොතෙක් දුරට පැහැදිලි කළ හැකිද, ආන්න එය උරුමකර ගත හැකියාව(heritability) ලෙස හැඳින්වේ. නිදසුනක් වශයෙන්, විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ පුද්ගලයෙකුගේ උසින් සියයට 60ත් 80ත් අතර ප්‍රමාණයක් ඔහුගේ ජාන මගින් තීරණය වන අතර සියයට 20 සිට 40 දක්වා ප්‍රමාණයක් ඔවුන්ගේ පරිසරය අනුව තීරණය වන බවයි.

කෙසේ වෙතත්, ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යාලයෙහි (London School of Economics – LSE) හි විද්වතුන් යෝජනා කර ඇත්තේ විවාදය දැනට වඩා ගැඹුරට ගෙන යා යුතු බවයි. එසේම එය ස්වභාවධර්මය/පෝෂණය පිළිබඳ විවාදයෙහි හරය හරහා ගැඹුරට යන එමෙන්ම ගතිලක්ෂණවල උරුමය තුළ ජාන විද්‍යාවේ සහ සංස්කෘතියේ භූමිකාවන් ප්‍රතිසන්ධාන කරන නව ද්විත්ව රාමුවක් ඔවුන් විසිම් වර්ධනය කරනු ලැබ ඇත. පරිසරය පිළිබඳ අපගේ අවබෝධය දෝෂ සහිත බවට එම විද්වත්තු තර්ක කරති.
“චර්යාත්මක ජාන විද්‍යා ක්‍ෂේත්‍රය, එහි ආරම්භයේ සිටම, පරිසරයේ බලපෑමට වෙනස්ව ජානවල බලපෑම ප්‍රමාණ ගත කර ඇති නමුත් එය දිගටම රැඳා පැවතුනේ පරිසරය පිළිබඳ නිසරු සංකල්පයක් මතය,” යනුවෙන් LSE හී මනෝවිද්‍යාත්මක හා චර්යා විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවට කලින් අනුයුක්තව සිටි පර්යේෂක ආචාර්ය උචියාමා(Uchiyama) පැහැදිලි කරයි.
සංස්කෘතිය ඇත්තට්ම වැදගත්
සංස්කෘතික පරිණාමය මගින් මානව පරිසරයන් ව්‍යුහගත වී ඇති ආකාරය, ඉදිරියෙ දි ඉදිරිපත්කෙරෙන පත්‍රිකාවක, ආචාර්ය උචියාමා සහ ඔහුගේ සම කර්තෘවරුන් වන ආචාර්ය මයිකල් මුතුක්‍රිෂ්ණා සහ ආචාර්ය රේචල් ස්පයිසර් විසින් පැහැදිලි කරනු ලැබේ. සමාජයන් කාලයත් සමඟ වෙනස් වන විට, මිනිසාගේ පැවැත්මට තර්ජනයක් වන හෝ අපහසුතාවයක් ඇති කරන ගැටලු විසඳීමට ඒවා දියුණු වී පරිණාමය වේ යන අදහස මෙයයි.
උදාහරණයක් ලෙස, අපි සමේ පිළිකා තර්ජනයට එරෙහිව සූර්ය කිරණයෙන් ආරක්ෂා කිරීමට හිරු කිරම(sun cream) නිපදවා ඇත. විටමින් ඌනතාවය නිසා ඇතිවන ශීතාද(scurvy) සහ අනෙකුත් රෝග වල තර්ජනයෙන් ආරක්ෂා වීමට උපකාර කිරීම සඳහා අපි වඩා හොඳ ආහාර වේලක් සහ පෝෂණය පිළිබඳ අවබෝධයක් වර්ධනය කර ගෙන ඇත්තෙමු.
“අපගේ පරිසරයන් සංස්කෘතික පරිණාමයේ ප්‍රතිඵලයක් බවට වන අදහස, උරුමය වැනි ජානමය දර්ශකවල සංඛ්‍යානමය සහ ප්‍රායෝගික අර්ථය නැවත තක්සේරු කිරීමට අපට බල කරයි. අපි ජීවත් වන්නේ ජානමය වශයෙන් නොව සංස්කෘතික වශයෙන් බොහෝ ගැටලු දැනටමත් විසඳා ඇති ලෝකයකයි ”ආචාර්ය උචියාමා පවසයි.
ඔබේ සමේ ළා පැහැ වර්ණකයක් ඇති නිසා ඔබ සමේ පිළිකා වලට ජානමය වශයෙන් පාත්‍රි(susceptible) වේ නම්, මෙම ජානය බොහෝ විට හෙළි නොවන්නට පුළුවන; මන්ද ඔබට එයින් ආරක්ෂා වීමට හිරු කිරිම භාවිතා කළ හැකි බැවිනි. එම නිසාවෙන්, ගතිලක්ෂණයක්(a characteristic) මත ජානවල බලපෑම සැඟවී යා හැකි අතර හිරු කිරිම වැනි පාරිසරික සාධකවල බලපෑම එම නෛසර්ගික ගතිය(the trait) ලක්ෂණ තීරණය කිරීමේදී ජානවල කාර්යභාරය යටපත් කළ හැකිය.
“සංස්කෘතිය සහ සංස්කෘතික පරිණාමය මගින් පරිසරය හැඩගස්වනු ලබන ආකාරය ඔබ සැලකිල්ලට ගත් විට, ඔබ උරුමය පිළිබඳ අදහස ඉතා වෙනස් ආලෝකයකින් දකින අතර පැරණි ස්වභාවය / පෝෂණයේ ගතිකත්වය කලින් සිතුවාට වඩා බෙහෙවින් සංකීර්ණ බව වටහා ගනී” යනුවෙන් ආචාර්ය උචියාමා පැහැදිලි කරයි.
ඔහු තවදුරටත් මෙසේ කියයි: “ජාන මගින් ගතිලක්ෂණයක ඞ ප්‍රතිශතයක් පැහැදිලි කරන බවත් පරිසරය අනෙක් ්‍ය ප්‍රතිශතය පැහැදිලි කරන බවත් ඔබට එතරම් පහසුවෙන් පැවසිය නොහැක: මන්ද සංස්කෘතිය, පරිසරයේ විචලනය අඩු කර, පරිසරය සමාජයක බොහෝ මිනිසුන් වෙනුවෙන් හෝ සමාජයක් තුළ කණ්ඩායමක් වෙනුවෙන් සමාන කර ඇත. එමනිසා, බොහෝ අවස්ථාවන්හීදී, සංස්කෘතිය විසින් බොහෝ කාර්යයන් සිදු කරනු ලැබීමෙන් පසු මිනිසුන් අතර වෙනස්කම් පැහැදිලි කළ හැකි එකම දෙය ජාන පමණි. පරිසරය නිර්මාණය වන්නේ කෙසේද සහ එය පරිණාමය වන්නේ කෙසේද යන්න නොදැන මිනිසුන් බොහෝ විට පරිසරය දකින්නේ ඉබේ පහළ වූ දෙයක් ලෙසයි.
මුලදී, හිරු කිරම සංවර්ධනය වැනි නව නවෝත්පාදනයන් ධනවත් කණ්ඩායම්වලට කලින්ම වාසියක් ලබා දීමෙන් කණ්ඩායම් අතර අසමානතාවය සහ විචලනය වැඩි කරනු ඇත. කෙසේ වෙතත්, හිරු කිරම භාවිතය සහ ලබා ගැනීමේ හැකියාව සමාජයක් හරහා ව්‍යාප්ත වන විට, සමජාතීයකරණය හරහා පාරිසරික විචලනය අඩු වේ.
විවාදය අවුලුවාලීම
ආචාර්ය Ryutaro Uchiyama සහ ඔහුගේ සගයන් බලාපොරොත්තු වන්නේ මෙම රාමුව ජාන විද්‍යාවේ සංස්කෘතික පරිණාමයේ භූමිකාව පිළිබඳව විචිත්‍රවත් විවාදයක් හට ගන්වනු ඇති බවයි. ඔවුන්ගේ පත්‍රිකාව Behavioral and Brain Sciences ජර්නලය විසින් පිළිගෙන ඇති අතර චර්යා සහ මොළ විද්‍යාව සහ කණ්ඩායම රාමුව පිළිබඳ අනෙකුත් පර්යේෂකයන්ගේ විවරණ ලිපි 29 කට ප්‍රතිචාර ලිපියක් කණ්ඩායම විසින් ලියා අවසන් කරනු ලැබ ඇත.

“ජාන විද්‍යාව සහ IQ වැනි ගත්ලක්ෂණ වටා ඇති ගැටළු මිනිසුන් තුළ විශාල ආශාවක් ඇති කරයි, එබැවින් අපගේ යෝජිත රාමුව වටා හුදෙක් එහි මාතෘකාව නිසාම් යම් වාද විවාද ඇති වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි,” ආචාර්ය උචියාමා පවසයි.
“දශක ගණනාවක් තිස්සේ ජාන විද්‍යාව සහ බුද්ධිය වැනි ක්ෂේත්‍රවල නොවිසඳුණු මතභේද පවතින අතර, විවිධ ක්ෂේත්‍රවල විසිරී ඇති ප්‍රහේලිකාවේ විවිධ කොටස් පැහැදිලි කිරීමට උපකාරී වන සංකල්පමය රාමු ඇතත්, ඒවා හුදකලාව වෙන් වෙනම වැඩ කිරීමට නැඹුරු වේ. අපගේ රාමුව පොදු රාමුවක් නිර්මාණය කරන ආකාරයෙන් හැසිරීම් ජාන විද්‍යාව සහ සංස්කෘතික පරිණාමයේ රැහැන් පට එකට ගැට ගසයි.
ඉතින්, මීළඟ වතාවේ බීතෝවන්ට වඩා රෝලිං ස්ටෝන්ස් කණ්ඩායමට කැමති ඇයිදැයි ඔබ කල්පනා කරන විට, පිළිතුර ඔබ සිතනවාට වඩා බොහෝ සංකීර්ණ විය හැකිය!
ආචාර්ය Ryutaro Uchiyama LSE හි මාධ්‍ය සම්බන්ධතා කළමණාකරු චාලට් කෙලෝවේ සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකිනි.
London School of Economics – LSE) හි පළ වූ How can our culture affect the characteristics we inherit? යන ලිපිය අසුරෙනි