කුරුල්ලන් මුත්රා නිපදවන නමුත් එය අපගේ මුත්රා මෙන් පිටතට නොපැමිණේ. කුරුල්ලන් මුත්‍රා කරන ආකාරය පියාසර කිරීමට ප්‍රයෝජනවත් වන පරිණාමීය අනුවර්තනයක් විය හැකියයි විද්‍යාඅඥයෝ විශ්වාස කරති.

සුලබ පිළිහුඩුවෙක් වන Alcedo atthis අපද්රව්ය බැහැර කරයි.
කුරුල්ලෝ චූ කරනවද?
අප අවට ඉන්න සිවුපා සතුන් මලපහ කරනවා සේම මුත්‍රා කරනවාත් අපි අනන්තවත් දැක ඇති. බල්ලන් ඔවුන්ගේ කකුල් ඔසවා කරන ‘චූ’ දැමීම අපට හොඳ පුරුදුයි. බළලුන් නම් පස්ස හරවා කුණු පෙට්ටියක් හෝ තාපයකට මුත්‍රා විදියි. ගවයින් බොහෝවෙලාවට හිටි තැනම් මුත්‍රා වගුරවනවා. ඒත් කුරුල්ලන්? කුරුල්ලන් සෑම තැනකම පාහේ ඔවුන්ගේ සුපුරුදු ව්‍යාපාරය — වර්චස් හෙළීම — කරගෙන යන නමුත් ඔවුන් මල පමණක්ද දාන්නේ? කුරුල්ලා මුත්රා කිරීම ගැන කිව හැක්කේ කුමක්ද?

“කුරුල්ලන්ගේ ‘චූ’, අපේ මුත්‍රා වගේ නෑ” මිනසෝටා විශ්ව විද්‍යාලයේ පක්ෂි විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය සුෂ්මා රෙඩ්ඩි කියනවා. “එය දියරයක් නොවේ.” ඒ වෙනුවට, කුරුල්ලන් මුත්‍රා සහ මළ මූත්‍රා යන දෙකම අඩංගු සුදු පාප්පයක් හෙළනවා.
කුරුල්ලන්ට අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඇත්තේ එක් සිදුරක් පමණයි. එය ජම්බාලියක්(a cloaca) ලෙස හැඳින්වේ. ජම්බාලියක් යනු කුරුල්ලෙකුගේ ව්‍යුහ විද්‍යාවේ බහු මෙවලමයි: එය මුත්‍රා, ආහාර දිරවීම සහ ප්රජනන මර්ග වෙත යොමු කරයි. කුරුල්ලන් මුත්‍රා කිරීමට සමගාමීව මෝටර් රථ මතට, සමහරවිට අපේ ඇඟටත් වර්චස් හෙළන්නේද මෙම සිදුර හරහාය.

කුරුල්ලන්ගේ ආදී මුතුන් මිත්තන් ලෙස සැලකෙන ඩයිනසෝරයන්ට, මෙන්ම උභයජීවීන්, උරගයන්, සමහර මත්ස්‍යයන් සහ ප්ලැටිපසයන් වැනි ආදී කල්පිත ක්ෂීරපායින්ට (monotreme) ද අම්බාලි ඇත. පරිණාමීය ඉදිරිදර්ශනයකින් බලන විට, ‘දෙකම-එකට’ අපද්‍රව්‍ය බැහැර කිරීමේ මෙම තනි ක්‍රමය නොනැසී ආරක්ෂා වී ඇත්තේ එය පියාසර කිරීමට අනුවර්තනයක් වූ නිසා බව රෙඩ්ඩි පෙන්වා දෙයි. පියාසර කිරීම පිණිස පියාපත් සැලීම සඳහා විශාල ශක්තියක් පවත්වා ගැනීමට අවශ්‍ය වේ. එබැවින් කුරුල්ලන් සැහැල්ලුවෙන් සිටිය යුතු අතර දිගු කාලයක් පියාසර කිරීමේදී අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරය තුළ රඳවා තබා ගත යුතු අතර අවශ්‍ය නොවන දේ පියාසර කරන විට ඉක්මනින් හා කාර්යක්ෂමව බැහැර කළ යුතු බව රෙඩ්ඩි පවසයි.
කුරුල්ලන් හා ක්ෂීරපායීන්ගේ මුත්රා පද්ධති අතර වෙනස්කම් පැහැදිලි කිරීමට, පියාසර කිරීම උපකාරී වේ. ක්ෂීරපායීන්, ඇමෝනියා (විෂ සහිත ද්‍රව්‍යයක්) යූරියා බවට පත් කර පසුව දියරය තනුක කරනු ලැබීමෙන් නයිට්‍රජන් අපද්‍රව්‍ය ඉවත් කරයි. මිනිසුන් සහ අනෙකුත් ක්ෂීරපායීන් පිට කරන මුත්රා මෙයයි.
කුරුල්ලන් විසින් වකුගඩු මගින් බැහැර කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය යූරික් අම්ලය බවට පරිවර්තනය කරන අතර එය ජලයේ දිය නොවන හෙයින් ඝන ද්‍රව්‍යයක් ලෙස පිටතට පැමිණේ. මේ කාරණාව, විස්කොන්සින්-මැඩිසන් විශ්ව විද්‍යාලයේ “avian systems” නම් මාර්ගෝපදේශ අත්පොතේ පැහැදිලි කර ඇත. මෙයින් අදහස් කරන්නේ කුරුල්ලන්ට ජලය සංරක්ෂණය කළ හැකි අතර බර, සම්පූර්ණයෙන් පිරි මුත්‍රාශයක් සහිතව පියාසර කිරීම අවශ්‍ය නොවන බවයි.

කෙසේවෙතත්, කුරුළු මුත්රා කලින් තේරුම්ගෙන සිටියාට වඩා වඩා සංකීර්ණ විය හැකිය. 2020 දී Oර්නිතොලොග්ය් සඟරාවෙහි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක් මගින් කුරුළු විශේෂ හයක මුත්‍රා වල රසායනික සංයුතිය පරීක්‍ෂා කරන ලද අතර එහි දී යූරික් අම්ලයේ අංශු මාත්‍ර කිසිවක් හමු නොවීය. ඒ වෙනුවට ඇමෝනියම්, මැග්නීසියම් සහ පොස්පේට් වලින් සෑදූ සංයෝග විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී. ඔවුන්ගේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ නොදන්නා ක්‍රියාවලියක් මගින් යූරික් අම්ලය ජම්බාලියෙන් පිටවීමට පෙර එය වෙනස් කරන බවයි. තවත් පක්ෂි විශේෂ සමන්ධ කර ගනිමින් සිදුකෙරෙන අනාගත අධ්‍යයනයන් මෙම අද්භූත පරිවර්තනය පැහැදිලි කිරීමට උපකාරී වන්නට පුළුවන්.
මෙම මෑත කාලීන පර්යේෂණ පත්‍රිකාව කියවීමට පෙර රෙඩ්ඩි කියා සිටියේ කුරුළු අසූචි වල ප්‍රධාන අමුද්‍රව්‍යය යූරික් අම්ලය බව ඇය සහ අනෙකුත් පක්ෂි විද්‍යාඥයින් තරයේ ප්‍රකාශ කරනු ඇති බවයි. “සමහර විට පෙළපොත්වල ඇති දේවල් අපි නැවත පරීක්ෂා කළ යුතුයි,” සොයාගැනීම් ගැන රෙඩ්ඩි කියයි.
රෙඩ්ඩි, සිය DNA අධ්‍යයනය සඳහා කුරුළු අසූචි යොදා ගනියි. ඒ නිසා කුරුළු මුත්‍රා වල නිශ්චිත සංයුතිය අවබෝධ කර ගැනීම ඇයගේ කාර්යය සඳහා වැදගත් වේ. ඇගේ රසායනාගාරය, පක්ෂීන්ගේ ආහාර, ඔවුන්ගේ ක්ෂුද්‍ර ජෛවී දර්ශය සහ බාගදා රෝග පවා පිළිබඳ තොරතුරු සපයන ජාන සාම්පල එකතු කිරීමේ ආක්‍රමණශීලී නොවන ක්‍රමයක් ලෙස උතුරු ඇමරිකාවේ නැගෙනහිර දිග piping plovers (Charadrius melodus) නම් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඔලෙවි පක්ෂි විශේෂයේ මලමුත්‍ර භාවිත කරයි. මුත්‍රා වලින් ලබාගත් DNA, “පක්ෂීන් ගැන අපට පැවසිය හැකි මේ සියලු විවිධ දේවලට යොමුවෙන කාචයක්” වැනි යයි රෙඩ්ඩි වැඩි දුරටත් කියා සිටියි.
Live Science(Life’s Little Myteries) හී පලවන Do birds pee? නම් ලිපිය ඇසුරෙනි