මේ ලෝකයේ මනුෂ්‍යන් නොමැතිව සුනඛයන්ට පැවතිය හැකිද?
යම් ආකාරවලින් බලනවිට, මිනිසුන් නොමැතිවීම බල්ලන්ට වඩාත් වාසිදයක වනු ඇත.
අපගේ සුරතල් බලු පැටවුන්ගේ අහිංසක දෑස් දෙස බලා සිටිද්දී අප නොමැතිව ඔවුන් සම්පූර්ණයෙන්ම අසරණ වනු ඇතැයි සිතීම පහසුය. නිවසක ඇති දැඩි වන සුරතල් බල්ලෙකු වනයට ගොසින් දැමුවහොත් එම සුරතලගේ ඉරණම ගැන සිතීම පවා සමහර අයිතිකරුවන් බියපත් කිරීමට ප්‍රමාණවත්ය. කෙසේවෙතත්, මෙහෙම සිතන්න: මිනිසුන් හදිසියේම මේ මිහිතලයෙන් අතුරුදහන් වී සුනඛ පරපුරට තමන්වම ආරක්ෂා කර ගැනීමට සිදු වන්නේ නම්, එවැනි අභාග්‍ය සමපන්න අවස්ථාවක් තුළ, මිනිසුන් නොමැති ලෝකයක බල්ලන්ට ජීවත් විය හැකිද?
කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ Anschutz වෛද්‍ය මණ්ඩපයේ ජෛව ආචාර ධර්ම හා මානව ශාස්ත්‍ර මධ්‍යස්ථානයට අනුබද්ධිත සහ “A Dog’s World: Imagining the Lives of Dogs in a World without Humans” හි කතුවරිය ද වන Jessica Pierce ඉහත ප්‍රශ්නයට මෙහෙම පිළිතුරු දෙයි: “මට සැකයක් නැහැ, බල්ලන් වෘකයන්ගෙන් පැවත එන අතර ඔවුන් සහ වෘකයන්ගේ මෙන්ම අනෙකුත් වල් සුනඛ විශේෂ අතර තවමත් චර්යාත්මක සමානතා බොහෝ දේ ඇත, එබැවින් ඔවුන් දඩයම් කිරීමට සහ කුණු කසළින් පෝෂණය වන්නට දනිති.”
වන ගත කෙරුණු අපගේ නිවසේ සිටි සුරතල් සතුන් ඔවුන් ගෘහාශ්‍රිතගත කෙරුණු ඔරලෝසුව ආපසු හරවා (ගෘහාශ්‍රිතකරණයට පෙර ජීවත් වූ) වල් විශේෂයන් මෙන් ජීවත් වනු ඇත. කෙසේ වෙතත්, සියලුම සුනඛයන්හට මෙම සංක්‍රාන්තිය දරා ගැනීම සමත් නොවනු ඇත. අද වන විට අභිජනනය කළ සුනඛ විශේෂ විශාල ප්‍රමාණයක් ඇති අතර සමහර විශේෂ අනෙක් ඒවාට වඩා වනගත ජීවතයකට අනුගත වීමේ හැකියාව වඩා අඩුය. නිදසුනක් වශයෙන්, pug සහ bulldog වැනි පැතලි මුහුණැති සුනඛ විශේයන් විවිධ සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වේ; හුස්ම ගැනීම සීමා කරන ඒවා ඇතුළුව එම සෞඛ්‍ය ගැටලු ඔවුන්ගේ දඩයම් කිරීමේ හැකියාවට බාධාවක් වේ. කෙටි වලිග වලින්ද සුනඛයින් අභිජනනය කරනු ලබන අතර, ඔවුන් වල් බල්ලන් සමඟ කටයුතු කරන විට සමාජීය වශයෙන් කෙටි වලිගා ඔවුන්ට අවාසිදායක විය හැකියි.

“වලිග යනු සන්නිවේදන මෙවලම් මල්ලේ ඇති වැදගත් කොටසකි,” පියර්ස් කියයි, “ආක්‍රමණශීලී හැඟීමක් හෝ යටහත් පහත් ගතිය වැනි දෙයක් සන්නිවේදනය කිරීමේ දී (කුඩා වලිග කොටය හේතුවෙන්) තරමක් අඩු හැකියාවයකින් පසු වේ නම්, (අභිජනනයට පෙර මෙන් වලිගය දිගට තිබුණේනම්) පැහැදිලි සංඥා යැවීමට තිබුණාර වඩා රණ්ඩුවක පැටලීමට වැඩි ඉඩක් ඇත.”
රණ්ඩුවක පැටලීමට ඉඩ ඇති බල්ලන් තුවාල වීමට වැඩි ඉඩක් ඇති අතර දිවි ගලවා ගැනීමට ඇති ඉඩකඩ අඩුය. වාසනාවකට මෙන් මිනිසුන් නොමැති ලෝකයක නම් අපේ සුනඛ මිතුරන් වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රජනන පුරුදු තවදුරටත් නියම කිරීමට මිනිසුන් නොසිටිනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විවිධ අභිජනනය වූ විශේෂ මිශ්‍ර වන අතර, ස්වභාවික වරණයට ඉඩ සලසයි.

ඉතින් මිනිසුන් රහිත ලෝකයක ජීවත්වන මෙම සුනඛයෝ වෘකයන් සමඟ ද අන්තර් අභිජනනයේ(interbreed) යෙදී ඔවුන්ගේ පරාසයන් අතිච්ඡාදනය වන දෙමුහුන් විශේෂ නිර්මාණය කරති. Global Ecology and Conservation සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද 2017 අධ්‍යයනයකට අනුව, අයාලේ යන බල්ලන් සහ වෘකයන් දැනටමත් ඉතාලිය වැනි යුරෝපයේ රටවල අනතර් අභිජනනය හරහා මිශ්‍ර වේ. සුනඛයන් සහ වෘකයන් යන දෙඅංශයෙන්ම අධ්‍යයනය කරන වියානා පශු වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Friederike Range Live Science වෙත පැවසුවේ ඇත්තටම දෙවර්ගය වෙන් කරන ප්‍රධාන සාදකය මිනිසුන් වන අප බවයි.

“වෘකයන් මූලික වශයෙන් දඩයම් කරන්නන් වන අතර බල්ලන් මූලික වශයෙන් කුණු කසළ බුදින්නන්(scavengers) වන අතර, එය ඩ්කොනක් සහිත සන්තානයකි(continuum)”, Range පෙන්වා දෙයි, “ඒ වගේම වෘකයන්ට කුණු කසළ මත යැපෙන්නට පුළුවන් අතර බල්ලන්ට දඩයම් කරන්න ද පුළුවන්. නිදසුනක් වශයෙන්, අයාලේ යන බල්ලන් මෙන් වෘකයන් මිනිසුන්ගේ කසළ ගොඩවල්වල ජීවත් වන අතර, වෘකයන් මෙන් වල් ගොදුරු දඩයම් කරන අයාලේ යන බල්ලන් සොයාගත හැකිය”.
කෙසේවෙතත්, මිනිසුන් නැති ලෝකයක බල්ලන්ට පැවතිය හැකි වුවද, උදේ හවස මිනිසුන්ගෙන් ලැබෙන සැලඛිළි මෙන්ම සැරවැර ආදියෙන් තොරව කාලකණ්ණි ගතියක් නොදැනේවිද? අයිතිකරුවන් නොමැති හේතුවෙන් සුනඛයන් මානසිකව දුක් විඳින බවක් Pierce Range යන දෙදෙනාම නොදකිති.

Pierce සඳහන් කරන්නේ, ගෘහස්ථ පරිසරයකදී, සුනඛයන්ගේ බොහෝ හැසිරීම්, අපි කියමු අයාලේයාම, පස හෑරීම සහ මුත්‍රා කිරීම වැනි බොහෝ සුනඛ හැසිරීම් මිනිසුන් විසින් යටපත් කරනු ලබන බවයි – මන්ද ඒවා කරදරකාරී බව අපට පෙනෙන නිසාය. හිමිකරුවන් නොමැති බල්ලන්ට එවැනි සීමාවන් නොමැති අතර, අනෙක් අතට සුරතල් බල්ලන්ට මෙන් ඔවුන්ට නිවසේ සැප පහසුකම් නැතත් වුවත් ඔවුන් මානසිකව වඩා හොඳ විය හැකිය. ” සුරතල් බල්ලන්ට නැති එහෙත් ඔවුනට ඇත්තේ මෙම නිදහසයි,” Pierceපව්සයි.
මිනිසුන්ගෙන් ස්වාධීනව ජීවත් වන සුනඛයන් පිළිබඳව අධ්‍යයනය කර ඇති Range සුනඛයන් ඔවුන්ගේම සමාජ කණ්ඩායම් ගොඩනඟා ගැනීම දැක ඇති අතර මෙම සුනඛයින්ගේ යහපැවැත්ම සඳහා මිනිස් ඇසුරට වඩා ආහාර වැදගත් ලෙස සලකන බව විශ්වාස කරයි.
“මේ මිහිතලයෙන් මිනිසුන් වන අප අතුරුදහන් වුවහොත්, බල්ලන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ආහාර මිස සමාජ සහකරුවෙකු ලෙස මිනිසාඅහිමි වීම නොවේ,” ර්‍අන්ගෙ පෙන්වාදෙයි, “ඔවුන්ට ආහාර සොයාගත හැකි තාක් කල්, අප නැතිවාට සම්පූර්ණයෙන්ම තෘප්තිමත් ජීවිතයක් ගෙවන්නට ඔවුනට හැකි වනු ඇත.”
Live Science(Little Mysteries of Life) හී පළ වි ඇති Could dogs survive without humans? යන ලිපිය ඇසුරෙනි.