අපව මිනිසුන් බවට පත් කරන්නේ පරිකල්පනයයි

සිදු නොවූ හෝ නොපවතින දේවල් පවා ඔබේ මොළයට මවා ගත හැකිය. Getty Images Plus හරහා agsandrew/iStock
අපව මිනිසුන් බවට පත් කරන්නේ පරිකල්පනයයි – නොපවතින දේ පරිකල්පනය කිරීමේ හෙවත් ‘හිතින් මවා ගැනීමේ’ මෙම අද්විතීය හැකියාවට දිගු පරිණාමීය ඉතිහාසයක් ඇත.
එය ඇත්ත වශයෙන්ම සිදුවිය හැකි දෙයක් නොවුනත්, ඔබ අහස හරහා බයිසිකලයක් පැදගෙන යන බව පහසුවෙන් සිතින් මවා ගන්න. එතකොට, ඔබ මීට පෙර කවදාවත් නොකළ දෙයක් – ඔව්, ජලය මත ලිස්සා යාම වැනි – ඔබ විසින්ම කරන බව ඔබට සිතාගත හැකි අතර, වෙනත් ඕනෑම කෙනෙකුට වඩා එය කිරීමට වඩා හොඳ ක්රමයක් පවා සිතාගත හැකිය. පරිකල්පනයට ඇතුළත් වන්නේ ඔබේ ඉන්ද්‍රියයන් මගින් හඳුනා ගැනීම සඳහා නොපවතින දෙයක් හෝ සැබෑලෝකයේ කොතැනක හෝ නැති දෙයක් පිළිබඳ මානසික රූපයක් නිර්මාණය කිරීමයි. පරිකල්පනය යනු අපව මිනිසුන් බවට පත් කරන ප්‍රධාන හැකියාවන්ගෙන් එකකි. එහෙත් එය පැමිණියේ කොහෙන්ද?
දරුවන් පරිකල්පනය හිමි කරගන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරන ස්නායු විද්‍යාඥයෙකු වන ZZZ පවසන්නේ පරිකල්පනයේ ස්නායුවේදීය යාන්ත්‍රණයන් ගැන තමන් විශේෂයෙන් උනන්දු වන බවයි. නව වස්තු සහ දර්ශන(new objects and scenes) මානසිකව ගොඩ නැගීම සඳහා අවශ්‍ය මොළයේ ව්‍යුහයන් සහ සම්බන්ධතා මොනවාදැයි හඳුනාගත් පසු, මෙයට අදාල මොළයේ කොටස් හට ගත් කාලවකවානු මෙන්ම ප්‍රථම ආකාරවල පරිකලනයන් බිහි වූයේ කිකල ද යන්න නිර්ණය කිරීම පිණිස
විද්‍යාඥයින්ට පරිණාමයේ ගමන් මග දෙස ආපසු හැරී බැලිය හැකි වනු ඇත
බැක්ටීරියා සිට ක්ෂීරපායින් දක්වා
වසර බිලියන 3.4 කට පමණ පෙර පෘථිවියේ ජීවය බිහිවීමෙන් පසුව, ජීවීන් ක්රමයෙන් සංකීර්ණ විය. වසර මිලියන 700 කට පමණ පෙර, නියුරෝන සරල ස්නායු ජාල බවට පත් වූ අතර එය වසර මිලියන 525 කට පමණ පෙර මොළය හා සුෂුම්නාව බවට පරිණාමය විය.

දිවා කාලයේ දඩයමේ යෙදෙන කරන සීතල-ලේ සීතල රුධිර සහිත ඩයිනෝසෝරයන් ගෙන් සැඟවී සිටීම ක්ෂීරපායින්ට වාසියක් විය. Getty Images හරහා Daniel Eskridge/Stocktrek Images
කෙළවර දී වසර මිලියන 240 කට පමණ පෙර ඩයිනෝසෝරයන් පරිණාමය වූ අතර ක්ෂීරපායින් වසර මිලියන කිහිපයකට පසුව මතු විය. මේ මිහිපිට භූමිය ඔවුන් බෙදාහද ගත් අතර, කුඩා, ලොම් සහිත ක්ෂීරපායින් අල්ලා ආහාරයට ගැනීමට ඩයිනෝසෝරයන් ඉතා දක්ෂයෝ වූහ. එහෙත්, ඩයිනෝසෝරයන් සීතල රුධිර සහිත සත්වයන් වූ අතර, නවීන සීතල රුධිර සහිත උරගයින් මෙන්, උණුසුම් වූ දිවා කාලයේ පමණක් ඵලදායී ලෙස ශරීර චලනය කිරීමට සහ දඩයම් කිරීමට හැකි විය. ඩයිනෝසෝරයන් විසින් ගොදුරු ලෙස ගනු ලැබීම වළක්වා ගැනීම සඳහා, ක්ෂීරපායින්ට විසඳුමක් අහම්බෙන් මෙන් පහළ විය: ඒ, දිවා කාලයේ දී පොළව යට සැඟව සිටීමයි.
පොළව යට යහමින් ආහාර වැඩෙන්නේ නැත. එබවින් ආහාර සොයා ගැනීම සඳහා, ක්ෂීරපායීන්ට සැඟව සිටි තැන්ව්ලින් එළියට ඒමට සිදු විය – එහෙත් ආහාර සොයා ගැනීමට ආරක්ෂිතම කාලය වූයේ ඩයිනෝසෝරයන්ගෙන් තර්ජනයක් නොමැති රාත්‍රි කාලයයි. උණුසුම් රුධිර සහිත සතුන් බවට පරිණාමය වීමෙන් අදහස් වෙන්නේ ක්ෂීරපායින්ට රාත්‍රියේදී චලනය වීමට හැකි බවයි. කෙසේ වෙතත්, එම විසඳුම පැමිණියේ යම් ආකාර ‘කැපකිරීමක්” හැටියටය: ක්ෂීරපායින්ට ඔවුන්ගේ ඉහළ පරිවෘත්තීය(metabolism) පවත්වා ගැනීම සඳහා සහ ඔවුන්ගේ අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය නිරන්තරව ෆැරන්හයිට් අංශක 99 (සෙල්සියස් අංශක 37) පමණවන ලෙස පවත්වා ගැනීම සඳහා ශරීර බර ඒකකයකට ඩයිනෝසෝරයන්ට වඩා ආහාර අනුභව ක්ෂීරපායින්ට කිරීමට සිදු විය.
අපගේ ක්ෂීරපායී මුතුන් මිත්තන්ට ඔවුන් අවදිව සිටින කෙටි කාලය තුළ 10 ගුණයකින් වැඩි ආහාර ප්‍රමාණයක් සොයා ගැනීමට සිදු වූ අතර එය සොයා ගැනීමට ඔවුන්ට සිදුවූයේ රාත්‍රි අඳුරේය. ඔවුන් මෙම කාර්යය ඉටු කළේ කෙසේද?
ඔවුන්ගේ අන්න ගවේෂණය හෙවත් ආහාර සොයා යෑම(foraging) ප්‍රශස්ත කිරීම සඳහා, ක්ෂීරපායි සත්තු (කලින්)ආහාර සොයා ගත් ස්ථාන කාර්යක්ෂමව මතක තබා ගැනීමට නව පද්ධතියක් නිර්මාණය කළහ: භූ දර්ශනයේ සංවේදක අංශ – එනම් ස්ථානයක් පෙනෙන අන්දම හෝ එහි දැනෙන සුවඳ වාර්තා කරන මොළයේ කොටස, සංචලනය නැතිනම් තරනය පාලනය කරන මොළයේ කොටස සමග සම්බන්ධ කිරීමයි. ඔවුහු මොළයේ පිටතම ස්ථරය වන (පෙනීම සහ ඇසීම පාලනය කරන)නව වල්කයෙ(neocortex) හි භූ දර්ශනයේ ලක්ෂණ සංකේතනය කළහ; එන්ටොර්හිනල් බාහිකයේ සංචලනය සංකේතනය කළහ. තවද මුළු පද්ධතියම අන්තර් සම්බන්ධිත වූයේ හිපොකැම්පස් නම් මොළයේ ව්‍යුහය මගිනි. ඔබේ මෝටර් රථය සහ ඔබ එය නැවැත්වූ ස්ථානය වැනි වස්තූන් සහ අතීත සිදුවීම් මතක තබා ගැනීමට මිනිසුන් තවමත් මෙම මතක පද්ධතිය භාවිතා කරයි.

හිපොකැම්පස් නම් අභ්‍යන්තර මොළයේ ව්‍යුහය මතකයන් නිර්මාණය කිරීම සඳහා විවිධ ආකාරයේ තොරතුරු සංස්ලේෂණය කිරීමට උපකාරී වේ. Getty Images හරහා Sebastian Kaulitzki/Science Photo Library
නව වල්කයෙහි ඇති නියුරෝන සමූහ, වස්තූන් සහ අතීත සිදුවීම් පිළිබඳ මෙම මතකයන් සංකේතනය කරයි. යම් ව්ස්තුවක් හෝ සිද්ධියක්යක් මතක තබා ගැනීමෙන් එය මුලින් කේතනය කළ නියුරෝන නැවත සක්‍රීය කරයි. සියලුම ක්ෂීරපායීන්ට මෙම නියුරෝන සමූහ නැවත සක්‍රිය කිරීමෙන් කලින් කේතනය කරන ලද වස්තූන් සහ සිදුවීම් නැවත සිහිපත් කර නැවත අත්විඳිය හැකිය. වසර මිලියන 200 කට පෙර පරිණාමය වූ මෙම නව වලක-හිපොකැම්පස්මත පදනම් වූ මතක පද්ධතිය පරිකල්පනය සඳහා වූ පළමු ප්‍රධාන පියවර බවට පත්විය. මීළඟ තැනීම් ඒකකය වන්නේ ඇත්ත වශයෙන්ම නොතිබූ දෙයක් හෝ ඇති නොවූ සිද්ධියක් පිළිබඳ “මතකය” ගොඩනැගීමේ හැකියාවයි.
නව වස්තූන් සහ දර්ශන පරිකල්පනය කිරීමේ සරලම ආකාරය සිහින තුළ සිදු වේ. මෙම විචිත්‍රවත්, අමුතු ස්වේච්ඡා මනඃකල්පිතයන් නින්දේ වේගවත් අක්ෂි චලන (rapid eye movement – REM) අවධිය ඇති පුද්ගලයින් හා සම්බන්ධ වේ.
විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ සිය සැතපෙන කාලයට REM නින්දේ කාල පරිච්ඡේද ඇතුළත් වන විශේෂයන් සිහින ද අත්විඳින බවයි. පසිපොව් හෙවත් සේපාටික(Marsupial) සහ කලලබද්ධ ක්ෂීරපායීන්ට ඇත්තටම REM නින්දක් ඇති නමුත් බිත්තර දමන ක්ෂීරපායී එකිඩ්නාට(echidna) එසේ නොවේ. ඉන් හැඟවෙන්නේ නින්ද චක්‍රයේ මෙම අවධිය පරිණාමය වූයේ වසර මිලියන 140 කට පෙර මෙම පරිණාමීය රේඛා අපසරනය වීමෙන් පසුව බවයි. ඇත්ත වශයෙන්ම, place සෛල නම් මොළයේ ඇති විශේෂිත නියුරෝන වල පටිගත කිරීමෙන් පැහැවූයේ සතුන්ට, කලින් කිසිදිනක ගොස් නැති ස්ථාන ගැන “සිහින” මැවීමට හැකි බවයි.
මිනිසුන් තුළ, සිහින දකින විට සොයා ගත හැකි විසඳුම්, ගැටළු විසඳීමේ දී උදව් කර ගත හැකිය. නින්දේදී ස්වයංසිද්ධව(spontaneously) දර්ශනය වූ විද්‍යාත්මක හා ඉංජිනේරු විසඳුම් පිළිබඳ උදාහරණ ඕනෑ තරම් තිබේ. ස්නායු ආවේගයන් රසායනිකව සම්ප්රේෂණය වන බව ඔප්පු කළ අත්හදා බැලීමක් ගැන ස්නායු විද්‍යාඥ ඔටෝ ලෝවි සිහිනෙන් දුටුවේය. ඔහු වහාම අත්හදා බැලීම සඳහා ඔහුගේ රසායනාගාරයට ගියේය – පසුව මෙම සොයාගැනීම සඳහා නොබෙල් ත්‍යාගය හිමි කර ගත්තේය.
ස්වේච්ඡාවෙන් සෑදුණු ‘මතකයන්’
පළමු මහන මැෂිමේ නව නිපැයුම්කරු වන Elias Howe ප්‍රකාශ කළේ සිය නිෂ්පාදනයේ ප්‍රධාන නවෝත්පාදනය වන ඉඳිකටුවක තුඩෙහි නූල් දමන කුහරය තැබීම සිහිනයකින් ඔහු වෙත පැමිණි බවයි. ආවර්තිතා වගුවක් නිර්මාණය කළ, නව මූල ද්‍රව්‍ය කිහිපයක සොයාගැනීම් ගණනාවක්ම පුරෝකථනය කළ රුසියානු රසායන විද්‍යාඥ Dmitri Mendeleev සියලුම මූලද්‍රව්‍ය, අවශ්‍ය පරිදි ස්ථානගත වූ වගුවක් සිහිනයකින් දැකීම විස්තර කරමින් මෙසේ පැවසීය: “නින්දෙන් පිබිදුණු වහාම මම එය කඩදාසි කැබැල්ලක ලියා තැබුවා”. ඒ තමයි ඔහු සොයාගත් ආවර්තිතා වගුව.මීට වසර මිලියන 140 කට පෙර ක්ෂීරපායින් විසින් ප්‍රථම වරට අත්පත් කරගනු ලැබූ ස්වේච්ඡා පරිකල්පන යාන්ත්‍රණ, මෙම සොයාගැනීම්වලට හැකියාව සැලසීය.

චේතනාන්විතව බුද්ධි කළම්බන අදහස් ඔබේ පරිකල්පනය පාලනය කිරීමට හැකිවීම මත රඳා පවතී. Goodboy Picture Company/E+ Getty Images හරහා
හිතා මතා මවා ගැනීම
හිතාමතා පරිකල්පනය සහ නොසිතා පරිකල්පනය අතර වෙනස ස්වේච්ඡා මාංශ පේශි පාලනය සහ මාංශ පේශි කැක්කුම අතර වෙනසට සමාන වේ. ස්වේච්ඡා මාංශ පේශි පාලනය මිනිසුන්ට හිතාමතාම මාංශ පේශි චලනයන් ඒකාබද්ධ කිරීමට ඉඩ සලසයි. (මාංශපේශී හැකිළීම නිසා සිදුවන) භ්‍රාසය(spasm) ස්වයංසිද්ධව ඇති වන අතර එය පාලනය කළ නොහැක.
මානසික වස්තූන් ඒකාබද්ධ කිරීමට සහ නැවත ඒකාබද්ධ කිරීමට මෙම හිතාමතා, ප්‍රතිචාරාත්මක සහ විශ්වාසදායක ධාරිතාව පූර්ව ලලාට(prefrontal) සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. එය මොළයේ ඉදිරිපස කොටසෙහි පිහිටා ඇති පූර්ව ලලාට බාහිකයට, නව වල්කයේ ඉතිරිය පාලනය කිරීමට ඇති හැකියාව මත රඳා පවතී.
අපගේ විශේෂය, පූර්ව ලලාට සංස්ලේෂණය කිරීමේ හැකියාව ලබා ගත්තේ කවදාද? වසර 70,000කට පෙර ලෙස කාල නිර්ණය කළ සෑම මානව කෘතියක්ම නිර්මාණය කරණු ලැබ තිබුණේ මෙම හැකියාවෙන් තොර නිර්මාණකරුවෙකු විසින් . අනෙක් අතට, ඒ කාලයේ වගේ පටන් පවතින විවිධ පුරාවිද්‍යාත්මක මානව කෘතීඉවායේ පැවැත්ම ප්‍රදර්ශනය කරමින් පවතී: පවතින බව පැහැදිලිව පෙන්නුම් කරයි: සිංහ-මිනිසා, ඇසක් සහිත අස්ථි ඉඳිකටු; දුනු හා ඊතල; සංගීත භාණ්ඩ; ඉදිකරන ලද වාසස්ථාන; මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාසයන් යෝජනා කරන අලංකාර භූමදාන, සහ තවත් බොහෝ දේ — සංයුක්ත රූපමය වස්තූන්.
බහුවිධ පුරාවිද්‍යාත්මක මානව කෘති පූර්ව ලලාට සංස්ලේෂණය සමඟ නිස්චිත ලෙසින් සම්බන්ධ වී ඇත්තේ මීට වසර 65,000 කට පමණ පෙර විවිධ භූගෝලීය ස්ථානවල එකවර මතුවිය. පරිකල්පනයේ මෙම හදිසි වෙනස ඉතිහාසඥ යුවල් හරාරි විසින් “සංජානන විප්ලවය” ලෙසින් හඳුවනු ලැබේ. එය හෝමෝ සේපියන්වරුන් අප්‍රිකාවෙන් පිටතට විශාල වශයෙන් සංක්‍රමණය වීම සමග දළ වශයෙන් සමපාතවේ. ජාන විශ්ලේෂණ මගින් යෝජනා කරනු ලබන්නේ පුද්ගලයන් කිහිප දෙනෙකු මෙම පූර්ව ලලාට සංශ්ලේෂණ හැකියාව ලබා ගෙන පසුව පරිකල්පනය-සක්‍රීය කරන ලද උපාය මාර්ගයක් සහ අලුතින් නිපදවන ලද ආයුධ භාවිතා කරමින් අනෙකුත් සමකාලීන පිරිමින් ඉවත් කිරීමෙන් ඔවුන්ගේ ජාන බොහෝ දුරට ව්‍යාප්ත වන්නට ඇති බවයි.
එබැවින් අපගේ විශේෂය පරිකල්පනයෙන් සන්නද්ධ වීම වසර පරිණාමයේ මිලියන ගණනක ගමනකි. බොහෝ මානුෂීය නොවන ක්ෂීරපායින්ට නොපවතින හෝ සිදු නොවූ දේ REM නින්දේදී ස්වේච්ඡාවෙන් පරිකල්පනය කිරීමේ හැකියාව ඇත; පුර්ව ලලාට සංස්ලේෂණය භාවිතයෙන් අපගේ මනසෙහි නව වස්තූන් සහ සිදුවීම් ස්වේච්ඡාවෙන් මවාගත හැක්කේ මිනිසුන්ට පමණි.
The Conversation හී පළවන Imagination makes us human – this unique ability to envision what doesn’t exist has a long evolutionary history නම් ලිපිය ඇසුරෙනි.