අප කාලය තේරුම් ගන්නා අකාරය හෘද ස්පන්දනය මගින් හැඩගස්වනවා විය හැකි යයි අධ්‍යයනයක් පෙන්වයි

Posted by

හෘද ස්පන්දනය, කාලය පිළිබඳ අපගේ සංජානනය හැඩගැස් විය හැකි යයි නව අධ්‍යයනයක් පෙන්නුම් කරයි.

පර්යේෂකයන් බොහෝ කලක සිට උපකල්පනය කර ඇත්තේ මොළය අපගේ කාලය පිළිබඳ හැඟීම පාලනය කරන බවයි. නව අධ්‍යයනයකින් පෙනී යන්නේ මෙහි දී හදවත වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේය යන්නයි.

අපගේ තත්වයන් හා අප මුහුණ දෙන අවස්තාවන් අනුව කාලය ප්‍රසාරණය වන බව හෝ හැකිලෙන බව සුලබ සත්‍යයකි: බිය දනවන හෝ ත්‍රාසජනක තත්වයක් තුළ තත්පරඅ දිගු කාලයක් විය හැක. හුදකලාවේ, සෙංසෙලෙප්පුවේ  ගත කරන දවසක,  කාලය ඇදී යන්නේ සෙමින් යයි සිතෙන බව අපි අත්දකීමෙන් දන්නෙමු. යමක් අවසන් කළ යුතු නියමිත කාල සීමාව තුළ එය සපුරාලීමට උත්සාහ කරන විට, කාලය වේගයෙන් ගතවන බවක් දැනේ.

Cornell විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥයින් විසින් Psychophysiology සඟරාවේ මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යනයෙන්  සොයාගෙන ඇත්තේ,  මයික්‍රො තත්පර(microsecond) මට්ටමින් නිරීක්ෂණය කළ විට, මෙම විකෘති කිරීම් සමහරක්, (කාලයේ)දිග මොහොතින් මොහොත වෙනස් වන්නාවූ හෘද ස්පන්දන මගින් මෙහෙයවිය හැකි බවය.

එක් එක් හෘද ස්පන්දනයේ දිග නිශ්චිතවම මැනීම සඳහා මනෝවිද්‍යාඥයෝ උපාධි අපේක්ෂකයින්ට විද්‍යුත් කන්තු රේඛ (electrocardiograms = ECG) සවි කළ අතර, කෙටි ශ්‍රව්‍ය නාදවල දිග තක්සේරු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. දිගු හෘද ස්පන්දන කාල පරතරයකින් පසුව, උපාධි අපේක්ෂකයන් ස්වරය දිගු ලෙස වටහා ගැනීමට නැඹුරු වන බව මනෝවිද්යාඥයෝ මෙහි දී සොයා ගත්හ. කෙටි කාල පරතරයන් ඔවුන් නාද දිග කෙටි ලෙස තක්සේරු කිරීමට හේතු විය. එක් එක් ස්වරයෙන් පසුව,උපාධි අපේක්ෂකයන්ගේ හෘද ස්පන්දන කාල පරතරයන් දිගු විය.

අඩු හෘද ස්පන්දන වේගය සංජානනය සඳහා උපකාර වන බව පෙනී ගියේ යයි Cornell හි ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන Saeedeh Sadeghi පැවසීය.

“අපට බාහිර ලෝකයෙන් දේවල් වටහා ගැනීමට අවශ්‍ය වූ විට, හෘද ස්පන්දනය බාහිකයට(cortex) දැනෙන්නේඝෝෂාවක් ලෙසිනි,” ඇය පැවසුවාය. “ඔබට තවත් ලෝකය සොයා බැලීම — දේවල් ලබා ගැනීම  — හදවත නිහඬව ඇති විට පහසුය.”

මොළය සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරන පර්යේෂණ යුගයකට පසුව, “කාලය මැනීමට මොළයේ හෝ ශරීරයේ  එක් තනි කොටසක් නොමැත;  ඒ සියල්ල සිදුවන්නේ ජාලයක් ලෙසට” බවට අධ්‍යයනය තවත් සාක්ෂි සපයන්නේ යයි Saeedeh Sadeghi කියයි. “මොළය හදවත පාලනය කරයි, හෘදය, අනෙක් අතට, මොළයට බලපෑම් කරයි.” ඇය පෙන්වා දෙයි. 

බොහෝ දෙනෙකුට නිවසින් පිටත ක්‍රියාකාරකම් හිටි අඩියේ නතර වූ කොවිඩ් වසංගතයෙන් පසු  එක කාල පරාසයකින් තව එකක් වෙනස් කළ නොහැකි කාල ඡේද අත්විඳිමින්  සිටින විට ලොව පුරා මිනිසුන්ගේ කාලය ගැන අවබෝධය පිළිබඳ උනන්දුව ඉහවහා ගියේය.

කාලය සංජානනය පිළිබඳ අධ්යයනයක්, බ්‍රිතාන්‍යයේ  කෝවිඩ් ලොක්ඩවුන් කළ සිටි පළමු වසර තුළ සිදු කරන ලද අතර, සහභාගී වූවන්ගෙන් සියයට 80 ක්,  කාලය විවිධ දිශාවලට විකෘති වීම් වාර්තා කළහ. සාමාන්‍යයෙන්, වැඩිහිටි, සමාජීය වශයෙන් හුදකලා වූ පුද්ගලයින් කාලය මන්දගාමී බව වාර්තා කළ අතර තරුණ, වඩා ක්‍රියාශීලී පුද්ගලයින් එය වේගවත් වූ බව වාර්තා කළහ.

ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්යවරියක් සහ ලොක්ඩවුන් කිරීමේ අධ්‍යයනයේ කතුවරිය වන රූත් එස් ඔග්ඩන් පැවසුවේ “කාලය පිළිබඳ අපගේ අත්දැකීම් සාමාන්‍යයෙන් අපගේ යහපැවැත්ම පිළිබිඹු කරන ආකාරවලින් බලපායි. මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින් කාලය මන්දගාමී වීම අත්විඳින අතර, කාලය මන්දගාමී වීම මානසික අවපීඩනයේ නරක අතට හැරෙන සාධකයක් ලෙස අත්විඳිනු ලැබේ.”

නව Cornell අධ්‍යයනය මගින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ වෙනස් දෙයකි: මයික්‍රොතත්පර ගතවන් අන්දම අප සංජානනය කරන ආකාරයයි. එම යාන්ත්‍රණයන් අවබෝධ කර ගැනීම කම්පන කළමනාකරණය කිරීමට අපට උපකාරී විය හැකි අතර, ක්ෂණික අත්දැකීම් මතකයට නඟා ඇති බව මහාචාර්ය ඔග්ඩන් පවසයි.

අත්දැකීමක වැදගත්කම තක්සේරු කිරීමට උත්සාහ කරන විට, ඇය කියාසිටින්නේ “අපේ මොළය ආපසු හැරී බලා හොඳයි, අපි මතකයන් කීයක් සෑදුවාද? අසයි” යනුවෙනි.

“ඔබේ ජීවිතයේ මිනිත්තු 15 ක කාලයකදී සාමාන්‍යයෙන් ඔබට ලැබෙන ප්‍රමාණයට වඩා පොහොසත් මෙවන් සරු මතකයක් ඔබ සතුව ඇති විට, එය ඊට වඩා දිගු කාලයක් යැයි සිතීමට ප්‍රයෝගයෙන් ඔබව රවටා ගනු ඇත.”

කාලය පිළිබඳ සංජානනය පිළිබඳ පර්යේෂණ මෑතක් වන තුරුම මොළයේ විවිධ ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කර ඇති බව, බ්‍රයිටන් සහ සසෙක්ස් වෛද්‍ය විද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්ය හියුගෝ ක්‍රිච්ලි කියයි. හෙතෙම,  වචන, වෙනුවෙන් ඇති මතකය සහ බිය ප්රතිචාර කෙරෙහි හෘද ස්පන්දනය බලපාන ආකාරය අධ්‍යයනය කළ අයෙකි .

“1990 දශකය දක්වා මනෝවිද්‍යාව බොහෝවිට ශරීරය කියන්නේ මොළයේ කඳේ මට්ටමින් පාලනය වන  දෙයක්ය යනුවෙන් බැහැර කළ අතර, ශරීරය පාලනය කිරීමේදී සංජානන ක්‍රියාකාරකම් සමීපව සම්බන්ධ වී ඇති බව, සමහර විට ඊට පදනම් වී ඇත පවා යන්න වඩාත් පුළුල්ව සළකිල්ලට ගත යුතු යයි මම සිතනවා” ඡොර්නෙල්ල් හෘද ස්පන්දන අධ්‍යයනයට සම්බන්ධ නොවූ  මහාචාර්ය Critchley පැවසීය.

කලින් සිදු කළ පර්යේෂණ මගින් ශාරීරික උද්දීපනය ආතතිය සැකසීමට මෙන්ම කාංසාව සහ භීතිය වැනි චිත්තවේගීය තත්වයන් සම්බන්ධ වන ආකාරය විමර්ශනය කර ඇතැයි Critchley වැඩිදුරටත් පෙන්වා දෙයි. සිතීමේ වඩාත් විශාල විකෘති කිරීම්වලට සම්බන්ධ කළ හැකි චිත්තවේගීය නොවන ක්‍රියාවක එනම්,  කාලය පිළිබඳ සංජානනයේ දී හදවතේ භූමිකාව කෙරෙහි අවධානය යොමු කිරීමෙන් නව අධ්‍යයනය පූර්ව පර්යේෂණ පුළුල් කරයි.

“ඔබට සංජානන ක්‍රියාකාරිත්වය හුදකලාව ගෙන බැලිය නොහැක,” ඔහු කියයි, “මොළය වර්ධනය වන ආකාරය සහ අභ්‍යන්තර මානසික තත්ත්වයන් නිරූපණය කිරීමට පටන් ගන්නා ආකාරය අවබෝධ කර ගැනීමේදී පවා, මිනිස්සු ජීවත්ව සිටීම උදෙසා පාලනය කර ගත යුතු නොවැළැක්විය හැකි අභ්‍යන්තර තොරතුරුවල ප්‍රමුඛත්වය දෙස බලති.”

ශරීරය, කාලය පිළිබඳ සංජානනයට සමීපව සම්බන්ධ වීමට එක් හේතුවක් නම් කාලය පරිවෘත්තීය අවශ්‍යතා (metabolic needs) සමඟ සමීපව සම්බන්ධ වී තිබීන බව කෝනෙල් හි මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ නව අධ්‍යයනයේ සම කර්තෘ ඇඩම් කේ ඇන්ඩර්සන් පැවසීය.

“කාලය යනු සම්පතකි,” ආචාර්ය ඇන්ඩර්සන් කියයි, “අපට කොපමණ ශරීර ශක්තියක් තිබේද යන්න මත පදනම්ව අපි කාලය අනුව දේවල් කෙටි හෝ දිගු බවක් පෙනෙන්නට සලස්වන්නෙමු.”

TIME(14th March,  2023) සඟරාවෙහි පළ වී ඇති Heartbeat May Shape Our Perception of Time, Study Shows යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.