මහපොළව කැරකෙනවා අපට දැක බලා ගන්න පුළුවන්ද?
පෘථිවිය භ්‍රමනය වනු අපට පෙනෙනවාද?
පෘථිවිය ඉතා සෙමින් භ්‍රමණය වන නිසා, තථ්‍ය කාල වශයෙන්(real time) හෙවත් සිදුවෙමින් පවතින වේලාවේම පෘථිවිය භ්‍රමණය වීම නැරඹිය නොහැක; එහෙත්, අපේ ග්‍රහලෝකය භ්‍රමණයවීමේ ප්‍රතිවිපාක දැකීමට නම් ක්‍රම තිබේ.
පෘථිවිය භ්‍රමණය නොවන්නේ නම්, හිරු උදාව සහ හිරු බැස යෑමක් සිදු නොවනු ඇත; රාත්‍රියක් සහ දවාලක් කිය වෙනසක් අපට අත්විඳින්නට නොහැක. අපගේ එදිනෙදා ජීවිතයේදී අපට පෘථිවි භ්‍රමණයේ චලිතය හෝ පෘථිවිය භ්‍රමණය වන බවක් දැනෙන්නේ නැත. කෙසේ වෙතත්, මේ භූමිතලය මත ඉඳගෙනම එහි භ්රමණය තහවුරු කිරීමට ක්‍රම තිබේද? තවද අපගේ ග්‍රහලෝකය කැරකෙන ආකාරය අභ්‍යවකාශයේ කොතැනක හෝ සිට නැරඹීමට හැකිද?

පිළිතුර කාල රාමුව සහ ඔබේ ඉදිරිදර්ශනය පර්යාලෝකය හෙවත් යථා දර්ශය(perspective)මත රඳා පවතී.
පෘථිවිය කොපමණ සෙමින් භ්‍රමණය වන්නේද යත්, එහි භ්‍රමණය කිසිම තැනක සිට තථ්‍ය කාලයේ දී දැකගත නොහැකිය. ඔව්, කාල ප්ර්මාද වීඩියෝවකින්(time-lapse video ) (ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කැමරාවක දර්ශනව;ඉන් සමන්විත, නාසා ආයතනය සැකසු එවනි වීඩියෝවක් මෙතැනින් නැරඹිය හැක). එයට හේතුව, පැය 24 කට වරක් එක සැරයක් පමණක් භ්‍රමනය වන හෙයිනි. මෙය අපේ පියවි ඇසින් දැකගත නොහැකි තරමට ඉතා මන්දගාමී වේගයකි
කෙසේ වෙතත්, අපගේ ග්‍රහලෝකයේ භූමියෙන් ඉවත් නොවී පෘථිවිය භ්‍රමණය වන බව ඔප්පු කිරීමට තවමත් ක්‍රම තිබේ: උදාහරණයක් ලෙස අහසේ වෙනත් වස්තූන්ගේ පිහිටීම නිරීක්ෂණය කිරීමෙන්.
“පෘථිවි භ්‍රමණය නිරීක්ෂණය කිරීමට ඇති පහසුම ක්‍රමය නම් ආකාශ වස්තූන්ගේ දෘශ්‍ය චලිතය නැරඹීමයි.” මේරිලන්ඩ් හි NASA හි ගොඩාර්ඩ් අභ්‍යවකාශ පියාසැරි මධ්‍යස්ථානයේ විද්‍යාඥයෙකු සහ ව්‍යාපෘති කළමනාකරුවෙකු වන Stephen Merkowitz ඊමේල් පණිවුඩයක් මගින් Live Science වෙත පැවසීය, “මෙම චලිතය වඩාත් කැපී පෙනෙන්නේ, විමර්ශන ආශ්‍රය සඳහා පෘථිවි කොටස් දර්ශනය කළ හැකි අන්දමට ශරීරය ක්ෂිතිජයට ආසන්න වන විටයි. ”

පෘථිවිය චලනය වන ආකාරය “දැකීමට” පහසුම ක්‍රමයක් වන්නේ හිරු බැස යෑමක් නැරඹීමයයි Merkowitz කියයි. ආකාශ වස්තුවේ (එනම් සූර්‍යයාගේ) පිහිටීම ස්ථාවර සමුද්දේශ ලක්ෂ්‍යයකට (ක්ෂිතිජයට)(point of reference) සාපේක්ෂව වෙනස් වේ. ඔබ සූර්යයා බැස යන ආකාරය දකින විට, පෘථිවියේ ඔබේ ස්ථානය ක්‍රමයෙන් සූර්යයාගෙන් ඉවතට භ්‍රමණය වන අතර, සූර්යයා ක්ෂිතිජයට ගිලී යන බවක් පෙනෙන්නේ එම හේතුව නිසවෙනි. මෙම බලපෑම දැකීමට තවත් ක්‍රමයක් නම් රාත්‍රියේ සඳ සහ තරු නිරීක්ෂණය කිරීමයි – ක්ෂිතිජය සමුද්දේශ ලක්ෂ්‍යයක් වන තාක් කල්, එය චලනය නොවේ. පෘථිවිය භ්‍රමණය වන නිසා (අහසේ) ඉහළින් දිලිසෙන වස්තූන් චලනය වන බවක් පෙනේ.
අපගේ ග්‍රහලෝකයේ භ්‍රමණයවන අන්දම, ෆුකෝ පෙන්ඩියුලමයකින්(Foucault pendulum) ද නිරීක්ෂණය කළ හැක. ස්මිත්සෝනියන් ආයතනයට අනුව භෞතික විද්‍යාඥ Jean Foucault විසින් 1851 දී පැරිසියේ පැවති ලෝක ප්‍රදර්ශනයේදී මෙම අත්හදා බැලීම ප්‍රදර්ශනය කරන ලද අතර එය අපගේ ග්‍රහලෝකය භ්‍රමණය වන බව ඔප්පු කළ පළමු විධිමත් පරීක්ෂණය විය. කිසිවකට සම්බන්ඪ්ග නැති හෝ කිසිවක සහාය නොලබන පෙන්ඩුලමයක්, සාමාන්‍යයෙන් එකම දිශාවට පැද්දෙමින් පවතී. එය වෙනස් කළ හැක්කේ වෙනත් දිශාවකට තල්ලු කිරීමෙන් හෝ ඇඳීමෙන් පමණි; පෘථිවිය පෙන්ඩුලමයට යටින් භ්‍රමණය වන නිසා, පැද්දෙන විට ඔහුගේ පෙන්ඩියුලමය ක්‍රමිකව කෝණ වෙනස් කරන බව ෆූකෝ තේරුම් ගත්තේය. කෙසේ වෙතත්, පෘථිවි භ්‍රමණය ඉතා මන්දගාමී වන අතර, පෙන්ඩුයුලමයේ පැද්දීමේ වෙනසක් දෘශ්‍යමාන වීමට මිනිත්තු 15 ක් පමණ ගත වේ.
සඳ සහ උදම්(tides)
පෘථිවිය සෑදුණේ, ගුරුත්වාකර්ෂණය මගින් එකට ඇදී ආ, ඒ අවස්ථාවේත් භ්‍රමණය වෙමින් පැවති දූවිලි හා වායු කැටි වලිනි.
පෘථිවිය දිගටම භ්‍රමණය වන්නේ ඒ නිසාවෙන් බව මර්කොවිට්ස් පැහැදිලි කරයි. ඒවා අපේ පෘථිවියට එකතු වූ පසු (සමුච්චිත වූ පසු) ඔවුන් කිසි විටෙකත් චලනය නතර කළේ නැත. මේ චලනය මන්දගාමී කිරීමට අභ්යවකාශයේ රික්තකයේ ඝර්ෂණයක් නොමැත.

උදම් යනු පෘථිවිය භ්‍රමණය වන බවට වැඩිමනත් සාක්ෂියකි. වඩදිය(high tide) ඇති වන්නේ චන්ද්‍රයා නිශ්චිත ස්ථානයක පෘථිවියට ආසන්නව කක්ෂගත වන විටය. පෘථිවිය භ්‍රමණය වන විට, එම ස්ථානය චන්ද්‍රයාගේ කක්ෂයේ ආසන්නතම ලක්ෂ්‍යයට ගෙන එයි. සඳට සමීප වීම යනු එහි ගුරුත්වයට සමීප වීමයි. චන්ද්‍ර ගුරුත්වය සාගර වෙත ඇදී ඒවා සඳ දෙසට තාවකාලිකව පිටතට නෙරා ඒම, වඩදිය ඇති කරයි. එහෙත් මෙය තාවකාලිකයි. පෘථිවිය භ්‍රමණය වන විට, ජල මට්ටම සිඳී කක්ෂගත වන චන්ද්‍රයාගේ සිට උපරිම දුර ප්‍රමාණයට ළඟා වන තෙක් ගිලී යයි. මේ තමයි බාදිය(low tide). මෙම චක්‍රය දිගටම නැවත නැවත සිදු වේ.
“උදම් පැයකට වරක් වෙනස් වීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ පෘථිවි භ්‍රමණයයි” මර්කොවිට්ස් පෙන්වාදෙයි, “නිශ්චිත ස්ථානයක වඩදිය ඇති වේලාවේ දෛනික වෙනස චන්ද්‍ර කක්ෂය නිසා සිදු වේ.”
ඉතින් සමහර විට අපට ඇත්තටම පෘථිවිය භ්‍රමණය වන ආකාරය නැරඹීමට නොහැකි නමුත් එහි භ්‍රමණයේ යම් යම් බලපෑම් අපට දැකගත හැකිය. වඩදිය නැඟීම හෝ හිරු බැස යෑම නැරඹීම ද විශ්වීය සංසිද්ධියක් දැකීමට පහසු ක්‍රමයකි.
Live Science හී පළවී ඇති Can you see Earth spin? යන ලිපිය ඇසුරෙනි