2023 ජගත් ජල දිනය අදයි : ප්‍රධාන අරමුණ වන්නේ මිරිදිය සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීමට සහ ජලය ආශ්‍රිත ගැටළු පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට ජනතාව පෙළඹවීමයි. ජලයේ වැදගත්කම හුවා දැක්වීමට සහ ගෝලීය ජල අර්බුදය පිළිබඳව දැනුවත් කිරීමට සෑම වසරකම මාර්තු 22 ලෝක ජල දිනය සැමරෙ. මේ ලිපිය මෙවර ජල දිනය නිමිත්තෙනි. ස්වභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීඑමේ අංශයක් ගැන ඉන් අවධානය යොමු කරනු ලබයි.

වැසි ජලයේ වටිනාකම
ඔබට ලැබෙන දේ රැක බලාගන්නට ඔබට නොහැකි නම් වර්ෂාව පතා යදින්නට එපා.
–ආර්ඊ ඩික්සන් (1937) අධිකාරී, ටෙක්සාස් කෘෂිකාර්මික අත්හදා බැලීමේ ස්ථානය, ස්පර්, ටෙක්සාස්
Don’t pray for rain, if you can’t take care of what you get.
— R.E. Dixon (1937) Superintendent, Texas Agricultural Experiment Station, Spur, Texas
සහස්‍ර ගණනාවක් තිස්සේ නියඟයෙන් පීඩාවට පත්වන ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ මිනිසුන් විසින් වැසි ජලය රැස් කිරීම සිදු කරනු ලැබ ඇතත්, කාලය ගතවීමත් සමග ස්ථාපිත කෙරුණු මෙම ක්‍රියාවන්හි උපයෝගීතාව, කාර්යක්ෂමතාව, තිරසාර බව සහ සෞන්දර්යය පිළිබඳව අපගේ සමාජය යම් සාමූහික වශයෙන් විස්මෘතියකින් හෙවත් අවසිහියකින් පෙළෙන බවක් පෙනේ. වාසනාවකට මෙන්, ජලය ආශ්‍රිත අපගේ ගැටළු සඳහා ප්‍රායෝගික, පාරිසරික සහ සෞන්දර්යාත්මක විසඳුම් සඳහා ජීවිත කාලය පුරාම ඇති ආශාව මෙන්ම එවැනි විසඳුම් ඉතා ඉක්මනින් මතක තබා ගැනීමට අපට ඇති අවශ්‍යතාව එම විස්මෘතියෙන් අප මුදවා ලීමට මග පෑදිය හැකිය.
මතුපිට හා භූගත ජලය කරා ප්‍රවේශවීමේ අයිතිය වඩ වඩාත් පෞද්ගලීකරණය වෙමින් පවතින, ඒ සඳහා අරගල කරමින් පවතින, එය තවත් එක් ගෝලීයකරණය වූ වෙළඳ භාණ්ඩයක් මෙන්, ජල පෝෂක හා ජලධර අතර ගණුදෙනු කෙරෙමින් පවතින මොහොතක, අපගේ පිපාසය සංසිඳුවා ගත හැකි, දේශීය ආහාර නිෂ්පාදනය තිරසාර කළ හැකි සහ අසල්වැසි සංස්කෘතීන් අතර සාමය පවත්වා ගත හැකි විවිධ උපාය මාර්ගවල ගැන සොයා බලා දැන කියා ගැනීම වැදගත් යයි අපි කල්පනාකරන්නෙමු.
ඉතින්, මෙම කාරණාවේ දී වැසි ජල අස්වැන්න නෙළා ගැනීමේ අවශ්‍යතාව ගැන අවධානය යොමු කළහොත්, වැසි ජලයේ වටිනාකම සහ ඉන් අනුබලය ලැබෙන බොහෝ ජල මූලාශ්‍ර ගැන අපි සැලකිල්ල යොමු කරමු. මන්ද අපගේ ජල සම්පත් අප අගය කරන ආකාරය කෙලින්ම සම්බන්ධ වන්නේ අප ඒවා වටහා ගන්නා, භාවිතා කරන සහ කළමනාකරණය කරන ආකාරය සමඟ ය.

වර්ෂණය (වැසි, හිම කැට වැස්ස(hail), ශ්‍රීතකර වර්ෂාව(sleet) සහ හිම පතනය(snowfall), අපගේ ග්‍රහලෝකයේ ජල විද්‍යාත්මක චක්‍රය තුළ මිරිදිය ප්‍රධාන මූලාශ්‍රය වේ.
මෙම වර්ෂණය හෙවත් ‘ඇදහැලීම’, භූගත ජලය සහ ඇළ දොළ, ගංගා සහ විල්වල මතුපිට ජලය ඇතුළු සියලුම ද්විතියික ජල මූලාශ්‍ර සපයයි. ඒවා නැවත පිරවීමට වඩා වේගයෙන් පොම්ප කළහොත් හෝ ජලය බැස ගියහොත්, ප්‍රතිඵල වශයෙන් අවසානයේ සිදුවන්නේ මෙම ද්විතියික මූලාශ්‍රවල පැවැත්ම නතර වී යාමයි.
වලාකුළු සෑදීමට පෙර වාෂ්පීකරණය හරහා වර්ෂණය ස්වභාවිකව ආසවනය(distilled) කරනු ලැබේ;
ඉතින්, ඒ අනුව එය අපගේ පිරිසිදුම ජල මූලාශ්‍රවලින් එකක් වන්නේය. වැසි ජලයේ සාමාන්‍යයෙන් භූමියේ හා මතුපිට ජලයට වඩා 100 ගුණයකින් අඩු සම්පූර්ණ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය (total dissolved solids TDS)) ඇත. (රූපය 1.2. පිරිසිදු වැසි ජලය)

ද්‍රාවණයේ, කැල්සියම් කාබනේට් හෝ මැග්නීසියම් නොමැතිකම හේතුවෙන් වැසි මෘදු ලෙස සලකනු ලබන අතර ආහාර පිසීම, සේදීම සහ බලශක්තිය ඉතිරි කිරීම සඳහා විශිෂ්ට වේ.
ජලය පස හරහා හෝ පස මතින් ගමන් කරන විට ද්‍රාවණය වන්නාවූ(‘දිය වන්නාවූ’) කැල්සියම් සහ මැග්නීසියම් සංයෝග නිසාවෙන් අපගේ භූගත හා මතුපිට ජලයෙන් වැඩි ප්‍රමාණයක් කඨින ජලය(hard water) වේ. මෙම සංයෝග තාප සන්නයනය(heat conduction ) වළක්වන සහ ජලනල සහ උපකරණවල ආයු කාලය කෙටි කරන සුදු “කාරමක්”(“scale”) සාදමින් පිසින උපකරණ, ජලනල සහ ජල තාපක(water heaters) මත හෝ ඒවා තුළතැන්පත් වේ. ඒ වෙනුවට වැසි ජලය භාවිතා කිරීමෙන් බලශක්තිය සහ නඩත්තු වියදම් ඉතිරි වන අතර ජල තාපක සහ ජලනල ආයු කාලය දීර්ඝ කළ හැක. වැසි ජලය භාවිතය, ක්ෂාලක(detergent) සහ සබන් භාවිතයේ අවශ්‍යතා අඩු කරයි, තවද, සබන් උඩු මංඩි(scum),කඨින තැන්පතු සහ ජල මෘදුකාරකයක අවශ්‍යතාව (සමහර විට ළිං ජල පද්ධතිවල දී අවශ්‍ය වේ) ඉවත් කරයි. එමෙන්ම, වසි ජලය ස්වාභාවික හිසකෙස් සකසනයකි(කන්ඩිෂණරයකි).
වැසි ජලය ස්වභාවික පොහොරකි
ඇතැම් කෘෂි ව්‍යාප්ති නියෝජිතයන්ට අනුව, ශාක ඇමයිනෝ අම්ල සෑදීමේදී වැදගත් වන සල්ෆර් වැස්සෙහි අඩංගු වන අතර ශාක වර්ධනයට වැදගත් වන, වාතයේ ඇති දූවිලි වලින් එකතු වන හිතකර ක්ෂුද්‍ර ජීවීන් සහ ඛනිජ පෝෂක ද එහි අඩංගු වේ. වැසි ජලයේ ද නයිට්‍රජන් අඩංගු වන අතර එය තල හරිතකරණයට හේතු වේ. කුණාටු වලදී, අකුණු සැර වැදීමෙන් වායුගෝලීය නයිට්‍රජන් හයිඩ්‍රජන් හෝ ඔක්සිජන් සමඟ ඒකාබද්ධ වී ඇමෝනියම් සහ නයිට්‍රේට් සෑදීමට හැකියාව ලැබෙන අතර ඒවා ශාක මගින් ප්‍රයෝජනයට ගනු ලැබීමට හැකිය.
ස්වභාවික මිරිදිය ප්‍රභවයන්ගෙන් අඩුම ලුණු ප්‍රමාණය ඇත්තේ වැසි ජලයෙහි බැවින් එය ශාක සඳහා වඩා හොඳ ජල මූලාශ්‍රයකි.
කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් සහ සෝඩියම් ලවණ පෘථිවි පෘෂ්ඨයේ බහුලව පවතී. අධික ලවණ සාන්ද්‍රණයක් සහිත පස, වෘක්ෂලතාදියට ජලය ලබා ගැනීමේ හැකියාව සහ ප්‍රභාසංස්ලේෂණය කිරීමේ හැකියාව අඩු කිරීම මගින් ශාක වර්ධනයට බාධා කරයි. සෝඩියම් බහුල පසෙහි ව්‍යුහය අපකිරණයට හෝ අහිමි කර දැමීමට ප්‍රවණතාවක් දක්වන හෙයින් ජල කාන්දුවීම සහ පාංශු වැස්ම සෑදීම දුර්වල කරයි. මෙම තත්ට්වය, ජලය මුල්වල්ට කාවැදීමට සහ බීජ පැල මතුවීමට බාධා ඇතිකරයි.
ඩේවිඩ් ක්ලීව්ලන්ඩ් සහ ඩැනියෙලා සොලෙරි “Food From Dryland Gardens” හි සඳහන් කර ඇති පරිදි, “ද්‍රාව්‍ය ලවණ (ශාකවල) මූල කලාපයෙන් පහකර ඉවතට සෝදා හැරීමට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන වියළි, ශුෂ්ක ප්‍රදේශවල ලවණමය පස ස්වභාවිකව ඇතිවේ. මතුපිට ජලය සහ භූගත ජලය වැසි ජලයට වඩා ලුණු අඩංගු වන බැවින් [මතුපිට ජලය හෝ භූගත ජලය සහිත] වාරි සම්පාදනය තත්ත්වය වඩාත් නරක අතට හරවයි. වාරි සම්පාදනය හරහා ජලය අඛණ්ඩව එකතු වන බැවින් ලුණු පසෙහි ගොඩ ගැසීමට නැඹුරු වේ. වැසි ජලයට, මෙම ලවණ තනුක කර ඒවා මූල කලාපයෙන් පිටතට ගෙන යා හැක.

වැසි ජලය අප වෙත ලැබෙන්නේ නොමිලේමය
වැස්ස ඉබේටම අහසින් පොළවට වැටෙන අතර එය පොම්ප කිරීම සඳහාවත්, උපයෝගිතා සමාගමකට අපවෙත ලබා දීම සන්දහාවත් ගෙවීමක් කිරීමට අපට සිදුවන්නේ නැත (රූපය I.3).
එහෙත්, වර්තමානයේ ගෘහ හා පොදු ජල සම්පත් කළමනාකරණය, වර්ෂාපතනයේ වෙන වචනවලින් කිව්වොත් වැසි ජලයෙහි සැබෑ වටිනාකම පිළිබිඹු නොකරයි. වැසි ජලය වනාහී අපගේ ප්‍රාථමික, පුනර්ජනනය කළ හැකි මිරිදිය ප්‍රභවය ලෙස සලකනවා වෙනුවට අප සාමාන්‍යයෙන් කරන්නේ වැසි ජලය කරදරයක් ලෙස සලකමින් කැළිකසල කාණු, ජලාපවහනය පිණිස ඇති වළවල් හෝ අප්‍රවිත්‍ර වූ වීථි ඔස්සේ යවන්නට සලස්වමු. එපමණක් නොව, අප විශාල සම්පත් ප්‍රමානය ආයෝජනය කරන්නේ අඩු ගුණාත්මක, ද්විතියික භූගත හා මතුපිට ජල මූලාශ්‍ර ලබා ගැනීම වෙනුවෙනි. එවැනි සමකාලීන ජල කළමනාකරණ ප්‍රතිපත්ති වැසි ජලය අස්වනු නෙලීමේ සම්ප්‍රදායන් සමඟ තියුනු ලෙස ගැටේ.
Rain-water Harvesting for Drylands and Beyond by Brad Lancaster ග්‍රන්ථය ඇසුරෙනි(චිත්‍ර ද එම පොතෙනි)
Updated repost