අඟහරු ග්‍රහයා මත අනාගත මිනිස් වාසස්ථාන සුළං ශක්තියෙන් බල ගැන්විය හැකිය

සුළං ක්රියාකාරිත්වය: අඟහරු පෘෂ්ඨයේ මෙම රූපය අඟහරු සමීක්ෂණ කක්ෂීය යානයේ Hඉර්ISE මගින් මත ගෙන ඇති අතර එහි යාදැම්(yardangs) දැකිය හැකිය. මේවා සුළඟින් කැටයම් කරන ලද පාෂාණ ව්යුහයන් වේ. මෙමගින් යාදැම් අතර ප්‍රදේශ වල වැලි නිර්මාණය වී ඇති අතර එය සුළඟින් රැළි වැටී ඇත. ඉතා අඳුරු ප්‍රදේශ යාදැම් මගින් හෙලන සෙවනැලි වේ. (අනුග්‍රහය: NASA/JPL-Caltech/Univ. of Arizona)
සුළං ශක්තිය, රතු ග්‍රහලෝකය ලෙස හඳින්වෙන අඟහරු ග්‍රහයා මත මිනිස් මෙහෙයුම් බල ගැන්වීමට උපකාරී වේ යයි අධ්‍යනයක් දක්වයි. අඟහරු මත සුළං ටර්බයින මගින් ජනනය වන සුළං බලයේ කෙටි කාලීන සහ සෘතුමය විචල්‍යතාවය ගණනය කිරීමට NASA Ames Mars Global Climate මොඩලය මෙම අධ්‍යනය සඳහා භාවිතා කෙරිණ. නාසා ආයතනයේ පර්පර්යේෂණ විද්‍යාඥ Victoria Hartwick විසින් මෙහෙයවනු ලබන පර්යේෂණ කණ්ඩායම යෝජනා කරන්නේ සුළඟට පමණක් ප්‍රමාණවත් ශක්තියක් තනිවම සැපයිම හෝ නැතිනම එය, සූර්ය හෝ න්‍යෂ්ටික බලය සමඟ ඒකාබද්ධව භාවිතා කළ හැකි බවයි.
අඟහරු වෙත මිනිස් කාර්ය මණ්ඩල සහිත මෙහෙයුමක , අඩවි(site) තේරීම ඇතුළු බොහෝ සාධක මත රඳා පවතී. අඩවි ශක්‍යතාව පිළිබඳ පෙර අධ්‍යයනයන් අවධානය යොමු කෙරුණේ ජලය හෝ නවාතැන් ඇතුළු භෞතික සම්පත් වෙත ප්‍රවේශය කෙරෙහි මිස විභව අඩවිවල බලශක්ති උත්පාදන හැකියාවන් අවශ්‍යයෙන්ම ගණන් බලා නොමැත. අඟහරු බලශක්ති ප්‍රභවයන් ලෙස සූර්ය හා න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කර ඇති අතර, න්‍යෂ්ටික බලය, මානවයන්ට අවදානම් සහිත විය හැකි අතර බල ජනනය කිරීමේදී වර්තමාන සෞරග්‍රහ මණ්ඩල ආකෘතිවලට දිවා/රාත්‍රී (දෛනික) සහ සෘතුමය වෙනස්කම් සඳහා හිලව්වීමට බලශක්තිය ගබඩා කර තබාගැනීමේ හැකියාව නොමැත. එබැවින් ස්ථායී බලශක්ති නිෂ්පාදනය සඳහා සුළඟ වැනි විකල්ප මූලාශ්‍රයක් සලකා බැලීම ප්‍රඥාගෝචරය.
බලගතු බව අඩු නමුත් තවමත් ප්රයෝජනවත් බවින් වැඩියි
සුළං බලය වඩාත් කාර්යක්ෂම වායුගෝලය ඝන වූ විටයි. එනමුත් අඟහරුගේ අඩු වායුගෝලීය ඝනත්වය යනු අඟහරු මත සුළඟ, පෘථිවිය මත ඇති සුළඟට වඩා සැලකිය යුතු මට්ටමක අඩු බලයක් නිපදවන බවයි. මේ හේතුව නිසා අඟහරු සුළඟ සාධ්‍ය බලශක්ති සම්පතක් ලෙස නොසැලකේ. Hartwick සහ ඇගේ සගයන් මෙම උපකල්පනය අභියෝගයට ලක් කරමින් කියා සිටින්නේ සූර්ය ශක්තියේ දෛනික සහ සෘතුමය උච්චාවචනයන් සම්බන්ධයෙන් සුළං ශක්තියෙන් හිග පාඩු ගෙවිය හැකි බවයි. “අඟහරුගේ සිහින් වායුගෝලය තිබියදීත්, අඟහරු මතුපිට විශාල ප්‍රදේශ හරහා බලය නිපදවීමට තරම් සුළං තවමත් ශක්තිමත් බව සොයාගැනීමෙන් ඔවුන් පුදුමයට පත් වූ” බව Hartwick පවසයි.
අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ බලශක්ති උත්පාදනය ඉහළ නැංවීම සඳහා සූර්ය බලශක්තිය වැනි අනෙකුත් බලශක්ති සම්පත් සමඟ සුළං බලශක්තියට ඒකාබද්ධව ක්‍රියා කළ හැකි බවයි. දේශීය හා ගෝලීය දූවිලි කුණාටු වලදී සූර්ය බලය අඩු වන විට සහ පවතින සුළං බලය වැඩි වන විට මෙය විශේෂයෙන් උපකාරී විය හැකිය. එමෙන්ම, රාත්‍රි කාල වල දී සහ සිසිර සූර්ය නිවෘත්තියේ දී(winter solstice) සුළඟ, ප්‍රයෝජනවත් සම්පතක් වනු ඇත.

ඒකාබද්ධ පද්ධතිය
පර්යෙෂක කණ්ඩායම සූර්ය පැනල සහ Enercon E33 සුළං ටර්බයිනයකින් සමන්විත උපකල්පිත බලඋත්පාදන පද්ධතියක් ගැන සිතා බැලුවේය. Enercon E33 යනු වාණිජමය වශයෙන් ලබා ගත හැකි මධ්‍යම ප්‍රමාණයේ පද්ධතියක් වන අතර එහි භ්‍රමකය හෙවත් රෝටරයෙහි විෂ්කම්භය මීටර් 33 ක් වන අතර පෘථිවිය මත එහි බලශක්ති ප්‍රතිදානය 330 ක්W ලෙස ශ්‍රේණිගත කර ඇත. Hartwick සහ සගයන් ගණනය කරන්නේ ටර්බයිනය අඟහරු මත 10 ක්W පමණ සාමාන්‍ය ක්‍රියාකාරී බල නිමැවුමකින් ක්‍රියා කළ හැකි බවයි.
කණ්ඩායමේ ගණනය කිරීම් පෙන්නුම් කරන්නේ ටර්බයිනය ඒකාබද්ධ පද්ධතියෙන් බලය 24 kW ඉක්මවන කාල ප්‍රතිශතය 40% (සූර්ය අරා පමණක්) සිට 60-90% දක්වා (සූර්ය සහ සුළං ඒකාබද්ධව) දක්වා වැඩි කරන බවයි. 24 kW අගය සැලකිය යුතු අගයක් ලෙස සළකනු ලනන්නේ (රතු ග්‍රහයා මත) කාර්ය මණ්ඩල හයක මෙහෙයුමකට සහාය වීම සඳහා අවම බලශක්ති අවශ්‍යතාවය ලෙස 24 kW සැලකෙන බැවිනි.
සුළං උත්පාදනය කළ හැක්කක් බව අධ්‍යයනයෙන් පෙන්නුම් කරන අතර, එය ප්‍රයෝජනවත් වනු ඇත්තේ අඟහරු ග්‍රහයා මත මිනිස් වාසයට සුදුසු ස්ථානවල එය කළ හැකි නම් පමණි. මීට පෙර පර්යේෂණ වලදී. ගොඩබෑමේ ස්ථාන ඇගයීම සඳහා සලකා බලන ලද්දේ, භූ විද්‍යාව, භාවිතයට ගත හැකි සම්පත් සහ ඉංජිනේරුමය සීමාවන්ය. මෙම නිර්ණායක භාවිතා කරමින්, NASA මානවයින් ගොඩ බැසීමේ අඩවි අධ්‍යයනය(Human Landing Site Study) මගින් උනන්දු දැල් විය හැකි කලාප 50ක් හඳුනාගෙන ඇත. මෙම අධ්‍යයනය සූර්ය බලශක්තිය සඳහා සරල අක්ෂාංශ සහ සෙවන සලකා බැලීම්වලින් ඔබ්බට කලාපීය බලශක්ති ලබා ගැනීම සලකා බැලුවේ නැත. එබැවින් හර්ට්වික් Hartwick විශ්වාස කරන්නේ ගවේෂණ සහ ජනාවාස සඳහා තවත් කලාප සලකා බැලීමට සුළං බලයට ඉඩ සැලසිය හැකි බවයි.
| තවත් අවස්ථා
“වෙනත් බලශක්ති සම්පත් සමඟ සංයෝජනයක් ලෙස සුළඟ භාවිතා කිරීමෙන්, කලින් නොසලකාම බැහැර කරන ලද අඟහරු ග්‍රහලෝකයේ සමහර ප්‍රදේශ වෙත ප්‍රවේශ විය හැකිය, උදාහරණයක් ලෙස, අඟහරු මධ්‍ය අක්ෂාංශ සහ ධ්‍රැවීය ප්‍රදේශ විද්‍යාත්මකව සිත්ගන්නාසුළු වන වඩාත් වැදගත් මතුපිට ජල අයිස් ජලාශවලට ඒවා සමීප වේ” යනුවෙන් Hartwick පවසයි. සූර්ය බලශක්තිය ප්‍රමුඛ බලශක්ති සම්පත වීම නිසා මෙම ස්ථාන සාධ්‍ය නොවනු ඇත.
හාර්ට්වික් යෝජනා කරන්නේ අඟහරු වෙත අනාගත කාර්ය මණ්ඩලයේ මෙහෙයුම් බල ගැන්වීම සඳහා ස්ථාවරත්වය වඩාත්ම වැදගත් සැලකිල්ල බවයි — අඛණ්ඩ බලයක් බෙහෙවින් නිපදවිය යුතුය. සුළං ටර්බයින සහ සූර්ය කෝෂ වල එකතුවක් භාවිතා කිරීමෙන් ග්‍රහලෝකයේ විශාල කොටසක් පුරා මෙහෙයුම් වලට ස්ථානගත වීමට ඉඩ සැලසේ.
මිනිසුන් සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් තැන්වල ශක්තිය ලබා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සුළං බලයට විප්ලවීය වෙනසක් ඇති කළ හැකිය. හාර්ට්වික් පවසන්නේ “ඉතා ඝන වායුගෝලයක් ඇති නමුත් අධික සීතලින් යුතු ටයිටන් වැනි චන්ද්‍රයෙකු මත බල ජනනයේ විභවය දැකීමට තමන් විශේෂයෙන් උනන්දු වනබව Hartwick කියයි. එසේ වුවද, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ තාක්‍ෂණික ශක්‍යතාව තීරණය කිරීම සඳහා – විශේෂයෙන්ම අභ්‍යවකාශ සහ ඉංජිනේරු ආස්ථානයෙන් – තවමත් අන්තර් විනය කටයුතු සිදු කළ යුතුව ඇත.

විවිධ ටර්බයින
පර්යේෂණයේ ප්‍රධාන කොටසින් Enercon E33 කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, කුඩා තනි-පවුලක බලශක්ති අවශ්‍යතා සඳහා භාවිතා කරන ක්ෂුද්‍ර ටර්බයිනවල සිට කර්මාන්ත-සම්මත 5 ඹ්W (පෘථිවියේ) ටර්බයින සහ තවත් බොහෝ ප්‍රමාණයන්ගේ ටර්බයින පිළිබඳව ද පර්යේෂණ කණ්ඩායම සොයා බැලූහ. එවැනි පද්ධතිවල භාවිතය, මතුපිට වාසස්ථාන සහ ජීව ආධාරක පද්ධති සඳහා බලශක්ති සැපයීමේ සිට විද්‍යාත්මක උපකරණ නඩත්තු කිරීම දක්වා වෙනස් විය හැකිය. සුළං බලය යොදා ගන්නේ නම් සලකා බැලිය යුතු තවත් සාධකයක් වන්නේ සුළං ටර්බයින සහ ආශ්‍රිත ද්‍රව්‍ය අඟහරු වෙත ප්‍රවාහනය කිරීමයි. මෙම ප්‍රවාහනයට කැණීම් උපකරණ ඇතුළත් විය යුතු අතර, පෘථිවියේ දී ටර්බයින සවි කිරීමට භාවිතා කරන කොන්ක්‍රීට් වෙනුවට අඟහරු ග්‍රහයාගේ පස භාවිතා කළ හැකි බවට යම් අදහසක් ඇත.
වඩාත් විභවයක් සහිත අඟහරු ගොඩබෑමේ ස්ථාන හඳුනාගෙන ඇති බැවින්, අනාගත අධ්‍යයනයන්හි විශේෂිත භූ විෂමතා සහ මතුපිට තත්ව සුළඟට බලපාන්නේ කෙසේද යන්න වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ අරමුණින් අධි-විභේදන සමාකරණ(high-resolution simulations) ඇතුළත් විය හැකිය. මෙය අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් වල හැකියාවන් වෙනස් කළ හැකිය. Hartwick මෙලෙස කියයි: “අඟහරු වෙත යවන්නා වු මිනිසුන් සහිත මෙහෙයුමක් සඳහා බලශක්ති අවශ්‍යතා සලකා බලන විට දී මෙය(සුළං බලය) සැබවින්ම පෙරමුණ ගනී”.
physics world හී පළව්න Wind energy could power human habitations on Mars යන ලිපිය ඇසුරෙනි