
පෘථිවිය කැරකෙන්නේ ඇයිද යන්න සහ සමහර ප්‍රධාන අභිරහස් පැහැදිලි කිරීමට බොහෝ සාක්ෂි තිබේ. Getty Images හරහා Jose Luis Pelaez Inc/DigitalVision
පෘථිවිය කැරකෙන්නේ ඇයි?
මෙ ප්‍රශ්නය අහන්නේ, නිව්යෝක් නුවර New Paltz හී 5 හැවිරිදි සරා H.
පිළිතුරුදෙන්නේ ලොවෙල් හි මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ, තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය Silas Laycock
මගේම සල්ලි වලින් මම මුලින්ම ගත්ත දෙයක් තමයි, ලෝක ගෝලයක්. එතකොට මට වයස අවුරුදු 5 ක් විතර ඇති. එය මම නිවසට ගෙන ගියේ බූම සතුටින්,උනන්දුවෙන්. නිවසට අරගෙන ගිය ලෝක ගෝලය, පෘථිවිය සැබවින්ම භ්‍රමණය වන දිශාවට කරකැවිය හැකි බව මට ඉක්මනටම තේරුම් ගියා.
ඉතින්, ඔය ලෝක ගෝලයේ දක්වලා නොතිබුණාට උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය අතර මනඃකල්පිත රේඛාවක් ඇත්තතටම තියනවා. අපි එය භ්රමණ අක්ෂය ලෙස හඳුන්වමු. පෘථිවිය සම්බන්ධයෙන් ගත් කල, භ්‍රමණ අක්ෂය උතුරු අර්ධගෝලයේ පැහැදිලි රාත්‍රිවල දිස්වන දීප්තිමත් තාරකාවක් වන Polaris දෙසට යොමු වේ.
ඔබට ඔබේ ලෝක ගෝලය පෘථිවිය කැරකෙන දිශාවට කරකැවිය යුතු ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබේ දකුණු අතේ මහපටැඟිල්ල උඩටත් අනෙක් හතර මිට මොළවන ආකාරයෙන් “thumbs up” ලකුණ සාදන්න. දැන් ඔන්න ඔබේ මාපටැඟිල්ල උත්තර ධ්‍රැවයට යොමු වන පෘථිවි භ්‍රමණ අක්ෂය යැයි සිතන්න. ඔබේ ඇඟිලි ස්වභාවිකවම ඔබේ අල්ල වටා ගුලිවී තිබෙනු ඇත; එම ඇඟිලි යොමු කරන දිශාව පෘථිවිය භ්‍රමණය වන දිශාවයි.
සෑම පැය 24 කට වරක්ම පෘථිවිය සම්පූර්ණ භ්‍රමණයක් සිදු කරයි; පෘථිවිය, බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වන අතර සූර්යයා නැගෙනහිරින් නැඟී බටහිරින් බැස යයි. රාත්‍රියේදී තරු අහස හරහා ගමන් කරන බව පෙනේ.
මෙය සිදු වන්නේ මන්දැයි තේරුම් ගැනීමට, අභ්‍යවකාශයේ අනෙකුත් වස්තුවලින් අපට ඉගෙන ගත හැකි දේ බලමු.
(අභ්‍යවකාශයේ) හැම දෙයක්ම කැරකෙනවා
සූර්යයා ද කැරකෙයි. ඇත්ත වශයෙන්ම, එය පෘථිවිය කැරකෙන දිශාවටම භ්රමණය වේ. ඒ විතරක් නෙවෙයි, පෘථිවිය සූර්යයා වටා එකම දිශාවකට කක්ෂ ගතව ගමන් කරයි; (අපේ මේ සෞර ග්‍රහ මණඩලයේ) අනෙක් සියලුම ග්‍රහලෝක සහ මිලියනයකට අධික ග්‍රහක(asteroids) මෙන්ම වාමන ග්‍රහලෝක(dwarf planets) සියල්ලත් එසේමයි. බොහොමයක් කැරකෙන්නේ ද එකම දිශාවටමය. බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයා පෘථිවියට වඩා තරමක් වේගයෙන් භ්‍රමණය වන අතර, භ්‍රමණය වීමට ගත වන්නේ පැය 10ක් පමණි. සෙනසුරුගේ භ්‍රමණය තරමක් ඇල වී ඇති නිසා කාලයත් සමඟ එහි වළලුවල දසුන් වෙනස් වන ආකාරය අපට දැකගත හැකිය.

කුඩා අයිස් හා පාෂාණ කැබලි බිලියන ගණනකින් සැදුම්ලත් සෙනසුරු ග්‍රහයාගේ වළලුවල කොටසක් සහ එහි චන්ද්‍රයින් පහකින් සෑදී ඇති මෙම ඡායාරූපය ගෙන ඇත්තේ කැසිනි අභ්‍යවකාශ යානයෙනි එයNASA/JPL-Caltech/Space Science Institute
ඔය කිව් කතාවකින් විනෝදජනක බැහරවීම් නැතිනම් ව්‍යතිරේක දෙකක් තිබේ: යුරේනස් කොපමණ පැත්තට ඇලවී ඇත් ද කීවොත්, ඔළුවෙන් හිටගත් බවක් පෙනේ. ඒ කොහොම වුණාද කියලා කවුරුවත් හරියටම දන්නේ නැහැ. සමහර විට එය වෙනත් ග්‍රහලෝකයක් සමඟ ගැටී උඩු යටිකුරු වුණ ද වත් ද?. ඇත්තටම සිකුරු ද අමුතුයි – එය කැරකෙන්නේ පසුපසටයි. එය එසේ හැදුනාද නැතිනම් හැපී පෙරළී ගියාද යන්න අපි නිශ්චිතවම නොදනිමු. බොහෝ විද්‍යාඥයන් දැන් සිතන්නේ සූර්යයාගේ සහ සිකුරුගේ ඝන වායුගෝලය සම්බන්ධ වඩදිය බාදිය මගින් එහි භ්‍රමණය කාලයත් සමඟ ආපසු හැරවූ බවයි.
ඒ සියල්ල මා වැනි තාරකා විද්‍යාඥයින් මෙලෙස සිතන්නට පොළඹවයි:සෞරග්‍රහ මණ්ඩලය සෑදුණු ආකාරය තුළ එම භ්‍රමණ දිශාව තීන්දු කරන ආකාරය අන්තර්ගත කෙරෙන යමක් තිබේද?
තරුවක උපත
තවත් හෝඩුවාවන් සඳහා අපට, එහි ග්‍රහලෝක පද්ධතිය නිර්මාණය කිරීමට පටන්ගත් හැටියේම තිබෙන තරුණ තාරකාවක් දෙස බැලිය හැකිය,
ප්‍රසිද්ධ එකක් තමයි Beta Pictoris කියලා. එය ග්‍රහලෝක ලෙස හඳුන්වනු ලබන දුහුවිලි, වායු සහ ග්‍රහ අංශු() නම් කුඩා කැබලි සහිත තුනී තැටියකින් වටවී ඇත; ඒවා වැලි කැටයක සිට සමහර විට කන්දක් තරම් ප්‍රමාණයෙන් පාෂාණ දක්වාවිහිදේ. තාරකා විද්‍යාඥයින් තරයේ විශ්වාස කරන්නේ තාරකාව බිහි වූ විට ඉතිරි වූ ද්‍රව්‍ය වලින් මෙකී තැටිය සෑදී ඇති බවයි.
සෑම තාරකාවක්ම උපත ලබන්නේ වෙනත් සමාන වලාවන් පිරිවරා අවකාශය හරහා ගමන් කරන වායු හා දූවිලි වලා වලිනි. මෙම වලාවන් එකිනෙක පසුකර යන විට ගුරුත්වාකර්ෂණ බලය නිසා එකිනෙක වෙත ඇදී යන අතර එමඟින් ඒවා සෙමින් භ්‍රමණය වීමට සලස්වමිනි.
මෙම වලාවලින් එකක් කඩා හැළී තාරකාවක් සෑදෙන විට පවා එය දිගටම භ්‍රමණය වේ. භ්‍රමණය වන
මූල-ග්‍රහීය තැටියක්(protoplanetary disk) ලෙස හැඳින්වෙන වායුව සහ දූවිලි සහිත පැතලි වෙල්ල වැහුමක් වැනි තටියක් මධ්‍යයේ කැරකෙමින් තරුව බිහිවෙයි. මේ සියල්ල – තරුව, වායුව, දූවිලි – එකම දිශාවට භ්රමණය වේ.

බීටා පික්ටෝරිස් වටා කක්ෂගත වන ග්‍රහලෝකයක් කෙබඳු විය හැකිද යන්න කලාකරුවෙකුගේ චිත්‍රයකින් පෙන්වයි. ESO L. Calçada/N. Risinger (skysurvey.org), CC BY

හබල් අභ්‍යවකාශ දුරේක්ෂය බීටා පික්ටෝරිස් හි සැබෑ ඡායාරූප ලබා ගත්තේය. මූල ග්‍රහලෝක තැටිය දෘශ්‍යමාන වන පරිදි තාරකා විද්‍යාඥයෝ ඡායාරූපයේ ඇති තාරකාවේ ආලෝකය අවහිරකළහ . David Golimowski/Johns Hopkins University, NASA, ESA
තාරකා විද්‍යාඥයන් සිතන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය එහි මුල් අවදියේදී බොහෝ දුරට භෙට ඵිච්ටොරිස් මෙන් දිස් වන්නට ඇතිබවයි.
මෙකී තැටිය ඇතුලේ වායුව සහ දූවිලි සමාහරණය (accretion) නම් ක්‍රියාවලියක් තුළින් එකට ඇළී එකතු වෙන්න පුළුවන් කියලයි තාරකා විද්‍යාඥයන් කල්පනාකරන්නේ. ළදරු ග්‍රහලෝකයක් වර්ධනය වීමට පටන් ගන්නා විට, එය බරින් වැඩි වන අතර එහි ගුරුත්වය වැඩි වැඩියෙන් කුඩා කැබලි ආකර්ෂණය කර ගනියි.
ළදරු ග්‍රහලෝකය ප්‍රමාණවත් තරම් විශාල වූ විට, ගුරුත්වාකර්ෂණ බලය එය මිරිකා දැමීමට පටන් ගැනීම හේතුවෙන් එම ග්‍රහලෝකයේ ඝනත්වය වැඩි වෙයි. ඒක නිසා ග්‍රහලෝකය වේගයෙන් කැරකෙනවා. හරය තුළ පීඩනය වැඩි වීම හේතුවෙන් හරය උණු වීමට පටන් ගනී. ඝන ද්‍රව්‍ය හරය දෙසට ගිලී යන අතර සැහැල්ලු ද්‍රව්‍ය ග්‍රහලෝකයේ මතුපිටට පාවී යයි. මේ ක්‍රියවලින්ගේ ප්‍රතිඵලයක් ලෙස අපට පාෂාණවලින් වට වූ සමහර විට ජලය සහ අයිස් වැනි බාහිර කොටස් වලින් හෙබි යකඩ හරයක් සහිත ග්‍රහලෝකයක් දැක ගත හැකිය.
අපේ සෞරග්‍රහ මණ්ඩලය තුල අප දකින්නේ එයයි.
හොඳයි පෘථිවිය කැරකුනේ නැත්නම්?
පෘථිවියේ භ්‍රමණය ජීවයට වැදගත් වේ. දිවා රෑ ඇතිවීමට එම භ්‍රමණය හේතු වේ. එය සාගර උදම(tides) සඳහා ද වැදගත් වේ. දෛනික වඩදිය බාදිය නොමැතිව, ජීවිතය කිසි විටෙකත් මුහුදෙන් ගොඩබිමට ළඟා නොවනු ඇත.
ඉතින්, තාරකා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ පෘථිවිය නිර්මාණය වන විට මුළු සෞරග්‍රහ මණ්ඩලයම භ්‍රමණය වෙමින් තිබූ නිසා පෘථිවිය භ්‍රමණය වන බවයි – නමුත් ග්‍රහලෝකවල භ්‍රමණය කාලයත් සමඟ වෙනස් වන ආකාරය සහ භ්‍රමණය ජීවයේ පරිණාමයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්න රාශියක් තවමත් පවතී. සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට දැන් දන්නා ග්‍රහලෝක 5,000කට වඩා වැඩි ප්‍රමාණයක සොයා බැලීම් කරමින් අනාගත විද්‍යාඥයන් ගවේෂණ කටයුතුවල නිරත වීමට නියමිතයි.
Curious Kids(The Conversation) හී පළවී Why does the Earth spin? ඇති යන ලිපිය ඇසුරෙනි