විද්‍යාව පිළිබඳ වැරදි වැටහීම් නිවැරදි කිරීම  

Posted by

විද්‍යාත්මක ක්‍රියාවලිය පිළිබඳ වැරදි වැටහීම් නිවැරදි කිරීම — 1

   වැරදි වැටහීමේ ප්‍රමාණය කෙසේවෙතත් අප අතරේ බොහෝ අයටවැරදි වැටහීම් නිවැරදි කිරීම   යනු කුමක්ද සහ එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව වැරදි වැටහීම් ඇති බවක් පෙනේ. අප බොහෝදෙනාට ගැටලු ඇති විය හැකි වඩාත් පොදු වැරදි වැටහීම් කිහිපයක් පැහැදිලි කර නිවැරදි කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි.

 වැරදි වැටහීම:: විද්‍යාව යනු කරුණුවල එකතුවකි.

නිවැරදි කිරීම:

විද්‍යාව උගෙනීමේදී සමහර විට පෙළපොත් රාශියක් පරිහරණය කිරීමට සිදුවන නිසා, විද්‍යාවට ඇත්තේ (ඒවායේ ගොඩ ගසා ඇති කරුණුවල එකතුවක්) එපමණයි කියා සිතීම පහසුය:  එසේනමුත් එය, සමස්ත චිත්‍රයේ කොටසක් පමණි. විද්යාව යනු කෙනෙකුට පෙළපොත් වලින් ඉගෙන ගත හැකි දැනුම් සම්භාරයකි; නමුත් විද්යාව ක්‍රියාවලියක් බව ද සැලකිල්ලට ගතයුතුය. විද්‍යාව යනු ලෝකය ක්‍රියා කරන ආකාරය සොයා ගැනීමට සහ එම දැනුම බලගතු සහ සුසංයෝගී රාමුවකට ගොඩනැගීම සඳහා වූ ප්‍රබෝධක සහ ගතික ක්‍රියාවලියකි.

වැරදි වැටහීම: විද්‍යාව පරිපූර්ණයි.

නිවැරදි කිරීම:

විද්‍යාව හඳුන්වාදීමේ  පාඨමාලා වල උගන්වන බොහෝ දේ 19 වන සහ 20 වන සියවස්වල ගොඩනගාගත් දැනුම බැවින්, විද්‍යාව දැන් එහි සීමාව කරා ළංව ඇතැයි සිතීම පහසුය – එනම්, අපි දැනටමත් ස්වාභාවික ලෝකය ගැන දැනගත යුතු දේ බොහොමයක් සොයාගෙන ඇතැයි සිතීම. එහෙත්, මෙය නිවැරදි නොවේ. විද්‍යාව යනු අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර ලෝකය ගැන ඉගෙන ගැනීමට තව බොහෝ දේ ඇත. ඇත්ත වශයෙන්ම, විද්‍යාවේදී ප්‍රධාන සොයාගැනීමක් සිදුකිරීම බොහෝ විට විමර්ශනය සඳහා මෝදු වූ නව ප්‍රශ්න රාශියක් ඇති කරයි. තවද, විද්‍යාඥයින් නව සාක්ෂි සහ ඉදිරිදර්ශන මත පදනම්ව ස්ථාපිත විද්‍යාත්මක අදහස් නිරන්තරයෙන් විස්තාරනය කිරීම, පිරිපහදු කිරීම සහ සංශෝධනය කිරීම සිදු කරයි. මේ ගැන වැඩි විස්තර සඳහා,   .

වැරදි වැටහීම: සියලුම විද්‍යාඥයින් අනුගමනය කරන එක් තනි විද්‍යාත්මක ක්‍රමයක් ඇත.

නිවැරදි කිරීම:

“විද්‍යාත්මක ක්‍රමය” බොහෝ විට විද්‍යා පාඨමාලා වල උගන්වනු ලබන්නේ විද්‍යාත්මක පරීක්‍ෂණයේ මූලික කරුණු අවබෝධ කර ගැනීමේ සරල ක්‍රමයක් ලෙසය. ඇත්ත වශයෙන්ම, විද්‍යාඥයින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ අධ්‍යයනවල ප්‍රතිඵල ලියා තබා ගන්නා ආකාරය (සහ විමර්ශන කිහිපයක් ඇත්තටම සිදු කරන්නේ කෙසේද යන ආකාරය)  විද්‍යාත්මක ක්‍රමය මගින් නියෝජනය කරන නමුත් එය විද්‍යාඥයින් විසින් සාමාන්‍යයෙන් දැනුම ගොඩනගා ගනු ලබන ආකාරය පිළිබඳ දළ වශයෙන් අතිශයින් සරල කළ නිරූපණයකි. විද්‍යාවේ ක්‍රියාවලිය ප්‍රබෝධක,, සංකීර්ණ සහ අනපේක්ෂිත ය. එයට විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙන, විවිධ ශික්ෂණයන්ට අයත් විවිධ පුද්ගලයින් ඇතුළත් වේ.

වැරදි වැටහීම: විද්‍යාවේ ක්‍රියාවලිය තනිකරම විශ්ලේෂණාත්මක වන අතර නිර්මාණශීලීත්වය ඊට සම්බන්ධ නොවේ.

නිවැරදි කිරීම:

සමහර විට විද්‍යාත්මක ක්‍රමය මඟින් විද්‍යාවේ ක්‍රියාවලියේ රේඛීය හා දෘඩ නිරූපණයක් ඉදිරිපත් කරනු ලබන නිසා, බොහෝ අය සිතන්නේ විද්‍යාව භාවිත කිරීම, නිර්මාණශීලීත්වයට සහ අනුප්‍රාණයට  ඉඩක් නොමැතිව පියවර මාලාවක් අකුරටම අනුගමනය කිරීම බවයි. ඇත්ත වශයෙන්ම, බොහෝ විද්‍යාඥයෝ නිර්මාණශීලී චින්තනය ඔවුන් සතුව ඇති වැදගත්ම කුසලතාවන්ගෙන් එකක් බව හඳුනා ගනිති එම නිර්මාණශීලීත්වය විකල්ප උපකල්පනයක් ඉදිරිපත් කිරීමට වෙන්නට පුළුවන, අදහසක් පරීක්ෂා කිරීමේ නව ක්‍රමයක් සැකසීමට වෙන්නට පුළුවන හෝ පැරණි දත්ත දෙස නැවුම් විදිහකට බැලීමට වෙන්නට පුළුවන; නිර්මාණශීලීත්වය විද්‍යාවට ඉතා වැදගත් වේ!

වැරදි වැටහීම: විද්‍යාඥයන් ගැටලුවක් විශ්ලේෂණය කරන විට, ඔවුන් ප්‍රේරක(අනුමාන – inductive) හෝ නිගමනාත්මක(deductive) තර්ක භාවිතා කළ යුතුය.

නිවැරදි කිරීම:

ගැටලුවක් විශ්ලේෂණය කිරීමේදී විද්‍යාඥයෝ විවිධ අවස්ථාවලදී – සහ සමහර විට එකම අවස්ථාවේදීම – විවිධ තාර්කික ක්‍රම භාවිතා කරති. ඔවුහු නව අදහස්, පැහැදිලි කිරීම් සහ පරීක්ෂණ ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය භාවිතා කරති. මෙය ප්‍රේරක(induction) සහ නිගමනාත්මක(deductive) තර්ක අතර ඇති තේරීමක් නොවේ. විද්‍යාත්මක විශ්ලේෂණයට බොහෝ විට විවිධ තර්ක සහ නිර්මාණාත්මක බුද්ධි කලම්බන ක්‍රම අතර එහා මෙහා දෝලනය වීඑම ඇතුළත් වේ! විද්‍යාත්මක තර්කනයේදී වැදගත් වන්නේ, විවිධ තර්කන ක්‍රම හඳුන්වන්නේ කුමකින් ද යන්න නොව, එම ක්‍රියාවලිය රඳා පවතින්නේ අදහසකට සාක්ෂි පදනම්ව සහය දක්වන හෝ සහාය නොදක්වන ආකාරය, විවිධ විද්‍යාත්මක අදහස් එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රවේශමෙන්, තාර්කිකව සලකා බැලීම  සහ යම් අදහසක් සත්‍ය නම් අපට නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කළ හැක්කේ කුමන ආකාරයේ දේවල්ද යන්න මතයි.

වැරදි වැටහීම: පර්යේෂණ විද්‍යාත්මක ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයකි. අත්හදා බැලීමකින් තොරව, අධ්යයනයක් පරිපූර්ණ හෝ විද්යාත්මක නොවේ.

නිවැරදි කිරීම:

විද්‍යාත්මක ක්‍රමය සහ විද්‍යාව ගැන ජනප්‍රිය නිරූපණයන් මගින් සම්පරීක්ෂණය(අත්හදා බැලීම්) අවධාරණය කරනු ලබන නිසා ඇතිවෙන මතයක් අනුව වෙන්ටත් පුළුවන් බොහෝ අය සිතන්නේ සම්පරීක්ෂණවලින් තොරව විද්යා කර්තව්‍ය සිදු කළ නොහැකි බවයි. ඇත්ත වශයෙන් ගත්තොත් ඕනෑම විද්යාත්මක අදහසක් පාහේ පරීක්ෂා කිරීමට බොහෝ ක්‍රම තිබේ; අත්හදා බැලීම එක් ප්‍රවේශයක් පමණි.   සමහර අදහස් වඩාත් හොඳින් පරීක්ෂා කළ් හැක්කේ  විද්‍යාගාරයක් තුළ පාලිත අත්හදා බැලීමක් සිදු කිරීමෙන්, සමහරක් ස්වභාවික ලෝකය පිළිබඳ සවිස්තරාත්මක නිරීක්ෂණ කිරීමෙන්, සහ තවත් සමහරක් උපාය මාර්ගවල සංකලනයකින් වෙන්න පුළුවන්.

Understanding Science 101 වෙබ් අඩවියේ පළවන  Correcting misconceptions යන කොටස ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකි