මහා සමාගම් අවශ්‍යතාවලට අනුකූල වන සේ නවතම IPCC දේශගුණ වාර්තාව ‘දියාරු’ කර ඇතැයි විමර්ශනවලින් සොයා ගැනේ

Posted by

මහා සමාගම් අවශ්‍යතාවලට අනුව නවතම IPCC දේශගුණ වාර්තාව ‘දියාරු’ කර ඇතැයි විමර්ශනවලින් සොයා ගැනේ

ෆොසිල ඉන්ධන සහ මස් පරිභෝජනය පිළිබඳ යොමුව වාර්තා සාරාංශයෙන් ඉවත් කරන ලද අතර, මතභේදාත්මක කාබන් ඉවත් කිරීමේ තාක්ෂණයන් ඊට එකතු කර ඇත.

Fridays For Future(අනාගතය වෙනුවෙන් කැප වූ සිකුරාදාවන්)  දේශගුණික ක්‍රියාකාරීන්ගේ උද්ගෝෂණයකදී, සහභාගිවන්නෙකු “Planet over Profit”  (ග්‍රහලෝකය ‍රැකගනු වෙනුවට ලාභයම තැකීම) යනුවෙන් දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශනය කරයි.

සිය මූල්‍ය හා දේශපාලන අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරන රටවල් අතර ඉතා තියුණු සාකච්ඡා අවසානයේ එක්සත් ජාතීන්ගේ IPCC(දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය) මගින් පසුගිය සතියේ නිකුත් කරන ලද සුවිශේෂී දේශගුණික වාර්තාව   “දියාරු’ කර ඇතැයි මෑත වාර්තා සහ විමර්ශන මාලාවක දැක්වේ.

ඉහළ යන උෂ්ණත්වය මැඩපැවැත්වීම සඳහා වූ අර්ථවත් ගෝලීය ක්‍රියාමාර්ගවලට බාධා කරන බවට ක්‍රියාකාරීන් දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇති දේ  මෙම අනාවණයන්ගෙන් උද්දීපනය කරනු ලැබ ඇත — එනම්, ස්වකීය විමෝචනය අඩු කිරීමට සහ අනුවර්තනය වීම පිණිස අරමුදල් සම්පාදනය කිරීමට ඔවුන් සැලසුම් කරන්නේ කෙසේද යන්න නිශ්චිතවම නොදැක්වීම නිසාවෙන් ස්වාර්ථය පතන පෞද්ගලික උවමනා සහිත පාර්ශව(vested interests), වැඩසටහනට පූර්න සහයෝගීතාව ලබාදීමෙන්  ජාතීන් වළක්වන බවයි

IPCC හි 6 වන ඇගැයීමේ වාර්තාව, මාර්තු 20 නිකුත් කෙරිණ. දේශගුණ අර්බුදයේ හේතූන් සහ ප්‍රතිවිපාක පිළිබඳ වසර ගණනාවක් සමපදස්ථයන් විසින් සමාලෝචනය කරන ලද පර්යේෂණ, වාර්තාවෙහි සංස්ලේෂණය කර ඇත. මෙය, ගෝලීය උණුසුම්වීම පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5 ට වැඩියෙන් ඉහළ යාම වැළැක්වීමට නොහැකි වීමට පෙර දේශගුණ විශේෂඥයින්ගේ ජාත්‍යන්තර මණ්ඩලයේ අවසාන යාවත්කාලීන කිරීම නැතිනම් අවසානඅනතුරු හැඟවීම විය හැකිය. .එම සීමාව ඉක්මවා ගිය පසු, විද්‍යාඥයින් පවසන්නේ, සමස්ත පරිසර පද්ධති බිඳවැටිය හැකි අතර, සියවස අග වන විට උත්සන්න වන තාප තරංග, කුණාටු සහ සාගත නිසා මිලියන ගණනක ජීවිත අහිමි විය හැකි බවයි.

එහෙත් වසර හතක සංකීර්ණ විද්‍යාත්මක සොයාගැනීම් පිටු 85ක් බවට හැකිළීමෙන් සකස් කරන ලද  සංශ්ලේෂණ වාර්තාවේ ඔවුන්ගේ කොටස සම්බන්ධයෙන් විද්‍යාඥයන් පුළුල් ලෙස එකඟ වූ අතර, ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා අදහස් කරන ලද වාර්තාවේ කෙටි සාරාංශය මත වඩා බෙහෙවින් අස්ථායී සාකච්ඡා ක්‍රියාවලියක් සංවෘත දොරවල් පිටුපස සිදුවෙමින් පවතිණ. මෙම මස මුලදී ස්විට්සර්ලන්තයේ සිදු වූ එම වාර්තා සාරාංශය සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ සියලුම ජාතීන් 195 හි නියෝජිතයින්ගෙන් ඒකමතික අනුමැතියක් අවශ්‍ය වන අතර, එය විශේෂයෙන් දුෂ්කර හා අසහනකාරී කටයුත්තක් බවට පත් කරයි.

පොසිල ඉන්ධන දහනය කිරීමේ සහ මස් පරිභෝජනයේ පාරිසරික පිරිවැය ගැන කෙරෙන සඳහන් දියාරු කිරීමටමෙන්ම දුම් පිටවෙන මංවලින්  කාබන් ඩයොක්සයිඩ් හසු කරගන්නා හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නා ලෙසත්, වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් උකහාගන්නා මතභේදාත්මක තාක්‍ෂණයන්ට සහාය දෙන භාෂාවක් එක් කරන ලෙසත් එම සාකච්ඡා අතරතුර රටවල් කිහිපයක් බලපෑම් කළැයි පසුගිය සතියේ අගභාගයේ පළ වූ පුවත් වාර්තා මාලාවක දැක්විණ. බොහෝ අවස්ථා වලදී, ෆොසිල ඉන්ධන සහ මස් නිපදවන රටවල නියෝජිතයින් ප්‍රතිපත්ති සම්පාදක(යන් සඳහා වූ) සාරාංශයට විද්‍යාත්මක සාක්ෂි වලට සෘජුවම පටහැනි වෙනස්කම් සාර්ථකව  සිදු කළ බව එම වාර්තා පවසයි.

“රජයන්, IPCC අනුමත සැසිවාරයට පැමිණෙන්නේ නීත්‍යානුකූල අවශ්‍යතා සහිතව තමයි – ඒ වගේම ප්ර්තිලාභාපෙක්ෂාවෙන් සැඟැවුණු ඕනාකම් (vested interests) ද සහිතවය” රහස්‍ය සාකච්ඡා නිරීක්ෂණය කිරීමට අවසර දී ඇති ලාභ නොලබන ආයතනයක් වන ජාත්‍යන්තර පාරිසරික නීති මධ්‍යස්ථානයේ දේශගුණය සහ බලශක්ති නියෝජ්‍ය අධ්‍යක්ෂ Lili Fuhr මාධ්‍යයට පැවසීය, “එය විශේෂයෙන්ම සත්‍ය වන්නේ රජය සතු පොසිල ඉන්ධන සමාගම් ඇති රටවලට සහ ජාත්‍යන්තර දේශගුණික රැස්වීම් සඳහා එවන නියෝජිත කණ්ඩායම්වල, එම සමාගම්වල නියෝජිතයින්ටයි.”

නිදසුනක් වශයෙන්, සෞදි අරාබිය, චීනය සහ ඉන්දියාව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රධාන හේතුව ලෙස ෆොසිල ඉන්ධන පිළිබඳ සඳහන් කිරීම් යටපත් කිරීමට නැවත නැවතත් උත්සාහ කළ බව ලාභ නොලබන ආයතනයක් වන Earth Negotiations Bulletin දක්වයි. සාකච්ඡා නිරීක්ෂණය කිරීමට අවසර දී තිබූ එකම මාධ්‍යයාතනය එයයි. කාබන් ග්‍රහණය කර ගැනීමේ සහ ඉවත් කිරීමේ තාක්ෂණයන් පිළිබඳ වඩා හොඳ චිත්‍රයක් ලබා දෙන අන්දමේ භාෂාව අවසාන පාඨයට ඇතුළත් කිරීමට තෙල් සහ ගෑස් නිපදවන රටවල් කිහිපයක් විසින් දරන ලද උත්සාහයන් ද එම වාර්තාවෙන් හෙළි විය. පරිසරවේදීන් දිගු කලක් තිස්සේ තර්ක කර ඇත්තේ එම තාක්ෂණයන් පුනර්ජනනීය බලශක්තිය වැනි වඩාත් ඔප්පු කරන ලද දේශගුණික විසඳුම් වලින් සම්පත්  ඉවතට ඇද දැමීම නුසුදුසු බවයි.

(වාර්තාවේ) සමහර ස්ථානවල, පුනර්ජනනීය බලශක්තියේ ප්‍රතිලාභ පිළිබඳව  වඩාත් සරල භාෂාවක් යොදා ගනිමින්සකසා තිබූ සඳහන් කිරීම් ව්‍යාකූල තාක්ෂණික භාෂාවලින් ප්‍රතිස්ථාපනය කරන ලද බව වාර්තාකරුවන්ගේ විශ්ලේෂණයේ සඳහන් වෙයි. ඊට කදිම උදාහෑණයක් මෙන්න: “ප්‍රකාශ වෝල්ටීයතාවයෙන් සහ සුළඟින් ලැබෙන විදුලිය දැන් බොහෝ ප්‍රදේශවල ෆොසිල ඉන්ධන වලින් ලැබෙන ශක්තියට වඩා ලාභදායී වේ” යන වාක්‍යයක්, සෞදි අරාබියේ දැඩි බලපෑමෙන් පසුව වෙනස් කෙරුණේ “විමෝචන බහුල පද්ධති නඩත්තු කිරීම, සමහර කලාපවල සහ අංශවල අඩු විමෝචන පද්ධති වෙත සංක්‍රමණය වීමට වඩා මිල අධික විය හැකිය” යනුවෙනි.

තවත් මාධ්‍යවේදියෙකුගේ නිරීක්ෂණයක් අනුව,  බ්‍රසීලයේ සහ ආර්ජන්ටිනාවේ නියෝජිතයින් පරිසරයට මස් වලින් ඇති කරන ඍණාත්මක බලපෑම් පිළිබඳ කිසි සඳහනක් තිබුණේ නම් ඒවා සාර්ථකව ඉවත් කර ඇති බව සහ ධනවත් රටවල මිනිසුන් ඔවුන්ගේ මස් පරිභෝජනය අඩු කර ඔවුන්ගේ ආහාර වේලට වැඩියෙන් ශාක පදනම් වූ ආහාර ඇතුළත් කිරීමට තිබූ නිර්දේශ සාර්ථකව ඉවත් කර ඇත.

Heatmap Newsහි ප්‍රවෘත්ති වාර්තාව ලියූ අජිත් නිරංජන්, එම සොයාගැනීම් බොහොමයක් සාකච්ඡාවලට සහභාගි වූ මූලාශ්‍ර හතරකින් තහවුරු කළ නමුත්  ඔවුන් අදහස් දක්වා ඇත්තේ නිර්නාමිකව සිටීමේ කොන්දේසිය මතය.  දේශගුණයට අනුවර්තනය වීමට සහ අවම කිරීමේ උත්සාහයන් සඳහා ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය පහසුකම් සැපයීමේ අඩුපාඩු පිළිබඳ යොමු කිරීම් කපා හැරීමට එක්සත් ජනපදය උත්සාහ කළ බව ද එම වාර්තාව සොයා ගත් අතර, කාබන් දූෂණය තුනෙන් දෙකකින් කපා හැරීමට ලෝකයට ඇත්තේ වසර 12 ක් යයි සඳහන් කළ වාක්‍යයක් කපා හැරීමට චීනය උත්සාහ කළ බව ද එහි සඳහන් වේ — අවසානයේ එය සමථයකට පත් වූයෙ ඒ වෙනුවට එම තොරතුරු වගුවක  ඇතුළත් කිරීමෙනි.

ජාතික හා ගෝලීය දේශපාලනය කෙරෙහි මුදල්වල අනිසි බලපෑම දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම  කළ නොහැක්කක් බවට බවට හෝ  ඒ ආසන්නයටම පත් කර ඇති බව පවසන වඩාත් ප්‍රමුඛ දේශගුණ ක්‍රියාකාරීන් සහ විද්‍යාඥයින් කිහිප දෙනෙකුගේ අතීත අනතුරු ඇඟවීම්වලට මෙම සොයාගැනීම් සහාය දක්වන බව පෙනේ.  1988 දී කොංග්‍රසය ඉදිරියේ සාක්ෂියක් දෙමින් ගෝලීය උණුසුම පිළිබඳ ප්‍රශ්නය මතු කළ ප්‍රමුඛ දේශගුණ විද්‍යාඥයෙකු වන  ජේම්ස් හැන්සන්. “ප්‍රතිලාභ අපේක්ෂාව පිළිබඳ ගැටලුව විසඳීමෙන් තොරව බලශක්ති හා දේශගුණික ගැටලුව විසඳිය නොහැකි බවට” පසුගිය වසරේ තරුණ පරපුරට අනතුරු ඇඟවීය

Greta Thunberg ඇතුළු ප්‍රමුඛ දේශගුණික ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකු එම අනතුරු ඇඟවීමම මෙම වසර මුලදී යළිත් වරක් ප්‍රකාශ කර සිටියේ ලොව ප්‍රමුඛතම තෙල් නිපදවන රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මෙම වසරේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන දේශගුණ සමුළුවට සත්කාරකත්වය සපයනු ඇති බව  නිවේදනය කිරීමෙන් පසුවය..

ඇත්ත වශයෙන්ම, ගෝලීය දේශගුණික ප්‍රයත්නයන් කෙරෙහි සංථානික(corporate) බලපෑම මේ අවස්ථාවේ ඉතා හොඳින් ලේඛනගත වී ඇති අතර, IPCC කතුවරුන්ට පසුගිය සතියේ නිකුත් කරන ලද අවසාන වාර්තා සාරාංශයට ඒ පිළිබඳ යොමු ඇතුළත් කිරීමට අවශ්‍ය වූ බව මයිකල් තෝමස් Distilled නම් දේශගුණික පුවත් පත්‍රිකාව සඳහා ඔහුගේ වාර්තාවේ ලියා ඇත. “රහසේ එළියට ආ කෙටුම්පතක, විද්‍යාඥයන් ලොබියේ බලපෑම පෙන්වන අධ්‍යයන උපුටා දැක්වූහ. ‘අභිලාෂකාමී පරිවර්තනය සීමා කරන සාධකවලින්’ එකක් ලෙස ඒවාට ‘පරපුද්ගල අවශ්‍යතා’ ඇතුළත් විය,” ඔහු පැවසීය. “එහෙත් පෙනෙන්නේ එම දැඩි අවශ්‍යතා මෙම පාඨයත් මකා දැමූ බවයි. අවසාන වාර්තාවේ දේශගුණික ක්‍රියාකාරකම් වලක්වාලීම සඳහා බලපෑම් කිරීම ඉටු කරන කාර්යභාරය ගැන සඳහනක් නැත”.

Inside Climate News(28th March, 2023)හී පළවන Corporate Interests ‘Watered Down’ the Latest IPCC Climate Report, Investigations Find යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.