මෝරුන් නිදාගන්නේ ඇයි?

Posted by

මෝරුන් නිදාගන්නේ ඇයි?

අපි, අපේ දවසෙන් 1/3 ක් පමණ ගත කරන්නේ නිදාගෙන; නමුත් ඒ ඇයි ද කියලා කවදාහරි හිතිලා තියනවද? විද්යාඥයින් විශ්වාස කරන්නේ නින්දේ ප්‍රධාන අරමුණක් වන්නෙ  ශක්තිය ඉතිරි කිරීම බවයි. අපි නින්දට වැටෙන විට අපගේ හුස්ම ගැනීම මන්දගාමී වේ; අපගේ ශරීර උෂ්ණත්වය පහත වැටේ; එමෙන්ම අපගේ ශරීරය අඩුවෙන් චලනය වේ. මේ නිසා අප භාවිත කරන ශක්ති ප්‍රමාණය අඩු වේ. විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ අපේ පරිවෘත්තීය වේගය(metabolic rate) කියලයි

විද්‍යාඥයන් නින්ද ගැන අධ්‍යයනය කරන්නේ ශරීරය ස්ථානගත කිරීම වැනි හැසිරීම් දෙස, පරිවෘත්තීය වේගය වැනි කායික දර්ශක(physiological indicators) බලමිනි

 බොහෝ සතුන් නිදන බව  අපි දනිමු. අපගේ නිවෙස්වල දී අපගේ සුරතල් සතුන් අතරේ නිදාගැනීමේ හැසිරීම අපට නිරීක්ෂණය කළ හැකිය; එමෙන්ම, සමහර විට ඔවුන් සිහින දකිනු පවා අපට දැකිය හැකිය! කෙසේ වුවද, ඔවුන් නිදා සිටින අතරතුර ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන දේ මැන බැලීම අපහසුය.

බොහෝ සත්ව විශේෂවල කායික දර්ශක  පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරනු ලැබ ඇත. ඒ අනුව ඔවුන් සොයාගෙන ඇත්තේ නින්ද,  මිනිසුන්ගේ, බළලුන්ගේ, මීයන්ගේ කුරුල්ලන්ගෙ, සහ පළතුරු මැස්සන්ගෙ පවා පරිවෘත්තීය වේගය අඩු කරන බවයි,

‘draughts board sharks’ (Cephaloscyllium isabellum) ලෙස හඳුන්වනු ලබන මෝර මත්ස්‍ය විශේෂය නිශාචරයන්(රාත්‍රියේ හැසිරෙන්නන්) බව මෑත අධ්යයනයන් පෙන්වා දී ඇත.

ඔවුන් දිවා කාලයේ නිදා සිටින බව පෙණී ගියත් පර්යේෂකයන්ට මේ ගැන වැඩිදුර සොයා බැලීමට අවශ්‍ය විය. පර්යේෂකයෝ, පැය 24 ක කාලයක් තුළ මේ මෝර විශේෂයෙ පරිවෘත්තීය වේගය සහ හැසිරීම වාර්තා කළහ. (රූපය 1). අපගේ අරමුණ වූයෙ, මෝරුන්ගේ නින්ද ගැන වැඩි විස්තර දැන ගැනීමයි.

පර්යේෂකයෝ සාගරයෙන් draughts board shark හතක් ලබා ගෙන  රසායනාගාරය තුළ පිහිටි ටැංකිවල තැබූහ. අනතූව මෝරුන් එකින් එකා අත්හදා බැලීම ආරම්භ වීමට දින දෙකකට පෙර  විශේෂ ශ්වසන කුටියකට(respiratory chamber) මාරු කෙරිණ. එසේ කෙරුණේ ඔවුන්ට, ඔවුන්ගේ නව පරිසරයට හැඩගැසීමට කාලය ලබා දීම සඳහාය. එම කුටිය මෝරෙකුට අවහිරයක් නැතුව පිහිනීමට තරම් විශාල විය. සංවේදකයක් ජලය තුළ තබා නිරන්තරයෙන් ජලයේ ඔක්සිජන් මට්ටම මනිනු ලැබීය.

මෝරෙකු ක්‍රියාකාරී වන විට වැඩිපුර හුස්ම ගනී; එබැවින් ජලය තුළින් වැඩි ඔක්සිජන් ප්‍රමානයක් භාවිතා කරයි. ඉතින්, මෝරා ක්‍රියාකාරී වූ විට ඔක්සිජන් මට්ටම ඉක්මණින් අඩු වනු ඇතැයි ද, මෝරා විවේකීව සිටිනා  විට ඔක්සිජන් මට්ටම වඩාත් සෙමින් අඩු වනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු

 කුටියේ ඔක්සිජන් මට්ටම අඩු වූ පසු, සොදා හරින පොම්ප යොදාගෙන පැරණි ජලය ඉවත් කර, ඔක්සිජන් මැනීමේ ක්රියාවලිය නැවත පටන් ගන්නට හැකි වන පර්දි කුටිය නැවුම් ජලය පුරවනු ලව්බීය.

මෝරුන් කුටියේ සිටියදී පැය 24ක් පුරාවට වීඩියෝ පටිගත කෙරිණ(දිවා ආලෝකය යටතේ පැය 12 ක්, රාත්‍රී අඳුරේ පැය 12 ක් ලෙසිනි).

ඔවුන්ගේ හැසිරීම කාණ්ඩ තුනකට බෙදා ඇත (රූපය 2).

1.අක්ෂි තත්ත්වය: විවෘතව හෝ වසා ඇත.

2.ශරීර ඉරියව්ව: පැතලිව හෝ ළය වරල් මත ඉස්ස්සි වැතිරීඑම.

3.ක්‍රියාකාරකම් තත්ත්වය: පිහිනීම, විවේකය (විනාඩි 5 කට වඩා අඩු අක්‍රිය තත්ත්වය) හෝ නිදාගැනීම (විනාඩි 5 කට වඩා අඩු අක්‍රිය තත්ත්වය).

අවසාන වශයෙන්, ජලයේ ඔක්සිජන් මට්ටම මෝරාගේ පරිවෘත්තීය වේගයට පරිවර්තනය කිරීම පිණිස පර්යේෂකයෝ විශේෂිත මෘදුකාංග භාවිතා කළහ.  මෙය, පැය 24ක කාලය තුළ සෑම තත්පරයක් සඳහාම මෝරාගේ පරිවෘත්තීය වේගය සහ හැසිරීම වාර්තා කිරීමට පර්යේෂකයන්ට ඉඩ සලසා දුන්නේය.

රාත්‍රියේදී මෝරුන් වඩාත් ක්‍රියාශීලී බව  ප්‍රතිඵලවලින් තහවුරු විය. පිහිනන විට ඔවුන්ගේ පරිවෘත්තීය වේගය ඉහළම මට්ටමක සහ නිදා සිටින විට අඩුම මට්ටමක විය . පරිවෘත්තීය අනුපාතය ද පර්යේෂකයන්ගේ  දත්ත පෙන්නුම් කළ අකාරයට එක් එක් ක්‍රියාකාරකම සඳහා දිවා රෑ අතර වෙනස් විය .

නිදසුනක් වශයෙන්, දිවා කාලයේදී, මෝරා විවේකයෙන් ගතකරන අවස්ථාවේ පරිවෘත්තීය වේගය රාත්‍රී කාලයට වඩා අනුපාතිකව සැලකිය යුතු ලෙස අඩු විය. දිවා කාලයේදී, මෝරා විවේකයෙන් ගතකරන අවස්ථාවේ හා නිදාගෙන ගතකරන අවස්ථාවේ පරිවෘත්තීය වේග අනුපාත එකිනෙකට සමාන විය. ඊට වෙනස්ව, රාත්රියේදී, ද මෝරන්ගේ විවේකීව ගතකරන අවස්ථාවේ හා පිහිනුම් පරිවෘත්තීය අනුපාත වඩාත් සමීපව සම්බන්ධයි. මෙයින් ඇඟවෙන්නේ රාත්‍රියේදී විවේක ගැනීමය නින්දකට වඩා නිහඬ අවදියෙන් සිටීමක් පිළිබිඹුවෙනවා විය හැක.

අක්ෂි තත්ත්වය සහ සිරුරේ ඉරියව් පිළිබඳ පර්යේෂකයන්ගේ විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ ශරීර ඉරියව්ව නින්දේ හොඳම දර්ශකයක් හෙවත් දක්වන්නක් බවයි. දිවා කාලයේ, නිදා සිටින මෝරුන් බොහෝ විට ඔවුන්ගේ ඇස් වසාගෙන සිටි නමුත් රාත්‍රියේදී ඔවුන්ගේ 38% ක කාලයක් විවෘත විය. මෙයින් ඇඟවෙන්නේ ඇස් වසා දැමීම, නින්දේ  දර්ශකයකට වඩා ආලෝකයට ප්රතිචාරයක් වශයෙන් විය හැකි බවය.

මෝරුන් අතරේ නින්ද(නිද්‍රා) චර්යාව පිළිබඳව මෙම අධ්‍යයනයේදී ප්‍රථම වරට කායික විද්‍යාත්මක සාක්ෂි ලබා දී ඇතැයි පර්යේෂකයෝ කියා සිටිති. ඔවුන්ගේ පර්යේෂණවලින් පෙනී යන්නේ මෝරුන්ට, නිදා සිටින විට අඩු පරිවෘත්තීය වේගයක් ඇති බවයි.  බලශක්ති සංරක්ෂණය සඳහා නින්ද වැදගත් බවට වන උපකල්පනයට මෙයින් සහයක් දෙක්වේ.

මේ මිහිතලය මත මෝරු වසර මිලියන සිය ගණනක් තිස්සේ ජීවත් වෙති. එබැවින්, ඔවුන්ගෙන් නින්දේ පරිණාමය පිළිබඳ පරිග්නානයක්, අවබෝධයක් ලබා ගත හැකිය.  මොළයේ ක්රියාකාරිත්වය වැනි නින්දේ වෙනත් භෞතික විද්‍යාත්මක දර්ශක පිළිබඳව වැඩිදුර පර්යේෂණ තුළින් සොයා බැලිය යුතුය . මෝරුන්ගේ පමනක් නොව මිනිසුන්ගේ නින්ද හොඳින් වටහා ගන්නට මෙය අපට උපකාරී වනු ඇත.

නින්ද අපගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. අප නිදාගෙන සිටින විට අපගේ ශරීරය, සංසරණය, වර්ධනය සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැනි එහි සියලුම වැදගත් කාර්යයන් සියල්ල සමතුලිත කර නියාමනය කරයි.  අපගේ මොළයේ ක්‍රියාකාරීත්වයට නින්දද වැදගත් වේ.  මතකය වැඩි දියුණු කිරීමට සහ ඔබේ නිර්මාණාත්මක හැකියාව පවා වැඩිදියුණු කිරීමට නින්ද උපකාරී වේ!

ඔබේ නිද්‍රා චර්යාව වැඩිදියුණු කිරීමට, වෙනත් විදිහකට කියනවා නම් සුවසේ නිදා ගැනීමට උපකාර වන කදිම උපදෙස් කිහිපයක් මෙන්න:

  • නින්දට පැයකට පෙර ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතට දමන්න.
  • සෑම දිනකම එකම වේලාවක නින්දට ගොස්  එකම වේලාවක අවදි වන්න.
  • සවස් වරුවේ කැෆේන් වැනි උත්තේජක ගැනීමෙන් වළකින්න
  • ඔබේ නිදන කාමරය නිශ්ශබ්දව, සිසිල් සහ අඳුරුව තබා ගන්න.
  • දිනකට අවම වශයෙන් විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න.

Biomedical Science Journal(Teens) හී පලවී ඇති Why  do   sharks   sleep? යන ලිපිය ආශ්‍රයෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.