අභ්‍යන්තර මොළය
මොළය ඇතුළත, අපේ දර්ශනයෙන් ඈත්ව සුෂුම්නාව(spinal cord) සහ මස්තිෂ්ක අර්ධගෝල(the cerebral hemispheres අතර දොරටු පාලකයන්ගේ කාරිය ඉටුකරන ව්‍යුහයන් පිහිටා ඇත. මෙම ව්‍යුහයන් අපගේ චිත්තවේගීය තත්ත්වය තීරණය කරනවා පමණක් නොව, එම තත්ත්වය මත පදනම්ව අපගේ සංජානන සහ ප්‍රතිචාර වෙනස් කරන අතර, ඒවා(චලනයන් ) ගැන අමුතුවෙන් නොසිතා අපෙ චලනයන්(movements) ආරම්භ කිරීමට අපට ඉඩ සලසයි. මස්තිෂ්ක අර්ධගෝලයේ ඇති ඛණ්ඩිකා(lobes) මෙන්, පහත විස්තර කර ඇති ව්‍යුහයන් ඇත්තේ යුගල වශයෙනි: එක් එක් ව්‍යුහයන්, මොළයේ ප්‍රතිවිරුද්ධ භාගයේ අනුපිටපත් වේ.

ප්‍රමාණයෙන් මුතු ඇටයක් පමණැති හයිපොතලමසය(hypothalamus) වැදගත් කාර්යයන් රාශියක් මෙහෙයවයි. එය ඔබව උදෑසන අවදි කරවන්නේ එයයි; යම් පරීක්ෂණයකදී හෝ රැකියා සම්මුඛ පරීක්ෂණයකදී ඇඩ්‍රිනලින්(adrenalineදැඩි ලෙස කලබලයට, හෝ භීතියට පත් වන අවස්ථාවකදී අධිවෘක්ක ග්‍රන්ථි-වලින් ස්‍රාවය වන හෝමෝනයක්) ගලා ඒමට සලස්වයි. හයිපොතලමසය වැදගත් චිත්තවේගීය මධ්‍යස්ථානයක් ද වන අතර, ඔබට ප්‍රබෝධයක්, කෝපයක් හෝ අසතුටක් ඇති කරන අණු පාලනය කරයි. හයිපොතලමස් අසල තලමස් පිහිටා ඇත, කොඳු ඇට පෙළට සහ මස්තිෂ්කයට යන සහ ඉන් පිටතට යන තොරතුරු සඳහා ප්‍රධාන නිෂ්කාශනාගාරයකි.
ස්නායු සෛලවල, වක් හැඩය හෙවත් ආරුක්කු හැඩැති පථයක් හයිපොතලමස් සහ තලමස් සිට හිපොකැම්පස් දක්වා ගමන් කරයි. මෙම කුඩා නෙරීම දිගු කාලීන ගබඩා කිරීම සඳහා මස්තිෂ්ක අර්ධගෝලයේ සුදුසු කොටස වෙත මතකයන් යැවීම සහ අවශ්‍ය විට ඒවා නැවත ලබා ගැනීම සිදුකරන මතක දර්ශකයක් ලෙස ක්‍රියාකරයි . පාදස්ථ ගණ්ඩුක((basal ganglia චිත්‍රයේ පෙන්වා නැත) යනු තලමස් වටා ඇති ස්නායු සෛල පොකුරු වේ. චලනයන් ආරම්භ කිරීම සහ ඒකාබද්ධ කිරීම සඳහා වගකියන්නෙ ඒවාය. වෙව්ලීම, දෘඪතාව සහ දැඩි, අද්ද අද්ද ඇවිදීම, පාදස්ථ ගණ්ඩුක(basal ganglia) වෙත ගෙන යන ස්නායු සෛල රෝගයකි.
නියුරෝනය
මොළය සහ ස්නායු පද්ධතියේ අනෙකුත් කොටස් විවිධ වර්ගයේ සෛල වලින් සමන්විත වන නමුත් ප්‍රාථමික ක්‍රියාකාරී ඒකකය නියුරෝනය(The Neuron) නම් සෛලයකි. සියලුම සංවේදනයන්, චලනයන්, සිතුවිලි, මතකයන් සහ හැඟීම් නියුරෝන හරහා ගමන් කරන සංඥා වල ප්රතිඵල වේ. නියුරෝන කොටස් තුනකින් සමන්විත වේ: සෛල දේහය, ඩෙන්ඩ්රයිට් සහ ඇක්සෝනය(the cell body, dendrites, and the axon).

න්‍යෂ්ටිය(nucleus), සෛල දේහයේ අඩංගු වන අතර, නියුරෝනයේ පැවැත්මට සහ එය ක්‍රියාකාරී වීමට අවශ්‍ය බොහෝ අණු නිපදවනු ලබන්නේ එහිය. ඩෙන්ඩ්‍රයිට්, සෛල දේහයෙන් ගසක අතු මෙන් විහිදෙන අතර අනෙකුත් ස්නායු සෛල වලින් පණිවිඩ ලබා ගනී. එවිට සංඥා ඩෙන්ඩ්‍රයිට්වල සිට සෛල දේහය හරහා ගමන් කරන අතර සෛල දේහයෙන් ඈත්ව, ඇක්සෝනයක් හරහා වෙනත් නියුරෝනයකට, මාංශ පේශි සෛලයකට හෝ වෙනත් ඉන්ද්‍රියයක සෛල වෙත ගමන් කළ හැකිය.
නියුරෝනය සාමාන්‍යයෙන් බොහෝ ආධාරක සෛල වලින් වට වී ඇත. සමහර සෛල වර්ග, පරිවාරක මයලින් කොපුවක්(insulating myelin sheath) සෑදීමට අක්සෝනය වටා එතෙයි. මයලින් යනු මේද අණුවක් වන අතර එය ඇක්සෝනය සඳහා පරිවරණය සපයන අතර ස්නායු සංඥාවලට වේගයෙන් ගමන් කිරීමට හා වැඩි දුරක් ගමන් කිරීමට උපකාරී වේ. බාහිකයේ එක් සෛලයක සිට හිසකෙසකට වඩා අඩු දුරකින් පිහිටි තවත් සෛලයකට සංඥා ගෙන යන ඒවා ආකාරව, ඇක්සෝන ඉතා කෙටි විය හැක. එසේත් නැතිනම් මොළයේ සිට කොඳු ඇට පෙළ දිගේ පහළටම පණිවිඩ රැගෙන යන ආකාරව අක්සෝන ඉතා දිගු විය හැක.
එක්සත් ජනපද ආණ්ඩුවේ නිල වෙබ් අඩවියක් වන National Institute of Neurological Disorders and Strokes හී පළවන Brain Basics: Know Your Brain කොටස අසුරෙන් සැකසිණ.