තොරතුරු අධි බහුල ඩිජිටල් අවකාශයෙන් ඇතිවන ප්‍රතිකර්ෂණය නිසා ගැඹුරින් කියවීමේ හැකියාව ඛාදනයවේ

Posted by

තොරතුරු අධි බහුල ඩිජිටල් අවකාශයෙන් ඇතිවන ප්‍රතිකර්ෂණය නිසා ගැඹුරින් කියවීමේ හැකියාව ඛාදනයවේ

සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අපට දැනුවත් විය හැකි ආකාරය මෙන්න

එකම කාර්යයක් කෙරෙහි දිගු කාලයක් අවධානය යොමුකොට තබාගෙනීම, එන්ට එන්ටම අසීරු කාර්යයක් බවට පත්වෙමින් පවතී. අපට දිනපතා ඇදහිය නොහැකි තරම් විශාල තොරතුරු ප්‍රමාණයක් අභිමුඛ වන අතර ඒ තොරතුරු සම්භාරය සැකසීමටද සිදුවේ. අවශ්‍ය සැකසුම් සහ තීරණ ගැනීම කළමනාකරණය කිරීම සඳහා අපගේ මොළය බොහෝ විට උපරි-ක්‍රියාකාරී වෙයි. යෙදුම්, උපාංග සහ සමාජ මාධ්‍ය වේදිකා වලින් නොනවතින දැනුම්දීම් මෙන්ම අපට සලකා බැලිය හැකි ප්‍රමාණයට වඩා වැඩි තොරතුරු සඳහා ප්‍රවේශය ඇති යුගයක, ඒවා කළමනාකරණය කිරීමට අපි ක්‍රම සොයා ගන්නේ කෙසේද? තවද එහි ප්‍රතිඵලයක් ලෙස අප සිතන, අවධානය යොමු කරන සහ තොරතුරු සැකසීමේ ආකාරය වෙනස් වේද?

අපගේ අවධානය පතන මේ සියල්ල අපට බලපාන ආකාරය සහ ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි දේ පිළිබඳව මානව-පරිගණක අන්තර්ක්‍රියා, තාක්ෂණ සැලසුම් සහ සාක්ෂරතාව අධ්‍යයනය කරන පර්යේෂකයන් තිදෙනෙකුගෙන් The Conversation Weekly හි මෙම ආඛ්‍යානය සඳහා, තොරතුරු ලබා ගන්න ලදී.

ඉගෙනීම වැඩි දියුණු කිරීම

Maryanne Wolf යනු එක්සත් ජනපදයේ, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඩිස්ලෙක්සියාව (කියවීමේ හා අක්ෂර වින්‍යාසයේ විෂමතාව), විවිධ උද්ග්‍රාහකයන්  සහ සමාජ සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරියයි. ඇය රචනා කළ පොත වන Proust and the Squidහී, කියවීම සඳහා මොළය වර්ධනය වූ ආකාරය පිළිබඳ ඉතිහාසයක් ඉදිරිපත් කර ඇත. 2008 දී එය ප්‍රකාශයට පත් කළ දා පටන්, වුල්ෆ් සාක්ෂරතාවය සහ කියවීමේ පර්යේෂණ පිළිබඳව පුළුල් ලෙස ලිපි ලේඛන ප්‍රකාශයට පත් කර ඇත.

කියවීම වැදගත් බව වුල්ෆ් විශ්වාස කරන්නීය. එය පුද්ගලයෙකුගේ හැකියාවන්ට දායක වන අතර ඉගෙනීමට, සිතීමට සහ විචක්ෂණශීලී වීමට ඇති හැකියාව වැඩි දියුණු කරන බැවිනි: “සරලව කියනවානම්, දරුවාගේ ශාස්ත්‍රාලීය හැකියා ප්‍රබොධමත් කරන කියවීමේ මොළය පුළුල් කරන ගැඹුරු කියවීමේ ක්‍රියාවලීන් කෙරෙහි මම ආශක්තවෙලා එනමුත්  අප කියවන සහ ඉගෙන ගන්නා සෑම දෙයක්ම සමඟ කාලයත් සමඟ එම පදනම පුළුල් වන අතර, එමඟින් අපි, තමන්ගේ පසුබිම් දැනුම උකහා ගෙන එය,

 අප කියවෙන දේවල  සත්‍යය කුමක්ද – නැතහොත් අසත්‍යය  කුමක්දැයි තාර්කික චින්තනයෙන් අනුමාන කරන්න. හැකියාව ඇති මිනිසුන් වීමට පටන් ගනිමු.”

කියවීම දරුවන්ට සංවේදනය සහ තාර්කික චින්තනය වර්ධනය කිරීමට උපකාරී වේ.

Wolf විමසිලිමත් වන්නේ අපගේ දුර කථන, ටබ්, පරිගණක ආදියෙ තිර සහ උපාංග සමඟ අප අන්තර්ක්‍රියා කරන ප්‍රමාණය – සහ අප අවශ්‍යයෙන්ම ක්‍රියා කළ යුතු වේගය, ඉවසා  සිටීමේ හැකියාව අපෙන් ඉවත් කිරීම තුළින් අපව වෙනස් කර ඇත යන්න කෙරෙහිය. “අප සියල්ලෝම වෙනස් වී ඇත. අපට එය වැටහෙන්නේවත් නැත, නමුත් නිගමනය, සංවේදනය, විවේචනාත්මක විශ්ලේෂණය(critical analysis) කෙරෙහි අවධානය යොමු කිරීමට අප තුළම ඉවසීමක් අවශ්‍ය වේ. ඊට උත්සාහය ද අවශ්‍යයි. එවන් කැපවීමක් කිරීම අපහසු වන තරමට (වර්තමානයේ) ‘වේගයට’ අපි පුරුදු වී සිටින්නෙමු. ”

අවධානය ආකර්ෂණය කර ගැනීම

Kai Lukoff යනු එක්සත් ජනපදයේ සැන්ටා ක්ලාරා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකි, එහිදී ඔහු මානව-පරිගණක අන්තර් ක්‍රියාකාරී විද්‍යාගාරය මෙහෙයවභාරව ක්‍රිය කරයි. යෙදුම්, (සංනිවේදන)වේදිකා සහ තාක්‍ෂණ නිර්මාණකරුවන්, පරිශීලකයාගේ අවධානය අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ කෙසේදැයි යන්න ගැන ඔහු පර්යේෂණ කරයි.

“ඔබේ අවධානය ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබ, වෙබ් අඩවියේ වැඩි කාලයක් ගත කිරීමට සැලැස්වීම පිණිස, ඔබ ලවා වෙළඳ දැන්වීම් මත වැඩි වැඩියෙන් ක්ලික් කරවීම පිණිස මෙම සේවාවන් සාරම්මණව(purposefully) හෝ හිතාමතාම සැලසුම් කරන තිරයේ අනෙක් පැත්තේ දහසක් හෝ ඊට වැඩි ඉංජිනේරුවන්, සංවර්ධකයින්, නිර්මාණකරුවන් ඉන්නවා. එපමණක් නොවෙයි,  ඔබ පෙළඹවීමට ලක්ව ඇතිබවක් හෝ මංමුලාවී ඇතිබවක් දැන  විට ඔබට විරුද්ධ වීමට තබා සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට පවා අපහසු විය හැකිය. ඒත් ඇත්ත වශයෙන්ම, එය අහම්බෙන් සිදුවන්නක් නොවේ. එබැවින් ප්‍රතිචාරයක් ලෙස, අපි ඉක්මනින් අන්තර්ගතය පිරික්සන්නේ කෙසේදැයි ඉගෙන ගනිමු. වෙනත් වචන වලින් කිවහොත්, අපි ගැලපුම් හෙවත් අනුවර්තී උපාය මාර්ගයක් ලෙස ‘උඩින් පල්ලෙන් බලන්නට’ පුරුදු වෙමු. එහෙත් මේ ‘මතුපිටින් කියැවීම’ ගැඹුරු කියවීමේ බුද්ධිමය, මානසික සහ සංජානන ප්‍රතිලාභ නෙළා ගැනීමට  අවශ්‍ය කරන අවධානය අඩු කිරීමට හේතුවෙන බව Wolf  සඳහන් කරයි.

මාධ්‍ය බහු කාර්ය සඳහා යෙදීමේ සංජානන පිරිවැයක් ඇත. (Shutterstock)

සංජානන පිරිවැය

දකුණු අප්‍රිකාවේ Stellenbosch විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Daniel Le Roux, මානව-පරිගණක අන්තර්ක්‍රියා පිළිබඳ මනෝවිද්‍යාව විමර්ශනය කරන පරිගණක විද්‍යාඥයෙකි. අප “මාධ්‍ය බහුකාර්ය” සිදු කරන විට, අප කරන දේවල ප්‍රතිවිපාක, අප බහු වේදිකා, සිදුවීම් සහ ක්‍රියාවලි – සබැඳි සහ නොබැඳි  යන දෙඅංශයෙන්ම එකවර සැරිසරන ආකාරය ගැන ඔහු සොයා බලයි

“හැමෝම එය කරන අතර, එය විශාල වශයෙන්, අප වටා නිර්මාණය කර ඇති තාක්ෂණික පරිසරයට ස්වභාවික අනුවර්තනයකි.”

මාධ්‍ය බහු-කාර්ය, මතුපිටින් සැලකීම (skimming) වැනි, තොරතුරු පිරී ඇති පරිසරයකට අනුවර්තී ප්‍රතිචාරයකි. එසේම, මාධ්‍ය බහු කාර්යය සංජානන පිරිවැයකින් සමන්විත යයි Le Roux පෙන්වා දෙයි.

“අපි, ‘මං මරු’  පිරිවැයක්(a switch cost) ලෙස හැඳින්විය හැකි දේ දරන්නෙමු; එයින් අදහස් කරන්නේ අපගේ කේන්ද්‍රීය කාර්යයේ අපගේ කාර්ය සාධනය අඩාල වනු ඇති බවයි. ඔබ රිය පැදවීම කේන්ද්‍රීය කාර්යය ලෙස සිතන්නේ නම්, රියදුරන් රිය පැදවීමේදී  ඔවුන්ගේ බුහුටි(ස්මාර්ට්) ජංගම දුරකථනය භාවිතා කිරීම  තහනම් කිරීමට හේතුව එය රිය පැදවීමේ කාර්යයෙන්(කේන්ද්‍රීය කාර්ය) ඔවුන්ව අවධානය වෙනතකට යොමු කරන බැවිනි.

The Conversation(March 30, 2023) හී පළවන Digital distractions are eroding our ability to read deeply, and here’s how we can become aware of what’s happening  යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.