සෑම වසරකම පාස්කු දිනය වෙනස් වන්නේ ඇයි?

Posted by

සෑම වසරකම පාස්කු දිනය වෙනස් වන්නේ ඇයි?

ර්තු 22 සහ අප්‍රේල් 25 අතර ඕනෑම ඉරිදාවක පාස්කු උත්සවය යෙදිය හැක.  එම දිනය සම්මත කිරීමට සහස්‍ර ගණනාවක් ගතවූයේ පුදුමය එළවනසුලුසංකීර්ණ හේතු නිසාවෙනි.

නත්තල් වැනි උත්සව දින ස්ථිරවම නියම කර ඇති විට, සෑම වසරකම පාස්කු දිනය වෙනස් වන්නේ ඇයි? මුල් කාලයේ ක්‍රිතියානි සභාව, පාස්කු උත්සවය තීරණය කිරීමේ ප්‍රශ්නයට මැදිවී සිටි අතර, 16 වන ශතවර්ෂය වන තෙක් නිවාඩුව ස්ථිරවම තීන්දු කිරීම සඳහා වූ ක්රියාවලීන් සම්පූර්ණකර නොතිබුණි. ඊට අමතරව, බොහෝ බටහිර ක්‍රිස්තියානි සභා විසින් භාවිතා කරන පාස්කු දිනයන් බොහෝ නැගෙනහිර ක්‍රිස්තියානි සභා පූජනීය දිනය සඳහා දින තීරණය කරන ආකාරය සමඟ නොගැලපේ.

ක්රිස්තියානි ධර්මය පැතිරුණු මුල් දිනවල විවිධ කිතුනුවන් විසින් විවිධ දිනයන්හිදී පාස්කු උත්සවය සමරනු ලැබූහ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ බවටත් දින කිහිපයකට පසු උන්වහන්සේගේ උට්ඨානය(මළවුන්ගෙන් නැගිටීම) සැමරීමට පාස්කු උත්සවය පවත්වන බවටත් සියල්ලෝම එකඟ වූහ. එහෙත් සුළු ආසියාවේ (දැන් තුර්කිය) මුල් කිතුනුවෝ උන්වහන්සේගේ  කුරුසියේ ඇණ ගැසූ දිනය, හෙබ්‍රෙව් භාෂාවෙන් “Pesach” ලෙස දැක්වෙන යුදෙව් පාස්කු උත්සවයේ(ඊජිප්තුවෙන් යුදෙව්වන් පලා යාම (එමගින් ලද විමුක්තිය) සිහිපත් කරමින් යුදෙව් ජාතිකයන් පවත්වන ආගමික උත්සවය)  ප්‍රථම දිනයේ දී සැමරූහ.

යුදෙව් දින දර්ශනයට අනුව, පාස්කුව දැන් නීසාන් 15 වන දින ආරම්භ වේ; නමුත් එය මුලින් සමරනු ලැබුවේ නීසාන් 14 වන දින වන අතර එය වසන්තයේ පළමු පූර්ණ චන්ද්‍රයාට අනුරූප වේ(Nissan – බැබිලෝනියානු සහ හෙබ්‍රෙව් දින දර්ශනවල නීසාන් යනු බාර්ලි පැහෙන වසන්තයේ පළමු මාසයයි. මාසයෙහි නම Aක්කඩිඅන් භාෂාවෙන් ණයට ගැනීමකි — විකිපීඩියා) ක්‍රිස්තියානි ආගමේ එන හැටියට, යේසුස්  වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට පෙර රාත්රියේ අවසන් රාත්‍රී භෝජනය උන්වහන්සේ  තම ගෝලයන් සමඟ ගත් පාස්කු භෝජනයයි.

කෙසේ වෙතත්, බටහිර රටවල, මුල් කිතුනුවෝ පාස්කු ඉරිදාට පසු සතියේ පළමු දිනයේ නැවත නැඟිටීම සැමරූහ.  කුරුසියේ ඇණ ගැසීම ඊට දින දෙකකට පෙර, මහා සිකුරාදා සිදු වූ බව ඔවුහු විශ්වාස කළහ. ‘ගොක් ඉරිදා'(Palm Sunday- යේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණීම සමරන, පාස්කු ඉරිදාට පෙර ඉරිදා) ඇතුළු අනෙකුත් සියලුම පාස්කු දිනයන්  වෙනස් වන පාස්කු දිනය මත පදනම් වේ.

එනමුත් මෙයින් අදහස් කළේ මුල් බටහිර ක්‍රිස්තියානීන් විසින් පාස්කු උත්සවය සමරනු ලැබුවේ නීසාන් මාසයේ 14 වැනි දිනට පසු පළමු ඉරිදා වන අතර එය මුල් නැගෙනහිර ක්‍රිස්තියානීන් එය සැමරීමෙන් දින කිහිපයකට පසුව විය හැකි බවයි.

ක්‍රිස්තු වර්ෂ 325 දී නයිසියා කවුන්සිලයේ දී, (නයිසියා පළමු කවුන්සිලය ක්‍රිස්තු වර්ෂ 325 දී රෝමානු අධිරාජ්‍යයා වූ Iවන කොන්ස්ටන්ටයින් විසින් (වර්ත්මාන බටහිර තුර්කියේ) බිතිනියානු නගරයක් වන නයිසියා හි කැඳවන ලද ක්‍රිස්තියානි බිෂොප්වරුන්ගේ කවුන්සිලයකි. මෙම කිතුනු සභාව සියලු ක්‍රිස්තියානි ලෝකය නියෝජනය කරන එක් ‍රැස්වීමක් හරහා සභාවේ සම්මුතියක් ඇති කර ගැනීමේ පළමු උත්සාහය විය. 787 නයිසියා හීදී දෙවැනි කවුන්සලයක් ද පැවැත්වූවත් වැදගත් වූයේ මුල් කවුන්සලයයි) මුල් ක්‍රිස්තියානි සභා නායකයෝ ක්‍රිස්තියානීන් විශ්වාස කරන දේ සම්මතයකට ගෙන ඒමට උත්සාහ කළහ. සභාව ශක්තිමත් වන විට, පාස්කු දින තීරණය කිරීම වැනි ඇතැම් ආරවුල් උණුසුම් ලෙස විවාදයට ලක් විය. සහ A.ඪ්. 325 දී නයිසියා හි පළමු කවුන්සිලය ඒවා විසඳීමට උත්සාහ කළේය.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි පුරාවිද්‍යා හා ඉතිහාසය පිළිබඳ මහාචාර්ය Ken Darkට   අනුව නයිසියා හි පළමු කවුන්සිලය මගින් නයිසීයා ඇදැහිල්ල තුළ  ක්‍රිස්තියානි විශ්වාසයන් කේතනය කරන ලදී, එහි අනුවාදයක් අදටත් කතෝලික හා ‘ඕතඩොක්ස්’ (චිරස්ථපිත) සභා දේවසතානවල ඩේව මෙහයන්වලදි කියවනු ලැබේ.

කවුන්සිලය පාස්කු දින පිළිබඳ ආරවුල් විසඳීමට උත්සාහ කළ නමුත් ඒ අඩු සාර්ථකත්වයකිනි; පාස්කු දිනය සම්බන්ධයෙන් මුල් කාලයේ එංගලන්තයේ රෝමානු සහ කෙල්ටි පූජකවරුන් අතර ඇති වූ ආරවුලක් 664 වන තෙක් විසඳී නොතිබුණු අතර එය විශදුන්නෙ බටහිර හා රෝම ක්‍රමයට අනුකූලතාව දක්වමිනි.

“දෙවන සියවසේ සිට, පාස්කු දිනය ගණනය කිරීම මුල් කාලයේ දී සභාවේ මතභේදයක් විය,” Dark  පැවසීය, “325 දී නයිසියා කවුන්සිලය මෙය විසඳීමට උත්සාහ කළද, මෙම කාරණය සියවස් ගණනාවක් පුරා වටමතභේදාත්මක කාරණාවක් ලෙසම පැවතිණ.”වසන්ත විෂුවය(vernal equinox)

පාස්කු උත්සවයේ දිනයන් සම්මතකරණය කිරීම මෙන්ම, නයිසියා කවුන්සිලයට අවශ්‍ය වූයේ ඒ වන විට වෙනත් ආගමක අවශේෂ වුවක් ලෙස සලකනු ලැබූ යුදෙව් දින දර්ශනයෙන් (පාස්කුවේ දින) ගණනය ඉවත් කිරීමට ය.

කවුන්සිලයේ විසඳුම වූයේ  එහි ගණනය කිරීම, සෑම වසරකම මාර්තු 20 හෝ මාර්තු 21 දින සිදුවන vernal equinox හෙවත් වසන්ත විෂුවය සම්බන්ධ කිරීමයි. .

නයිසියා කවුන්සිලය විසින් තීරණය කරන ලද සූත්‍රය අදටත් භාවිතා වේ: වසන්ත විෂුවයෙන් අනතුරුව එළඹෙන පළමු පුර පසළොස්වක පොහොයෙන් පසු පළමු ඉරිදා පාස්කු ඉරිදාව සැමරිය යුතුය – එයින් අදහස් කරන්නේ පාස්කුව, මාර්තු 22 සහ අප්‍රේල් 25 අතර ඕනෑම ඉරිදා දිනයක යෙදෙන බවයි.

එම සූත්‍රයම, කතෝලික සභාව (සහ බොහෝ රෙපරමාදු සභාවන්) මෙන්ම නැගෙනහිර ඕතඩොක්ස් සභා විසින්  භාවිතා කරයි; නමුත් වෙනස වන්නේ, දැන් මේවා වෙනස් දින දර්ශන භාවිතා කිරීමයි: කතෝලික සභාව සහ බොහෝ රෙපරමාදු භක්තිකයෝ ග්‍රෙගරි දින දර්ශනය භාවිතා කරති. එය, ග්‍රෙගරි XIII පාප්වහන්සේ විසින් 1582 දී හඳුන්වා දෙනු ලැබූ ප්‍රතිසංස්කරණයකි. කෙසේවෙතත්,  ඕතඩොක්ස් නිකායන් තවමත් (ජුලියස් සීසර් විසින් ක්රි.පූ 46 දී හඳුන්වා දෙන ලද) ජුලියන් දින දර්ශනය භාවිතා කරයි,

එහි ප්‍රතිඵලය වන්නේ පාස්කු උත්සවය සඳහා විවිධ දිනයන් ප්‍රමිතිගත කිරීමට ගත් සියලු උත්සාහයන් නොතකා ලෝකයේ විවිධ ප්‍රදේශවල පාස්කුව වෙනස් දිනවල පැවැත්වීමයි.

මිත්‍යාදෘෂ්ටික සම්බන්ධයක් නෑ

ක්‍රිස්තියානි පාස්කු උත්සවය සමහර විට මිථ්‍යාදෘෂ්ටික සම්භවයක් සහිත විය හැකි බව කියනු ලබන අතර බිත්තර සහ හාවන්(Easter eggs and Easter bunnies) වැනි මිථ්‍යාදෘෂ්ටික සංකේත භාවිතා කරයි කෙසේවෙතත් ඉතිහාසඥයින් සාමාන්‍යයෙන් සිතන්නේ එයට මිථ්‍යාදෘෂ්ටික සම්බන්ධතා නැති බවයි.

අටවන සියවසේ විශූ ඇන්ග්ලෝ-සැක්සන් විශාරද බෙඩේ(Bede) විසින් ඔහුගේ මුතුන් මිත්තන් අප්‍රේල් මාසය නම් කර ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික දේවතාවිය වූ ඊස්ට්‍රේගේ නමින් බව ලියා ඇති බව එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ ඉතිහාස මහාචාර්යවරයෙකු වන  රොනල්ඩ් හටන් සඳහන් කරයි. පාස්කු යන පදයේ මූලාරම්භය මෙය යැයි සමහරු සිතති. එහෙත් ඒ සඳහා එකම සාක්ෂිය බෙඩේගේ ප්‍රකාශය වන අතර පාස්කු උත්සවය මාර්තු මාසයේදී ද සිදුවිය හැකිය.

” ‘Easter’ සහ ‘Eostre’  යන දෙකම උදාව හෝ ආරම්භය හෝ වසන්තය හෝ යන අරුත් දෙන ග්‍රීක Eos සමග සහජාත මූල වචනයකින් නම් කර ඇති” බව  හටන් හටන් පෙන්වා දෙයි, “නිසැකවම මාර්තු මැද සහ අප්‍රේල් මැද භාගය අතර කාලයක උතුරු යුරෝපයේ පැවැත්වෙන පුරාණ මිථ්‍යාදෘෂ්ටික උත්සවයක් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බව පෙනේ.”

Live Science හී Why does the date of Easter change every year? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.