ළමයි අහන ප්‍රශ්න: ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබුණහොත් කුමක් සිදුවේද?

Posted by

ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබුණහොත් කුමක් සිදුවේද?

මෙය ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක්. මන්ද කීවොත් එය නින්ද කොතරම් වැදගත්ද යන්න ගැන සිතීමට අපට සලස්වන බැවිනි. ඇත්ත වශයෙන්ම, නින්ද යනු අප එදිනෙදා කරන වැඩ අතරේ වැදගත්ම දෙයකි.

අප නිදා සිටියදී …

අපි නිදා ගන්නා විට අපගේ ශරීර සැබවින්ම බොහෝ වැඩ කරයි. පළමු පැය කිහිපය තුළ අපි ඉතා ගැඹුරු නින්දකට යන්නෙමු. අපගේ ශරීරය විවේක ගනිමින් සහ අලුත්වැඩියා කරන්නේ එවිටයි. ඒ වෙලාවේ තමයි ඊළඟ දවසේ දි අපට අවශ්‍යවන අපගේ බලශක්ති ගබඩාව පුරවන්නේ.

ඉතින් අප නිදා නොගන්නේ නම් කුමක් සිදුවේද?

අප නිදා නොගන්නා විට සිදු වන වඩාත්ම පැහැදිලිව පළමුව පෙනෙන දෙය නම් අපට නිදිමත වීමයි. අපට ප්‍රමාණවත් විවේකයක් නොලැබෙන විට ක්‍රියාශීලීව සිටීම අසීරුය; යම් යම් දේවල් කිරීමට ඕනෑකම හෝ දේවල් ගැන උද්යෝගිමත් වීම ද අපහසු වේ.

නින්ද නොමැතිකම, කෝපවෙන හෙවත් කිපෙනසුලූ හ නුරුස්සන ගතියට අපව පහසුවෙන්  පත්කිරීම පුදුමයක් නොවේ.

අපට ප්‍රමාණවත් REM(Rapid Eye Movement) sleep හෙවත් ශීඝ‍්‍ර අක්ෂිචලන නින්දක් නොමැති නම්, එය අවධානය යොමු කිරීම අපහසු කරයි; එහෙයින් ඉගෙනීම දුෂ්කර කරයි. එය එක් දිනක සිට ඊළඟ දවසේ පාසල් වැඩ මතක තබා ගැනීමට අපහසුවක් ඇති කරයි. මේ හැම දෙයකම ප්‍රථිඵලය වන්නේ පාසලේ කටයුතු හොදින් කිරීමට අමාරු වූමයි.

එබැවින් නිසි ප්‍රමාණයේ නින්දක් ලැබීම ඉතා වැදගත් වේ..

කෙනෙකු නිදා සිටින විට (ශරීරය තුළ) සිදුවන්නේ කුමක්ද යන්න එම අයගේ මොළයේ තරංග අපට කියයි

නින්ද නොමැති රාත්‍රී කිහිපයක්ම තිබුණොත්…?

අපට එක රැයක හෝ දෙකක හොඳ නින්දක් නොලැබුණත්, අපට  බාගදා (නින්දේ) හිඟ පාඩු පියවා ගත හැකි වෙන්න පුළුවන්. අපගේ ශරීරය සහ මොළය යථා තත්ත්වයට පත් වන අතර අපට යහතින් සිටිය හැකියි.

ඒවුණත්, අපට ප්රමාණවත් නින්දක් හෝ හොඳ ගුණාත්මක නින්දක් දිගු කලක්  තිස්සේ නොමැති වීම නම් නම් එය වෙනමම කතාවකි. නින්ද අපගේ සෞඛ්‍යයේ බොහෝ අංශ පාලනය කරන බැවින්, මෙය සැබවින්ම අපගේ ශරීර සහ මොළය අවුල් කළ හැකිය.

උදාහරණ කිහිපයක් දක්වන්නේ නම්: කෙනෙකු, පාසැලේ විභාග අසමත් වීමට, බර වැඩිවීමට, මානසික අවපීඩනයට පත්වීමටත්, දිගු කලක් අසනීප වීමටත් ඉඩ තිබේ.

එබැවින් එවැන්නක් අපට සිදු නොවන පරිදි ජීවිතයේ මුල් අවදියේදීම නිසියාකාරව නින්දේ රටා සකස් කිරීම ඇත්තෙන්ම කළ හැකි හොඳම දෙයයි.

‘ප්‍රමාණවත් නින්දක්’  කියන්නේ කොපමණද?

සෑම කෙනෙකුටම එකම ප්‍රමාණයක නින්දක් අවශ්‍ය නොවේ. එහෙත් නින්ද ගැන අධ්‍යයනය කරන අය සිතන්නේ මේ ප්ර්ශනය යොමු කළ 11 හැවිරිදි දැරියගේ වයස් කාණ්ඩයේ සිටින කෙනෙකුට නිදා ගැනීම සඳහා සාමාන්‍යයෙන් රාත්‍රියට පැය නවයත් 11ත් අතර කාලයක් අවශ්‍ය බවයි.

ඉහතින් ද දැක්වූ පරිදි, අපට හොඳ ගුණාත්මක තත්ත්වයේ නින්දක් අවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ රාත්‍රියේ වැඩිපුර අවදි නොවී විවේකීව සිටිය යුතු බවයි. එයින් අදහස් වන්නේ අපි සෑම දිනකම එකම වේලාවක නින්දට ගොස් දළ වශයෙන් එකම වේලාවක අවදි වීමට වග බලා ගත යුතු බවයි.

නින්ද ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න.

එසේම, නින්දට ප්‍රමුඛත්වය දෙන්න – රාත්‍රී යාමයේ ප්‍රමාද වී පාඩම් කරනවාට වඩා, කලින් නින්දට ගොස් ඔබේ මොළයට ප්‍රකෘතිමත් වීමට ඉඩ හැරීම වඩා හොඳය. ඇත්ත වශයෙන්ම, පාසැලේදී ඔබ ඉගෙන ගන්නා ආකාරය වැඩිදියුණු කිරීම සඳහා  ඔබට කළ හැකි හොඳම දේවලින් එකක් තමයි, රාත්‍රී හොඳ නින්දක් ලබා ගැනීමයි.

අවසාන වශයෙන්, සෞඛ්‍ය සම්පන්න,  සමබර ආහාර වේලක් සහ ප්‍රමාණවත් ව්‍යායාම ලබා ගැනීම නින්දේ යහපත්භාවය  සහ නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ද හේතුවන බව පෙන්වා දී ඇත.

එබැවින් ඔබට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට වග බලා ගන්න. ප්‍රමාණවත් නින්දක් නොලැබීම මොළයේ සෞඛ්‍යය හා ක්‍රියාකාරිත්වය අඩුවීම සමඟ සම්බන්ධ වන අතර කාංසාව සහ මානසික අවපීඩනය(anxiety and depression) වැනි මානසික සෞඛ්‍ය ගැටලු පවා ඇති කළ හැකිය.

Curious Kids(The Conversation) හී පළවන what happens if you don’t get enough sleep?  සහ What happens to your brain if you don’t get enough sleep? යන ලිපි ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.