ඔබේ දේශපාලන ප්‍රතිවාදීන් ඔබ සිතන තරම් නරක ද?

Posted by

 ඔබේ දේශපාලන ප්‍රතිවාදීන් ඔබ සිතන තරම් නරක ද? – වැරදි වැටහීම් එදිරිවාදීකම් වැඩි කරයි.

එක්සත් ජනපදයේ “ජාතික දික්කසාදයක්” සිදු කළ යුතු යය ජනාධිපති දිනයේදී එක්සත් ජනපද කොන්ග්‍රෙස් සභික මාජරී ටේලර් ග්‍රීන් යොජනා කළවිට වැඩිදෙනා අප්‍රසාදය මිශ්‍ර පුදුමය පළ කළහ. (ජාතික දික්කසාදයක් යන්නෙන් අදහස්වෙන්නේ ජනපද ෆෙඩරල් පාලනයෙන් වෙන්වීමයි).

-දේශපාලන ධ්‍රැවීකරණයේ  දිනෙන් දින වර්ධනය වන බවක් පෙනෙන මෙවන් යුගයක පවා (සහ ටේලර් ග්‍රීන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීම ගැන නම් දරා සිටින බව අමතක කළත්) මෙම යෝජනාව එරට දේශපාලන පක්ෂ දෙකේම සාමාජිකයින් කම්පනයට පත් කිරීමට සමත් විය.

“ඇමරිකාව තුළ සිවිල් යුද්ධයක් තමයි මට දැකීමට අවශ්‍ය අවසාන දෙය. මා දන්නා සෑම කෙනෙකුටම එය කිසි විටෙකත් අවශ්‍ය නොවනු ඇත. එනමුත් එය එම දිශාවට ගමන් කරයි, අප ඒ ගැන යමක් කළ යුතුයි, ”ටේලර් ග්‍රීන් පසු විපරම් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය,. “මා සමග අදහස් දැක්වූ සෑම කෙනෙකුම පාහේ  වමේ හිරිහැර කිරීම්වලට ලක්වීම, වමේ අපයෝජනය කිරීම සහ වමේ අගෞරවයට ලක්වීම නිසා අද වම එපා වී ඇත.”

වාමාංශික නැඹුරුවක් ඇති බොහෝ දෙනාට මෙම චෝදනා තේරවිල්ලක්, ප්‍රහේලිකාවක් වනු ඇතැයි සිතිය හැක. ටේලර් ග්‍රීන්ට නිසැකව ම, එක්සත් ජනපද දේශපාලන ගැටුම කෙරෙහි බලපාන හේතූන් පිළිබඳ වමේ ඉදිරිදර්ශනය තේරුම් ගෙන ඇති බවක් ඇඟවෙන්නේ නැත.

දේශපාලන හා දේශපාලන නොවන ගැටුම් වලදී  මෙවැනි වැරදි වැටහීම් සහ එදිරිවාදිකම් බොහෝ විට එකට බැඳී ඇත යන්න පහසුවෙන් සිතා ගත හැකිය.

එය එසේ වූව්ද, ඔවුන්ගේ හැඟීම් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකි බවත්, සත්‍ය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය වැරදි විය හැකි බවත් මිනිසුන් සාමාන්‍යයෙන් සිතන්නේ නැත. කෙනෙකුට ඇතිවන හැඟීමක්,  වරදක් විය හැකිද?

“මම චර්යාත්මක අර්ථශාස්ත්‍රඥයෙක්(a behavioral economist ). විශ්වාස ගොඩනැගීමේ දී ඇති විය හැකි පක්ෂග්‍රාහීත්වය(හෝ විරෝධත්වය) අධ්‍යයනය කරන අතර, ඉදිරියේ දී පිට්වීමට නියමිත “Undue Hate” නම් මගේ ග්‍රන්ථයෙහි මම තර්ක කරන්නේ, දේශපාලන මාතෘකා සහ දේශපාලන නොවන මාතෘකා යන දෙකෙහිදී ම,  විවිධ හේතූන් මත, අපි එකඟ නොවන පුද්ගලයින්ට අප අධික ලෙස අකමැති වීමට නැඹුරු වන බවය” යනුවෙන් මෙම ලිපියේ කතුවර, එක්සත් ජනපදයේ Bowdoin Collegeහී ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Daniel F. Stone පවසයි.

එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන්, 2017 දී නිව් යෝර්ක් නගරයේ දී ට්‍රම්ප් විරෝධී විරෝධතාකරුවන් සමඟ ගැටේ. Robert Nickelsberg/Getty Images

තවත් කෙනෙකු අරුචිවීම වරදක් වන අවස්ථාව

ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන ජේන්, “නරක”  යන්න මැනීමට ඇය  සලකන ඕනෑම මිනුම් දණ්ඩක් යොදා ගනිමින් ඇගේ රිපබ්ලිකන් පක්ෂ අසල්වැසියා වන ජෝ නරක ක්‍රියා කිරීමට හෝ නරක මත දැරීමට ඇති සම්භාවිතාව අධිතක්සේරු කරයි. නිදසුනක් වශයෙන්, තුවක්කු භාවිතය පාලනයට ජෝගේ විරුද්ධත්වය අධිතක්සේරු කළ හැකිය; නැතහොත් ඇය කෙරෙහි ජෝ කොතරම් සතුරුකමක් දක්වනවාද යන්න අධිතක්සේරු කළ හැකිය.

ජෝ කෙරෙහි ඇති ජේන්ගේ නිෂේධාත්මක හැඟීම්වලට පෙර කී විශ්වාසයන් දායක විය හැකිය. එසේ නම්, මෙම විශ්වාසයන් ඇත්තටම වැරදි නිසා නැතිනම් වරදවා තේරුම් ගැනීම් නිසා, එවිට ජේන්,  ජෝට අකමැති වන්නේ – ඇයගේම සම්මතයන් අනුව – (ජෝගේ වැරදි) අධිතක්සේරුවක් නිසාය.

ඇත්ත වශයෙන්ම, විවිධ හේතූන් නිසා අන් අය සමඟ එකඟ නොවන විට  මිනිසුන් සාමාන්‍යයෙන් මෙම වැරැද්ද කිරීමට නැඹුරු වේ.  මෙම ප්‍රවනතාවය “ආවේදනික ධ්‍රැවීකරණ නැඹුරුව”(“affective polarization bias”) ලෙස මෙම ලිපියේ සම්පාදකයා විසින් හඳුන්වනු ලැබේ; මන්ද එය අධික ආවේදනයකින් යුත් ධ්‍රැවීකරණයට පක්ෂග්‍රාහී වීමකි. (“ආවේදනික ධ්‍රැවීකරණය” යනු චිත්තවේගීය වශයෙන් සතුරු ධ්‍රැවීකරණය සඳහා වන තාක්ෂණික යෙදුමයි.)

මෙම පක්ෂග්‍රාහීත්වය පිළිබඳ සාක්ෂි සෙවීම සඳහා, පර්යේංඅකයෝ අනෙකුත් දේශපාලන පක්ෂයේ සාමාජිකයන් දරන මතයන් පිළිබඳ එක් දේශපාලන පක්ෂයක සාමාජිකන් දරණ විශ්වාසයන්ගේ නිරවද්‍යතාවය පිළිබඳ අධ්‍යයනයන් සමාලෝචනය කළහ. මූල්‍යමය අභිප්‍රායන් සමඟ අත්හදා බැලීම් වලදී අනෙක් පාර්ශ්වයේ පුද්ගලයින්ගේ තේරීම්වල ආත්මාර්ථකාමිත්වය පිළිබඳ විශ්වාසවයන්ගේ නිරවද්‍යතාවය ද  පරීක්ෂා කෙරිණ.

මේ පර්යේෂණයන්ගෙන් පෙන්නුම් කරන්නේ මිනිසුන් ඔවුන්ගේ ප්‍රතිපක්ෂ සගයන් ගැන නිරන්තරයෙන්ම අශුභවාදීව බලන බවයි. දෙපාර්ශ්වයේම අය, අනෙක් පාර්ශ්වයේ අන්තවාදය, එදිරිවාදීකම්, දේශපාලන ප්‍රචණ්ඩත්වයට ඇති උනන්දුව සහ ආත්මාර්ථකාමිත්වය අධිතක්සේරු කිරීමට නැඹුරු වෙති. එමෙන්ම වඩාත්ම බලගතු ලෙස ධ්‍රැවීකරණය වූ පුද්ගලයන් විසින් ලොකුම වැරදි සිදු කරනු ලබයි.

පැහැදිලි කිරීම්

“ආවේදනික ධ්‍රැවීකරණ නැඹුරුව” නව යෙදුමක් වුවද, අයෝග්‍ය අකමැත්ත පිළිබඳ සංකල්පය බොහෝ මිනිසුන්ට අවබෝධාත්මක හෙවත් පහසුවෙන් තේරුම් ගත හැකිය.

වර්ත්මානයේ, මාධ්‍ය පරිසරය – විශේෂයෙන්ම, කේබල් සහ මාර්ගගත්(online) ප්‍රවෘත්ති මෙන්ම සමාජ මාධ්‍ය ව්‍යාප්තිය – දේශපාලන සතුරුකම්වල මෑත කාලීන වර්ධනය සම්බන්ධව ඉදිරිපත් කෙරෙන පොදු පැහැදිලි කිරීමක් වන අතර, අයෝග්‍ය  අකමැත්ත වර්ධනය වීමට ද හේතු වී ඇත.

පසුගිය දශක ගණනාවකට වඩා අද පුරවැසියන්  කේබල් ටීවී, මාර්ගගත මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පමණක් නොව, මාර්ග අපගත(offline) අපගේ සමාජ ජාල විශේෂයෙන් දෘෂ්ටිවාදාත්මකව වෙන කවරදාටත් වඩා වෙන් කර ඇති බැවින් පුද්ගලයන් වශයෙන් ද වඩාත් ධ්‍රැවීකරණ තොරතුරුවලට නිරාවරණය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස්සු වැඩි වැඩියෙන් දේශපාලනික වශයෙන් සමාන නැතිනම් තම මත හා අභිරුචිවලට සමීප ප්‍රවෘත්ති ලබා ගැනීමට අමතරව දේශපාලනය ගැන සමාන අදහස් ඇති අය සමඟ කතා කිරීමට වැඩි කාලයක් ගත කරති.

අසන, අසන සෑම දෙයක්ම මිනිසුන් විශ්වාස නොකළත්, ඔවුන්ගේ නැඹුරුව පිළිගැනීමටය, සැක කිරීමට වඩා විස්වාශ කිරීමටය; විශේෂයෙන් ඔවුන් විශ්වාස කිරීමට කැමති තොරතුරු උදාහරණයකට ප්‍රතිපක්ෂයේ චරිතවල දෝෂ හා දුර්වල කම් පිළිබඳ තොරතුරු වැනිදේ විස්වාශ කිරීමට කැමැතිවෙති. මන්ද, එය තම පක්ෂයේ ඔසවා තැබීමට සහාය වන බැවිනි.

එක්සත් ජනපදයේ, පක්ෂවදී අනන්‍යතා ශක්තිමත් වීම වැඩිවෙමින් පවතී. ඒ,  යමෙකුගේ සංස්කෘතික හෝ වාර්ගික පසුබිම වැනි අනෙකුත් අනන්‍යතා සමඟ පක්ෂවදී අනන්‍යතා ඒකාබද්ධ කිරීම හේතුවෙනි. මෙය, විරුද්ධවාදීන්  කුරිරු හෝ දුෂ්ට මිනිසුන් බවට පත්කරන විශ්වාසයන් දැරීමට මිනිසුන්ගේ ඇති පෙළඹවීම ද වැඩි කර ඇත.

එපමණක්ද නොව, ප්‍රතිවාදීන් කෙරෙහි අයෝග්‍ය අකමැත්තක් ඇති වීමට, සංජානන(අවබෝධ කර ගැනීමේ) දෝෂ හේතුවෙන් පැන නගින තවත් වැදගත් හේතු කිහිපයක් තිබේ. 

සරලමතික(naive – සමාජයේ සිදු වන දේ ගැන සැබෑ තතු නොදන්න) යථාර්ථවාදය — අපගේ රුචි අරුචිකම් වාස්තවික සත්‍යයන් යැයි සිතීම — සහ ඕනෑවට වඩා විශ්වාසය, ඕනෑම දෙයක් ගැන අප සමඟ එකඟ නොවන අය වැරදි දෙයක් කිරීමේ අවස්ථා අධිතක්සේරු කිරීමට අපව පොළඹවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි අනෙක් පාර්ශ්වයේ දුර්වල විනිශ්චය සහ නරක චේතනාවන් අධිතක්සේරු කරමු.

අන්‍යයන් අප සමඟ කෙතරම් එකඟද යන්න අධිතක්සේරු කිරීමට “ව්‍යාජ සම්මුතිය” (“False consensus”) අපව පෙලඹවිය හැක. මෙය, අනෙක් අතට, වෙනස් දෘෂ්ටිකෝණ ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ අවංකභාවය ගැන අපට සැකසංකා ඇති කරයි.

අවසාන වශයෙන් සඳහන් කළත් වැදගත්කමින් නො අඩු කාරණයක් වන්නේ අපගේ පක්ෂග්‍රාහීත්වයන්(biases), සීමිත මතකයන් සහ සීමිත දූරදර්ශීභාවය සමඟ ඒකාබද්ධවූ උපායමාර්ගික පළිගැනීම(strategic retaliation), අනවශ්‍ය සතුරුකම උත්සන්න කිරීමට මග පාදන්නක් බවයි.

වැරදි නිවැරදි කිරීම

ශුභාරංචිය නම් වැරදි නිවැරදි කළ හැකිය යන්නයි. අපිට වෛරය බැහැර කරන්න පුළුවන්. විශ්මයදනවන ආකාරයේ සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි අයුරින් මෙකී වැරදි වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමටත්, එමෙන්ම ඒවා නිවැරදි කිරීමටත්, වැඩි වැඩියෙන් පර්යේෂණ ප්‍රයත්න දරමින් තිබේ.

එමෙන්ම, දේශපාලන විරුද්ධවාදීන් එකට එක් කිරීමට සහ අනෙක් පාර්ශවය පිළිබඳ වැරදි වැටහීම් නිවැරදි කිරීමට ලාභ නොපතා ක්‍රියා කරන විවිධ කණ්ඩායම් ද කටයුතු කරති. සමාජ මාධ්‍යය තුළ අද දක්නට ලැබෙන ධ්‍රැවීකරණය අඩු කිරීමට වෙනත් විද්වත්තු සහ සංවිධාන  ක්‍රියා කරමින් සිටිති.

 කළ නොහැක්කක් යැයි පෙණී ගිය ද, කෙටිකාලීනව අනවශ්‍ය වෛරය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට ඇමරිකාවට ද්විපාර්ශ්වික, ඉහළ සිට පහළට යොමු කෙරෙන උත්සාහයක් දැරීම අවශ්‍ය විය හැකිය.

මේ අතර, ඊළඟ වතාවේ ඔබට වෛරයක් දැනෙන විට, එය බොහෝවිට අර්ධ වශයෙන් අනවශ්‍ය හෝ අයෝග්‍ය එකක් විය හැකි එකක් බව, ඔබම මතක් කර ගන්න.

The Conversation(April 5, 2023, Updated: April 6, 2023) හී පළ වන Your political rivals aren’t as bad as you think – here’s how misunderstandings amplify hostility යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.