ප්‍රචණ්ඩත්වට ලක්වන ළමුන්ට ඇතිවන දිගු කාලීන මනෝවිද්‍යාත්මක බලපෑම්
දරුණු ශාරීරික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ළමුන් වැඩිහිටියන් ලෙස පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) වර්ධනය වීමේ සැලකිය යුතු මට්ටමේ වැඩි අවදානමක් ඇත.
ප්‍රචණ්ඩත්ව්යේ ප්‍රතිඵලයක් ලෙස කුඩා කාලයේ තුවාල වලට ගොදුරු වූ තරුණ වැඩිහිටියන් පිළිබඳ අධ්‍යයනයකින් හෙළිවන්නේ සාමාන්‍ය ජනගහනයට වඩා මෙම කණ්ඩායමේ පශ්චාත් කම්පන ආතති ආබාධ (post-traumatic stress disorder – PTSD) සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බවයි..
රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ (URMC) පර්යේෂකයන් විසින් පවත්වන ලද මෙම අධ්‍යයනය මගින් 2011 සහ 2020 වසර අතර කාලයේ දී වෙඩි තැබීම්, පිහි ඇනුම් හෝ පහරදීම් හේතුවෙන් තුවාල වලට ගොදුරු වූ ඒ අවධියේ ළමුන් ලෙස පසුවූ 24 දෙනෙකු සමීක්ෂණයට ලක් කරන ලදී. සහභාගී වූවන්ගෙන් 15 දෙනෙකුට වෙඩි වැදී තුවාල සිදුවී ඇත; අට දෙනෙකු පිහි ඇනුමකට ලක් වූ අතර එක් අයෙකුට පහර දී ඇත.
ප්‍රතිචාර දැක්වූවන්, තුවාල වූ අවස්ථාවේ මූලික වශයෙන් නව යොවුන් වියේ පසුවූ අතර මධ්‍යස්ථ වයස(median age) අවුරුදු 16.6 කි. මූලින්ම තුවාල සිදුවූ අවස්ථාවේ සිට අධ්‍යයනය සඳහා ප්‍රතිචාර දැක්වූවන් සම්බන්ධ කර ගත් කාලය දක්වා ගත වී තිබූ කාලය සාමාන්‍යයෙන් වසර හයකි.

සාමාන්‍යයෙන් PTSD රෝග විනිශ්චයට භාජනය කරන සාමාන්‍ය ජනගහනයෙන් (පශ්චාත් කම්පන ආතති ආබාධ හෙවත් PTSD සඳහා) ධනාත්මක බව හෙළිවන්නේ 6.8%ක ප්‍රමාණයකි. එහෙත් අධ්‍යනය සඳහා සහභාගී වුවන් අතර මෙම සංඛ්‍යාව 41.7% කි; එනම් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් දහයකි). සාමාන්‍ය ජනගහනයෙන් PTSD සඳහා ධනාත්මකව පරීක්‍ෂා කර ඇති සංඛයාවට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය. ධනාත්මකව පරීක්‍ෂා කළ රෝගීන් අතරේ පහත ලක්‍ෂණ පහෙන් අවම වශයෙන් තුනක්වත් නිරීක්ෂණය කර ඇත:
● නපුරු සිහින(දුස්ස්වප්න) හෝ ආක්‍රමණශීලී සිතුවිලි;
● සිදුවීම/සිදුවීම් ගැන තමුන්ට මතක් කෙරෙන අවස්ථාවන් ගැන සිතීම හෝ එවැනි අවස්ථාවන්ට මුහුණ දීමෙන් වැළැකී සිටීම;
● නිරතුරුවම සුපරීක්ෂාකාරීව, සෝදිසියෙන් සිටීම හෝ තිගැස්මට ලක්වූ ස්වභාවයෙන් පසුවීම;
● මිනිසුන්, ක්‍රියාකාරකම් හෝ වටපිටාවෙන් හුදකලාවී සිටීම හෝ (ඒවා ගැන) අසංවේදීවීම;
● (ප්‍රචන්ඩකාරී) සිදුවීම සම්බන්ධයන් හෝ සිදුවීමෙන් ඇති වූ ගැටළු සම්බන්ධයන් වරදකාරී හැඟීමක් ඇතිකර ගැනීම හෝ තමන්ටම හෝ අන් අයට දොස් පැවරීම.
මීට අමතරව, සාමාන්‍ය ජනගහනයෙන් ආසන්න වශයෙන් 13% හා සසඳන විට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 46% ක් අතර පසුගිය දින 30 තුළ (මත්පැන් හෝ වෛද්‍ය නිදිෂ්ට වට්ටෝරු බෙහෙත් හැර) මත්ද්‍රව්‍ය අනිසි භාවිතය ලෙස වාර්තා වූ අතර 17% කට ආසන්න පිරිසක් ඔවුන්ගේ තුවාල හා සම්බන්ධ නිරන්තර රෝග ලක්ෂණ වාර්තා කළහ.
අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ, URMC හි ශල්‍ය වෛද්‍ය, ළමා රෝග සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු දෙපාර්තමේන්තු සහකාර මහාචාර්ය Nicole A. Wilson (Ph.D., MD) ට අනුව, මෙම කල්පවත්නා කායික හා මානසික බලපෑම් අවධාරණය කරන්නේ රෝහල්, ප්‍රජා සංවිධාන සහ සමාජ ආධාරක ජාලයන් මෙම රෝගීන් දිගු කාලීනව අධීක්ෂණය කිරීමට එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයයි.
“වෙඩි තැබීමෙන් වේවා හෝ වෙනත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් හෝ වේවා, මෙවැනි තුවාල ලබා ඇති පුද්ගලයින් ගැන සොයා බැලීමේදී අප වඩා හොඳින් කටයුතු කළ යුතු බවත්, අප ඔවුන්ට උපකාර කිරීම සහ සම්පත් පිරිනැමීම අවශ්‍ය බවත්” ඇය පවසයි.
Journal of Pediatric Surgeryහි ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය පවත්වන අතරතුර, ප්‍රතිචාර දැක්වූවන්ට ඔවුන්ගේ තුවාලවලින් හටගන්නා කායික හා මානසික බලපෑම් සඳහා උපකාර කිරීමට සම්පත් පිරිනමන ලදී. 63% කට ආසන්න පිරිසක් මෙම පිරිනැමීම පිළිගත් අතර, ඉන් හැඟවෙන්නේ මෙම ප්‍රජාව අතර සහයෝගය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවයි.
“ඕනෑම රෝගියෙකු සතුව උපකාර කිරීමට ද්‍රව්‍ය රාශියක් ඇති නමුත් සිදුවන දේ පාලනය කළ හැක්කේ ඔවුන් රෝහලේ සිටින විට පමණක් බැවින් සමහර විට අප සායනික වෛද්‍යවරුන් ලෙස සීමා වී සිටිනවා” විල්සන් පෙන්වා දෙයි.

UR Medicine Golisano ළමා රෝහලෙහි සිටින ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්, වීදි මට්ටමේ කණ්ඩායමක් වන Pathways to Peace සංවිධානය වෙත යොමු කරනු ලැබේ. මෙය, ආරවුල් සමථයකට පත් කිරීම සඳහ ප්‍රචණ්ඩත්වයට යොමු වන හෝ විව්ධ කල්ලි සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වන තරුණයින්ට සහාය සහ අවිහිංසාවාදී විකල්ප සපයන සංවිධානයකි. එහෙත් බොහෝ දෙනෙක් මෙම විකල්පය ප්‍රතික්ෂේප කරති.
කුඩා කාලයේ ප්‍රචණ්ඩකාරී තුවාල වලට ගොදුරු වූ තරුණ වැඩිහිටියන් පිළිබඳ අධ්‍යයනයකින් සාමාන්‍ය ජනගහනයට වඩා මෙම කණ්ඩායමේ පශ්චාත් කම්පන ආතති ආබාධ (PTSD) සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. රූපය
කුඩා කාලයේ ප්‍රචණ්ඩකාරී තුවාල වලට ගොදුරු වූ තරුණ වැඩිහිටියන් පිළිබඳ අධ්‍යයනයකින් සාමාන්‍ය ජනගහනයට වඩා මෙම කණ්ඩායමේ පශ්චාත් කම්පන ආතති ආබාධ (ඵ්ඨ්Sඪ්) සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. රූපය පොදු වසමෙහි ඇත
විල්සන්ට අනුව රෝගීන් මෙම විකල්පය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන හේතුව අපැහැදිලි ය; එසේනමුත් රෝහල විසින් පිරිනමනු ලබන හවුල්කාරිත්වයන් වැලඳ ගනු ලැබීම ගැනීම වළක්වන්නට හේතුව මෙම විකල්පය අනවශ්‍ය මදිහත්වීමක් ලෙස පවුල් විසින් සලකනවා විය හැකි බව හෝ ඓතිහාසික වශයෙන් ආන්තික ප්‍රජාවන් අතරේ සෞඛ්‍ය සේවා පද්ධතිය පිළිබඳ දිගුකාලීන අවිශ්වාසය විය හැකි බව ඇය අනුමාන කරයි.
GCH සහ තවත් නිව් යෝක් හී උතුරු දෙසට වෙන්නට හා බටහිර ළමා රෝහල් කිහිපයක් අතර පසු විපරම් සහයෝගීතාවයකින් මෙම මූලික පර්යේෂණ සැලකිය යුතු ලෙස පුළුල් කිරීමට උත්සාහයක් ඇත. විල්සන් බලාපොරොත්තු වන්නේ මෙම සහයෝගීතාවය, වැඩි පාලන කණ්ඩායම් සමඟින් ප්‍රතිචාර දක්වන්නන්ගේ වඩාත් ශක්තිමත් සංචිතයක් නිර්මාණය කරනු ඇතැයි ද, අවසානයේදී මෙම මාතෘකාව දිගටම අධ්‍යයනය කිරීම සඳහා දිගු කාලීන අරමුදල් ලබා ගැනීමට මෙම ආයතනවලට උපකාර කරනු ඇතැයි ද යනුවෙනි.

“මෙවැනි පර්යේෂණ විශාල පරිමාණයෙන් සිදු කිරීමෙන්, සෞඛ්ය හා සමාජ-ආර්ථික තත්ත්වයන් පිළිබඳ සමාජ නිර්ණායකයන්ගේ භූමිකාව දෙස බැලීමට අපට හැකි අතර, අතිරේක මැදිහත්වීම් සඳහා අරමුදල් ලබා ගැනීමට ද අපට උත්සාහ කළ හැකිය” යනුවෙන් විල්සන් කියයි.
මීට අමතරව, 1 මට්ටමේ කම්පන මධ්‍යස්ථානයක්(Trauma Center) ලෙස මෑතකාලයේ GCH නම් කිරීම, ඊට(එම ආයතනයට), තරුණ පිරිස් අතර පැත්‍රෙණ තුවක්කු ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීමට සහ අනෙකුත් කම්පන මධ්‍යස්ථාන දැනුවත් කිරීම සඳහා පුළුල් ප්‍රජා හවුල්කාරිත්ව කටයුතුවල නිරත වීමට වරමක් ලබා දී ඇත.
විල්සන් විශ්වාස කරන්නේ පසු විපරම් හැසිරීම් සෞඛ්‍ය සම්පත් අඛණ්ඩව ලබා ගැනීම ප්‍රචණ්ඩත්වයේ බලපෑමෙන් මිදීමට තරුණයින්ට සැලකිය යුතු ලෙස උපකාර කළ හැකි බවයි.
“පරමාදර්ශී ලෝකයක, ඔවුන්ට මාස තුනකින් ආයාසයකින් තොරව උපදේශකයෙකු හමුවිය හැකි යාන්ත්‍රණයක් තිබිය යුතුයි” ඇය පවසයි.
Neuroscience News (April 10th,2023) පළවන Child Victims of Violence Face Long-Term Psychological Effects යන ලිපිය ඇසුරෙනි
Original Research: Closed access.
“Long-term functional, psychological, emotional, and social outcomes in pediatric victims of violence” by Naomi S. Ganpo-Nkwenkwa et al. Journal of Pediatric Surgery