සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටකප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි.

පෘථිවියෙහි භූමිය වගේම සාගර තියෙන්නේ ඇයි?
අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණමය ග්‍රහයන් හතරෙන් එකකි, පෘථිවිය නැතිනම් මහපොළොව. බුධ, සිකුරු සහ අඟහරු තමයි අනෙක් තුන. (සියල්ලෙහි සුලමුල 7බලන්න). හැබැයි ඉතින්, අනෙක් ග්‍රහ ලෝකවල කෙසේවෙතත් මේ මිහිපිට ජීවය තිබෙන්නේය කියන කාරණාව පමණක් නොවෙයි වෙනත් අංග ගත්තත් පෘථිවිය, අනෙක් ඒවා සමග ගලපීමක් නැහැ. පෘථිවියට තියෙන්නේ සන්සුන් නැති පෘෂ්ඨයක් හෙවත් මතුපිටක්. භූ කාරක තැටිවල(plate tectonics ) නිර්දය ක්‍රියාකාරිත්වය නිසා පෘථිවියෙහි පෘෂ්ඨය නිරන්තරයෙන්ම යළි සැකසෙමින් පවතිනවා. ඔය කාරණාවටත් වඩා අසාමාන්‍ය දෙයක් තියෙනවා. පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් පමණ වැසී ඇත්තේ ජලයෙන්.
ඒ කාරණාව සැලකිල්ලට අරන් තමයි, “අපේ මේ ග්‍රහයාට පැහැදිලිවම කිව යුත්තේ සාගරය කියලා වුණත් මහ පොළොව කියලා කියන එක කොයිතරම් නම් නොගැළපෙන කතාවක්ද?“ කියල වරක් ආතර් සී. ක්ලාක් කියා හිටියේ. පෘථිවි ග්‍රහයාගේ මතුපිට එහා මෙහා යාම, එමෙන්ම ජලයෙන් යට වී තිබීම වටහා ගැනීමට නම් අප එහි ආදිතම ආරම්භක කාලය වෙත යළි යා යුතුයි.
අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය නැතිනම් පටන් ගත් කාලය මෙයට වසර මිලියන 4.567ක් කියලා තමයි පොදුවේ පිළිගැනීම. ඔය කියන අවස්ථාවේ ඇත්තටම පෘථිවිය පැවතුණේ නැහැ. ග්‍රහපිණ්ඩවල ප්‍රචණ්ඩකාරී ඝට්ටන තුළින් එය බිහිවීමේ ක්‍රියාදාමය තමයි ඒ අවස්ථාවේ තිබුණේ. මෙයට වසර මිලියන 4.55ක් පමණ වෙද්දී පෘථිවියෙන් 65%ක් ගොඩ නැගිලා තිබුණා. මෙම නොමේරු හෙවත් කලලමය ග්‍රහලෝකය අතිශය රස්නයකින් යුක්ත වුණා. ඇත්තටම එය උණුවූ පාෂාණවලින් සම්පූර්ණයෙන්ම සමන්විතවුණු. ‘මැග්මා ලෝකයක්‘. ඒත් එය අනුමානය කිරීමට හැකිපරිදි සිසිල් වෙන්නට පටන් ගෙන පාෂාණමය හරයක් සෑදුණා.
ඊළඟට ඔයිට වසර මිලියන 20කට පමණ පස්ස් ළදරු පෘථිවිය ඝනීභවනය වෙද්දී එමෙන්ම සූර්යයා වටා කක්ෂගත ගමනකට හුරුවෙද්දී ඒ ක්‍රියාදාමය හිටි අඩියේම නතර කරනු ලැබුවා. මේ තරුණ ග්‍රහලෝකයට අඟහරු ප්‍රමාණයේ වස්තුවකින් කනේ පහරක් එල්ල වුණා. මේ ඝට්ටනයෙන් ඇතිවුණු සුන්බුන් පෘථිවිය වටා කක්ෂයක් වෙත විසිවී ගිය අතර අවසානයේ චන්ද්‍රයා සෑදුනේ ඒවායින්. පෘථිවියෙහි වායුගෝලය වාෂ්පීකෘත වූ පාෂාණපිරී ගිය අතර ඒවා ඝනීභුතව ලාවා වර්ෂා ලෙසය ඇද වැටුණේ සමහර විට දවසකට මීටරයක් ප්‍රමාණය බැගින් උණු වූ පාෂාණ සාගරයක් නිර්මාණය කරමිනුයි.
මහ පොළවට පහර පිට පහර
බාගදා එහි හරය දක්වාම පෘථිවිය තවත් වරක් උණුකිරීමට ප්‍රමාණවත් තාපයක් ඝට්ටනයේ ශක්තියෙන් සැපයුණේ මැග්මා සාගරය යළි නිර්මාණය කරමිනුයි; එමෙන්ම අපේ ග්‍රහයගේ ඉස්සර භූවිද්‍යාත්මක වාර්තාව මකා දමමිනුයි.

ඊළඟට අලි මදිවාට කොටි කීවාක් මෙන් මෙයට වසර බිලියන 4.1කට පමණ පෙර, ‘පසුකාලීන දැඩි විවර්ෂණය හෙවත් බැට දීම’(Late Heavy Bombardment) ආරම්භ වුණා. සමහර විට වායු යෝධයන්ගේ කක්ෂ ගත ගමනෙහි යලි සැකසීමකින් දෝ මුලපිරී ග්‍රහක පථයෙන් උල්කාෂ්ම වර්ෂාවක් සේ පොළව මත කඩාවැටෙන්නට පටන් ගත්තා. ඒකෙන් වුණේ පෘථිවියෙහි පෘෂ්ඨය යළිත් වරක් අර්ධ වශයෙන් උණු වී යාමයි. මේ මහා කැළඹිලි, පසු කාලීන තැටි භූ චලන හා ජීර්ණය(weathering) සමග එකතුව අපේ පෘථිවි ග්‍රහයාගේ මුල් වසර බිලියන භාගය ගැන දැනුමෙහි කැපී පෙනෙන හිඩැසක් ඇති කර තිබෙනවා. ඒ අවධියේ මිහිපිට පැවති අපායක් බදු අහිත කර තත්ත්වය හඳුන්වනු ලබන්නේ නරකාවාට සමය(the Hadean) යනුවෙනුයි.
වසර බිලියන 4 කට පමණ පෙර නරකාවාටයෙන් මිදී පෙරට එද්දී පෘථිය සතුව වියළි භූමිය, සාගර සහ භූකාරක තැටි සහ සමහරවිට ජීවය ද තිබෙන්නට ඇති. එදා තිබූ ලෝකය අද අප දකින මේ ලෝකය ම නොවේ. නිදසුනක් දක්වතොත්, වායුගෝලය බෙහෙවින් වෙනස් විය. එහෙත්, චන්ද්‍ර ඝට්ටනයෙන් පසුව මතුව ආ උණු වූ පාෂාණ බෝලයට වඩා නම් එය බෙහෙවින් වෙනස් වී තිබුණි. පෘථිවිය ඒ අන්දමට වෙනස් වූයේ කෙසේද? ඒ ප්‍රශ්නයට පිළිතුරු ඊළඟට සලකා බලමු.

වර්තමානයේ පෘථිවි කබොල සෑදී ඇත්තේ තනිකරම පාහේ වසර බිලියන 3.6කට වඩා පැරණි නොවන පාෂාණවලින් හෙයින් නරකාවාට පරිසරය පිළිබඳ සළකුණු පොළොව මත අතිශය හීනය. දැනට ඉතිරිව ඇති සැබැවින්ම පුරාණ පාෂාණ ප්‍රමාණය කබොලෙහි මිලියන කොටසකට එකක් වාගේය. එදා සිට ඉන් බොහොමයක්ම, උණු වී සම්පීඩිතව, ඊළඟට යළි උණු වී යලි සම්පීඩිතව ගියේ මුල් ස්වරූපය හඳුනා ගැනීමටවත් නොහැකි වන ආකාරයටය. එහෙත් ස(ර්)කොන් (Zircons) යනුවෙන් දැක්වෙන ඉතා කුඩා ප්‍රත්‍යස්ථිතික ස්ඵටිකවලට ස්තුතිවන්නට, සිදුවූයේ කුමක් ද යන්න ගැන යම් හෝඩුවාවල් ඇත.


ලොව පැරණිතම ඛනිජ
බටහිර දිග ඔස්ට්‍රේලියාවේ වැඩිකොටම දක්නට ලැබෙන ස(ර්)කොන් වනාහි පෘතිවියෙහි පැරණිතම ඛනිජයන්ය. ඒවා සෑදී ඇති අතිශය කල් පවතින ස(ර්) කෝනියම් සිලිකේට් (zirconium silicate) ස්ඵටිකවලින් වන අතර යුරේනියම් ඉහළ සාන්ද්‍රණයක් අඩංගුය. ඉතිරිව ඇති විකිරණශීලීත්වයෙන් ඒවායේ දින වකවානු නිර්ණය කිරීමට මේ සාන්ද්‍රනය ඉඩ සලසයි. බොහෝ ස(ර්)කොන් ගතහොත් ඒවා වසර බිලියන 4 කට වැඩි යයි දින නිර්ණය කරන්න පුළුවන. ඉන් කියැවෙන්නේ ඒවා නරකාවාටයේදී සෑදුනු බවයි.
බැට කෑ පෘථිවිය යලි සිසිල්වෙද්දී ඊට සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිතවම කීමට මෙම ස(ර්)කෝන්වලට හැකියාවක් නැත. හැබැයි, ඒවායේ ඔක්සිජන් අන්තර්ගතය පෙන්නුම් කරන්නේ ඒවා ජලයෙහි හටගත් බවයි. ඉන් අපට සිතා ගත හැක්කේ මෙයට වර්ෂ බිලියන 4කට පෙරත් පෘථිවියෙහි සාගර පැවති බවයි. මෙය අලුතෙන් ප්‍රශ්න ගණනාවක්ම මතු කිරීමට සමත් වෙයි. හුදු ජලය ආවේ කොයිබින්ද? එම ජලය උණුවී නටා හිඳී යන්නේ නැතුව දිගටම පැවතීමට සමත් වූයේ කෙසේද යන්න පමණක් නොව සාගර පැවතිය හැක්කේ පෘෂ්ඨයක් මත පමණක් වන හෙයින්, නරකාවාටයේදී පෘථිවියට කබොලක් එක් වන්නට ඇතැයිද එය අපට කියයි.
ප්‍රථම මහාද්වීපය සෑදෙන්නට පටන් ගත්තේ ද මේ අවධියේ දී ය. ඒවා සෑදුනේ තවත් යමහල් පාෂාණයක් වන කළුගලිනි(granite). මේවා නිමජ්ජන කලාපවල(subduction zones) සෑදෙන සැහැල්ලු පාෂාණය. නිමජ්ජන කලාප යනු සාගර පත්ලෙහි එකිනෙක අස්සට ලිස්සායාම හෝ මහද්වීප යටට රිංගා යන කලාපයි. කළුගල්, බැසෝල්ට්වලට වඩා ඝණත්වයෙන් අඩුයි. එනිසා එය වඩාත් ඝණ පාෂාණ මත පාවුණා. මේ විදියට තමයි ප්‍රථම සැබෑ මහාද්වීපක කබොල සෑදුණේ. මෙයට වසර බිලියන 4කට පෙර සෑදුනු ඒ මහාද්වීපක කබොල්ලෙහි කුඩා කොටස් අදටත් පවතී.
කළුගල් තිබීමෙන් අපට කියැවෙන්නේ භූකාරක තැටිචලනය ද ඔය කියන කාලයේම සිද්ධ වෙන්න ඇත කියන එකයි. හැබැයි ඉතින් එය අද පෘථිවි පෘෂ්ඨයේ (ග්ලැසියරානුකූලව මන්දගාමී වුවත් ) ඝනසැරේට සිදුවෙන කැළඹිල්ල තරම් නම් නොවෙයි. වෙනකක් තබා, තාරකාවාටයේදී ජීවය පටන් ගත්තේ යයි පවා මත පළවෙනවා. දැනට හමුවී ඇති පැරණිතම විශ්වාසය තැබිය හැකි ෆොසිල වසර බිලියන 3.43ක් පැරණියි. එහෙත් වසර බිලියන 4.1ක් පැරණි ස(ර්)කොන්වල රසායනික අනන්‍යතා ලකුණු ඇති අතර ඒ ජීවත්වන ජීවි විශේෂයන්ගේ හෙවත් සජීවීන්ගේ අවශේෂ විය හැකියි. එසේ නම් තරකාවාට සමයේ තිබූ අපායාකාර තත්ත්වයන් යටතේ සජීවීන් පවතින්නට ඇත්තේ කෙසේද යන්න විසඳීමට ඇති තවත් නව අභිරහසකි.
අන්තරීක්ෂ භයානක මිශ්‍රනය

පෘථිවිය, එහි ආදි කාලයේදීම සාගරවලින් සමන්විත වූ අතර පෘථිවියට ඒවා ලැබුණේ කෙසේද යන්න අභිරහසකි. සූර්යයාට මෙතරම් සමීපව පිහිටා තිබීම නිසා මූලග්‍රහමය තැනුම් ද්‍රව්‍යයන් වලින් යම් ජලයක් ඉතිරිකර තබා ගත්තේ යයි සිතීමට ඉඩ ප්‍රස්ථා අඩුය. සම්මත පැහැදිලි කිරීම වනුයේ ධූමකේතු හා ග්‍රහක වැනි අයිස් මය වස්තූන් ගෙන ආ ජලයෙන් පසුකාලීන zzz දී සාගර පහළ වූ බවයි. කෙසේවෙතත්, ඵ් 67P Churyumov Gerasimenko යනුවෙන් හඳුන්වනු ලබන ධූමකේතුව වෙත මෑතක සිදුකෙරුණු රොසෙටා මෙහෙයුම එකී අදහස ගැන යම් සැක මතුකර තිබෙනවා.මෙකී ධුමකේතුවේ ජලයෙහි පෘථිවි ජලයෙහි සංයෝජනයම නොමැත. අනෙකුත් ධූම කේතු හා ග්‍රහකවල ජලයෙහි එකිනෙක අතර විශාල වෙනස්කම් ඇත. මෙයට වසර බිලියන 4කට වැඩි කාලයකට පෙර ජීවය සපයන පසුකාලීන දැඩි විවර්ෂණය හෙවත් බැට දීම(Late Heavy Bombardment) ලෙස පැමිණි සෞරග්‍රහ මණ්ඩලයේ විවිධ මූලයන් ගෙන ආ ජලයෙහි මිශ්‍රනයක් බවයි. ඊළඟ වාරයේ කේතලය ලිප තබන විට ඔබ නටවන්න යන්නේ එවන් මිශ්‍රනයක් බව මතක තබා ගන්න!
‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DOES EARTH HAVE LAND AND OCEANS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.