මනසේ පුරුදු: වටිනාකම් සහ ආකල්ප

Posted by

මනසේ පුරුදු: වටිනාකම් සහ ආකල්ප

ඉතිහාසය පුරාවට, එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මිනිසුන් බෙදාහදාගත් වටිනාකම්, ආකල්ප සහ කුසලතා සම්ප්‍රේෂණය කිරීම හෙවත් බෙදා  හැරීම ගැන සැලකිලිමත් වී ඇත. වටිනාකම්, ආකල්ප සහ කුසලතා යන තුනම විධිමත් පාසල් අධ්‍යාපනය සොයා ගැනීමටත් බොහෝ කලකට පෙර උගන්වනු ලැබීය. අද පවා, දැනුම, ඉගෙනීම සහ ජීවිතයේ වෙනත් අංශ පිළිබඳ මිනිසුන්ගේ අදහස් හැඩගැස්වීමෙහි ලා පවුල, ආගම, සම වයසේ මිතුරන්, පොත්පත්, ප්‍රවෘත්ති සහ විනෝදාස්වාද මාධ්‍ය සහ සාමාන්‍ය ජීවන අත්දැකීම් ප්‍රධාන වශයෙන් බලපාන බව පැහැදිලිය. මේ ක්‍රියාවලියේ දී, විද්‍යාව, ගණිතය සහ තාක්‍ෂණයට ද – පාසල් අධ්‍යාපනයේ සන්දර්භය තුළ –  ප්‍රධාන භූමිකාවක්  ඉටු කළ හැකිය; මන්ද ඒවා සුවිශේෂී සාරධර්ම සමූහයක් මත ගොඩනගා ඇති බැවින්, ඒවා පිළිබිඹු කරන්නේ එමෙන්ම   ඒවා ප්‍රතිචාර දක්වන්නේ පොදුවේ සමාජය තුළ දක්නට ඇති වටිනාකම් වීම වන අතර  පොදුවේ බෙදා හදා ගන්නා සංස්කෘතික වටිනාකම් හැඩගැස්වීමේදී ඒවා වඩ වඩාත් බලපෑම් කරයි.  මේ අනුව, පාසල් අධ්‍යාපනය සාරධර්ම හා ආකල්ප ගැන සැලකිලිමත් වන තරමට (මෙය සංස්කෘතික විවිධත්වය සහ පෞද්ගලිකත්වය අගය කරන සහ දෘෂ්ටිවාදයෙන් ප්‍රවේශම් වන සමාජයක විශාල සංවේදීතාවයක් ඇති කරවන කාරණාවකි) තරුණයින් පාසල් ජීවිතයෙන් ඔබ්බෙන් වන ජීවිතයට සූදානම් කිරීමේදී විද්‍යාත්මක වටිනාකම් සහ ආකල්ප සැලකිල්ලට ගත යුතුය.

තවද, ඒ හා සමානව, විද්‍යාව, ගණිතය සහ තාක්‍ෂණය හා සම්බන්ධ වූ ඇතැම් චින්තන කුසලතා යෞවනයන් තම පාසල් කාලය තුළ වර්ධනය කර ගත යුතුය. මේවා තනිකරම නොවූවත් බොහෝ දුරට,  විධිමත් සහ අවිධිමත් ඉගෙනීම සඳහා අත්‍යවශ්‍ය මෙවලම් වන අතර සමස්තයක් ලෙස  ජීවිත කාලය පුරාවටම සමාජයේ කටයුතු සඳහ සහභාගී වීම පිණිස අත්‍යවශ්‍ය මෙවලම් වේ.

එකට ගත්විට, මෙම අගයන්, ආකල්ප සහ කුසලතා මනසේ පුරුදු ලෙස සැලකිය හැකිය, මන්ද ඒවා සියල්ලම දැනුම, ඉගෙනීම සහ සිතීමේ හා ක්‍රියා කරන ආකාරය පිළිබඳ පුද්ගල දැක්මට සෘජුවම සම්බන්ධ වන බැවිනි.

මෙම ලිපි පෙළ මගින් විද්‍යා අධ්‍යාපනයේ සන්දර්භය තුළ වටිනාකම්, ආකල්ප සහ කුසලතා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. මෙහි පළමු කොටසින්, සාරධර්ම සහ ආකල්පවල විශේෂිත අංශ හතරක් කෙරෙහි අවධානය යොමු කෙරේ: විද්‍යාව, ගණිතය සහ තාක්‍ෂණයට ආවේනික වටිනාකම්; විද්‍යාවේ සහ තාක්ෂණයේ සමාජ වටිනාකම; පොදු සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම; සහ විද්‍යාව හා ගණිතය අවබෝධ කර ගැනීමේදී මිනිසුන්, ඔවුන්ගේම හැකියාව කෙරෙහි දක්වන ආකල්ප.  දෙවන කොටස, ගණනය කිරීම සහ ඇස්තමේන්තු කිරීම, හැසිරවීම(manipulation) සහ නිරීක්ෂණය කිරීම, සන්නිවේදනයමෙන්ම තර්ක සඳහා විවේචනාත්මක ප්රතිචාරය සම්බන්ධ කුසලතා කෙරෙහි අවධානය යොමු කරයි.

වටිනාකම් සහ ආකල්ප

විද්‍යා අධ්‍යාපනය, විද්‍යාඥයින්, ගණිතඥයින් සහ ඉංජිනේරුවන්ගේ පොදු  වටිනාකම් පිළිබඳ මිනිසුන්ගේ දැනුමට ;  පොදු සමාජ වටිනාකම් ශක්තිමත් කිරීමට; විද්‍යාව, ගණිතය සහ තාක්‍ෂණයේ සමාජ වටිනාකම පිළිබඳ දැනුවත්, සමබර විශ්වාසයන් මිනිසුන් අතරේ ප්‍රගුණ කිරීමට්; සහ විද්‍යාව, ගණිතය සහ තාක්‍ෂණය ඉගෙනීම කෙරෙහි ධනාත්මක ආකල්ප යෞවනයන් තුළ වර්ධනය කිරීමට දායක විය යුතුය.

විද්‍යාව, ගණිතය සහ තාක්‍ෂණය තුළ ආවේනික වටිනාකම් පිළිබඳ දැනුම

විද්‍යාව, ගණිතය සහ තාක්‍ෂණය විශේෂිත අගයන් ඇතුළත් වන්නා සේම, ඒවායින් සමහරක් ව්‍යාපාර, නීතිය සහ කලාව වැනි අනෙකුත් මානව ව්‍යවසායන්හි ගැබ්ව ඇති ඒවාට වඩා ආකාර වශයෙන් හෝ තීව්‍රතාවයෙන් වෙනස් වේ. විද්‍යාව, ගණිතය සහ තාක්‍ෂණය අවබෝධ කර ගැනීම සඳහා, ඒවාට යටින් පවතින්නා වූ සහ ඒවාට ස්වභාවය හා ගති ලක්ෂණ ලබා දෙන්නාවූ අගයන් මෙන්ම ක්ෂේත්‍ර තුනේ වැඩ කරන පුද්ගලයින් විසින් බෙදා හදා ගන්නා සමහර සාරධර්ම පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

Science for All Americans(Online) හී 12 වනි පරිච්ඡේදය වන HABITS OF MIND ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.