කෘතිම බුද්ධිය(AI) සිසුන්ට උපකාර කළ හැකි ක්‍රම 4ක්

Posted by

‘Artificial Intelligence(AI) හෙවත් කෘතිම බුද්ධිය සිසුන්ට උපකාර කළ හැකි ක්‍රම 4ක්

‘Artificial Intelligence(AI) හෙවත් කෘතිම බුද්ධිය, වඩාත් පුද්ගලාරෝපිත නැත්නම් පුද්ගල අවශ්‍යතා අනුව හැඩගැස් වූ ඉගෙනීම සඳහා විභවයන් නිර්මාණය කරයි. කෘතිම බුද්ධි පද්ධති එදිනෙදා ජීවිතයේදී විශාල කාර්යභාරයක් ඉටු කරන බැවින්, ඒවා අධ්‍යාපන ලෝකය ද වෙනස් කරයි.

OpenAI හි ChatGPT, Microsoft’s Bing සහ ගූගල් Bard — මේ සියල්ල යම් අවදානම් මෙන්ම වාසිදායක අවස්ථා යන දෙකම ගෙන එයි.

මෙම ලිපියේ කතුවර,  සාක්ෂරතා අධ්යාපනඥයෙකු සහ පර්යේෂකයෙකු වන, චාල්ස්ටන් විද්‍යාලයේ සාක්ෂරතා අධ්‍යාපනය පිළිබඳ සහකාර මහාචාර්ය W. Ian O’Byrne කියා සිටින්නේ සිසුන්ට ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා මෙවැනි පද්ධති භාවිතා කළ හැකි යැයි තමන් තරයේ විශ්වාස කරන බවයි. එසේ  උපකාර කළ හැකි ක්‍රම හතරක් මේ ලිපියෙන් දැක්වේ:

1. වෙන්කොට දක්වන උපදෙස්

පන්තියක සිටින සියලුම සිසුන්ගේ ඉගෙනුම් ඉලක්ක හඳුනා ගෙන තනි තනි සිසුන්ගේ නිශ්චිත අවශ්‍යතා සඳහා උපදෙස් අනුවර්තනය කරගන්නා ආකාරය ගුරුවරුන්ට උගන්වනු ලැබේ. නමුත් පන්ති කාමරයක සිසුන් 20ක් හෝ වැඩි ගණනක් සමඟ, සම්පූර්ණයෙන්ම ඒ ඒ පුද්ගල අවශයතා අනුව පාඩම් සැකසීම සෑම විටම ප්‍රායෝගික නොවේ. හැම කෙනෙකුම ඉගෙන ගන්නේ වෙනස්, වෙනස් විදියටය.

කෙසේවෙතත්,  ශිෂ්‍යයෙකුට පවරා ඇති කාර්යයක් තුළ ප්‍රගමනය හෙවත් ඉදිරියට යන ආකාරය, ඔවුන්ට කොපමණ කාලයක් ගතවේද සහ ඔවුන් සාර්ථකද යන්න AI පද්ධතියකට නිරීක්ෂණය කළ හැක. ශිෂ්‍යයා පැවරූ කාර්ය ඉ‍ටුකිරීමට දැඩි වෙහෙසක් දරන්නේ නම්,  AI පද්ධතියට උපකාර කළ හැකිය; අනෙක් අතට්, ශිෂ්‍යයා සාර්ථක වන්නේ නම්, ක්‍රියාකාරකම අභියෝගාත්මකව තබා ගනු වස් AI පද්ධතියට වඩාත් දුෂ්කර කාර්යයන් පැවරිය හැකිය.

මෙම වර්ගයේ තථ්‍ය කාලීන ප්‍රතිපෝෂණ(real-time feedback), බොහෝ විට සම්පූර්ණ පන්තියක්  තබා තනි සිසුවෙකු වෙනුවෙන් වත් සිදු කිරීමට අධ්‍යාපනඥයෙකුට හෝ පාසලකට පවා අපහසුය. AI අනුවර්තන ඉගෙනුම් මෙවලම් පුද්ගලයන්ට වැඩි වැඩියෙන් ඉගෙන ගැනීමට සහ ඉක්මනින් වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා ඉගෙනුම් පරිසරය, අන්තර්ගතය සහ කාර්යයන් අරභය ඉක්මනින් හා ගතිකව වෙනස්කම් සිදු කරන බව පෙන්වා දෙනු ලැබ ඇත.

උදාහරණයක් ලෙස, Carnegie Mellon විශ්වවිද්‍යාලයේ මානව-පරිගණක අන්තර්ක්‍රියා ආයතනයේ (Human-Computer Interaction Institute) පර්යේෂකයෝ ගණිත ගැටලුවක් විසඳන ආකාරය පද්ධතියකට ඉගැන්වූහ.  මානව අධීක්ෂකගේ උපදෙස් අනුගමනය කර, ගණිතමය රීති තේරුම් ගැනීමට සහ එම දැනුම, පෙර කිසිදා නොදුටු ගැටළු සම්බන්ධයෙන් එහි(පද්ධතියේ) ප්රවේශය අනුගත කිරීමට එම පද්ධතියට පුළුවන. නිවැරදි පිළිතුර ලබා ගැනීමට පෙර පද්ධතියට බහුවිධ උත්සාහයන් දැරීමට සිදු වූ ප්‍රදේශ නැතිනම් කොටස් හඳුනා ගැනීමටත්, ඒවා මිනිස් සිසුන් ව්‍යාකූල විය හැකි ස්ථාන ලෙස ගුරුවරුන්ට සලකුණු කර දැක්වීමටත්, නිවැරදි පිළිතුරට වඩාත් කාර්යක්ෂමව එළඹීමටමට පද්ධතිය භාවිතා කරන ක්‍රම ඉස්මතු කිරීමටත් පද්ධතියට හැකිය.

2. ප්‍රඥාසම්පන්න පෙළපොත්

ස්ටැන්ෆෝර්ඩ් හි පර්යේෂකයන් විසින් “ප්‍රඥාසම්පන්න පෙළපොත” (“intelligent textbook”) ලෙස හැඳින්වෙන මූලාකෘතියක් සංවර්ධනය කර පරීක්ෂාවට ලක් කරනු ලැබ ඇත. එය නම් කර ඇත්තේ “Inquire” (“විමසන්න”) යනුවෙනි. එය, සිසුන් යෙදුම(app) සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කරමින්, සිසුන් කියවන අතරතුර ඔවුන්ගේ අවධානය සහ යොමුව(focus) නිරීක්ෂණය කරන අයිපෑඩ් යෙදුමකි(iPad app). අන්තර්ක්‍රියාකාරී පෙළෙහි ස්පර්ශයෙන් හෝ ක්ලික් කිරීමෙන් ප්‍රවේශ විය හැකි ප්‍රධාන වචනවල නිර්වචන ඇතුළත් වන අතර කියවීමේදී උද්දීපනය කිරීමට සහ විවරණය කිරීමට සිසුන්ට ඉඩ සලසයි.

එක් එක් පුද්ගලයා සඳහා පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව සකස් කරන ලද අන්තර්ගතය ගැන ප්‍රශ්න ද  අනාගතයේ දි විමසා දැනගතයුතු ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රශ්න ද  පෙළපොතට යෝජනා කළ හැකිය. එයට පෙළ කියවීමේ මට්ටම වෙනස් කළ හැකි අතර සිසුන්ට ඔවුන් ඉගෙන ගන්නා දේ තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා අතිරේක ඡායාරූප, වීඩියෝ සහ ද්‍රව්‍ය ද ඇතුළත් කළ හැකිය.

3. වර්ධනය කළ ඇගැයීම

අධ්‍යාපනික ඇගැයීම මගින් අවධානය යොමු කරනු ලබන්නේ ශිෂ්‍යයෙකුට උගන්වන දේ එම ශිෂ්‍යයා ඉගෙන ගන්නේ දැයි අධ්‍යාපනඥයෙකු දන්නේ කෙසේද යන්න මතයි. සාම්ප්‍රදායික ඇගයීම් – රචනා, බහුවරණ පරීක්ෂණ, කෙටි පිළිතුරු ප්‍රශ්න – සියවසකට පෙර කාලයේ සිට ගත්තත්,  මේවා වෙනස් වි ඇත් නම් මද වශයෙනි. තනි තනි ගුරුවරුන්ට හෝ පරිපාලකයින්ට නොපෙනෙන ඉගෙනීමේ රටා හඳුනා ගැනීමෙන් එය වෙනස් කිරීමට කෘතිම බුද්ධියට හැකියාව ඇත.

උදාහරණයක් ලෙස, භාෂා උගන්වන සමාගමක් වන Duolingo,  විශ්ව විද්‍යාල, සමාගම් සහ රාජ්‍ය ආයතන සඳහා ඉංග්‍රීසි ප්‍රවීණතාවය පිළිබඳ පරීක්ෂණ නිර්මාණය කිරීමට සහ ලකුණු ලබා දීමට AI සහ යන්ත්‍ර මාර්ගයෙන් උගැන්වීම භාවිතා කරයි. පරීක්ෂණ සම්මත ප්‍රශ්න මාලාවකින් ආරම්භ වේ, එනමුත් ශිෂ්‍යයා ඒවාට මුණ් දෙන  ආකාරය මත පදනම්ව, ශිෂ්‍යයාගේ නිශ්චිත හැකියාවන් සහ දුර්වලතා ඉක්මනින් හඳුනා ගැනීමට පද්ධතිය මගින් වඩාත් දුෂ්කර හෝ පහසු ප්‍රශ්න තෝරා ගනු ලබනු ඇත.

තවත් ඇගැයීම් ව්‍යාපෘතියක් වන Reach Every Reader (සෑම පාඨකයෙකු වෙතම පිවිසෙන්න) තම දරුවන්ට කියවීමට උගන්වන අතරම දෙමාපියන්ට ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ සලසන අධ්‍යාපනික ක්‍රීඩා නිර්මාණය කරයි. හාවඩ් උපාධි අධ්‍යාපන පාසල, ඹ්Iඨ් සහ ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය මගින් මේ ව්‍යාපෘතියට කාර්ය මණ්ඩල සපයා ඇත. මෙම සමහර ක්‍රීඩා වල,  සැබෑ ජීවිතයේ අවස්ථා මත පදනම් වූ චරිත ලෙස වැඩිහිටියන් සහ ළමයි, භූමිකා නිරූපණය කර දක්වති.

ළමයින් ඔවුන්ට යෝග්‍ය ශ්‍රේණි මට්ටමට අනුකූලව කියවීම සිදු කරන්නේ දැයි කාර්යක්ෂමව තීරණය කිරීමටත් මෙන්ම එසි නොකරන්නේ නම් ඔවුන්ව නිසි මගට යොමු කිරීමටත් මෙම ක්‍රීඩා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට උපකාරී විය හැකිය. 

4. පුද්ගල අවශ්‍යත අනුව සිදුකෙරෙන ඉගෙනීම

සිසුන්ගේ රුචිකත්වයන් සහ ඉලක්ක, ඔවුන්ගේ ඉගෙනීමට මඟ පෙන්වන විට, පුද්ගලාරෝපිත හෙවත් පුද්ගල අවශ්‍යත අනුව සකස් කළ ඉගෙනීම සිදු වේ. ගුරුවරයා, සුසාධ්‍යකාරක(facilitator) හෙවත් පහසුකම් සපයන්නෙකු බවට වඩ වඩාත් පත්වෙද්දී, කුමක් ද ඉගෙන ගන්න්නේ, ඇයි ඉගෙන ගන්නේ සහ, කෙසේද ඉගෙන ගන්නේ යන්න බොහෝ දුරට ශිෂ්‍යයා විසින් නියම කරනු ලැබේ. කෘතිම බුද්ධි පද්ධ තිවලට,  එක් එක් ශිෂ්‍යයාගේ පුද්ගලික අවශ්‍යතා අනුව සකස් කරන ලද පුද්ගලාරෝපිත උපදෙස් සැපයිය හැකිය.

ශිෂ්‍යයෙකු ඉගනීමේ අපහසුතාවකට මුහුණ දෙන විට, AI අනුවර්තී ඉගෙනුම් පද්ධති ඒ බව ඉක්මනින් හඳුනාගෙන ඔවුන්ට සාර්ථක වීමට උපකාර කිරීම සඳහා වැඩි සහායක් හෝ වෙනස් ආකාරසහායක් ලබා දිය හැකිය. ශිෂ්‍යයා, අන්තර්ගතය හෝ කුසලතාව ප්‍රගුණ කර ඇති බව පෙනී යන විට, තව දුරටත් ඉගෙන ගන්නාට අභියෝග ඉදිරි පත්කරමින් AI මෙවලම මගින් වඩාත් දුෂ්කර කාර්යයන් පැවරීමට සහ තව (ඉගෙනුම්)ද්‍රව්‍යය සැපයීම කරනු ලැබේ

ශිෂ්‍යයෙකු ඉගනීමේ අපහසුතාවකට මුහුණ දෙන විට, AI අනුවර්තී ඉගෙනුම් පද්ධති ඒ බව ඉක්මනින් හඳුනාගෙන ඔවුන්ට සාර්ථක වීමට උපකාර කිරීම සඳහා වැඩි සහායක් හෝ වෙනස් ආකාරසහායක් ලබා දිය හැකිය. ශිෂ්‍යයා, අන්තර්ගතය හෝ කුසලතාව ප්‍රගුණ කර ඇති බව පෙනී යන විට, තව දුරටත් ඉගෙන ගන්නාට අභියෝග ඉදිරි පත්කරමින් AI මෙවලම මගින් වඩාත් දුෂ්කර කාර්යයන් පැවරීමට සහ තව (ඉගෙනුම්)ද්‍රව්‍යය සැපයීම කරනු ලැබේ   .

ටයිප් කළ හෝ කථන ආදානයකට(input) ප්‍රතිචාර දැක්වීමට Chatbots භාවිතා කෙරෙයි. (Chatbots යනුවඩාත්ම මූලික මට්ටමේදී, මිනිසුන්ට සැබෑ පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කරන ආකාරයට ඩිජිටල් උපාංග සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසන (ලිඛිත හෝ කථන) මිනිස් සංවාද අනුකරණය කරන සහ ක්‍රියාවට නංවන පරිගණක වැඩසටහනකි).   බොහෝ පුද්ගලයන් ඇලෙක්සාගෙන් හෝ සිරිගෙන් ප්‍රශ්නයක් අසන විට ඔවුන් කරන්නේඉ ඇත්තවශයෙන්ම  Chatbot එකක් සමඟ අන්තර් ක්‍රියා කිරීමයි. අධ්‍යාපනයේ දී, කෘත්‍රිම බුද්ධි පද්ධති සහිත  Chatbotsවලට පුද්ගලාරෝපිත, හරියටම නියම වේලාවට ප්‍රතිපෝෂණ හෝ සහාය සපයමින් සිසුන්ට මඟ පෙන්විය හැක. මේ chatbotsවලට පාඨමාලා අන්තර්ගතය හෝ ව්යුහය පිළිබඳ ප්රශ්නවලට පිළිතුරු දිය හැක. මෙය, සිසුන් අභිප්රේරණය කරමින් සහ අවදානය නිරතුරුව ලබා ගනිමින්  ඔවුන්ගේ ඉගෙනුම් කාලය නිරීක්ෂණය කිරීමට උපකාරී වේ.

සුවිශේෂීව ගැලපෙන ඇගයීම් ප්‍රශ්න උත්පාදනය කිරීමට, වැරදි වැටහීම් හඳුනා ගැනීමට සහ ඉගෙන ගන්නෙකුට ගවේෂණය කිරීමට නව ක්ෂේත්‍ර යෝජනා කරන්නට AI බලයෙන් ක්‍රියාත්මක වන නිර්දේශ පද්ධතියකිට හැකියාව ඇත්තේය. ඉගෙන ගන්නන්ට අද මෙන්ම අනාගතයේදී ද උපකාර කිරීමට අවශ්‍ය විභවය මෙම AI තාක්ෂණයන්ට ඇත.

The Conversation (April 11th, 2023) හී පළවන 4 ways that AI can help students යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.