මග එන එල් නිනෝ, දැනටමත් උෂ්ණාධික සාගර දියෙහි වසන ජීවීන්ට තවත් ව්‍යසන ගෙන එයි

Posted by

සාගර තාප තරංග සාගර පතුලට මෙන්ම මතුපිට ජලයට ද ළඟා විය හැකිය.

එල් නිනෝ පැමිණෙමින් පවතින අතර සාගර උෂ්ණත්වය දැනටමත් වාර්තාගත ඉහළ මට්ටමක පවතී — එය මාළු සහ කොරල්පරවලට  ව්‍යසනයක් විය හැකිය

(National Oceanic and Atmospheric Administration = NOOA) කාලගුණ පර්යේෂණ විද්‍යාඥ Dillon Amaya විසිනි

එල් නිනෝ පැමිණෙමින් පවති. සමක පැසිෆික් සාගරයේ සුළං දුර්වල වෙමින් පවතී. සාගර මතුපිටට යටින් තාපය ගොඩනැගෙමින් පවතී. ජූලි මාසය වන විට,  අනාවැකි ආකෘති බොහොමයක් එකඟ වෙන පරිදි දේශගුණ පද්ධතියේ විශාලතම සාධකය – එල් නිනෝ – වසර හතරකට ආසන්න කාලයකින් ප්‍රථම වතාවට නැවත පැමිණෙනු ඇත.

එල් නිනෝ යනු  El Niño-Southern Oscillation, හෝ  කෙටියෙන් ENSO නම් දේශගුණික කාසියේ එක් පැත්තකි. එය, ලා නිනා හි වලිගයට හිස සපයයි.

එල් නිනෝ සමයේදී, ඉක්වදෝරයේ වෙරළට ඔබ්බෙන් බටහිර දෙසට සැතපුම් 6,000 ක් (කිලෝමීටර් 10,000 ක් පමණ) විහිදෙන සාගර කලාපයක් මාස ගණනාවක් පුරා, සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 2 සිට 4 දක්වා (සෙල්සියස් අංශක 1 සිට 2 දක්වා) උණුසුම් වේ. අංශක කිහිපයක් එතරම් ප්‍රමාණයක් ලෙස නොපෙනෙන්නට පුළුවන්;නමුත් ලෝකයේ එම කොටසෙහි එම උණුසුම් වීම, පෘථිවිය පුරා ඇති සුළඟ, වර්ෂාපතනය සහ උෂ්ණත්ව රටා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට එය ප්‍රමාණවත් වේ.

සමුද්‍ර තාප තරංග මගින් කොරල්පර විරංජනය ඇති කළ හැක. Alexis Rosenfeld/Getty Images

මම සාගරය අධ්‍යයනය කරන දේශගුණ විද්‍යාඥයෙක්. La Niña  වසර තුනක් අවෑමෙන් එන, El Niño ගෙන එන්නවූ ‘කරදර’ වලට මුහුණ පෑමට සූදානම් වීම ආරම්භ කිරීමට මේ කාලයයි.

එල් නිනෝ අපේ ග්‍රහලෝකයට බලපාන ආකාරය

එල් නිනෝ සිදුවීම් දෙකක් ගතහොත් ඒව හරියටම එක සමාන නොවන නමුත් පුරෝකථනකරුවන්ට  සිදුවීමට ඉඩ ඇති දේ. ගැන හොඳ අදහසක් ඇති බව අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු.

මිනිස්සු ගොඩබිම වෙත එල් නිනෝ බලපෑම කෙරෙහි අවධානය යොමු කරති; එය සාධාරණය. උණුසුම් ජලය, වායු ධාරා වලට බලපායි;  ඒවා,  ප්‍රදේශ සාමාන්‍යයට වඩා තෙත් හෝ වියලි හෝ බවටපත්කරයි. එය, දකුණුදිග එක්සත් ජනපදය වැනි සමහර ප්‍රදේශවල කුණාටු වේගවත් කළ හැකි අතර  අත්ලාන්තික් සුළි කුණාටු ක්‍රියාකාරකම් අඩු කිරීමට නැඹුරු වීය හැකිය.

එල් නිනෝ හැදෙන හැටි. NOAA

කොරල්පර සහ මුහුදු තණයාය ඇතුළුව ලෝකයේ ධීවර කර්මාන්ත සඳහා ආධාර කරන බොහෝ සාගර පරිසර පද්ධතිවලට ද එල් නිනෝ, විනාශයක් ගෙන ආ හැකිය. විශේෂයෙන්ම, සාගර තාප තරංග(marine heat waves) ලෙස හැඳින්වෙන  සාගර ආන්තික උණුසුම් වීමේ, තීව්‍ර සහ පුලුල් කාල පරිච්ඡේද හටගන්වන්නට එල් නිනෝ නැඹුරු වේ.

ගෝලීය සාගර උෂ්ණත්වය දැනටමත් ඇත්තේ වාර්තාගත ඉහළ මට්ටමකය. එබැවින් එල් නිනෝ ප්‍රේරිත සමුද්‍ර තාප තරංග, මසුන් අල්ලන  සංවේදී ප්‍රදේශ බොහොමයක්  බිඳවැටීමේ ලක්ෂ්‍යයක් කරා තල්ලු කළ හැකිය.

සාගර තාප තරංගවලට අදාල ගැටලුව

සමුද්‍ර තාප තරංගයක් යනු ගොඩබිමෙහි වායුගෝලීය තාප තරංගයකට අසමාන නොවන, හුදෙක් සාගරයේ අධික තාප “රැල්ලක්” මය.

ඒවායේ කුඩාම ඒවා වුවත් සාගර තාප තරංග, ජලයෙන් යටවිය හැක දේශීය බොක්ක සහ කුඩා බොක්ක සාමාන්‍ය ජලයට වඩා උණුසුම් ජලයගල්මකින් දින කිහිපයක් හෝ සති කිහිපයක් වුව යට කර තැබිය හැක. ඒවායේ විශාලතම ඒවා ගතහොත්, 2013-2014 ඊසානදිග පැසිෆික් උණුසුම් පෙඩෙස වැනි සාගර තාප තරංග,   මේවායේ,  සාගර උෂ්ණත්වය සාමාන්‍යයට වඩා 4 සිට 6 F (2 සිට 3 ඡ් පමණ) දක්වාවන උෂ්ණත්ව මාස හෝ වසර ගණනාවක් අත්විඳින, ටෙක්සාස් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විශාල කලාප දක්වා අතී දැවැන්ත විශාල ප්‍රමාණයකට වර්ධනය විය හැක.

2019 වසරේ මෙවැනි දරුණු සාගර තාප තරංග  උතුරු ඇමරිකානු පැසිෆික් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ජීවීන් විනාශ කළ හැකිය. Dillon Amaya

උණුසුම් ජලය එතරම් ගැටළුවක් ලෙස නොපෙනෙන්නට  පුළුවන; නමුත් නිශ්චිත ජල උෂ්ණත්වයන්ට බෙහෙවින් අනුවර්තනය වන බොහෝ සාගර ජීවීන් ගතහොත්,  සාගරයේ ජීවත් වීම මැරතන් ධාවන තරඟයක් වැනිය යන හැඟීමක් ඇති කරන්නට සමුද්‍ර තාප තරංග වලට හැකියි.

නිදසුනක් වශයෙන්, සමහර මත්ස්‍යයෝ උණුසුම් ජලයේ දී පරිවෘත්තීය (metabolism — ජීවියෙකු තුළ සිදුවන රසායනික ක්‍රියාවලිය) කොපමණ වැඩි කරන්නේද කීවොත්  ඔවුන්ට ආහාරයට ගත හැකි වේගයට වඩා වැඩි වේගයෙන් ශක්තිය දහනය වන අතර ඒ හෙතුවෙන් මිය යන්නට පවා පුළුවන්.. සමුද්‍ර තාප තරංගයකට ප්‍රතිචාර වශයෙන් ඇලස්කා බොක්කෙහි පැසිෆික්  කොඩ් මසුන් 70% කින් අඩු විය. ඇති වූ වෙනත් බලපෑම් අතර,  කොරල්පර විරංජනයවීම, හානිකර ඇල්ගී  පුලුල්ව පැතිරී යාම,   මුහුදු පැලෑටි විනාශ වී යාම සහ සාගර ක්ෂීරපායීන් අතරම්ංවීම් වැඩිවීම ඇතුළත් වේ. සියල්ල සලකාබලද්දී,  සෑම වසරකම සාගර තාප තරංග හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන ගණනක් අහිමි වේ.

විවිධ හේතු නිසාවෙන් සාගර තාප තරංග ඇවිලී යයි . සමහර විට සාගර ප්‍රවාහ උණුසුම් ජලය අවට වගුරයි. සමහර විට මතුපිට සුළං සාමාන්‍යයට වඩා දුර්වල වෙයි; එය සාගරය හා උණුසුම් ජලයෙහි වාෂ්පීකරණය අඩු වීමට මග පාදයි. සමහර විට වලාකුළු සහිත ස්ථාන මාස කිහිපයක් තිස්සෙම වලාකුළු රහිතව පවතී; එය හිරු එළිය වැඩියෙන් ලැබීමට හෙතුවන අතර සාගරය ඉන්උණුසුම් කරයි. සමහර විට දුර්වල සුළං සහ අඩු වලාකුළු යන දෙකම එකවර ඇති වේ;  වාර්තාගත සාගර තාප තරංග නිෂ්පාදනයට මග පාදයි

*****************************************************************

මොකක්ද මේ එල් නිනෝ සහ ලා නිනා කියන්නේ ?

දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන ප්‍රබලම සාධ්කයක් වන්නේ මේ එල් නිනෝ සහ ලානිනා ක්රියවලියයි..  මේ එල්නිනෝ  කියන සංසිද්දිය ඇති වන්නේ පැසිෆික් සාගරය අවටය. එනම්  පැසිෆික් සාගරය අවට  එකවර උෂ්ණත්වය වැඩිවීමේ ක්‍රියාවලිය යි. එය  එල්නිනෝ ලෙස හඳුන්වන අතර මේ හරහා සිදුවන්නේ   සාගරයෙහි   අදික උෂ්ණත්වය නිසා සාගර ජලතලය මත අඩුපිඩන  කේන්ද්‍රයක් නිර්මාණය විමය්.

ලෝකය තුල ඕනෑ  දෙයක් ගලායන්නේ වැඩි තැන සිට අඩු තැනටයි. එම නිසා අඩු පීඩනයක් සහිත එම කේන්ද්‍රයට වැඩි පීඩන කේන්ද්‍රවල සිට ජලවාෂ්ප රැගෙන පැමිණීම සිදුවන අතර හරහා අඩු පීඩනය නැවත වැඩි පීඩනයක්  දක්වා වර්දනය වීම සිදුවෙයි. බොහෝ අවස්ථාවලදී මෙම එල්නිනෝ ක්‍රියාවලියේ බලපැම නිසා අවට ගොඩ බිම්වල ජලවාෂ්ප අඩු පිඩනයට ඇදියාම  සිදුවෙයි.එම නිසා  ඉක්වදෝරය  සහ පිරූ  රාජ්‍ය  අවට ප්‍රදේශවල නියං  උවදුරු  මෙන්ම ලැව්ගිනි  උපද්‍රව  ඇතිවීමේ ප්‍රවනතාවය වැඩියලංකාවටද සාමාන්යෙන්   බලපාන සංසිද්ධියක් වන අතර එතරම් දරුණු අන්දමින් බලපෑමක් සිදුවන්නේ නැත. මන්ද ලංකාව දිවයිනක් නිසාය.

එල්නිනෝ ක්‍රියාවලියේ අඩු පීඩනය වැඩි පීඩනයක් වූ පසු නිර්මාණය වන ක්‍රියාවලිය වන්නේ ලා නිනා  ක්රියවලියයි. ලා නිනා අවස්ථාව තුලදී එක්රැස් වූ ජලවාෂ්ප හේතුවෙන් වැඩි පිඩනයක පසුවන සාගර කලාපය එකවර සිසිල් වීම නිසා අධික වර්ෂාව එම ප්‍රදේශවලට ඇද හැලීම සිදුවෙයි. මෙම ක්‍රියාවලින්  ලෝකයේ  සමාන්‍ය සුළං රටාව වෙනස්විමද  සිදුවෙයි. දේශගුණික වශයෙන් විශාල බලපෑමක්    එල්නිනෝක්‍රියාවලි හරහා ඇතිවන බව ප්‍රකට කරුණකි.

එල්නිනෝ මගින් :-

සුළං රටාවේ වෙනස්වීම් හට ගැනීම .

ගොඩ බිම්වල වාෂ්පීකරණය වැඩිවීම

ලෝකයේ එක ප්‍රදේශයකට නියගයක් තවත් ප්‍රදේශයකට අදික වර්ශපතනයක්ද ඇතිකරවීම.

ජලය ප්‍රසාරණය නිසා තරඟාවල වේගය වැඩිවීම සහ වෙරල ඛාදනය වේගවත් වීම.

ග්ලැසියර් කලාපවලට තර්ජන සිදුවීම

අවට ගොඩ බිම්වල ලැවුගිනි හටගැනීම සිදුවන බව පැහැදිලිය.

COPYRIGHT 2017, ටෙක් අඩවිය ඇසුරෙන් සැකසිණ

*****************************************************************

එල් නිනෝවට ගැලපෙන තැන

දේශගුණික පද්ධතිය තුළ එල් නිනෝ රජ වේ. එය සිය ‘ගිනි ඔටුන්න පැළඳ සිටින විට’, මුළු ග්‍රහ ලෝකයම අවධානයට යොමුවෙයි. සාගරද ව්යතිරේකයක් හෝ බහරලීමක් නොවන්නේය. එනමුත් එල් නිනෝ සමයේදී සමුද්‍ර තාප තරංග ක්‍රියාකාරිත්වය වැඩි වීමේ සම්භාවිතාව ඔබ සිටින ස්ථානය මත රඳා පවතී.

එල් නිනෝ සමයේදී එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරය දිගේ, සාමාන්‍යයෙන් උතුරෙන් හමා එන මතුපිට සුළං පහත වැටේ. මෙය වාෂ්පීකරණය දුර්වල කරයි. එය සීතල, ගැඹුරු ජලය ඉහළ නැගීම මන්දගාමී කරයි;  වෙරළබඩ සාගර තාප තරංග ඇතිවීමේ සම්භාවිතාව ද වැඩි කරයි.

පේරු ධීවරයින් සියවස් ගණනාවක් පුරා මසුන් පලවා හරින ආන්තික සාගර උණුසුම් වීමේ කාල පරිච්ඡේදවලට මුහුණ දී ඇත.  මෙම දකුණු ඇමරිකානු සමුද්‍ර තාප තරංග Pacificwide ENSO හා සම්බන්ධ බව 1920 ගණන්  වන තෙක් විද්‍යාඥයන් වටහා ගෙන සිටියේ නැත.

ඉන්දියාවේ නැගෙනහිර බෙංගාල බොක්කෙහි, එල් නිනෝ සහ වෝකර් සංසරණය(වෝකර් සංසරණය) නමින් හැඳින්වෙන නිවර්තන වායු ප්‍රවාහ රටාවක් අතර අන්තර්ක්‍රියා  සාගර තාප තරංග හට  ගැනීමේ අවදානම ඉහළ නැංවීමට හේතුවෙයි.

මුහුදු පතුලේ ඇති වන තාප තරංග තවත් අවදානමකි

මේ වසරේ සාගර මතුපිට සාගර තාප තරංග වඩාත් පැහැදිලිව පෙනෙන්නට නොතිබුණද, ඉන් පහළ සියල්ල යහපත් අන්දමින් පවතින බවක් ඉන් අදහස් නොවේ.

වෙරළබඩ ප්‍රදේශවල මුහුදු පත්ල දිගේ සාගර තාප තරංග ද දිග හැරෙන බව මෑත අධ්යයනයක් හරහා මගේ සගයන් සහ මම පෙන්වා දුන්නෙමු. ඇත්ත වශයෙන්ම, මෙම “පහළ සාගර තාප තරංග” සමහර විට ඒවායේ මතුපිට ස්වරූප වලට් වඩා තීව්ර වේ. ඒවාට වැඩි කාලයක් පැවතිය හැකිය. නිදසුනක් වශයෙන්, 1997-1998 දී එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ පහළ සාගර තාප තරංගයක්, මතුපිට සාගර උෂ්ණත්වය සිසිල් වීමෙන් පසුවත් මාස හතරක් හෝ පහක් අමතර කාලයක් පැවතුනි.

මෙවැනි සිදුවීම් එල් නිනෝ හා සම්බන්ධ විය හැකි අතර (සාගර) පතුලේ වාසය කරන විශේෂ කෙරෙහි දැඩි ආතතියක් ඇති කරයි. සමුද්‍ර තාප තරංගයක් මුහුදු පත්ලට ළඟා වූ පසු 2018 දී බෙරිං මුහුදේ හිම කකුළුවන්(snow crabs) ගොඩබිම ඒම 84% කින් අඩු විය.

අපි අසීරු කාලයකට පිවිසෙමින් සිටිමු

එල් නිනෝ ළඟ ළඟම ඇති නිසා, මේ වසරේ අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

ශුභාරංචිය නම්, කලාපය අනුව සෘතුමය අනාවැකි ආකෘති වලට සාගර තාප තරංග, මාස තුනක් හෝ හයකට පෙර දක්ෂ ලෙස පුරෝකථනය කළ හැකිය. තවද එල් නිනෝ වර්ෂවලදී මෙ අනාවැකි වඩාත් නිවැරදි වීමේ ප්‍රවනතාවක් ද පවතී.

සමුද්‍ර තාප තරංග  2023 ඔක්තොම්බර් පුරෝකථනය කරමින් ණ්OAA මගින් අප්‍රේල් මස මුලදී නිකුත් කරන ලදී. ණ්OAA/ඣචොං, එට් අල්. 2022

නවතම අනාවැකිය පුරෝකථනය කරන්නේ උතුරු පැසිෆික් කලාපය, පේරු වෙරළට ඔබ්බෙන්, නවසීලන්තයට ගිනිකොන දෙසින් සහ නිවර්තන උතුරු අත්ලාන්තික් සාගරයේ ඇතුළුව, ක්‍රියාකාරී සමුද්‍ර තාප තරංග කිහිපයක් ජුනි-අගෝස්තු දක්වා පවතිනු ඇතැයි යනුවෙනි.

එයින්ම තවදුරටත් පුරෝකථනය කරන්නේ ඉදිරි මාස හයේ සිට නවය දක්වා කාලය තුළ එල් නිනෝ උග්‍ර වනු ඇති අතර, එක්සත් ජනපද බටහිර වෙරළ, බටහිර ඉන්දීය සාගරය, බෙංගාල බොක්ක සහ නිවර්තන උතුරු අත්ලාන්තික් ප්‍රදේශ සඳහා 2024 ජනවාරි සිට මාර්තු දක්වා සමුද්‍ර තාප තරංග අවදානම වැඩි කරනු ඇතැයි කියාය.

එසේ පුරෝ කථනය කෙරුණත්, අනාවැකි කාලය සලකනවිට දේවල් වෙනස් විය හැකි බව ද කිවයුතුය. ඒවා ඇත්තට වේද නැද්ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත, එහෙත් අප සූදානම් වීම හොඳය; මන්ද,එල් නිනෝ එන බව නියතය.

The Conversation(April 18, 2023) හී පළවන El Niño is coming, and ocean temps are already at record highs – that can spell disaster for fish and corals යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.