පෘථිවිය සදහටම පවතිනු ඇත්ද?

Posted by

පෘථිවි උදාව’ (‘Earthrise’):1968 දෙසැම්බර් 4 වන දින ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් විසින් ගන්නා ලද පෘථිවියේ ඡායාරූපයකි. NASA/Bill Anders විකිපීඩියාව හරහා

පෘථිවිය සදහටම පවතිනු ඇත්ද?

ප්‍රශ්නය අසන්නේ: කැලිෆෝනියාවේ 5 හැවිරිදි සොලමන්

පිළිතුරුදෙන්නේ: ටෙනසි විශ්ව විද්‍යාලයේ, පෘථිවි සහ ග්‍රහලෝක විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Shichun Huang

ආරම්භයක් ඇති සෑම දෙයකටම අවසානයක් ද ඇත.  එනමුත් පෘථිවිය ඉතා දිගු කාලයක් පවතිනු ඇති අතර එහි අවසානය පැමිණෙන්නේ දැනට මෙහි ජීවත්ව සිටින ඕනෑම අයෙකු නැති වී වසර බිලියන ගණනකටත් පසුවය. අපි, අපේ පෘථිවියේ අනාගතය ගැන කතා කිරීමට පෙර, එහි ඉතිහාසය සහ මිහිතලය මත ජීවයහටගත් අවධිය  සමාලෝචනය කරමු. පෘථිවියේ ඉතිහාසය හා සසඳන විට මිනිසාගේ ඉතිහාසය ඉතාමත් ඉතා කෙටි ය.

අවුරුදු බිලියන 4 ක් පැරණි ග්‍රහලෝකය

අපගේ ග්‍රහලෝකය සෑදුනෙඋ, නිහාරිකාවක්(nebula) ලෙස හැඳින්වෙන අභ්‍යවකාශයේ ඇති යෝධ වායු සහ දූවිලි වලාකුළකින් . ඒ, වසර බිලියන 4.6 කට පමණ පෙරයි. එහි මතුපිට පළමු මහාද්වීපය ඇති වන්නට ඇත්තේ වසර බිලියන 4.4 ක් තරම් ඈත කාලයකට  පෙරයි.

මුල් කාලයේ පෘථිවියේ වායුගෝලයෙහි ඔක්සිජන් අඩංගු නොවීය. ඉතින් ඒ අවධියේ මිනිසුන් මිහිපිට හිටියා නම් වායුගෝලය මිනිස්සුන්ට විස වෙන්නට තිබුණි. එය අද පෘථිවි වායුගෝලයට වඩා බෙහෙවින් වෙනස් වූ අතර  වර්තමාන වායුගෝලයෙහි ඔක්සිජන් 21% ක් පමණ අඩංඟුවේ.

මිනිසුන් ඇතුළු බොහෝ ජීවීන්ට ජීවත් වීමට ඔක්සිජන් අවශ්‍ය වේ. ඒ ඔක්සිජන් ආවේ කොහෙන්ද? විද්‍යාඥයන් විශ්වාස කරන්නේ වායුගෝලයේ ඔක්සිජන් සංයුතිය ඉහළ යාමට පටන් ගත්තේ, වසර බිලියන 2.4 කට පමණ පෙර සිදුවූ,  මහා ඔක්සිකරණ සිදුවීම(Great Oxidation Event) ලෙස ඔවුන් විසින් හඳුන්වනු ලබන සිදුවීමෙන් පසුව බවයි. ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවීන් ඒ වන විටත් පෘථිවි පෘෂ්ඨයේ හටගෙන ටික කලක් පැවතුණු විශේෂයන්ය.   අද ශාක කරන ආකාරයට්ම,  ඔවුන්ගෙන් සමහරෙකුට සූර්යාලෝකයෙන් ශක්තිය නිපදවීමේ හැකියාව වර්ධනය විය. එසේ කරන විට ඔවුහු ඔක්සිජන් මුදා හැරියහ. මුදා හළ ඔක්සිජන්  වායුගෝලයේ ගොඩනැගුණු අතර වඩාත් සංකීර්ණ ජීව ස්වරූපයන් පරිණාමය වීමට එය මග පෑදීය..

නිල්-කොළ ඇල්ගී ලෙසද හැඳින්වෙන සයනොබැක්ටීරියා(Cyanobacteria = බැක්ටීරිය වුවත්, ප්‍රභා සංලේෂණ හැකියාව සහිතයි) පෘථිවිය මත ඔක්සිජන් නිපදවූ පළමු ජීවීන් වේ. අද ඔබට ඔවුන් සෑම තැනකින්ම —  ඔබේ නගරයේ උද්යානයේ පොකුණක පවා — සොයා ගත හැකිය  මේ ක්‍රියාදාමයට බොහෝ කාලයක් ගත විය. බාගදා මුහුදු ස්පොන්ජියන්  විය හැකිය. ඔවුන් බොහෝ විට පහළවන්නට ඇත්තේ වසර මිලියන 660 කට පමණ පෙරය.  ‘මානවයන්’ යන්න නිර්වචනය කරන ආකාරය අනුව, මිනිසුන් අප්‍රිකාවේ මෙයට වසර 200,000 සිට වසර මිලියන 2 කට පමණ පෙර බිහි විය. එතැන් සිට සෑම තැනකම ව්‍යාප්ත වී ඇත.  හැබැයි, තවම  මිනිසුන් පෘථිවිය මත සිට ඇත්තේ අපගේ ග්‍රහලෝක ඉතිහාසයේ ඉතා කුඩා කාලයක් තුළ පමණි.

තවත් වසර බිලියන ගණන් පවතීවී

දැන් අප පෘථිවියේ අනාගතය ගැන සිතද්දී, මානවයන් වන අපට මහපොළව මත ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධක දෙකක් ඇති බව අපි දනිමු:  පළමුව,  සූර්යයා පෘථිවියේ මත සිටින  ජීවීන්ගේ පැවැත්මට වුවමණා කරන ශක්තිය බොහොමයක්ම සපයයි.  ශාක, තම වර්ධනය වීමට සහ ඔක්සිජන් නිපදවීමට හිරු එළිය භාවිතා කරයි. මිනිසුන් ඇතුළු සතුන් ආහාර සහ ඔක්සිජන් සඳහා සෘජුව හෝ වක්‍රව ශාක මත රඳා පවතී.

පෘථිවිය, ජීවයට වාසයෝග්‍යෝග්‍ය කරවන අනෙක් කරුණ නම් අපේ පෘථිවි පෘෂ්ඨය අඛණ්ඩව චලනය වෙමින් වෙනස් වීමයි. නිරන්තරයෙන් වෙනස් වන මෙම මතුපිට පරිසරය, පෘථිවිය මත ජීවය පරිණාමය වීමට ඉවහල් වන සාගරවල සහ මහාද්වීපවල කාලගුණ රටා සහ රසායනික වෙනස්කම් ඇති කරයි.  චලනය තල(plates) ලෙස හැඳින්වෙන පෘථිවියේ පිටත ස්ථරයේ යෝධ කොටස්,  පෘථිවි අභ්යන්තරයේ තාපය මගින් මෙහෙයවනු ලැබේ. මෙම ප්‍රභවය, පෘථිවි අභ්යන්තරය  වසර බිලියන ගණනක් තිස්සේ උණුසුම්ව තබාගනු ඇත

ඉතින්, වෙනස් වන්නේ කුමක්ද? විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ සූර්යයා තවත්  අවුරුදු බිලියන 5ක් විරාජමානව වැජඹෙන බවයි. එහෙත් එය ක්රමයෙන් වඩ වඩා දීප්තිමත් වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පෘථිවිය වැඩි වැඩියෙන් උණුසුම් වනු ඇත. මෙම උනුසුම් වීම ඉතා මන්දගාමී වන අතර අපට එය නොදැනේ.  වසර බිලියන 1 කින් පමණ, අපගේ ග්‍රහලෝකය ජීවයට ආධාර කිරීම සඳහා එහි මතුපිට සාගර පවත්වා ගැනීමට නොහැකි තරම් උණුසුම් වනු ඇත. වසර බිලියනයක් යනු ඇත්තෙන්ම දිගු කාලයක්: මේ මිහිපිට මිනිසෙකුගෙ ජීවිත කාලයඅවුරුදු 73 ක් පමණ වෙතැයි සලකතොත්, ඒ අනුව වසර බිලියනයක් යනු මිනිස් ජීවිත කාල වලින් ගත්තොත් ජීවිත කාල මිලියන 13කට වඩා වැඩිය.

ඔයිනුත් බොහෝ කලකට පසු — මෙතැන් සිට වසර බිලියන 5 කට පමණ පසු =- අපගේ සූර්යයා තාරකා විද්‍යාඥයින් විසින් “රතු යෝධයෙකු” (“red giant” ) ලෙස හඳුන්වනු ලබන, දැනටත් වඩා විශාල තාරකාවක් බවට ප්‍රසාරණය වනු ඇත, එය අවසානයේ පෘථිවිය ‘ගිලගනු’ ඇත. අපේ පෘථිවි ග්‍රහලෝකය මිනිසුන් බිහිවීමට පෙර වසර බිලියන 4කට වැඩි කාලයක් පැවතුනා සේම එය මිනිසුන්ට වාසයට නුසුදුසු තත්ත්වයට පත්වී බොහෝ කලකට පසුව එනම් තවත් වසර බිලියන 4 සිට බිලියන 5 දක්වා පවතිනු ඇත.

ඉතින්, පෘථිවිය සදහටම පවතිනු ඇත්ද? යන ප්‍රශ්නයට කෙටි පිළිතුර වන්නේ “නැත, එය සදාකාලිකව පවතින්නේ නැත” යන්නයි.  ඉහතින් දක්වා ඇති පරිදි, එහි ආයුෂ වසර බිලියන 4 සිට බිලියන 5 දක්වායි. හැබැයි ඉතින් වසර බිලියන 4 ක්, 5ක් කියන්නේ අතිශය විශාල කාලයක්!

Curious Kids(Published: April 17, 2023) හී පළවන Will the Earth last forever? යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.