සමාජ මාධ්‍ය අවධානය යොමු කරන වාතාවරණය නිරවද්‍යතාවයට ප්‍රමුඛත්වය නොදෙන බව පර්යේෂකයෝ AAAS 2023 වාර්ෂික රැස්වීමේදී පවසති.
සමාජ මාධ්‍ය තුළ සිරස්තලයක් ‘ශෙයාර් කර ගැනීම’ (බෙදාහදා ගැනීම දැක්වීමට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වැඩියෙන් භාවිත කරන වචනය අපි ද මෙම ලිපිය සඳහා යොදා ගන්නෙමු) හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වීම ගැන විමසූ විට එහි සත්‍යතාව නිවැරදිව විනිශ්චය කිරීමට මිනිසුන් අඩු නැඹුරුවක් දක්වන බව Science Advances හි නව අධ්‍යයනයක් යෝජනා කරයි. මෙම සොයාගැනීම්වලින් යෝජනා කරන්නේ හුදු අන්තර්ගතය බෙදාගැනීම, සත්‍යය වටහා ගැනීමේ හැකියාවට බාධා කරමින් තීරන ගැනීමේ හැකියාව හෙවත් විනිශ්චවය බොඳකරන මානසිකත්වයක් සහජයෙන්ම නිපදවිය හැකි බවයි.
“එකම ප්‍රවෘත්ති සංග්‍රහයේම ඔබ ‘cat memes’ (බළලුන්ගේ මීමස් – එනම් අනුකරණාත්මක සංස්කෘතික චර්යාමය අංග), ඔබේ ඥාතියාගේ ළදරු ඡායාරූප සහ ගෝලීය සිදුවීම් පිළිබඳ වගකීකැති ප්‍රවෘත්ති දකිනවා නම්, ප්‍රවෘත්ති ගැන හොඳ අවදානයෙන් සිතීම විශේෂයෙන් දුෂ්කර විය හැකිය,” මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) මාධ්‍ය විද්‍යාගාරයේ මානව ගතික කණ්ඩායමේ ආචාර්ය උපාධිඅපේක්ෂකයෙකු සහ අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ වන Ziv Epstein පැවසීය. . “මෙය පුවත්පතක් වැනි තනි වගකීමැති කාරණා අවධානය යොමු කරන අනෙකුත් තොරතුරු පරිසරයන්ට ප්‍රතිවිරුද්ධය.”

ඇමරිකානුවන් 3,157ක් සම්බන්ධකරගනිමින් සිදුකළ ඔවුන්ගේ මාර්ගගත(online) අත්හදා බැලීමේදී, එප්ස්ටයින් සහ සගයන් සහභාගිවන්නන්ට COVID-19ට අදාල හෝ දේශපාලන පුවත් සිරස්තල ගණනාවක් ලබා දුන් අතර එම පුවත් සමහරක් නිවැරදි වන්නත් හෝ සමහරක් නිවැරදි නොවනත් ඉඩ ඇත් ඒවා විය. පර්යේෂකයො, අපෛළිවෙලකට මෙම සිරස්තල ගැන විවිධ ප්‍රශ්න ඇසුහ. සමහරක් ප්‍රශ්න ඒවායේ නිරවද්‍යතාවය ගැන පමණකි. අනෙක් ප්‍රශ්න වලින් අසනු ලැබුවේ, සහභාගීවූවන් එම තොරතු අන් අය සමග ශෙයාකර ගන්න කැමතිද, හෝ අකමැතිද යන්න ගැනයි.
නිරවද්‍යතාව ගැන පමණක් අසන ලද අය හා සසඳන විට නිරවද්‍යතාවය ව්නුවට ‘ශෙයාර් කිරීම’ ගැන අසන ලද අය සත්‍යය වටහා ගැනීමේ දී 35% දුර්වල බව ඔවුහු සොයා ගත්හ. ශැයාර් කර ගැනීමට පෙර නිරවද්‍යතාව ගැන සොයා බලන්නේ දයි විමසූ විට, නිරවද්‍යතාව ගැනපමණක් විමසූ සහභාගිවන්නන් හා සසඳන විට සත්‍ය සිරස්තල තේරුම් ගැනීමට ඒ අවස්ථාවේදීත් 18% වඩා දුර්වල විය.
නිරවද්‍යතාවය ද? අවධානය ද?
පර්යේෂකයන් යෝජනා කරන්නේ ඔවුන්ගේ සොයාගැනීම් සමාජ මාධ්‍ය නිපදවන ස්ථාපිත සිතුවිලි රටා හෙවත් මනූ විහිතිය(mindset) පිළිබිඹු කරන බවයි. සමාජ මාධ්‍ය සන්දර්භය තුළ, පරිශීලකයින් ඔවුන් වෙත පිරිනමා ඇති සංග්‍රහ(Feeds) අතොරක් නැතිව අනුචලනය කිරීමට(scroll) සහ තවදුරටත් ඒවාටම යොමු කිරීම දිරිමත් කරනු ලබන්නේ ඔවුන් විවින් තෝරාගනු ලබන ජාල වලින් ලැබෙන විශාල, නොවරදින අන්තර්ගතසමූහයෙන් අවධානය වෙනතකට යොමු වී චිත්තවේගීයව උත්තේජනය වෙමිනි. AAAS 2023 වාර්ෂික රැස්වීමේ පැවති මාධ්‍ය හමුවකදී MIT Sloan Management School of Management හි මහාචාර්ය සහ අධ්‍යයනයේ සම කර්තෘ ඩේවිඩ් රෑන්ඩ් පැවසුවේ “(සමාජ මාධ්‍ය) වේදිකා මගින් මිනිසුන්ගේ අවධානය වෙනත් සාධක වෙත යොමු වන අවධාන පරිසරයක් නිර්මාණය කරයි. ” එම පුද්ගලයින්ම ගෙන ඔවුන්ව වෙනත් සන්දර්භයක් තුළ තැබුවහොත්… එවිට ඔවුන් වඩාත් විචක්ෂණශීලී වනු ඇත. එනමුත් සමාජ මාධ්‍ය අවධානය යොමු කරන පරිසර පද්ධතිය නිවැරදිභාවයට ප්‍රමුඛත්වය නොදක්වන එකකි.”
එවැනි පරිසරයන් “ව්‍යාජ පුවත්” විශ්වාස කිරීමට ඇති හැකියා වර්ධනය කළ හැකි බව පූර්ව අධ්‍යයනයන් මගින් යෝජනා කර ඇති අතර මෙම පර්යේෂකයන්ගේ සොයාගැනීම් මෙම ‘ගොදුරුවීමේ`අවදානමේ ප්‍රධාන අංගයක් අවධාරණය කරයි. සමාජ මාධ්‍යවල බෙදාගත යුතු අන්තර්ගතය තීරණය කිරීමේදී, අන්තර්ගතය සත්‍ය දැයි නිවැරදිව විනිශ්චය කිරීමට වෙනත් අභිප්‍රේරණවලින් අවධානය වෙනතකට යොමු කළ යුතුය; එසේ නොකරන හෙයින්, තමන් සාමාන්‍යයෙන් විශ්වාස නොකරන අසත්‍යයන් පතුරුවා හැරීමට පවා මිනිසුන් වැඩි නැඹුරුවක් ඇතිවෙතැයි පර්යේෂකයෝ පෙන්වාද්ති.

” තොරතුරු ශෙයාකිරීමේ දි නිරවද්‍යතාවය කැපකොට, මිතුරන් සහ අනුගාමිකයින්(followers) සතුටු කිරීම හෝ (තමන් අයත්) කණ්ඩායමේ සාමාජිකත්වයෙහි සිතුවිලි රටාවට අනුකූල වීම වැනි සමාජ අභිප්‍රේරණ තිබේ,” යයි එප්ස්ටයින් පෙන්වාදෙයි. සමාජ මාධ්‍ය වේදිකා භාවිතයේ දී මෙම අභිප්‍රේරණයන් ප්‍රමුඛත්වයට පත් නොකිරීමට ඇති අවස්ථා ගැන විමසූ විට, එප්ස්ටයින් අනුගාමිකයන් සමඟ බෙදාගැනීම කෙරෙහි අඩු අවධානයක් යොමු කරන අන්තර්ගතයන් සමඟ සම්බන්ධ වීමේ ක්‍රම භාවිතය එප්ස්ටයින් යෝජනා කරයි. “(සමාජ මාධ්‍ය) වේදිකා මගින් ප්‍රේක්ෂකයින් සමඟ අන්තර්ගතය කෙලින්ම ශැරාකර ගැනීමට වඩා අන්තර්ගතය අතර සම්බන්ධතා ගොඩනැගීම වැදගත් බව අවධාරණය කළ හැකිය,” ඔහු කියයි, “උදාහරණයක් ලෙස, Are.na සහ Pinterest වැනි වේදිකා මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ පරිශීලකයින්ට නාලිකා වෙත අන්තර්ගතය සම්බන්ධ කිරීමට හෝ රැඳවීමට(pin) ඉඩ දීමෙනි.”
සාවද්‍ය තොරතුරු පැතිරීම අඩු කළ හැකිද?
එප්ස්ටයින් ද යෝජනා කරන්නේ නිරවද්‍යතාවේ වැදගට්කම දක්වන කුඩා පණිවුඩ හෙවත් කෙටි “යොමුකිරීම්’ (accuracy nudges) — පරිශීලකයාගේ අවධානය නිරවද්‍යතාවය නැවත යොමුකරවන සරල සිහිපත්කිරීම් — සමාගම් මගින් ක්‍රියාවට නංවනු ලැබීමට, සරල නමුත් ඵලදායි විසඳුමක් විය හැකි බවයි.
එප්ස්ටයින් සහ ඔහුගේ සගයන් ද සිය පර්යේෂණයේ දී නිරීක්ෂණය කළේ නිරවද්‍යතාවය ගැන විමසීමෙන්ම් පවා සත්‍ය නිර්ණය කිරීමේවිචාර බුද්ධිය වැඩි දියුණු වන බවයි – ශෙයාර් කර ගැනීම ගැන පමණක් අසන ලද පර්යේෂණයට සභාගීවූවන් සමඟ සසඳන විට නිරවද්යතා ගැන පමනක් අසූ අයට වඩා වැරදි සිරස්තල බෙදා ගැනීමට ඇති ඉඩකඩ අඩු කර බවයි. මෙය, සාවද්‍ය තොරතුරු අවම කිරීම සඳහා සාමාන්‍යයෙන් ඵලදායි විය හැකි බලාපොරොත්තු සහගත ප්‍රතිඵලයක් ගෙන ඒමට හැකි බව හඟවන පූර්ව සොයාගැනීම් තහවුරු කරයි. එහෙත් එවැනි විශේෂාංග ක්‍රියාත්මක කිරීමේ වගකීම සමාජ මාධ්‍ය සමාගම් වෙත පැවරී ඇති බව පර්යේෂකයෝ පවසති. “යම් දුරකට, පුද්ගලයන් වශයෙන්, අපට අප වඩාත් සුපරීක්ෂාකාරී වීමට උත්සාහ කර ක්‍රියා කළ හැකිය, නමුත් ඇත්ත වශයෙන්ම එය (සමාජ මාධය) වේදිකා මට්ටමින් ආමන්ත්‍රණය කළ යුතු පද්ධතිමය ගැටලුවකි,” රැන්ඩ් පෙන්වාදෙයි.

රෙජිනා විශ්ව විද්‍යාලයේ චර්යා විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ගෝර්ඩන් පෙනිකුක් යෝජනා කළේ “පණිවුඩය කාවැද්දීම පිණිස(සමාජ මාධය හිමිකරුවන්ට) සමාජ මාධ්‍යවලින් බොහෝ දේවල් ඉවත් කිරීමට අවශ්‍ය නැත; මිනිසුන්ට නිරවද්‍යතාවය ගැන සිතීමට හේතු වන දේවල් කිහිපයක් එකතු කිරීම පමනයි අවශ්‍ය වන්නේ,” රෙජිනා විශ්ව විද්‍යාලයේ චර්යා විද්‍යාව පිළිබඳ සහායක මහාචාර්ය Gordon Pennycook, යෝජනා කරයි. අධ්‍යයනයේ සම කර්තෘ. Epstein සහ Rand සමගින් Pennycook විසින් එක්ව විවිධ සමාජ මාධ්‍ය සන්දර්භයන් තුළ නිරවද්‍යතා නුඩ්ගෙස් වල කාර්යක්ෂමතාවය අධ්‍යයනය කර ඇත.
ගැටුම්, ස්වාභාවික විපත් හෝ විරෝධතා වැනි චිත්තවේගීයව උද්දීපනය කරන, වර්ධනය වන වර්ධනයන් පිළිබඳව සන්නිවේදනය කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන විට නිරවද්‍යතා කෙටි “යොමුකිරීම්’ තවමත් ඵලදායී විය හැකිදැයි විමසූ විට, Pennycook, පෙන්වා දුන්නේ සමාජ මාධ්‍යවල නිරවද්‍යතාව අනවශ්‍ය වන අවස්ථා ඕනෑ තරම් තිබිය හැකි බවයි.
“සමහර සන්දර්භ තියෙනවා තමයි, සමහර විට බොහොමයක් සන්දර්භ තියෙන්නත් පුළුවන්, නිරවද්‍යතාවය මූලික සැලකිල්ලක් නොවිය හැකිය,” ඔහු පෙන්වා දෙයි, “ස්වාභාවික ව්‍යසනයක ආරම්භක අවතාවේ දී වැනි සත්‍යය(සිදුවන්නේ කුමක්ද) හරිහැටි හඳුනාගැනීමට අපහසු හෝ තොරතුරු නොමැති අවස්ථාවලදී, නිරවද්‍යතාවයට ප්‍රමුඛත්වය දීම ස්වභාවිකවම අපහසු වනු ඇත.”
දිගු කාල පරිච්ඡේද තුළ හෝ ඇතැම් පාර්ශවීය හෝ භූගෝලීය කණ්ඩායම් තුළ හෝ අතර වැනි විවිධ සන්දර්භයන් තුළ නිරවද්‍යතා ස්ථාපිත සිතුවිලි රටා හෙවත් මනූ විහිතිය කෙතරම් ඵලදායී විය හැකිද යන්න පිළිබඳව ප්‍රශ්න පවතී. සමාජ මාධ්‍ය මානසිකත්වය ලොව පුරා විවිධ පරිශීලකයින්ට බලපාන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා මෑත අධ්‍යයනයන්, අනාගත පයේෂණ මගින් පුළුල් කරනු ඇතැයි පර්යේෂකයෝ පැවසූහ.

නිරවද්‍යතාවය සහ පරිශීලක තෘප්තිය
එප්ස්ටයින් සහ සගයෝ, සමාජ මාධ්‍ය සමාගම් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට වැරදි තොරතුරු (අන්තර්ගත්යෙන්) අඩු කිරීමට අවශ්‍ය නම් එමෙන්ම පරිශීලකයින්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට සමාගම්වලට අවශ්‍ය නම් මේ කාරණා සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කරති. “බොහෝ අය වැරදි තොරතුරු සමඟ සම්බන්ධ වීමට කැමති නැත,” රැන්ඩ් කියයි. “එහෙම නැතිනම් යම් දුරකට, පරිශීලකයන් කැමැති වන්නේ වැරදි තොරතුරු අඩු වේදිකා වලටයි,” ඔහු පෙන්වාදෙයි, “මූලාශ්‍රගත කරුණු පරීක්‍ෂා කිරීම(fact-checking) වැනි වෙනත් ප්‍රයත්න, වැරදි තොරතුරුවලට එරෙහිව සටන් කිරීමේ විභව මාධ්‍යයක් ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ එහෙයිනි”.
AAAS – News හී පළකෙරුණු On Social Media, Sharing Mindset Makes People Worse at Judging Accuracy අන ලිපිය ඇසුරෙනි