ප්‍රාථමික සෛල හෙවත් පියවි සෛල: එක සෛලයකින් සෛල බිලියන ගණනකට
ඔබේ මොළය ඔබට හුස්ම ගැනීමට, සංවේදනයට සහ මෙම ලිපියේ ඇති වචන කියවීමට ඉඩ සලසන බිලියන ගණනක සෛල එකතුවකි. ඒ සියල්ල ආරම්භ වන්නේ හුදෙක් එක් සෛලයකිනි.
ශුක්‍රාණුවක් ඩිම්බයක් සංසේචනය කර යුක්තාණුවක්(zygote) සාදන විට, සම්පූර්ණ ක්‍රියාකාරී මිනිසෙකු නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ වේ. මෙම පළමු සෛලය නැවත නැවතත් බෙදීමට හා ප්රතිවර්තනය වීමට පටන් ගනී. ඕනෑම දෙයක් ලිවිය හැකි හිස් ගල්ලෑලි මෙන්, ප්‍රාථමික සෛල, රුධිර සෛල, මාංශ පේශි සෛල සහ නියුරෝන ලෙස හැඳින්වෙන ස්නායු සෛල ආදී වශයෙන් ශරීරයේ සියලුම සෛල වර්ග බවට පත්වේ.

මෑත කාලීන තාක්ෂණික ක්ෂේත්රයේ ඇතිවී තිබෙන දියුණුවත් සමඟ විද්‍යාඥයින්ට මොළය, එහි වර්ධනයේ මුල් අවධියේ ස්වරූපයෙන්, දැන් දැකිය හැකිය. පිළිසිඳ ගැනීමෙන් සති දෙකකට මඳක් වැඩි කාලයක් ගත වූ පසු, මුල් අවධියේ මොළයේ සෛල ස්නායු නළය(neural tube) බවට පත් වී ඇති අතර එය මුල් අවධියේ මොළයේ වෙනස් ව්‍යුහ තුනකට ව්‍යාප්ත වන බව අපි දනිමු. මෙම ව්‍යුහය වඩ වඩාත් සංකීර්ණ වන්නේ, උපතින්ම ළදරුවෙකුගේ මොළයට වැඩිහිටියෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ සියල්ලම නොමැති නම් ඉන් වැඩි ප්‍රමාණයක් හට ගන්නා අයුරිනි
“ස්නායු නාළයේ, මොළයේ සියලුම සෛල නිපදවන ප්‍රාථමික සෛල අඩංගු වේ” — මොළය පිළිබඳ ක්වීන්ස්ලන්ඩ් ආයතනයේ ආචාර්ය ධනීෂා ජවේරි.
නිපදවන නියුරෝන විවිධත්වය, ප්‍රවේශමෙන් එකලස් කරන ලද සහ සම්බන්ධීකරණ කරන ළද සැලැස්මක් අනුගමනය කරමින් සිදුවේ. මෙම ක්‍රියාවලිය ප්‍රවේණික උපදෙස් මත රඳා පවතින අතර ඒවා සෛල එකිනෙකට සාපේක්ෂව පවතින ස්ථාන සහ ජාන මගින් නිපදවන හෝ ගර්භාෂය තුළ පරිසරය මගින් බලපෑමට ලක්වන ඉඟි මගින් මෙහෙයවනු ලැබේ. ගැබිනි මව්වරුන්ට ප්‍රමාණවත් පෝෂණය අවශ්‍ය වන්නේ එබැවිනි.

වර්ධනය වන මොළයේ විශේෂිත ස්නායුක ප්‍රාථමික සෛල (නිල්) ප්‍රජනනය කිරීමට සහ/හෝ නව නියුරෝන සෑදීමට ඒවාම බෙදී, පසුව වැඩිහිටි මොළයේ නියුරෝන බිලියන 100ක් නිපදවයි. රතු සහ කොළ විවිධ වර්ගයේ නියුරෝන නියෝජනය කරයි.
ස්නායුක ප්‍රාථමික සෛල, විවිධ වර්ගයේ නියුරෝන 100කට වඩා වැඩි ප්‍රමාණයක් සාදයි. එසේ කරන්නේ, එකිනෙකට විද්‍යුත් හා රසායනික සංඥා යැවීමෙන් අවසානයේදී අපට සංචලනයන් සිතාමත, සැලසුම් කිරීමට අපට ඉඩ සලසමිනි. එකී ස්නායුක ප්‍රාථමික සෛල, ස්නායුශ්ලේෂ් හෙවත්නියොග්ලීය(gilial) සෛල බිලියන ගණනකින් සැදුම්ලත් නියුරෝන ආධාරක ජාලය ද නිර්මාණය කරයි.
වැඩිහිටි විය වන විට නියුරෝන, ඒවායේ අවසාන සම්බන්ධතා ස්ථාපිත කර ඇත. කෙසේ වෙතත්, ප්‍රාථමික සෛල කුඩා ගහනයක් ඉතිරිව ඇති අතර නව මොළ සෛල නිර්මාණය කිරීම සඳහා ව්‍යායාම කිරීමෙන් යළිජීවය ලබා ගත හැකිය. සම්මානනීය මහාචාර්ය Perry Bartlett වැනි පර්යේෂකයන් උත්සාහ කරන්නේ ඒවායේ බලය ව්‍යායාමත් සම්බන්ධ කර ගෙන ස්නායු සංජානන ආබාධ රාශියකට ප්‍රතිකාර කිරීමට උපයෝගී කර ගන්නේ කෙසේද යන්න තහවුරු කිරීමටයි.
අර්ථ දැක්වීම්
ප්‍රාථමික සෛලය හෙවත් පියවි සෛලය
ශරීරයේ ඕනෑම ආකාරයක සෛලයක් දක්වා වර්ධනය විය හැකි (ඕනෑම දෙයක් ලිවිය හැකි හිස් ගල්ලෑලක් මෙන්) හිස් සෛලයකි. ස්නායුක ප්‍රාථමික සෛලයක් නියුරෝන නිපදවීමට ක්‍රමලේඛනය කර ඇති අතර එය ප්රතිනිෂ්පාදනය කිරීමට හෝ ස්නායු පද්ධතියේ ඇති බොහෝ නියුරෝන උප වර්ග වලට බෙදීමට හැකිය.

ස්නායු පටක වර්ධනය හා වැඩිදියුණුව(Neurogenesis)
ස්නායු පටක වර්ධනය හා වැඩිදියුණුව යනු මොළයේ නව නියුරෝන සෑදීමේ ක්‍රියාවලියයි. කලලයක් වර්ධනය වන විට ස්නායු පටක වර්ධනය හා වැඩිදියුණුව ඉතා වැදගත් වෙන නමුත් උපතින් පසු සහ අපගේ ජීවිත කාලය පුරාවටම මොළයේ ඇතැම් කලාපවල අඛණ්ඩව දිගටම පවතී.
විභේදනය(Differentiation)
ප්‍රාථමික සෛලයක් නිශ්චිත සෛල වර්ගයක් දක්වා වර්ධනය වන ක්‍රියාවලිය.
ඊළඟට: ස්නායුක නාළය
ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ, BRAIN Series සඟරවේ Stem cells: from one cell to billions කොටස ඇසුරෙනි