සමහරක් අලි පනිනවද?
අලි පනිනවද? අපි අලි විශේෂඥයන් රොත්තක් සමඟ මේ ගැන කතා කළත්, ඇත්තටම මේ ගැන විමසා බැලුවත් ඔවුන් අතර කිසිවෙකුත් අලි පනිනවා කිසිදාක දැක නැත. බොහෝ දෙනා සිතන්නේ පරිණත අලියෙකුට පැනීම කායික විද්‍යාත්මකව කළ නොහැකි දෙයක් බවයි. එසේනමුත් අලි පැටවුන් ප්‍රකෝප වුවහොත් එසේ කරන බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. උඩ පැන්නොත්, පරිණත අලි ඇතුන්ට හතර ගාතෙන් බිමට බැසීමට සහාය වීමට නොහැකි තරමට ශරීරය බර වැඩි වනවා පමණක් නොව, ඔවුන්ගේ කකුල් නිර්මාණය කර ඇත්තේ පැනීමේ හැකියාවට ගැලපෙන විදිහට වඩා ශරීර බරබර දරා ගැන්නිමට් ඕනෑ ශක්තිය සඳහා ය. ෆිලඩෙල්ෆියා සත්වෝද්‍යානයේ දශකයකට වැඩි කාලයක් අලි ඇතුන් සමඟ වැඩ කර ඇති Mark Grunwald සඳහන් කරන්නේ අලින්ගේ අස්ථි ව්‍යුහය සැකසී ඇති අන්දමට ඔවුන්ට ලොකු උසක් පනින්නට ගැම්ම ගැනීමට තරම් ශක්තියක් ගන්නට හැකි වනසේ ගාත් නැම්මිමට අපහසු වන බවයි. නිවෙස් වල ඇතිකරන පූසන් අතුළු බළල් පවුලේ සමාජිකයන් තරමක උසක් පැනීම් පිණිස ඉදිරි පාද නමා ගැම්මක් ගනු ඔබත් දැක ඇති.

******************************************************************
අලින්ට පනින්න බැරි ඇයි?
එයට හේතුව ටක්කෙටම කීමට අපහසුය; බොහෝ දුරට ඊට හේතුව අලින්ට පැනීමට නොහැකි වන්නේ මන්දැයි විද්‍යාඥයන් නිශ්චිතව අධ්‍යයනය කර නොමැති වීම විය හැකියි. එනමුත් අලි ඇත්තුතුන්ගේ අතිවිශාල බර නිසා වෙන්නත් පුළුවනි; ඒ වගේම සාපේක්ෂව දුර්වල පාද මාංශ පේශි තිබීමත්, තරමක් අනම්‍ය වළලුකර තිබීමත් නිසා විය හැකි බව ලන්ඩනයේ රාජකීය පශු වෛද්‍ය විද්‍යාලයේ පරිණාමීය ජෛව යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් හචින්සන් පවසයි.
“උඩ පනින සතුන්ට සැබවින්ම නම්‍යශීලී වළලුකර සහ ඇත්ත වශයෙන්ම ශක්තිමත් අකිලස් කණ්ඩරාවන් මෙන්ම කෙණ්ඩයේ ශක්තිමත් මාංශ පේශි අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම අලි ඇතුන්ගේ පාදවල පහළ කොටසේ මාංශ පේශි දුර්වලය; එපමණක් නොව, ඉතා නම්‍යශීලී වළලුකර ද නොමැත,” හචින්සන් Live Science වෙත පැවසීය.
— Live Science
*******************************************************************

එහෙත් වනගාතව වස අලි ඇතුන් තම පරිසරයේ දී, පනිනු දර්ශනය වූ අවස්ථ කිහිපයක් ගැන වාර්තා වී තිබේ. විෂමතාව විදහා දක්වන පොත් දෙකක් ඇගේ විද්‍යාල පුස්තකාලයෙන් සොයා ගන්නට පශු වෛද්‍ය ජූඩි ප්‍රෝවෝ (Judy Provo) සමත් විය; ඉන් එකක් වන S. K. Ettingham’s Elephant සාම්ප්‍රදායික චින්තනය ඉදිරිපත් කරයි: “. . . අලියයෙකු ගේ විශාල බර නිසා, සෑම විටම එක් පාදයක් බිම තබා ගත යුතු බැවින්, පිළිගත් නැතිනම් සම්මත අර්ථයෙන් අලියෙකුට පැනීමට තබා දුවන්නට පවා නොහැකිය. එහෙත් J. H. Williams ගේ Elephant Bill හි වාර්තාවකින් විස්තර කරන්නේ ගැටවර පිරිමි අලියෙකු ගැඹුරු කඳුරකින්(ravine) ” ලුහුබැඳ එන්නෙකුගෙන් බේරීමට ඔයකින් පනින්නෙකු මෙන්” පැනීමක් ගැනයි.
වේගයෙන් දුවන්නන් ලෙස ප්‍රකට සතුන් හෝ පැනීමේ විශිෂ්ට හැකියාවක් ඇති සතුන් තුළ සාමාන්‍යයෙන් මෙම කුසලතා පරිණාමය වී ඇත්තේ ප්‍රහාරකයින්ගෙන් බේරීමේ මාර්ගයක් ලෙසය. සැන් ඩියාගෝ වන සත්ත්ව උද්‍යානයේ සත්ව පාලක ඇලන් රූස්ක්‍රොෆ්ට්(Alan Rooscroft) පවසන පරිදි අලි ඇතුන්ට ස්වභාවික විලෝපිකයන් නොමැත: “අලිඇතුන් මරා දමන්නේ මනුෂ්‍යයන් පමණයි. අලියෙක් මරන්න පුළුවන් තව කවුරු හරි ඉන්නවා නම් ඒ ඉතින් ටොන් දහහතරක කොටියෙක් තමයි.”

‘අලියෙකුට සිය ස්වභාවික වාසභූමිය තුළ පැනීමට එතරම් හේතුවක් හටගන්නේ නොමැති බවට’ Vඑර්මොන්ට් විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාඥ Richard Landesman පවසන අදහසට බොහෝ ‘අලි’ විශේෂඥයෝ එකඟවෙති. ඇත්ත වශයෙන්ම, සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ අලි භාරකරුවෙකු වන මයික් සුලැක් නිරීක්ෂණය කරන්නේ, පැකිඩර්ම්-pachyderm-(අලිඇතුන්, රනෝසිරස් වැනි ඝන සම ඇති සිවුපාවුන්) සතුන් තරමක් අපහසුවෙන් ඇවිදින්නන් වන අතර පහසුවෙන් ඔවුන්ගේ සමබරතාවය නැති විය හැකියි. එබැවින් ඔවුන් ‘වැඩිවැඩ’ නොමැතිව තම ගමන ගතානුගතිකව සිදුකිරීමට නැඹුරු වන බවයි.
කෙසේවෙතත්, අලි ඇතුන් පනින්නවත් බැරි ‘වැදගැම්මකට නැති’ සතුන් කොටසක් ලෙස සැහල්ලුවට ලක් කිරීමක් මින් අදහස් නොවේ. තමන්ගේ ස්වභාවික පරිසරයේ එහෙම නැතිනම් වාසභූමියේ ඇති සෑම තැනකම තමන්ට කරදරයකින් තොරව ගමන බිමන කරන්න(ඇවිදීමට) පුළුවන් නම් පනින්න කරන්න කරදර වන්නේ ඇයි? ඉන්දියාවේ, වන අලි ඇතුන්ගේ සංචලනයන් පාලනය කිරීමට උත්සාහ කිරීමේ සම්ප්‍රදායික ක්‍රමය වන්නේ අගල් කැපීමයි. කැලිෆෝනියාවේ පෙටලුමා හි පශු වෛද්‍ය Myron Hinrichs සඳහන් කරන්නේ අලි ඇතුන් සඳහා බාධකයක් ලෙස ඉදිකෙරෙන සම්ප්‍රදායික අගල අවම වශයෙන් මීටර් දෙකක් ගැඹුරත්, ඉහළින් මීටර් දෙකක් සහ පහළින් මීටර් එකහමාරක්වත් පළලත් තිබිය යුතු බවයි. ඉන් අපට කියැවෙන අදහස මෙයයි: අඩි 6.5 ක දුරක් පැනීමට අලිඇතුන්ට නොහැකියි. කෙසේවෙතත්, මෙම අගල් අලිඇතුන්ගේ සංචලනයට බාධාකිරීමේ අර්ථයෙන ගත් කළ අසාර්ථක වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතී; මන්ද අලි ඇතුන්ට, විශේෂයෙන් වැසි සමයේදී, ඒවා පුරවා ගත හැකි අතර පසුව ඔවුහු, කලින් සෑදූ අගල හරහා යස අගේට ගමන් කරති. තවද විශාල (අලි ඇතුන්) පිරිමි සතුන්ට එම ප්‍රමාණයේ අගලක් වුවද බැස පසුව ඉහළට නැග ඉන් ගොඩවී යා හැකිය. ඉතින් මෙහෙම් හිතමු; ඔබට ඇවිදගෙන යා හැකි විටක පනින්නේ කුමකට ද? ඔව් ඉතින්, ඇත්තටම මොකට ද නේ?
Do Elephants Jump (by David Feldman) නම් ග්‍රන්ථයේ Do Elephants Jump නම් කොටස ඇසුරෙනි