අඩු උෂ්ණත්වවලදී ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි ක්ෂුද්ර ජීවීන් විද්‍යාඥයන් විසින්සොයා ගනු ලබයි.

Posted by

උතුරු තායිලන්තයේ Chiang Mai පළාතේ කුණු කන්දක ප්ලාස්ටික් බෝතල් ගොඩක්. ඡායාරූපය: Rungroj Yongrit/EPA

අඩු උෂ්ණත්වවලදී ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි ක්ෂුද්ර ජීවීන් විද්‍යාඥයන් සොයා ගනු ලබයි.

අඩු උෂ්ණත්වවලදී ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි මෙම ක්ෂුද්‍ර ජීවීන් විද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ ඇත්තේ ඇල්ප්ස් සහ ආක්ටික් කඳුකරයේ දීය. මේ ක්ෂුද්‍ර ජීවීන්, ප්‍රතිචක්‍රීකරණයේ වටිනා මෙවලමක් විය හැකිය.

මෙය සිදු කළ හැකි බොහෝ ක්ෂුද්‍ර ජීවීන් දැනටමත් සොයාගෙන ඇති නමුත් ඔවුනට සාමාන්‍යයෙන් සිය කාරායයන් කළ හැක්කේ අංශක 30ඡ් (86F) ට වැඩි උෂ්ණත්වවලදී පමණි. මෙයින් අදහස් කරන්නේ අධික උණුසුමක් අවශ්‍ය  නිසා ප්‍රායෝගික භාවිතයේදී ඒවා යොදා ගැනීම මිල අධික කටයුත්තක් වන බවයි. එයින් අවබෝධ වන්නේ ඒවා භාවිතා කිරීම කාබන් උදාසීන නොවන බවයි.

ස්විට්සර්ලන්ත ෆෙඩරල් ආයතනයේ WSL හි විද්‍යාඥයින් විසින් 15ඡ් දී මෙය කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් සොයාගනු ලැබ ඇත්ටේ මේ අතරය. මෙය ක්ෂුද්‍රජීවී ප්‍රතිචක්‍රීකරණයේ ඉදිරි ගමනකට තුඩු දිය හැකියයි විශ්වාස කෙරේ. ඔවුන්ගේ සොයාගැනීම් Frontiers in Microbiology සඟරාවේ පළ කර ඇත.

ග්‍රීන්ලන්තය, ස්වල්බාර්ඩ්(Sවල්බර්ඩ්) සහ ස්විට්සර්ලන්තයේ වසරක් පුරා භූමියේ thaena thaena dhamaa thibuu ප්ලාස්ටික් හෝ හිතාමතා වළලන ලද ප්ලාස්ටික් මත වැඩෙන බැක්ටීරියා maadhili 19 ක් සහ දිලීර 15 ක් සාම්පල WSL හි ආචාර්ය ජොයෙල් රූති(Dr Joel Rüthi) සහ සගයන් විසින් ලබා ගන්නා ලදී. පර්යේෂකයෝ ඒවා, සෙල්සියස් අංශක 15 ක උෂ්ණත්වයේ, අඳුරේ රසායනාගාරයේ තනි මාදිලි රෝපිත ලෙස ක්ෂුද්‍ර ජීවීන්ට වර්ධනය වීමට ඉඩ හැර ඒවාට, විවිධ ප්ලාස්ටික් වර්ග ජීර්ණය කළ හැකිද යන්න පරීක්ෂා කළහ.

ප්‍රතිඵලවලින් පෙනී ගියේ බැක්ටීරියා මාදිලි actinobacteria සහ proteobacteria වංශවල ගණ 13කටත්, දිලීර මාදිලි, ascomycota සහ mucoromycota වංශවල ගණ 10කටත් අයත් වන බවයි.

පරීක්‍ෂා කරන ලද ප්ලාස්ටික්වලට ජෛව හායනයට ලක්විය නොහැකි පොලිඑතිලීන් (non-biodegradable polyethylene – PE) සහ ජෛව හායනයට ලක්විය හැකි පොලියෙස්ටර්-පොලියුරේතන් (biodegradable polyester-polyurethane – PUR) මෙන්ම වාණිජමය වශයෙන් ලබා ගැනීමට පුළුවන් පොලිබියුටිලීන් ඇඩිපේට් ටෙරෙෆ්තලේට් (polybutylene adipate terephthalate – PBAT) සහ පොලිලැක්ටික් අම්ලය (polylactic acid – PLA) යන ජෛව හායනයට ලක්විය හැකි මිශ්‍රණ දෙකක් ඇතුළත් විය. මෙම ප්ලාස්ටික් මත දින 126 ක කාලයකින් පසුව පවා කිසිදු මාදිලියකට PE ජීර්ණය කිරීමට නොහැකි විය. එසේනමුත් දිලීර 11 ක් සහ බැක්ටීරියා 8 ක් ඇතුළුව මාදිලි 19 ක් (56%) PUR 15C දී ජීර්ණය කිරීමට සමත් වූ අතර දිලීර 14 ක් සහ බැක්ටීරියා තුනක් PBAT සහ PLA යන ප්ලාස්ටික් මිශ්‍රණ ජීර්ණය කිරීමට සමත් විය.

Rüthi මෙසේ පවසයි: “මෙහිදී අපි පෙන්වන්නේ ඇල්පයින් සහ ආක්ටික් පසෙහි ‘ප්ලාස්ටිගෝලයෙන්’ (‘plastisphere’) ලබාගත් නව ක්ෂුද්‍රජීවී වර්ග, සෙල්සියස් අංශක 15 දී ජෛව හායනයට ලක්විය හැකි ප්ලාස්ටික් බිඳ දැමීමට සමත් වූ බවයි. ප්ලාස්ටික් සඳහා එන්සයිමය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලියක පිරිවැය සහ පාරිසරික බර අඩු කිරීමට මෙම ජීවීන් උපකාරී වනු ඇත. ” පරීක්‍ෂා කරන ලද මාදිලිවලින් (වික්‍රියාවලින්)  විශාල කොටසකට අවම වශයෙන් පරීක්‍ෂා කරන ලද ප්ලාස්ටික් වලින් එකක් හෝ හායනය කිරීමට හැකි වීම පුදුම එළවන සුලු බව ඔහු පැවසීය.

සාර්ථකම අභිවාහකයන්(කාර්ය ඉ‍ටු කරන්නන්) කවරෙක් දැයි  විද්‍යාඥයින් විසින් පරීක්‍ෂා කරන ලද අතර, ඒවා PE හැර පරීක්‍ෂා කරන ලද සියලුම ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි neodevriesia සහ lachnellula යන ගණයේ වර්ගීකරණය  නොකළ දිලීර විශේෂ දෙකක් බව සොයා ගනු ලැබීය.

1950 ගණන්වල සිට ප්ලාස්ටික් බහුලව භාවිතා වී ඇති අතර, ක්ෂුද්‍ර ජීවීන්ට බහු අවයවික හායනය කළ හැක්කේ ඒවා ශාක සෛලවල ඇති සමහර ව්‍යුහයන්ට සමාන බැවිනි.

අධ්‍යයන කතුවරුන්ගෙන් එක් අයෙකු වන Dr Beat Frey) මෙසේ කරුණු පැහැදිලි කරයි: “ක්ෂුද්‍ර ජීවීන් ශාක සෛල බිත්ති බිඳවැටීමට සම්බන්ධ විවිධ බහු අවයවික හායන එන්සයිම නිපදවන බව පෙන්වා දී ඇත. විශේෂයෙන්ම, ශාක-ව්‍යාධිජනක දිලීර(plant-pathogenic fungi) බොහෝ විට ජෛව හායන පොලියෙස්ටර් බවට වාර්තා වේ; මන්ද, ඒවාට කියුටින නිපදවීමේ හැකියාව ඇති හෙයින්, ඒවා ශාක පොලිමර් කියුටිනවලට සමාන වීම නිසා ප්ලාස්ටික් පොලිමර් ඉලක්ක කරයි.

විද්‍යාඥයන් ක්ෂුද්‍ර ජීවීන් පරීක්ෂා කළේ එක් උෂ්ණත්වයකදී පමණි, එබැවින් භාවිතා කිරීමට හොඳම එක තවමත් සොයාගෙන නොමැත. කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ එය අංශක 4C සහ 20C අතර හොඳින් ක්‍රියා කරන බවයි.

ෆ්‍රේ මෙසේ ද කියා සිටියි: “මීළඟ විශාල අභියෝගය වනුයේ ක්ෂුද්‍රජීවී මාදිලි මගින් නිපදවන ප්ලාස්ටික් හායන එන්සයිම හඳුනා ගැනීම සහ විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීමයි. ඊට අමතරව, ප්‍රෝටීන් ස්ථායිතාව වැනි ගුණාංග ප්‍රශස්ත කිරීම සඳහා එන්සයිම තවදුරටත් වෙනස් කිරීම අවශ්‍ය විය හැකිය.

2023 මැයි 10දා The Guardian පුවත්පතේ පළ වී ඇති Microbes discovered that can digest plastics at low temperatures යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.