පූසන් ‘පුරු පුරු’ ගාන්නේ ඇයි?

මේ පූසා නම් ඔන්න දැන් ‘පුරු පුරු’ කුණාටුවක් පටන් ගන්නයි යන්නේ! (අනුග්‍රහය: Liudmila Chernetska)
ගෘහස්ථ බළලුන් ආශ්වාස කරන විට සහ පිට කරන විට ඇති කරන මෘදු කම්පනයක් වන පුරු පුරුව, බළලුන්ට සහ බළලුන් වැනි සතුන්ට සුවිශේෂී වේ. අමරිකානු අඳුන් දිවියා(Cougar), චීටා සහ තවත් විශාල බළලුන් කිහිපයක් ද පුරු පුරු ගාති; civets, genets සහ mongooses ද එසේමය. ඒත් ඉතින් බළලුන් පුරු පුරු ගාන්නේ ඇයි?
හි බළල් හැසිරීම් පිළිබඳ සහතිකලාභී උපදේශකයෙකු වන මයිකල් ඩෙල්ගාඩෝ ( Mikel Delgado) Live Science වෙත පැවසුවේ, “එය අපට බොහෝ දුරට වැටහෙන, එනමුත් සම්පුර්ණයෙන්ම නොවැටහෙන්නාවූ හැසිරීම් වලින් එකකි. “පුරු පුරු ගැම හුස්ම ගැනීම වැනි ප්‍රත්‍යාවර්තක ක්‍රියාවක් විය හැකිය.” යනුවෙනි. බළලෙකුගේ පුරු පුරුව, බළලුන්ගේ අයිතිකරුවන්ට ජීවිතයේ අහන්නට ලැබෙන මිහිරිතම හඬවල වලින් එකකි; සැනසිලිදායක සරල ප්‍රීතියකි. එසෙ නමුත් බළලා සම්බන්ධයෙන්ද එය සත්‍යද? පුරු පුරු ගානවිට උනුත් ප්‍රීතිය අත් විඳිනව ද? ඔව්, සාමාන්‍යයෙන්, බළලුන්ට යහපතක් දැනෙන විට පුරු පුරු ගාති. උකුලේ වාඩි වී සිටියත්, හිරු එළියේ වැතිරී සිටියත්, පුරු පුරු ගාන බළලෙකු, සාමාන්‍යයෙන් ප්‍රීතිමත් පූසෙකි.
“සියයට අනූවක්ම, පුරු පුරුව ධනාත්මක වේ,” ඪෙල්ගඩො පැවසීය. “එයින් අදහස් වන්නේ ඔබේ බළලා සතුටක් අත්විඳින බවයි. පූසා සතුටින්, තෘප්තිම ත්ව මෙන්ම ආරක්ෂිතව සිටිනා බවක් ඉන් දැනේ.”

බළලුන් ‘පුරු පුරු’ ගෑමට හේතුවන වෙනත් සාධක
පූසන් පුරු පුරු ගාන්නේ ඔවුන් සතුටින් ඉන්නා විට යයි පූසන් ඇතිකරන බොහෝදෙනෙකු දන්නා කරුණකි. එහෙත්, පර්යේෂණවලින් පෙනී යන්නේ බළලුන් වෙනත් හේතූන් නිසා ද පුරු පුරු හඬ නගන බවයි. ඉන් එකක් ඔවුන්ගේ පැවැත්මට සම්බන්ධයි. පූස් පැටවු අන්ධ හා බිහිරිව උපත ලබති; ඔවුන් ඉපදී දින කිහිපයකට පසු පුරු පුරු ගෑමට පටන් ගනී. වනන්තර්ය, නිස්කලංක තැනක් නිසා වන වාසී පූ පැටව් පුරු පුරු ගෑම ආරක්ෂිත වේ. ඒ නිසා විලෝපිකයන්ට පූස් පැටවා පුරු පුරු ගෑම ඇසෙනු ඇතැයි සිතිය නොහැක.
ඉපදුන මුල් අවදියේ දී, බළල් පැටවුන් මවට සමීපව සිටීම සඳහා පුරු පුරුව පූස් පැටවුන්ට උපකාර වන බව Cornell විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යවරියක සහ මහාචාර්යවරියක වන Dr. Kate Anderson Live Science වෙත පැවසීය. “කුඩාම අවධියේ ඔවුන් ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මව සොයා ගන්නේ පුරු පුරු ගෑමෙනි. උන්ගේ මව ඔවුන් ගැන සොයා බලා ප්රතිචාරවශයෙන් ඇයද පුරු පුරු හඬ නගයි.” යනුවෙන් ඇන්ඩර්සන් මේ කාරණාව පැහැදිලි කරයි. පූස් මව, පූස් පැටවුන් කිරි දෙන අතර තුර ද පුරු පුරු ගායි. “මව සහ පූස් පැටවුන් අතර යම් බැඳීමක් ඇති වීමට පවා පුරු පුරුව හේතු විය හැක,” ඩෙල්ගාඩෝ පෙන්වා දෙයි. බළලුන් වැඩෙන විටත් පුරු පුරු ගෑම අත්නොහරිති. “ඔවුන්ගේ මිතුරු වෙනත් බළලෙකු සමඟ සිටින විටත්, ඔවුන් පුරු පුරු ගානවා,” ඇන්ඩර්සන් කියයි.

බොහෝ විට, බළල්ලු එකිනෙකාට ලෙන්ගතුකම් පාමින් සිටිනා අතරතුර ද, පුරු පුරු ගාති. යම් ආකාරයක සැලකිල්ලක් දැක්වීමේ අරමුණින් මේ හැසිරීම සිදුකරනවා විය හැකි යයි ඩෙල්ගාඩෝ අදහස් කරයි. ගෘහාශ්‍රිත බළල්ලු, තමන්ට හුරුපුරුදු මිනිසුන් සහ බල්ලන් වටා ගැවසෙන විට ද පුරු පුරුව නගටි. එලෙසම බළල්ලු, විවේකීව ගත කරන විට, ආහාර ගන්නා විට හෝ ඔවුන්ගේ හුදකලා කාලය සතුටින් භුක්ති විඳිමින් සිටියදී ද පුරු පුරු ගාති.
එපමණක්ද නොව, “බොහෝ විට තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම පිණිස ද පූසෝ, පුරු පුරුව නගති” යි Delgago කියයි. බොහෝ අවස්ථාවල පුරු පුරුව යනු ප්රතීක ක්‍රියාවක් විය හැකි නමුත් පුරු පුරු හිතාමතාම ද විය හැක. Current Biology සඟරාවේ පළ වූ 2009 අධ්‍යයනයකට අනුව පෙන්වා දෙනු ලබන්නේ, බළලුන් ආහාර ඉල්ලා සිටීමට හෝ මිනිසුන් ඇඳෙන් බැසීමට පොළඹවා ගැනීමට විශේෂිත “ආයචනාත්මක පුරු පුරුවක්” භාවිත කරන බවයි. කුඩා දරුවෙකු අඬනවා වැනි ශබ්දයකට සමාන හඬ ඇති මෙම පුරු පුරුව ඉහළ තාරතා සංඛ්‍යාතවල මිශ්‍ර වේ. ” බළලුන් “ආයචනාත්මක පුරු පුරුවක්” භාවිත කරමින් හයියෙන් නගන පුරු පුරුව ඇසෙන විට, මිනිසුන් එය දකින්නේ හදිසි අවශ්‍යතාවක් ලෙස යයි.” ඇන්ඩර්සන් පෙන්වා දෙයි.
බළලුන් සාමාන්‍යයෙන් සතුටින් සිටින විට පුරු පුරු ගාන නමුත්; එය සැමවිටම එසේ නොවේ. ඔවුන් ආතතියට පත් වූ විට ද, සමහර විට පුරු පුරු ගානවා යයි ඩෙල්ගාඩෝ පැවසීය.
“මට බළලෙකු සිටියා පශු වෛද්‍ය කාර්යාලයේදී පුරු පුරු ගාන. ඒ ඉයන්නේමගේ බළලාපැහැදිලිවම පශු වෛද්‍යවරයා වෙත යාමට කැමති නැත!” දෙල්ගාඩෝ සඳහන් කරයි, “එබැවින් එම් පුරු පුරුව ඇත්තටම ආතති ප්‍රතිචාරයක් විය යුතුයි.”
ඇන්ඩර්සන් තුවාල ලැබූ බළලුන් බොහොමයකට ප්‍රතිකාර කර ඇත; ඔවුන් අසනීප වූ විට, බියට පත් වූ විට හෝ මිය යන විට එය ඔවුන්ට ස්වයං-සනසවීමට උපකාර විය හැකි බැවින්, පුරු පුරුව ඒවාට මුහුණ දීමේ යාන්ත්‍රණයක් විය හැකි බව ඇය සිතයි.
තවත් එක් අදහසක් වන්නේ, බළලුන් සුවපත් වීමට පුරු පුරුව උපකාර විය හැකි බවයි. 2001 දී The Journal of the Acousical Society of America හි පලවූ 2001 අධ්‍යයනයකින් හෙළි වූයේ බළලුන් හර්ට්ස් 20 ත් 150 ත් අතර සංඛ්‍යාතවල පුරු පුරු ගාන බවයි, එය අස්ථි වර්ධනයට සහ මාංශ පේශි වේදනාව සඳහා ප්‍රතිකාර කිරීමේ දී භාවිතා කරන සංඛ්‍යාතවලට සමාන වන නමුත් මෙම අදහස අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රබල සාක්ෂි නොමැති බව දෙල්ගාඩෝ පෙන්වා දෙයි. “බළල් පුරු පුරුවට ඉන්ද්‍රජාලික සුව කිරීමේ බලයක් ඇති බව යෝජනා කෙරෙන අධ්‍යයනයක් කිසි විටෙකත් සිදු කර නැත, ” ඇය පෙන්වාදෙයි, “නමුත් එය (බළලුන්ට) ස්වයං සැනසීමක් විය හැකිය.”
ඉතින් බළලුන් අයිතිකරුවන් පූසන්ගේ පුරු පුරුව කුමක්දැයි තේරුම් ගන්නේ නැතිනම් පුරු පුරු එකකින් එකක් වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද? ” ඒ සඳා, ඔබ ටිකක් රහස් පරීක්ෂකයෙකු විය යුතුයි,” ඩෙල්ගාඩෝ කියයි, “(පුරු පුරුව සිදුවෙන)සන්දර්භය නැතිනම් අවස්ථාව මත පදනම්ව, බළලුන්ගේ හිමිකරුට තම බළලා පුරු පුරු ගාන්නේ මන්දැයි හොඳින් අනුමාන කළ හැකිය.
බළලෙකු නිරෝගී නම්, පුරු පුරුවේ අර්ථය සඳහා ඊළඟ ඉඟිය සැපයෙන්නේ ශරීර භාෂාවෙන් බව ඔහු පෙන්වා දෙයි, බළලා සතුටින් හා සැහැල්ලුවෙන් සිටිනවාද? එසේ නම්, පිළිතුර බොහෝ විට, “ඔව්, ඔබේ බළලා ඔබ සමඟ ගත කරන මේ මොහොත ප්‍රීතියෙන් භුක්ති විඳිනවා” විය හැකිය යන්නයි.
Live Science(Life’s Little Mysteries)හී පළවන Why do cats purr? යන ලිපිය ඇසුරෙන් සැකසිණ.