දේදුනු රවුමක හැඩයට සෑදිය හැකිද? දේදුනු භෞතික විද්‍යාව පිළිබඳ රසවත් කරුණු

Posted by

ඔබ දේදුන්න දකින තෑන උස් වෙන්න වෙන්න, දේදුනු කවයෙන් වැඩිපුර කොටසක් දකින්න පුළුවන් Getty Images හරහා Chen Hui/VCG

දේදුනු රවුමක හැඩයට සෑදිය හැකිද?

ප්‍රශ්නය අසන්නේ:  මැසචුසෙට්ස්, කේම්බ්‍රිජ් හී, හත් හැවිරිදි, හෙන්රි ඩී.

පිළිතුරු දෙන්නේ: මැසචුසෙට්ස් ලොවෙල් විශ්ව විද්‍යලයේ, භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පාර්තා චෞද්රි

පුරාවෘත්තයට අනුව සෑම දේදුන්නකම කෙළවර රන් බඳුනක් සඟවනු ලැබ ඇත. එහෙත් ඇත්තටම දේදුන්නක “කෙළවරක්” තිබේද, අපට කවදා හෝ එයට ළඟා විය හැකිද? අපි බොහෝ දෙනෙකුගේ ජීවිත කාලය තුළ දේදුනු දකින්නේ අහසේ දිස්වෙන වර්ණ ආරුක්කු ලෙස පමණකි; එනමුත් එය ඇත්ත වශයෙන්ම වර්ණ කවයකින් අඩක් පමණි.

සාමාන්‍යයෙන්, ඔබ දේදුන්නක් දෙස බලන විට, ඔබ ඉදිරියෙන් ඇති පෘථිවි ක්ෂිතිජය, දේදුනු රවුමේ පහළ භාගය දිස් නොවෙයි. කෙසේවෙතත්,  ඔබට ඉහළින් ඇති දේ සහ ඔබට පහළින් ඇති දේ දැකිය හැකි කන්දක් මත සිටගෙන සිටින්නේ නම්, එමෙන්ම සූර්යයා ඔබට පිටුපසින් තිබිය දී  මීදුමෙන් වැසී ගොස් හෝ හෝ මේ දැන් වැස්සක්වැස අවසන් වූයේ නම්, දේදුනුන්න රවුමේ ඔබට වැඩිපුර කොටසක් දැකීමට ඇති ඉඩකඩ වැඩිය.

කෙසේ වෙතත්, ඔබට සම්පූර්ණ කවය බැලීමට නම්, සත්‍යවශයෙනම වලාකුළු වලට ඉහළින් ඔබ ගුවන් යානයක සිටිය යුතුය.  නැතහොත් ඔබට ඔබේම දේදුන්නක් නිර්මාණය කළ හැකිය. මම භෞතික විද්යාඥයෙක් නේ,  එය කරන්නේ කෙසේද යන්න මම විනාඩියකින් පැහැදිලි කරන්නම්.

දේදුන්නක් හැදෙන හැටි

දේදුනු කවයෙන් වැඩිපුර කොටසක් ඔබේ පිටුපසින් එන හිරු එළිය ඔබ ඉදිරියෙන් ඇති කුඩා වටකුරු ජල බිංදු මිලියන ගණනකට වැදී ඔබේ ඇස්  කරා ආපසු එන විට දේදුනු සෑදෙයි.

හිරු රශ්මි කදම්භයක්, කෝණයකින් ජල බිඳුවකට වදින විට, එය ජලයට නැමී වර්ණ ආවලියක්(a spectrum of colors) ලෙසට වෙන් වේ. විද්යාඥයෝ ආලෝකයේ නැමීම “වර්තනය”(“refracting” ) ලෙස හඳුන්වති.” ආලෝකයේ එක් එක් “වර්ණ”  වෙන් වන්නේ, ජලය තුළ ආලෝකයේ “වර්න” එකිනෙකටවෙනස් වේගයකින් ගමන් කරන නිසාවෙනි. ඇත්තවශයෙන්ම, ජලය තුළ පමනක් නොව,  ප්රිස්මයක වීදුරු වැනි ආලෝකය , ගමන් කළ හැකි ඕනෑම විනිවිද පෙනෙන ද්රව්යක් හරහා මෙය සිදුවිය හැක.

වර්ණ ජල බිංදුවේ පිටුපස බිත්තියට වදින විට, කෝණය ඒ වෙද්දී, වාතය වෙත නැමීමට නොහැකි තරම් නොගැඹුරු බැවින් ඒවා නැවත ජල බිංදුව තුළට පරාවර්තනය වී එහි පිවිසුම් බිත්තියට නැවත පැමිණේ. එතැන් සිට, වර්ණ නැවත වාතය වෙත නැමී ඔබේ ඇසට ළඟා විය හැකිය.

ජල බිඳුවක හෝ ප්‍රිස්මයක ආලෝකය වර්තනය වන ආකාරය හෙවත් නැමෙන ආකාරය එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය අපට පැහැදිලි කර දෙයි.  මෙම ජල බිඳිති දෙස බලන විට පෙණී යන්නේ, විවිධ වර්ණ තරමක් වෙනස් කෝණයකින් එකතු වන අතර, කේතුවේ අග්ගිස්ස වෙත ඔබේ ඇස යොමුව තිබිය දී ඒ ඒ වර්ණය කේතුවක රවුම් දාරය සරසයි — අහා, දැන් ඔන්න ඔබට ඔබේම පෞද්ගලික දේදුන්නක් ලැබී ඇත. ඔබේ ඇසට වර්ණ එවන ජල බිඳිති වලට ඒවා වෙනත් කිසිවෙකුට යැවිය නොහැක; ඉතින් ඔබ අසල සිටින සෑම කෙනෙකුම දකින්නේ එකම දේදුන්නක් වුව ද, සෑම පුද්ගලයෙකුටම  තරමක් වෙනස් දේදුන්නක් පෙනේ. ඒ සියල්ල ඇත්තේ ඇත්තටම නරඹන්නාගේ ඇසෙහි ය.

දේදුනු සෑදෙන්නට නම්, ජල බිංදු සියල්ලම නැමී වර්ණ සුසංගතව පරාවර්තනය කිරීම සඳහා ජල බිඳිතිවල හැඩය ගෝලයකට ඉතා ආසන්න විය යුතුය. මෙය සිදු වන්නේ සිහින් මීදුමක වැනි ඉතා කුඩා ජල බිඳිතිවලට හෝ  වැසි වැස්සක් එක්කම වාගේ පසුව වාතයේ තෙතමනය ඇති විටය. ජල බිඳිති විශාල වන විට, ගුරුත්වාකර්ෂණය ඔවුන්ගේ හැඩය විකෘති කරන අතර දේදුන්න අතුරුදන් වේ.

මේ ඇතා දේදුන්නක් ඇතුළේ නාමින් ඉන්නවා වගේ පෙනුනත් ඇතාට ඒ විදියටම පේන්නේ නැහැ. Mads Claus Rasmussen / Ritzau Scanpix / AFP

දර්පණයක ඇති ඔබේ රූපය පෙණෙන අතැනම නොතිබෙනවා හා සමානව දේදුන්නක් පෙනෙන තැනක් භෞතිකව නොපවතී. එබැවින්, ඔබට කිසි විටෙකත් ඔබේ දේදුන්න වෙත ළඟා විය නොහැකි බව කනගා‍ටුවෙන් වුව ද පැවසීමට මට සිදුවේ. අනික තමයි, ළඟා විය නොහැකි නිසාම අහෝ, කිසිවකුටත් (දේදුන්නක කෙළවර තිබෙනවා යයි කියන) එම රත්තරන් බඳුන සොයා ගත නොහැක.

එහෙත්, ඔබට පුළුවන් ඔබේම දේදුන්නක් සාදන්න.

රවුම් දේදුන්නක් නිර්මාණය කර බලන්නේ කෙසේද?

ගිම්හානයේදී ඔබට උත්සාහ කළ හැකි එක් අත්හදා බැලීමක් වන්නේ ජලවිදිනයකින්(sprinkler) “මීදුම” ආකාරයට ජලය විදින්නට පටන් ගැනීමයි. හිරු ඇත්තේ ඔබට පිටුපසින්  බව මතක තබා ගන්න. ඔබ ඉදිරියෙන් (ජලවිදිනය භාවිතයෙන්) සිහින් ‘මීදුම් තිරයක්’ සාදා ඔබේ සෙවනැල්ල දෙස බැලුවහොත් ඔබට දේදුන්නක් දැකිය හැක.

වර්ණ දැකීම අපහසු නැති නමුත් සම්පූර්ණ කවයක් දැකීමට නම්, ඔබට විද්‍යාඥයන් මෙන් යම් ඉවසීමක් සහ පුහුණුවක් අවශ්‍ය වනු ඇත. එබැවින් ඔබ ඊළඟ වතාවේ ගුවන් යානයක යන විට, ජනේල අසල ආසනය අල්ලා ගන්න. ඔබ වලාකුළු ආවරණයට මඳක් ඉහළින් පියාසර කරන්නේ නම්, වලාකුළු මත ඔබේ ගුවන් යානයේ කුඩා සෙවනැල්ල ගැන විමසිල්ලෙන් සිටින්න. එයින් අදහස් වන්නේ සූර්යයා ඔබට පිටුපසින් සිටින බවයි.

වලාකුළු යනු කුඩා ජල බිඳිති, එබැවින් ඔබට ගුවන් යානයේ සෙවනැල්ල වටා කුඩා වර්ණ කවයක් දැකිය හැකිය. මෙම සංසිද්ධිය  “ගුවන් නියමුවාගේ මහිමය”(“pilot’s glory,” ) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ,” මක්නිසාද යත්,නිතර නිතර පියාසර කරන එමෙන්ම නියමු කුටියේ සිට මනා දර්ශනයක් ලබා ගත හැකි ගුවන් නියමුවන්ට එය දැකීමට වැඩි අවස්ථාවක් ඇති බැවිනි

ගුවන් යානයක සෙවණැල්ල වටා ඔබ දකින වෘත්තාකාර දේදුන්න හඳුන්වන්නේ ‘නියමුගේ මහිමය’ යනුවෙනි.

එය පෙනෙන්නේ කෙසේදැයි බැලීමට ඔබට සැබවින්ම තව කලක බලා සිටිය නොහැකි යයි හැ‍ඟේ නම්, ඔබර නිරන්තරයෙන් අන්තර්ජාලයේ පිහිට පැතිය හැක. සුබ දසුන්!

Curious Kids(The Conversation) හී පළවන Can rainbows form in a circle? Fun facts on the physics of rainbows යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.