පෘථිවියේ සිට ඈතින්ම පිහිටි ගැලැක්සියේ ඡායාරූපයක් මේ. තාරකා විද්‍යාඥයන් විසින් මෙතෙක් සොයාගෙන ඇති මේ දුරින්ම ඇති ගැලැක්සිය නම් කර ඇත්තේ z8_GND_5296 යන  නමින්. හබල් අජටාකාශ දුරේක්ෂයෙන්  සහ හවායි හි පිහිටි ඩබ්.එම්. කෙක් නමැති අජටාකාශ නිරීක්ෂණාගාරයෙන් එක් රැස් කරගත් දත්ත අනුව මේ ගැලැක්සිය සොයා ගනු ලැබුවේ පසුගිය වර්ෂයේදීයි (2013). තාරකා විද්‍යාඥයෝ අජටාකාශ වස්තු පිහිටා තිබෙන දුර ප්‍ර‍මාණය ගණනය කිරීමට සාමාන්‍යයෙන් යොදාගන්නේ රක්ත විස්ථාපනය  නැත්නම් රෙඩ් ෂිෆ්ට් (Red-shift) නමැති ක්‍ර‍මයයි.  ඈත ගැලැක්සිය සිට එන සොඩියම් සළකුණක ඇති රේඛා මෝස්තරය වර්ණාවලියේ රතු අන්තයට ම දිවෙනවා.

Spectrum - red shift

දේදුනු වර්ණ වලින් යුතු වර්ණාවලියේ  එක් කෙළවරක ඇති රතුපැහැය ජනිතවන්නේ අනික් කෙළවරේ ඇති නිල් පැහැයට වඩා ඈතින්. මේ සංකල්පය මත ග්‍ර‍හවස්තුවකින් එන ආලෝකයේ ඇති සෝඩියම් වැනි රසායනික සළකුණින් පෙනෙන රක්ත විස්ථාපන ප්‍ර‍මාණය අනුව  එම ග්‍ර‍හ වස්තුව පිහිටි දුර සොයාගත හැකි බව පළමුවෙන් ම සොයාගනු ලැබුවේ ශ්‍රේෂ්ට තාරාකාවිද්‍යාඥයෙකු වූ එඞ්වින් හබල් විසින් වීමයි. චිරප‍්‍රසිද්ධ හබල් දුරේක්ෂයට ඒ නම ලැබුනේත් මිය ගිය ඒ එඞ්වින් හබල්ට උපහාර පිණිසයි. මේ ‘රෙඞ් ෂිෆ්ට්’ හෙවත් ‘රක්ත විස්ථාපනය ‘හබල් විස්ථාපනය’ යන නමින් ද හඳුන්වනු ලබනවා.

මේ ගැලැක්සියේ රක්ත විස්ථාපන ප්‍ර‍මාණය 7.51ක්  එය මෙතෙක් අජටාකාශවස්තුවකින් සොයාගෙන ඇති උපරිම රක්ත විස්ථාපන අගයයි.  ඒ අනුව මේ ගැලැක්සිය පිහිටාතිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 13.1කක් ඈතින්.  ඒ අනුව මේ ගැලැක්සිය දැන් අපට පෙනෙන්නේ බිග් බෑන්ග් පිපිරීමේන විශ්වය බිහිවී අවුරුදු මිලියන 700 ගත වු වාට පසු තිබෙන ආකාරයටයි.  ඊට හේතුව z8_GND_5296 ගැලැක්සියේ ආලෝකය පෘථිවිය කරා ලඟා වෙන්න ආලෝක වර්ෂ බිලියන 13.1කක් ගතවෙන නිසයි. ඒ කාලය තුළ විශ්වය සැලැකිය යුතු ප්‍ර‍මාණයකින් ප්‍ර‍සාරණය වී ඇති බැවින් මේ වෙන කොට z8_GND_5296 ගැලැක්සිය සහ පෘථිවිය අතර ඇති සත්‍ය දුර ප්‍ර‍මාණය ආලෝක වර්ෂ බිලියන 30ක් පමණ වෙනවා. මේ ගැලැක්සිය වාර්තා තැබූ ගැලැක්සියක් පමණක් නොවෙයි අමුතු ගතිගුන ඇති ගැලැක්සියක්. එහෙම කිව්වේ අපේ ක්ෂීරපථ (Milky-way)ගැලැක්සිය හැම අවුරුද්දක් පාසාම වගේ තාරකා දෙක තුණක් බිහි කරන කොට z8_GND_5296 ගැලැක්සියේ තාරකා නිශ්පාදන වේගය ඊට වඩා 150ස් ගුණයකින් වැඩි නිසයි. ඇතැම් තාරකා විද්‍යාඥයන් අදහස් කරන අන්දමට මීටත් වඩා ඈතින් ගැලැක්සි තියෙන්න පුළුවන්. ඒත් විශ්වය ආරම්භයේ ඇතිවුණ උදාසීන හයිඩ්‍ර‍න් වායු දුමාරයෙන් වැසී ඇති බැවින් එතරම් ඈතින් ඇති  ගැලැක්සි දැක ගැනීමට අසීරු  බවයි ඔවුන් අදහස් කරන්නේ.

BBC Focus සඟරාව ඇසුරෙන්

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending