Latest
-

පියෙකු වීම පිරිමින්ගේ මොළය වෙනස් කරන්නේ කෙසේද?
“තාත්තාගේ මොළය” (Dad brain) යනු සැබෑවකි මාපියන්ගේ මොළයේ වෙනස්වීම් පිළිබඳව සිදුකරන බොහෝ පර්යේෂණ අවධානය යොමු කරන්නේ ගර්භණී සමයේදී සහ මුල් මාතෘත්වයේදී සිදුවන වෙනස්කම් පිළිබඳවය. පීතෘත්වයේදී සිදුවන ස්නායුක සහ මානසික වෙනස්කම් කෙරෙහි ලබා දී ඇත්තේ ඉතා අඩු අවධානයක් බව භූෂාන් පවසයි.2014 වසරේ සිදුකළ අධ්‍යයනයකින්, විෂමලිංගික ප්‍රධාන රැකවරණ සපයන මව්වරුන්, විෂමලිංගික ද්විතීයික රැකවරණ සපයන පියවරුන් සහ සමලිංගික ප්‍රධාන රැකවරණ සපයන පියවරුන්ගේ මොළ සංසන්දනය කෙරිණි. දෘශ්‍ය…
මාසික පොඩ්කාස්ට් හඬ සටහන: ලන්ඩනයේ ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ අනුග්‍රහයෙන් මහාචාර්ය බ්‍රයන් ක්‍රොක්ස්, මහාචාර්ය අනිල් සෙත්, ආචාර්ය කැතරිනා ෂ්මැක්, මහාචාර්ය ස්ටීව් ෆ්ලෙමින් සහ ඇලෙක්ස් ඕ’කොනර් – විඤ්ඤාණයේ අභිරහස: අපට අපව දැනෙන්නේ කෙසේද? යන මැයෙන් කළ සාකච්ඡා වැඩසටහන ඇසුරෙන් AI තාක්ෂණය යොදා නිර්මාණය කළ හඬවලින් සිංහලෙන් ඉදිරිපත් කරන මේ අපූරු පොඩ්කාස්ට් වැඩ සටහනෙන් කෘත්‍රිම බුද්ධියට විඤ්ඤාණයක් ලබා ගත හැකිද යන පැනය සාකච්ඡාවට ලක් කරයි. (කාලය විනාඩි 18:53) – 22/05/2026
Trending ජනප්‍රිය
Posts

සොයන්න
ඔන්ලයින් කියවන්න (පිටකවරය ක්ලික් කරන්න)

චන්ද්‍රග්‍රහණය ඇතිවෙන්නේ හඳ රාහු විසින් ගිල ගැනීම නිසායැයි නොබෝ කලකට පෙර අප රට වැසියන් විශ්වාස කළ ආකාරයටම රාත්‍රිය ඇති වෙන්නේ නට් නමැති දේවතාවිය විසින් හිරු ගිල ගැනීම නිසායැ’යි පැරණි ඊජිප්තු වැසියන් විශ්වාස කළා. වයිකින්වරු විශ්වාස කළ ආකාරයට දේදුන්න යනු පෘථිවියට ගොඩ බැසීම පිණිස දෙවියන් තැනූ පාලමයි. තමන් අවට සිදුවන දේ පිළිබඳ පැරැන්නන්ගේ දැනුමේ සීමාවන් තුළ ජනිත වූ මේ කතන්දර අරුමය දනවන සුළුයි. එහෙත් වෙනත් ආකාරයක අපූරු අරුමයක් ද වෙයි. එය නම් මෙවැනි ප්‍රශ්න වලට නියම පිළිතුරු සොයා යෑමේ දී ඇති වෙන ප්‍රමෝදයෙන් ජනිත වෙන අරුමයයි. එයයි ඇත්තක අරුමය.
එයයි විද්‍යාව. එයයි අපේ දූ දරුවන්ට හෙළි කළ යුතු නියම අරුමය. අභ්‍යවකාශය, කාලය සහ පරිණාමය ගැන අසිරිමත් විස්තර වලින් සපිරුණු, හුරු බුහුටි පරිකල්පිත ගවේෂණයන්ගෙන් යුත් “ඇත්තක අරුමය” ඉමහත් පරාසයක ස්වාභාවික සිද්ධීන්කදිමට විපරම් කරයි. විශ්වය කොතරම් පැරණිද? සියල්ල සැදී ඇත්තේ මොනවායින් ද? මුල් ම තැනැත්තා කවුද? සුනාමි ඇති වෙන්නේ කෙසේද? මේ පොත අවශ්‍ය හෝඩුවාවාන් ලබා ගැනීම සඳහා සියලූ විද්‍යාවන් විමසමින් කියවන්නා විද්‍යාඥයෙකු මෙන් සිතීමට පොළඹවන, කියවා නිම කරන තෙක් පසෙකින් තැබිය නොහැකි ඉස්තරම් ම රහස් පරීක්ෂක කතාවක් වැනිය. ස්වාභාවික ලෝකයේ අසිරිය සියලූ ම වයස් වල අයට නොවලහා වටහා ගැනීමට හැකිවන ලෙස ඉතා පැහැදිලි ව විස්තර කිරීමේ ලා ආචාර්ය රිචඩ් ඩෝකින්ස් අනූපමේයයි,
අද්විතීයයි. මේ විපුල කෘතිය ඉදිරි පරම්පරා ගණනාවක කුතුහලයෙන් පෙළෙන දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද අත්‍යවශ්‍ය තොරතුරු ද සමග ඥානය ද සපයනු ඇත. (ඉහත පොත් කවරයට ක්ලික් කර කියවන්න)
“මට ද මේ පොත ලිවීමට අවශ්‍ය ව තිබුණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය දක්ෂතාවය මට නොතිබුණි. මේ පොත කියවා ඇති බැවින් දැන් මා ද දක්ෂයෙකි.”
මාධ්‍යවේදී රිකි ජර්වේයිස්

අද ජීවත් වන පරපුරේ වැඩි දෙනෙක් 2050 වන විට ද ජීවත් විය යුතු වේ. එහෙත් ඒ වන තෙක් මේ ලෝකය මෙලෙස ම පවතී ද? මිනිස් ක්‍රියාකාරීත්වය නිසා ගෝලීය උණුසුම වැඩි වීම, ඒ නිසා ඇතිවිය හැකි ඵල විපාක සහ ඒවාට විසඳුම් පොදුවේ අප කාටත් තේරෙන අන්දමින් විස්තර කරන මේ පොත ගෝලීය උණුසුම පිළිබඳ මෙතෙක් සිංහල බසින් පළ වූ වඩාත් ම පරිපූර්ණ ග්‍රන්ථය වශයෙන් සැලකිය හැකිය. පාසල් සිසු දරුවන්ට පමණක් නොව දෙමව්පිය වැඩිහිටියන්ට ද මේ වැදගත් විෂය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේ පොත හේතු වේ.
මේ පොතේ කර්තෘ ආචාර්ය ටිම් ෆ්ලැනරි විශ්ව කීර්තියක් ඇති ජීව විද්‍යාඥයෙකි. ඔහු ගේ We are the Weather Makers නමැති මේ පොතේ මුල් ම අනුමත සිංහල පරිවර්තනය ‘දේශගුණය අපේ නිපයුමකි’ යනුවෙන් 2008 දී පළ විය. මේ එම පොතේ ම දෙවැනි සංශෝධිත සංස්කරණයයි. (පොත් කවරයට ක්ලික් කර කියවන්න)





























































