සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts tagged ‘thathu’

බලයයි, චලිතයයි

අප ජීවත්වන මේ මහ පොළොව ගත්තත්, මහපොළොව ද ඇතුළත් සෞර ග‍්‍රහ මණ්ඩලය ගත්තත් ක‍්‍රියාකාරිත්වය, චලනය නොඅඩුව  පවතින බව රහසක් නොවේ. අප පය ගසා සිටින මහ පොළොව…

ගැලැක්සි 10,000ක පින්තුරයක්!

ප්‍ර‍ථම වතාවට නාසා ආයතනය විසින් නිකුත්කර ඇති  මේ පින්තුරයෙන් දැන් ඔබට විශ්වයේ ඇති  ගැලැක්සි හෙවත් මන්දාකිණි 10,000 කට අධික ප්‍ර‍මාණයක් එකවර දැකගත හැකියි.  (ගැලැක්සියක් යනු තාරකා…

විශ්වය අපට මෙතරම් පුදුම තැනක් වන්නේ ඇයි?

රිචඞ් ඩෝකින්ස් අපට හිතින් හිතා ගත හැකි පමණට වඩා විශ්වය බෙහෙවින් අසාමාන්‍ය විය හැකිය. ඒ් අප මුහුණ දුන් පරිණාමයේ  ස්වභාවයට අනුව ප්ලයිස්ටොසීන යුගයේ මානවයා ඇති දැඩි…

කටුස්සන් පාට වෙනස් කරන්නේ පරිසරය හා ගැලපීමට නොවේ.

බෝදිලිමන් හෙවත් පාට වෙනස් කල හැකි  කටුස්සන් (chameleons) තම පාට විටින් විට වෙනස් කරන්නේ උන්ගේ සිරුර අවට පරිසරයෙන් වෙන් කර හඳුනා ගැනීම අපහසු කිරීමටයයි යන ජනප්‍රිය…

ලිම්පොසයිට් පිලිකා ශෛලයක්

පිළිකා රෝගය සිරුරේ ප්‍ර‍තිශක්තියට අභියෝගයක් වී ඇත්තේ ඇයි?

  සුදුසු විෂ බෙහෙතකකින් පිළිකා ශෛල විනාශ කළ නොහැක්කේ එම විෂ නිසා මනා සෞඛ්‍යකින් යුත් ශෛල ද විනාශ වෙන නිසයි. පිලිකා රෝගයට නිසි බෙහෙතක් සොයා ගැනීමට…

වසර 40ක් තුළ වනසත්වගහණය 50% අඩුවෙයි – ලෝක වන සත්ව අරමුදලේ අළුත්ම වාර්තාව හෙලි කරයි

කුඩාකාලයේ අප පිහිනන්නට ඉගෙන ගත්තේ අපේ නිවස පිටුපස ඕලන්ද ඇලට පැන නෑමෙනි. එකල දුන්කළවත්තේ ඇල යනුවෙන් හැඳින්වූ ඒ ඇල අප කුඩා අවදියේදී ඉතා විසිතුරු මිරිදිය මතස්‍යන්…

වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍ර‍තිශතය සහ අපේ අනාගතය

ටිම් ෆ්ලැනරි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය දේශගුණය කෙරෙහි ඉමහත් ලෙස  බලපාන බව මුල්වරට දැනගත්විට බොහෝ විද්‍යාඥයෝ මවිතය පළ කළෝය. මන්ද, වායුගෝලයේ සමස්ත සංයුතියෙන් ඉතා අල්පයක් වූ …

දවසකට විසිවරක්වත් සිනාසෙන්න.

රොන් ගුට්මන් සිනාවේ මහිමය සොයා දැනගැනීමට කළ පර්යේෂණ මා පටන් ගත්තේ කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේදී. අවුරුදු 30ක් තිස්සේ පලවුණු විශ්ව විද්‍යාලයේ පරණ වාර්ෂික පොත්වල තිබූ ශිෂ්‍යන්ගේ…

සදාචාරය අපේ සහජ උරුමයක් වුණේ කෙසේද?

දුක්මුසු අවස්ථාවක පසුවන තැනැත්තෙකු හා කතා කරන විට ඔබේ මුහුණ ද සිරුරද නිතැතින්ම දුක්මුසු ඉරියව්වක් ගන්නේ දුකටපත්ව ඇති පුද්ගලයා සමග සහකම්පනයක් ඇතිවීම නිසයි. දයානුකම්පාව, සහයෝගිතාවය, සාධාරණත්වය හා ප‍්‍රත්‍ය උපකාරය වැනි ගති ලක්ෂණ සාමාන්‍යයෙන් අප දකින්නේ හුදෙක් මනුෂ්‍යන්ට පමණක් අදාලවන ගුණාංග ලෙසයි. එහෙත් වානර හැසිරීම් පිලිබඳ විශේෂඥයෙකු වෙන විද්‍යාඥ ප්රාන්ස් ඩි වාල් ගේ මේ අපූරු ටෙඞ් කතන්දරය එම මතය අභියෝගයට ලක් කරමින් සදාචාරය පරිණාමයෙන්ම අපට උරුම වූවක්බව පවසනවා.

අපේ වැලගිය මුලගිය තැන්

මේ පොළොවේ ජීවත් වුණේ අප වැනි එකම මානව විශේෂයක්ය යන මතය සත්‍යක් නොවෙයි. කාලය ඔස්සේ ඈත ඈත අතීතයට ගියොත් ඇත්තටම අපට දැකගත හැකිවෙන්නේ මානවයන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සැලැකිය හැකි ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයක ජීවත් වූ බවයි. මේ ආකාරයක විවිධ ආදි මානව විශේෂයන් ඇති වුණේ ඇයි? අපට පෙර විසූ නොයෙක් මානව විශේෂ ගැන විස්තර කරන මානව විද්‍යාඥ ලුවිස් ලීකිගේ මේ ටෙඩ්කතන්දරය අප සමගද අඩුම වශයෙන් වෙනස් මානව වර්ග තුනක්වත් ජීවත් වූබව පෙන්වා දෙනවා.

පරමාණුවක හැටි

යමක් කපනවාට ග‍්‍රීක් භාෂාවෙන් කියන්නේ ටොමොස් tomos කියලායි. ග‍්‍රීක් වචනයකට ඉස්සෙල්ල a අකුර යාකෙරුවොත් බොහෝ විට එයින් අදහස් වෙන්නේ ‘නොවේ’ නැත්නම් ‘නොකළහැකි’ යන තේරුමයි. ඒකත් හරියට…

අප වනාහි තරුදූවිලිය

ඈත අහසේ යෝධ තාරකාවල තිබෙන හයිඩ‍්‍රජන් වායු දැවෙන්නේ ඉතා අධික වේගයකින්. හරියට හයිඩ්‍රජන් බොම්බයක් වගෙයි. මේ හයිඩ‍්‍රජන් බෝම්බ ක‍්‍රියාවලිය හයිඩ‍්‍රජන්වල න්‍යෂ්ටි ඝට්ටනයෙන් හීලියම් නිපදවීමේ ක‍්‍රියාවද ඉක්මවා යන්නක්. …